පසුගිය වසර 11 තුළදී කටාර් හි ජල ඉල්ලුම වාර්ෂිකව සියයට 10.6 කින් ඉහළ ගොස් 2025 වසරේදී එය කියුබික් මීටර් මිලියන 902 ක් වෙතැයි ඇස්තුමේන්තු කිරීමත් සමග රට තුළ ජල සුරක්ෂිතභාවයක් ළඟා කරගැනීම සඳහා කටාර් පොදු විදුලිබල සහ ජල සංස්ථාව (කරාමා) විසින්දැවැන්ත ව්‍යාපෘති කිහිපයක්ම ආරම්භ කර ඇති බව එහි සභාපති ඉංජිනේරු එසා බින් හිලාල් අල් කුවාරි පවසයි.
2005 වසරේදී කියුබික් මීටර් මිලියන 195 ක් වූ කටාර් හි ජල පරිභෝජනය 2015 වසරේදී කියුබික් මීටර් මිලියන 535 ක් දක්වා වර්ධනයවී ඇත.
“කටාර් රාජ්‍යය තුළ පුනර්ජනනීය ජල සම්පත් හිඟයක් තියෙනවා කියන එක ප්‍රසිද්ධ කාරණයක්. ස්වභාවික කාලගුණික තත්ත්වය, ජනගහණ වර්ධනය සහ කෘෂිකාර්මික සහ කර්මාන්ත සංවර්ධනයේ අපේක්ෂිත මට්ටම යන හේතූන් නිසා පසුගිය දශකය තුළදී ජල සම්පත සඳහා වන පීඩනය සැළකිය යුතු ලෙසින් වර්ධනය වෙලා තියෙනවා” පසුගියදා කටාර් විශ්වවිද්‍යාලයේදී පැවැති ජල සංරක්ෂණ සංසදය අමතමින් අල් කුවාරි මේ බව පැවැසීය.
“කරුණු මේ විදිහටම සිද්ධ වුණොත් ජල කළමනාකරණ ක්‍රමවේදයන් කිසිදු වෙනසක් නොමැතිව ඉදිරියටත් ක්‍රියාත්මක වේවි. අපේ ආර්ථික වර්ධනය, මිනිසුන්ගේ යහපත සහ ජාතික ආරක්ෂාව යන කරුණු සම්බන්ධයෙන් අපි දැඩි සහ ආකෘතිමය තර්ජනයකට මුහුණපා තියෙනවා” යැයි ඔහු වැඩි දුරටත් පැවැසීය.
ඉහත බලපෑම් අවම කොට වර්තමාන සහ අනාගත පරම්පරාවට වඩාත් හොඳ ජීවන තත්ත්වයක් ලබාදීමට හැකිවන පරිද්දෙන් කාර්යක්ෂමව ජල සම්පත පරිහරණය කිරීම වර්ධනය කිරීම සඳහා ඉදිරියේදී කරාමා ආයතනය කටයුතු කරන බවද ඔහු පැවැසීය.
“කටාර් හි ජල සංරක්ෂණ ක්‍රමවේදය කියන එකේ තේරුම තමයි හැම පුද්ගලයකුටම පිරිසිදු, නීරෝගී සහ ඵලදායි ජීවිතයක් ලබාදීම සඳහා ප්‍රමාණවත් සහ ආරක්ෂාකාරී ජල සැපයුමක් සිදුකරනවා කියන එක” යැයි අල් කුවාරි පවසයි.
ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.
මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .
අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .
ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම
කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය
කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කරාමා වෙතින් ජල සංරක්ෂණ ව්‍යාපෘතියක්