ගාල්ල ලංකාදීප මාධ්‍යවේදී සජීව විජේවීරගේ මවට ගාල්ල කරාපිටිය රෝහලේදී ප්‍රතිකාර නොකළ වෛද්‍යවරුන් ඔහු අත්අඩංගුවට ගැනීමට තැත් කිරීම හෙළා දකින බව දකුණ පළාත් ප්‍රමුඛ ජනමාධ්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
මෙම සිද්ධිය තරයේ හෙළා දකින බවත්, රෝගියකුට රජයේ රෝහලකින් ප්‍රතිකාර ගැනීමේ අයිතියක් ඇතත් මිනිත්තු 45ක් යන තුරු විජේවීරගේ මවට ප්‍රතිකාර නොකළ බවත්, ඒ නිසාම ඇය වෙනත් රෝහලකට රැගෙන ගොස් ඇති බවත්, එය වෛද්‍ය ආචාර ධර්මවලට කිසිසේත්ම නොගැලපෙන බවත් එම සංගමය කියයි.
සංගමයේ සභාපති කමල් විජේහේවා හා ප්‍රධාන ලේකම් එස් සමරනායක මහත්වරුන් ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ඉල්ලා සිටිනුයේ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජීව ලංකාදිප පුවත්පතටත් එසැණ පුවත් එකටත් ලියන ලිපි අපි නිතර කියවනවා. ඔහුව හදුනන්නේ නැතත් යමක් කළ හැකි මාධ්‍යවේදියෙක් විය යුතුයැයි මට හිතෙනවා. දොස්තරලා හැමදාමත් තමන්ගේ වැරදි වහගන්න අනවශ්‍ය විදියට වෘත්තීය ක්‍රියාමාර්ග ගනිමින් ස්ට්‍රයික් කරමින් රෝගින්ව අමාරුවේ දාලා පාරට බැස්සා. නමුත් ඇයි මේ තවමත් දොස්තරලා නිහඩ. මේ සිද්ධිය මම ගුවන් විදුලි නාලිකාවකත් ඇහුවා. දොස්තරලාගේ හිත කියනවා ඇති සජිව ළඟ තියෙන ඡායාරූපයේ එයාලගේ වැරැද්ද පෙන්නුම් කරන බව. ඒ ඡායාරූපය අපි තවමත් දැක්කේ නැහැ. නමුත් දොස්තරලාට මේක හොඳ පාඩමක්. හැමදාමත් පොඩි මිනිසුන්ට සද්දේ දාන අය මේ පාරනම් පාඩමක් ඉගෙන ගනීවි. මාධ්‍ය එක්ක හැප්පෙන්න එපා. මම මාධ්‍යවේදීන් සියලු දෙනාට සුබ පතනවා. රටේ දොස්තර මහත්වරු කියා ගන්නා මහත්හොරුන්ගේ නිරුවත හෙලි කරන්න ඔබ සැම ඒකරාශී වන්න. අපේ ශක්තියත් ඔබටයි. (නි)
බණ්ඩාර, රෝගියෙකුගේ ලේ වල සිනි මට්ටම බලද්දී ශරීරයේ තියෙන ලේ ඔක්කොම අරගෙනද බලන්නේ. නියැදියක් නේද ගන්නේ? රටේ බහුතරය අපොස සාමාන්‍ය පෙලවත් සමත් නිසා ඔවුන්ට මෙය තේරෙනවා. (නි)
බණ්ඩාර, මෙය තමයි ඛේදකාචකය. ඔබ වෛද්‍යවරයෙක් නම් වර්තමාන ලංකාවේ බහුතර වෛද්‍යවරුන්ගේ දැනුමේ දිග පළල ඔබේ ප්‍රශ්නයෙන්ම පැහැදිලියි. කරුණාකර මෙම ලිපිය කියවන්න. ඒ ගැන අදහසක් දක්වන්න. (නදී) http://www.island.lk/index.php?page_cat=article-details
බණ්ඩාර, ඔබ වෛද්‍ය වෘත්තිකයෙක්ද කියන්න මම දන්නේ නැහැ. හැබැයි ඔබට සංඛ්‍යාන විද්‍යාවේ මුලදර්ම ගැන මුලික දැනුමක් වැටහිමක් තියෙනවා නම් ඔය ප්‍රශ්නය අහන්නේ නැහැ. එහෙදි කරන්නේ නියැදියක් තෝරාගෙන ඒ ඇසුරින් ලබාගන්න ප්‍රතිපල සංගනනයට ලක්කරන එක. (නි)
හපොයි කට වහගෙන ඉන්න. නැත්නම් දොස්තරලා ස්ට්‍රයික් කරලා ඉතුරු ලෙඩ්ඩු ටිකටත් මොනවා වෙයිද දන්නෙ නැහැ. මේ ගොල්ලෝ පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධයි. පිටරට ගිහින් ඉගෙන ගෙන එන වෛද්‍යවරුන්ටත් විරුද්ධයි. මේ වැඩ වලින් දුක් විදිනේ අසරණ ජනතාව.කරුණාකර පුද්ගලික වෛද්‍ය විද්‍යාල දමා හෝ තිබෙන වෛද්‍ය විද්‍යාල විශාල කර හෝ වෛද්‍යවරුන්ගේ සංඛයාව වැඩි කරන්න (නි)
කරාපිටිය රෝහල පමනක් නොව බහුතරයක් නගරාසන්න රෝහල් වල පොදුවේ ඉන්නේ මුල අමතක කළ ඔයවගේ මුදල් පසුපස දුවන දොස්තර මහත්වරු කියා ගන්නා නොමිනිසුන් තමා. (නි)
ලංකාවෙ පවතින ක්‍රමය අනුව දොස්තර රොගියා ගැන වගකියන්නේ වත් රජයට වගකියන්නේ වත් නැත. ලංකාවේ රජයේ ආයතන හැම එකකම තත්වය ඔක තමා. (නි)
මට හෘදයාබාදයක් හැදිලා ගෙනිච්චේ කරාපිටියට. එතකොට මට වයස 31. මම දෙවිවරු වගේම යක්ෂයොත් හැබැහින් දැක්කේ එතනදී. . මානසිකව මම හිටියේ පහලටම වැටිලා. මට බොහොම කාරුණිකව ලෙඩේ පහදලා දීල, අවදානම ගැන කියලදීල, බෙහෙත් ගැන කියල දීල, මනස සුවපත් කලෙත් ඔය කියන දොස්තරලම තමා. ඒක නිසා පොදුවේ දොස් කියන එකනම් අනුමත කරන්න බෑ. මගේ ජීවිතේ බේරුනේඒ අය නිසාම තමා (අ).
කුමාර, ඔබ කියන සමීක්ෂණයට අරන් තියෙන්නේ වෛද්‍යවරුන් 72 කගේ අදහස් පමණි. නමුත් රටේ වෛද්‍යවරුන් දාසය දහසක් ඉන්නවා. ඔවුන්ගේ ආකල්ප වැරදි නම් මෙච්චරකල් මේ රටේ ඉන්න මානසික රෝගීන් සනීප කලේ කොන්දොස්තරලද ? (නි)
අපිට නම් මේ දෙගොල්ලොම එකයි.(නදී)
මම නම් මේ සිද්දිය දකින්නේ එක්තරා විදියට සමාජය තුල ඇති වෙලා තියන මානුෂීය ගුන ධර්ම වල සෝදා පාළුව. ඔය හැම මහත්තුරුම ඉගෙන ගෙන ඔතනට යන්නේ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින්. හැබයි ඊට පස්සේ ඒ අයට මුල අමතක වෙනවා. අවසනාවක මහත කියන්නේ මේ හැමෝම යම් විෂය නිර්දේශ කට පාඩම් කරලා කැම්පස් ගිහින් උපාධි ගත්තට මානුෂීය ගුනදර්ම මේ යට උගන්වන්නේ නැහැනේ. ඇත්තටම මේක අපේ රටේ මහා අවාසනාවක්. හැමෝම මුදල් පසුපස දුවන්නේ කවදාවත් මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන.(නදී)
මිහින්තලය හොස්පිටල් එකත් කිසිම වැඩක් නැහැ. මගේ කකුල තුවාලයක් වෙලා බෙහෙත් දාන්න ගිහින් පැයකට වඩා හිටියා. කිසිම කෙනෙක් ආවේ නැ. පුද්ගලික තැනකින් බෙහෙත් දා ගත්තා.(නදී)
"ඔවුන් ඒ කියන මව ඉක්මණින් බැලිය යුතුද? මේවා විසඳාගත යුතුයි. කීර්තිගේ අම්මා ගෙදරදී සිහි නැතිව වැටිලා රෝහලට ගෙනිහින්, එයාව 'අර්ජන්ට්' කියා ටිකට් එකේ ලියවිලා නැහැ කියලා එයාව නොබලා දොස්තරලා මැච් බලබලා හිටියනම් තේරුම් බේරුම් කරගන්න තිබුනා. ඔයවගේ 'මැදහත්' මහත්වරු ඉන්න එක තමා අපේ රටට වෙච්ච අනික් විනාසේ.(නදී)
මෙහෙම දේවල් වෙනවද කියා දැනගන්න නම් කරාපිටියේ ඉන්න උද්දච්ච දොස්තරලගෙන් බෙහෙත් ගන්න යන්න ඕනා. ඔයා මේ ඉස්පිරිතාලෙට තිස්සෙම යන්නේ වෙන මොකකට හරි වෙන්න ඇති. එහෙම අයත් ඉන්නවා. සමහර දාට මාත් දැකල තියෙනවා රෝහල් පොලිසිය එයාලව එළවලා දානවා.(නදී)
මේ එසැණ පුවත් වෙබ් අඩවියේ නිතරම තියෙන නමක් තමයි වේරගොඩගේ සජීව විජේවීර කියන නම. ඔහු ලංකාදීප මාධ්‍යවේදියෙක් බව අපි දන්නවා.ඔහු අන්තර්ජාලය සහ මාධ්‍ය භාවිතය ගැන හොඳට දන්නා පුද්ගලයෙක්. ඔහුගේ ලිපි ලේඛණ හා ලියන පුවත් අනුව ඒ බව පැහැදිලියි. මගේ පුද්ගලික අදහස එදා වෛද්‍යවරුන් හැසිරුණු ආකාරය මාධ්‍යයෙන් කියන විදියට නම් වැරදියි. නමුත් ඇත්තම තත්ත්වය ඒක ද? ඔවුන් ඒ කියන මව ඉක්මණින් බැලිය යුතු ද? මේවා විසඳාගත යුතුයි. (නි)
දොස්ටරලා හැමදාම ඔහොම තමා අහිංසක මිනිස්සු ඇපේට තියාගෙන තමයි වැඩ. ඒ ගොල්ලෝ අනිත් රටවලට ගියාම නම් ඔළුව නවං වැඩ.(ස)
අනේ මගේ කට. ඔක්කොටම ඉස්සෙල්ලා ලංකාවේ දොස්තරලට පොලවේ පය ගහලා ඉන්න හැටි කියලා දුන්නා නම් හොදයි (නි)
මම දැකල තියෙනවා කරාපිටියේ රෝහලේ දොස්තර මහත්තුරු නෝනලා ඉතා හොඳ සේවයක් කරනවා, බොහෝ අඩුපාඩුකම් මැද. බොහෝ වාට්ටු වල උපකරණ නෑ, ඒත් අතාරින්නෙ නෑ. බොහෝ මහන්සි වෙනවා මිනිස් ජීවිත රකින්නත් ලෙඩ සුවකරන්නත්.(නදී)
සජී , කොහොම උනත් මේ අය දක්ෂයි සින්දු කියන්න වෙසක් වලට. මේ ගොල්ලොම තමයි අර අත අහිමි උන ළමයව බාරගන්න් බැහැ කිව්වේ. ඔයා නොදන්නා හුගක් දේවල් වෙනවා. මමත් ගාල්ලේ ඉන්න නිසා දන්නේ.(නදී)
විනාඩි 40 ක් යනතුරු සිහිය නැති ලෙඩෙක් නොබලා ඉන්න තරම් හේතුවක් කොහොමටත් නැහැ .(නදී)
ලංකාවේ වෛද්‍යවරුන්ගේ ආකල්ප වල විශාල ප්‍රස්නයක් තියෙනවා. කරුණාකර මෙහි දෙක්වෙන පර්යේෂණ පත්‍රිකාව බලන්න. http://www.ncbi.nlm.nih.gov/pubmed/19688283 එහි අවසාන නිගමනය කියවා බලන්න. මෙහි කියවෙන්නේ සමස්තය ගැන මිසක් එක්කෙනෙක් දෙන්නෙක් ගේ ක්‍රියා කලාපය ගැන නෙවෙයි. ඒ වගේම මෙහි පලවෙන ලිපියෙනුත් ලංකාවේ වෛද්‍ය සේවාව ගෙන අදහසක් ගන්න පුළුවන්. http://www.island.lk/index.php?page_cat=article-details (නදී)
කරාපිටිය රෝහලට මම ඕනා තරම් ගිහින් තියෙනවා. කවදාවත් මෙහෙම දෙයක් වෙලත් නෑ. අහලත් නෑ. හොඳ කාර්‍ය මන්ඩලයක් එකක් ඉන්න රෝහලක්. අවංකව කියනවා නම් ඕතන ප්‍රශ්නෙක දෙපැත්තක් තියෙනවා. සජීවගේ අම්මත් ලෙඩෙක් තමයි ඒත් තව ලෙඩ්ඩු හිටියනම් ඊට වඩා අමාරු එයාලවත් බලන්න ඕනා නේද? (නදී)
මේවානම් පහත වැඩ. දැන් දොස්තර මහත්තුරු එයාලට ඕනා විදිහට තමා රාජකාරි කරන්නේ. කවුද මේවට වගකියන්න ඕනේ.(නදී)
ජනතාවගෙ මුදල් වලින් ඉගෙනගෙන ජනතාවට සේවය කරන හැටි කියා දෙන්න පත්වීම දෙන්න කලින් උගන්නන්න ආයේ මොන්ටිසෝරි ඇරියොත් හොඳයි.(නදී)
ඔය එම්.බී.බී.එස්, ඉංජිනේරු උපාධි හැම එකක්ම අවුරුදු 25-30 (මාස 360) පමණි වලංගු. පසුව ඔය හැම එකක්ම දාල යනවා. ඉතිරි වෙන්නේ උපාධි එකයි. ඒ උපාධිය කුසල් උපාධිය ඒක ඉහලින් පාස් වුන අය දිනුම්. දොස්තරලා කවුරුත් ඔලුව ඉදිමුන විදියට වැඩකරලා අහිංසක මිනිස්සුන්ට පාර්ට් දානවා රටේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන මේවා පව් වැඩ. හොඳ අයත් ඉන්නවා.(නදී)
නියම මැච් එකක් බලාගන්න පුළුවන් වේවි.(නදී)
නිමල් කියන්නේ සහතික ඇත්ත. මෙයාලා රට ගියාම අමතර ආදායමක් ගන්න සුද්දන්ගේ වාහන වලට තෙල් ගහනවා. අපි එක්ක කියපු එක්කෙනෙක් පාට් ටයිම් ඩිලිවරි වැඩකුත් කළා කිව්වා. බොහෝ දෙනෙකුට අපි මෙහෙදී වැන්දට ඔය සහතිකෙන් ඒ රටවල ඔය රස්සාව කරන්න දෙන්නෙත් නෑ . මෙහෙ ආවාම තමයි ලෙඩාගේ අතේ බීපී. බලන පටිය බඳින්නත් කම්කරුවෙක් නැතිව බැරිවෙන්නේ.(නදී)
මම මෙඩිකල් එකක් ගන්න යනකොට ඒකෙ තියෙන ඉල්ලුම් පතේ අක්ෂර වින්‍යාසයේ පොඩි වැරද්දක් පෙන්නල මට ඩොක්ටර් කෙනෙක් බැන්නනේ හරියට අකුරු ලියාගන්න බෑ කියලා. පුදුම ඩොක්ටර්ල නෙ දැං ඉන්නෙ. කියල වැඩක් නෑ. පුදුම කළකිරීමක් ඇති වුනේ. මේක ඇත්ත සිද්ධියක්. ඩොක්ටර් විශ්‍රාම යන්න ඔන්න මෙන්න කියල හිටපු කරාපිටියෙම ඕ.පී.ඩී ඩොක්ටර් කෙනෙක්.(නදී)
මේ දොස්තරලට මැච් එක බලන්න නොදී මොකට කරදරකරන්න ඉස්පිරිතාලෙට ගියාද මන්දා. ලෙඩ්ඩු වගේද මැච් එක?(නදී)