IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කර්මය සහ කර්ම ඵලය

මාගේ ශ‍්‍රාවක පින්වතුනි අවුරුද්දකට වැඩි කාලයක් ලංකාදීප එසැණ මගින් ධර්ම දේශනා ඉදිරිපත් කළේ බෞද්ධයන් වැරදි පිළිවෙත් අනුගමනය කරමින් මෙයැයි බුදු දහම කියා යන ගමනේදී සිදුවන භයානක ප‍්‍රතිඵල තේරුම් කර දීමටත්, මෙසේ බුදු දහමට විරුද්ධ ප‍්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් සංසාර ගමන දික්වන බවත්, විෂයඝෝර සර්පයෙකුගේ වලිගයෙන් අල්ලා ගන්නාසේ විනාශවන බවත් මාගේ දැනුමේ මට්ටමින් කියාදීමය.

මාගේ ප‍්‍රධානම අරමුණ වූයේ බෞද්ධාගම යනු කුමක්ද, බෞද්ධයා යනු කවරෙක්ද බව පැහැදිලි කරදීමය. මේ කරුණු දෙක තේරුම් නොගෙන යන ගිහි පැවිදි දෙපක්ෂයම සංසාර ගමනේ අසරණ අනාතයින්ය. පසුගිය පොහොය දිනවලදී චතුරාර්ය සත්‍යත් අනුගමනය කරන පිළිවෙළත් සරලව කියා දුන්නෙමි. එම ලිපිවලට දැක්වූ ප‍්‍රතිචාර වලට මාගේ හෘදයාංගම ස්තූතිය පුදකරමි. සැමදාම ලිවීමත්, කියවීමත් පලක් නැත. ලියූ දෙය කියවා ප‍්‍රායෝගික කළේ නැතිනම් කියවීමෙන්ද මා ලිවීමෙන්ද පලක් නැත. මා සිතන ආකාරයට සංසාර ගමනේ වෙනස් වෙවී සිදුවන උප්පත්තියේ අතිභයංකාරකම ගැන අවබෝධ කරගෙන ඇති බුද්ධිමතකුට (බෞද්ධයෙකුට) මෙතෙක් මා ලියූ කරුණු ප‍්‍රමාණවත් බවය. කොපමණ දැනගත්තත් කියූවත් ඒ ධර්ම මාර්ගය අනුගමනය කරන්නේ නැතිනම් එය කාලය කා දැමීමකි. යහපත් අයහපත්, හොද නරක, වැරදි නිවැරදි මාර්ගය අවබෝධ කර ගැනීමට හැකි වන්නේ මා ලියූ ධර්ම කරුණු හේතුවෙන් වුවත් තමන් විසින්ම පෙර කළ කුසල් අකුසල් කර්ම වල දායාදය හෙවත් කර්මඵලය අනුව බව කියා දීම මාගේ අවසාන ලිපියේ අරමුණයි. පින්වතුනි කර්මය යනු වචනයෙන්, ක‍්‍රියාවෙන්, සිතින් යහපත් අයහපත්, හොද නරක වශයෙන් සිදුවන ක‍්‍රියාවකි. කර්මඵලය යනු තමන් විසින්ම වගාකල බෝගයේ අස්වැන්නයි ප‍්‍රතිඵලයයි. කර්මඵලය බෞද්ධයෙකු විසින් පිලිගත යුතුමය. මෙය පිලි නොගන්නාට නිවන් මග සොයා ගැනීම දුෂ්කරය. සිතින් සිතා සිදුකරන  ඕනෑම ක‍්‍රියාවලියක ව`දභාවයක් නැත. මෙය නොපිලිගන්නා මිථ්‍යා දුෂ්ඨිකයෙකි.

අප සම්මා සම්බුදු රජානන් වහන්සේ චුල්ලකම්මවිභංග සූත‍්‍රයෙන් සුභනම් මානවකයාට පිලිතුරු දුන්නේ ‘‘කම්මස්ස ඛෝහෝමි කම්මදායාදෝ’’ කර්මය තමාකොට ඇති බවත් කර්මය දායාදයක් වන බවත්ය. මේ බුදු වදනින් දේශනාවෙන්නේ කුසල කර්මයක් කෙසේවෙතත් අකුසල කර්මය දායාදයක් වනවිට ගැලවීමක් නැතිබව නේද ? සත්ව උප්පත්තිය අනුව මිනිසත් ලොව උපදින මනුෂ්‍ය ආත්මයක වටිනාකම සම්පත නම් ක්‍ෂණසම්පත්තියයි. මිථ්‍යාදුෂ්ඨික නොවූ ශීලවන්ත සිතක් සහ නිරෝගී විකලාංග නොවූ කයක් ලැබීමයි. මෙසේ භාග්‍යවන්ත මනුෂ්‍ය ආත්මයක් ලැබීමට හේතුව වන්නේ පෙරභව වල තමා විසින්ම සිදුකල මෛත‍්‍රිය කරුණාව දයාව අනුකම්පාව ඇතිව පිරිසිදු සිතින්කල කායික, වාචික, මානසික ත‍්‍රිවිධ පුණ්‍ය ක‍්‍රියාවල (දාන, ශීල, භාවනා) කුසල කර්මයේ දායාදය නිසයි. යමෙක් අංග විකලව හෝ අඩු ආයුෂක් හෝ දරුණු නිදන්ගත රෝග සහිතව උපදින්නේ පංචශීල ප‍්‍රතිපත්තියේ පලමු ශිල්පදය කැඞීමෙනි, එනම් සත්ව හිංසාව නිසාමය. මෙයට උදාහරණයක් වශයෙන් පව - පින, හොඳ - නරක ගැන අවබෝධයක් නැති පියෙක් තම අවුරුදු 7 ක් 8 ක් පමණ වයසැති දරුවාට ඉදිරිපිට කෑගසන බල්ලාට ගසා එලවන්න යැයි අණදුන් විට, මෙහි විපාකය නොදන්නා දරුවා ගලකින් බල්ලාට ගැසූවිට බල්ලාගේ කකුල කැඞී ලතෝනිදිදී දුවන්නට විය. ටික දිනකින් බල්ලාගේ තුවාල දරුණුවී මිය ගියේය. මේ අකුසල කර්මය පුතාටත්, තාත්තාටත් දායාදයක්වූයේ ඊලග ආත්මයේ පුතා අංග විකලව ඉපදීමත් අණදුන් පියා අංගවිකල දරුවාගේ පියාවී දරුවාව කරපින්නාගෙන ජීවිත කාලයම සිඟා කෑමය. සමාජයේ මෙවැනි දේ දකින්නට ලැබෙන්නේ දැන ඉගෙන ගන්නා බුද්ධ දේශනා සත්‍ය බව අවබෝධකර ගැනීමට බව සිතන්න. තවද අප අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ කර්ම දායාදය ලැබෙන පරිදි සියලු අවශ්‍යතාවයන් පෙළගැසෙන බවයි. උප්පත්තිය ලබන මව් කුසක් ලැබෙන්නේ පෙර කර්මයේ දායාදය මුදුන්පමුණුවා ගැනීමට හැකි පරිදිය. උදාහරණයක් වශයෙන් කුසල් මාර්ගයේ යාමට පින ඇතිව උප්පත්තිය ලබන කෙනෙකුට මව පියා ලැබෙන්නේ ඒ පින්බර ගමන යාමට උදව් උපකාර කිරීමට යහපත් ගති පැවතුම් ඇති පුද්ගලයින් ලෙසටය. මෙවැනි දරුවන් දෙමාපියන්ට ගෞරවයක් නම්‍යශීලීභාවයක් විඳීමක් දක්වන්නේ පෙරභවයේ කළ කුසලකර්ම නිසා ලැබූ ඥාණය හේතුකොට ගෙනය. මෙසේ වනවිට දෙමාපියන්ද තමන්ගේ ආදරය පුදකරන්නේ හදවතින් පරාර්ථකාමී ලෙසය. ඒ දරුවා ගෙනා කර්මයේ දායාදයයි. අයහපත් ගමනක් යාමට පෙර කර්මයේ දායාදයන් උප්පත්තිය ලබන අයට ආදරය ලැබෙන්නේ අම්මාගෙන් හෝ තාත්තාගෙන්ය. නැතිනම් දෙදෙනාගෙන්මය. කර්මය දායාදකොට මව් කුසක් (කම්මයෝනි) ලැබීම මෙලෙසය. තවද කර්මය ඵලදැරීමට දායාදයක් වන්නේ ලැබෙන ඥාතීන් (කම්මබන්ධු) අනුවය. තමන්ගේ සහෝදරයාද මෙයට අයිතිය දෙමාපියන්ගෙන් නොලැබෙන දේ ඥාතීන්ගෙන් හොද නරක අනුව ලැබීමට ඉඩඇත. මෙයටද උදාරණයක් වශයෙන් යහපත් ගමනක්යාමට නියමිත කෙනෙක් ඉපදීමට වාසනාව ඇති අවස්ථාවක නුසුදුසු කුසක උප්පත්තිය ලැබූවත් වාසනාව නිසා ඒ දෙමාපියන් දරුවාව හදාගැනීමට දෙන, විකුණන අවස්ථා ඇත. එවැනි දරුවන් ලෝකයේ මුදුන්පෙත්තටම ගිය අවස්ථාද ඇත. ඒතමන් විසින්ම සිදුකරගත් කුසල ක‍්‍රියාවක් නිසාය. දෙමාපියන්ට දරුවන්ද, දරුවන්ට දෙමාපියන් ඥාතීන් ලැබෙන්නේද පෙර තමා විසින්ම කල කුසල අකුසල කර්ම වල ප‍්‍රතිඵලයක් ලෙසය. ‘‘පුබ්බේථකථ ප‍්‍රඤ්ඤථා’’ කීවේ පර භවවල පමණක් නොව මීට සුළු මොහොතකට පෙරකල පව් පින්ද විය හැක. අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළේ සිතින් සිතා කරන පවක අකුසලයක වඳබාවයක් නැත යන්නය. මේ ලෝකයේ කුමන භවයක සිටියත් බේරෙන්නට බැරිව කුමන හෝ අවස්ථාවක ඒ කර්මය දායාදයක් වන බවය. මෙසේ අප විසින්ම කල කර්මයේ දායාදය භුක්ති විදීමට පිළිසරණක් (කම්ම පිළිසරණෝ) වන්නේ ඒ කර්මයට අනුකූලවය. කෙනෙකු දුගී දුප්පත්වී සිගමන් යදින්නේද පෝසත්ව සැපවිදින්නේද එලෙසය. පෝසත් වූ කෙනෙකුට ඒවා ලැබීමට කුමන හෝ ආකාරයකින් පිලිසරණක් වනවාය. සමහර විට ගෙයක් සෑදීමට අත්තිවාරම් කපනවිට වටිනා මැණික් හමුවන්නේ එලෙසය. තවකෙනෙකුට ලැබීමට සුදුසු නියම දෙයක් උනත් ඔවුන්ට පෙනි පෙනී වෙන කෙනෙකුට ලැබෙන්නේ නැති බැරි කමින් විදීමට ඇති දුක ගෙවීමට ඇති කර්මඵලය නිසාය. මෙලෙසම අප බුදුරජානන් වහන්සේ දේශනා කල පරිදි යහපත් ගුණදම් පිරි නිවැරදි මාර්ගයක යාමට ප‍්‍රධානම වන යහපත් ගුණගරුක මිතුරන් (කම්ම කල්‍යාණ මිත‍්‍රසේවනා) ලැබෙන්නේද තමන් විසින්ම කල් දාන, ශීල, භාවනා වන ත‍්‍රිවිධ පුන්‍යක් ක‍්‍රියාවල කුසල කර්මයේ දායාදයක් ලෙසය.

කොපමණ ධනය තිබුනත් වස්තුව තිබුනත් පවිටු මිතුරන් ඇසුරේ සිටියානම් සිටිනවානම් ඔහුහෝ ඇය පිරිහෙනවාමය. යහපත් ගමන්මාර්ගයක ප‍්‍රධානම හේතුව වන්නේ කල්‍යාණ මිත‍්‍ර සේවනය බව අප බුදුන් වහන්සේ උපමා ඇතිව දේශනා කොට ඇත. කල්‍යාණ මිත‍්‍ර සම්පත්තිය ලබන්නේ ‘‘ආයු වණ්ණෝ සුඛං බලං’’ ආයුෂ, වර්ණ, සැපය, බලය වන බුදු පාඨය ශාක්ෂාත් වන්නේ පෙරකල කුසලයේ හේතුව නිසාය. දෙවන සිල්පදය වන අන්සතු දේ ගැනීමෙන් සිදුවන්නේ ලබන භවය දුගී දුප්පත් වීමය. තුන්වන සිල්පදය වන ආශාව ඉක්මවයාමෙන් ස්ත‍්‍රී භවයක් ලැබීමත් ආස්වාදය පතා වැරදි ආශාවන් ඉටුකර ගැනීමට කල ක‍්‍රියාවන් අනුව ආදීනව විදීමට සිදුවනවාය. හතරවන සිල්පදයවන තමන්ගේ ලාභ ප‍්‍රයෝජනය බලාපොරොත්තුවෙන් කෙනෙකු මුලාවේ දැමීමට වංචාසහගතව කියන බොරුනිසා පවක්, පිනක් නොදන්නා ගොළුවන් වීමට ඉඩ ඇත. පස්වෙනි සිල්පදය කැඞීමෙන් මිය යන්නේද අසිහියෙන්ය, ලබන බවය තිරිසන් ආත්මයක් හෝ මෝඩ අදහස් ඇති යහපත් සිහියක් නොමැති කෙනෙකු වීමට පුළුවන. බෞද්ධකම නැති උනත්, බෞද්ධයෙකු යැයි සිතා මේ වනවිට ඔබ කීපාරක් පන්සිල් සමාදන් වී ඇතිද, සමාදන් වූ සිල්පද කඩා ඇත්ද මනුෂ්‍ය ලෝකයේ බොරුව නිසා පව් සිදුකරගන්නේ බෞද්ධයෝය, කරන්නේ නෑ එයින් මිදෙනවා කියා ඊටත් වඩා වැරදි දේ කිරීමයි. බොහෝ බෞද්ධයින්ගේ ක‍්‍රියාව ඇත්තේ සුදු රෙද්දෙන්, වචනයෙන්, පමණි. ප‍්‍රතිපත්තියේ නැත. දුර්ලභ භවයක් ලැබූ අප අනවබෝධයෙන් ප‍්‍රතිපත්තියක් නොමැතිව ජීවත්වීමෙන් සිදු කරන්නේ තමන්ගේ අතින්ම තමන්ගේම බෙල්ල කපා ගැනීමක් නොවේද. යමෙකුට රූපය ලස්සනට තිබුණත් මිල මුදල් ද, තමන්ට උචිත පරිදි උගත්කම හෙවත් දැනුම උපරිම පරිදි තිබුනත් සමාජයේ අප කීර්තිමත්ව කුලහීනව බුද්ධිමත් නොවී උපදින්නේ පෙර ආත්මයේ ගරුකල යුත්තන්ට අපහාස කිරීමෙන්, පිදිය යුත්තන්ට ගරු නොකිරීමෙන්, නොපිලිගැනීමෙන්, දරුවෙකුට, ඥාතියෙකුට, මිතුරෙකුට වැරදි ආදර්ශදීමෙන්, නිවැරදි දේ නොකියාදීමෙන්, පව, පින, වැරැද්ද, නිවැරැද්ද කළ යුතු නොකළ යුතු දෙය දැනගන්නට අවස්ථාවක් ලැබුනත් එයට ගරහමින් හාස්‍යයට ලක්කිරීමෙන් නොපිලිගැනීමේ විපාකය ලෙස අඥ්ඥාණව උප්පත්තිය ලැබීම සිදුවේ. මෙවැනි ගැහැණුන් හෝ පිරිමින් සිටින නිවසක ලෞකික සැප මිස අධ්‍යාත්මික සතුට නැත. මේ පෙරතමන් විසින්ම කල වගාවේ අස්වැන්නයි. කර්ම ඵලයයි.

 

සිදුකළ කර්මයේ ඵලය කිසිදිනක නැතිවන්නේ නැත. වෙනස්වීමට ඉඩ ඇත. මෙසේ වන්නේ ඊට වඩ ප‍්‍රබල කුසල හෝ අකුසල කර්මයක් මුල්වන නිසාය. යටගිය කර්මය නැතිවීමක් නැත. කොයි මොහොතේ හෝ ප‍්‍රතිඵල ලැබෙනවාය. අකුසල කර්මය සිදුකරන සියල්ලම අපාගත වෙන බව කිව නොහැකි බවත්, කුසලකර්ම කරන සියලු දෙනාම සුගතියට යන බව කිව නොහැකි බව දේශනාවේ ඇත. ගණන් කිරීමට නොහැකි අප පැමිණි සංසාර ගමනේදී අප විසින්ම සිදුකළ අකුසල කර්ම කුසල් කර්මවලින් යටපත් විය හැක. කුසල් කර්ම ප‍්‍රබල අකුසල කර්ම වලින් යටපත් විය හැක. කුසල කර්ම කුසල කර්ම වලිනුත්, අකුසල කර්ම අකුසල කර්ම වලිනුත් යටපත් විය හැකි බව අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහදා දී ඇත. යමෙකු සිදුවූ වැරදි තමන් විසින්ම හෝ වෙනකෙකු විසින් නිවැරදි කරදීම නිසා යහපත් මාර්ගයට පිවිසෙද්දී පෙර අකුසල කර්මයේ ප‍්‍රබලත්වය නිසා කොපමණ බුදුදහම ළංවී තිබුනත් එයට ළංවී සිටින බව පෙන්වමින් එයද උපයෝගී කරගෙන කපටිකමින් වංචාවෙන් මිථ්‍යා දුෂ්ඨික දුශ්ශීලව හැසිරෙන්නේද පෙර කර්ම ප‍්‍රතිඵල නිසායි. පින්වතුනි අවසාන වශයෙන් මා පවසන්නේ බෞද්ධයා කර්මඵල හඳුනාගත යුතු බවයි. මෙතෙක් මා කියූ කරුණු ගැන සිතා අනුන්දෙස බැලීමට ප‍්‍රථම ඔබ ඔබව තේරුම් ගන්න. මේ භවයේ මෙතෙක් පැමිණි ගමන අප බුදු රජානන් වහන්සේ දේශනා කල ධර්මය සමග ගලපා බලන්න. ධර්මය වැරදිද ඔබ වැරදිද සිතන්න. අවබෝධයෙන් සිතන විට ඔබට වැටහේවි, ධර්මය පැත්තක මම පැත්තක බවත්, අවශ්‍ය වූ විට ධර්මය ඇගේ ගාගත් නිසා අවබෝධයෙන් පිලිනොපැදීම නිසා ඔබටම වැරදුණු බව, අද බොහෝ බෞද්ධයන් අතරමං වී ඇත්තේ උපැන්න සහතිකයට පමණක් බෞද්ධවීම නිසාය. දැනගන්න, සිතන්න, අවබෝධකරගන්න, අනුගමනය කරන්න මේ අපගේ අවසාන වාසනාව විය හැක. එය අවාසනාවකට පරිවර්තනයට නොකරගෙන ලැබූවාවූ මේ මිනිස් භවයෙන්ම සංසාර දුක දුකක්ම බව දැන එයින් මිදීමට බුද්ධිමත්ව ශ‍්‍රද්ධාවන්තයකුවී ධර්ම ප‍්‍රතිපත්තියෙන්ම එය පිලිපදිමින් ශීලවන්ත වී සිතේ තැන්පත් භාවය සාදාගෙන සම්මා දිට්ඨියෙන් චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් අවබෝධකරගෙන බෞද්ධයාගෙ ඒකායන පරමාර්ථය නිවන ළඟා කර ගැනීමට කටයුතු නොපමාව කරගන්නා මෙන් කරුණාවෙන් අනුකම්පාවෙන් දයාවෙන් ශාසන ලැදිව ඉල්ලා සිටිමි. මාගේ කාරුණික පින්වතුනි මේ මාගේ අවසාන ලිපියයි. මෙතෙක් මා ලියූ කරුණු කියවූ ඔබට යහපත් ගමන් මාර්ගයකට යාමට උදව් උපකාර වූවා යැයි මා සිතමි. අප සම්මා සම්බුදු ගෞතම බුදුරජාණන් වහන්සේ සාර සංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණන් පාරමීදම්පුරා අවබෝධ කරගත් ධර්මය දේශනා කළේ අතිභයංකාර සංසාර ගමනෙන් දුක්විදින අපව මුදවා ගැනීමටයි. මේ භයංකාර අති බිහිසුණු ගමනෙන් මිදීමට නම් ප‍්‍රථමයෙන්ම අපි බුද්ධාගම කියන්නේ මොකක්ද බෞද්ධයා යනු කවරෙක්ද ? යන බවත් බෞද්ධයෙකු වීමට කළ යුත්තේ කුමක්ද යන වග මා ලිපි තුළින් මාගේ දැනුමේ තරමින් තේරුම්කරදීමට උත්සාහ ගත් බව කියමි. දක්ෂ බෞද්ධ රචකයෙකු වීමට මාහට අවශ්‍ය නැත. තව ලීවත් ලිවීමට ඇත්තේ මෙපමණි. එමනිසා මෙතෙක් මා ලියූ සියලු ලිපි වලින් බෞද්ධකමට කැමති අයට පොතක් ලියා නොමිලේ බෙදාදීම මාගේ ඉදිරි බලාපොරොත්තවයි. මෙපමණ දුරක් ලිවීම තුළින් මාගේ දැනුම වැඩි කරගැනීමට ඔබ සැම මාගේ ලිපි සඳහා දැක්වූ අදහස් වලට මාගේ හෘදයාංගම ස්තූතිය අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිහිපත් කරමින් පුද කරමි. අප මේ ගෙවන්නේ ගෙවෙන්නේ කළ කර්මයේ දයාදයයි. එය මේ භවයේ විඳ අවසන් වූ පසු රහත් නොවූයේනම් ඊලග භවයට ගෙනියන්නේ දැන් කරන දේ බව සිතන්න. අවසාන වශයෙන් මෙතෙක් මා ගත් උත්සාහය මුදුන් පමුණුවා ගැනීමටත් ධර්ම දානය ලොව පුරා බෙදාදීමටත් උපකාරවූ ලංකාද්වීප අන්තර්ජාලයේ කතෘතුමා ඇතුළු කාර්ය මංඩලයටත් ශ‍්‍රාවක ඔබටත් කල්‍යාණමිතුරන් හමුවී ශ‍්‍රී සද්ධර්මයට සිහි බුද්ධියෙන් සවන්දී ධර්ම මාර්ගය ප‍්‍රතිපත්තියක් කොටගෙන චතුරාර්ය සත්‍ය අවබෝධවී බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වැඩි අජරාමර නිවන් සුවය ලැබේවා කියා ප‍්‍රාර්ථනා කරමි.

තෙරුවන් සරණයි

මෙයට, ශාසන ලැදි

සෝමතිලක හෙට්ටිආරච්චි (ධම්ම ගවේෂි පදනම) - 071 2385967               



අදහස් (0)

කර්මය සහ කර්ම ඵලය

මහින්ද සෞදි Friday, 25 December 2015 08:39 PM

ලංකාදීප අන්තර්ජාල කතෘතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත්, මෙම ඉතාම අගනා ලිපියක් පළකළ සෝමතිලක හෙට්ටිආරච්චි මැතිතුමාටත් මගේ ප්‍රණාමය! තෙරුවන් සරණියි! (නි)

:       0       2

විජිත් Thursday, 24 December 2015 01:25 AM

" බුදුහාමුදුරුවෝ අපිත් දකින්න ඇති - බණත් අහන්න ඇති , නමුත් පින් මදිවෙන්න ඇති - ඒකයි තවමත් සංසාරේ " (නි)

:       0       1

ඉන්දික ක්‍රිෂාන්ත Thursday, 24 December 2015 05:56 AM

ඔබ තුමාට පින්. ඉතාම අගනා ලිපියක්. මා පළමු වතාවටයි මේ ලිපිය දැක්කේ. කරුණාකරලා සියලු ලිපි මට ලැබෙන්න සලස්වන්න. (කෞ)

:       0       1

ජයන්ත Thursday, 24 December 2015 06:48 AM

බොහො වැදගත් ලිපියක්. ඉතිරි ලිපි කියවීමට මගක් නැත. ඔබට තෙරුවන් සරණයි. (ස)

:       0       1

ජගත් Thursday, 24 December 2015 07:09 AM

ඔබතුමාට ගොඩක් පින්. තෙරුවන් සරණයි. (ස)

:       0       1

සකුණි Thursday, 24 December 2015 08:27 AM

ඔබතුමාට ගොඩාක් පින්. පෙර ලිපි නැවත පල කරන මෙන් ඉල්ලා සිටිමි. (ස)

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 1179 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 69 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1174 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 193 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 2042 3

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32293 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23828 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 447 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 205 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site