අද අවසන් වු කොරියන් භාෂා ප්‍රවිණතා විභාගයට කොළඹ නාලන්ද, අශෝක , ඩී එස් සේනානානයක ,ගෝතමී බාලිකා ,ඉසිපතන හා තර්ස්ටන් විද්‍යාලයන්හි විභාග මධ්‍යස්ථානවලදී අපේක්ෂකයන් 20536 දෙනකු පෙනී සිටි බව විදේශ සේවා නියුක්කති කාර්යාංශය කියයි.
ප්‍රතිපල සති දෙකකදී එනම් නොවැම්බර් පළමුවැනිදා නිකුත් කිරීමටද නියමිතය.
මෙය 11 වැනි කොරියන් භාෂා ප්‍රවීණතා විභාගයයි.විභාග සමතුන්ට ලබන වසරේ රැකියා දීමට හැකි වෙතියි ද කාර්යාංශය පවසයි .
ශ්‍රී ලංකා දකුණු කොරියා තානාපති කාර්යාලයය හා දකුණු කොරියා රජයේ මානව සම්පත් දෙපාර්තමේන්තුවේ විදේශ ශ්‍රමික සුදුසුකම් තිරණය කිරීමේ නිලධරයින්ගේ ද සහායෙන් විභාග දෙපාර්තමේන්තුව මෙම විභාගය පැවැත්විය.
www.slbfe.lk, www,eps.go.kr, www.hrdkorea.or.kr යන අන්තර්ජාල වෙබ් අඩවි වලින් ප්‍රතිපල නිකුත් කරන බව විදේශසේවා නියුක්ති කාර්යාංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරියානු විසා ලංකාවට ලබා ගත්තේ 2001 රනිල් මහත්තයා අගමැති උන වෙලාවේ. මට මතකයි එවිට කම්කරු ඇමති වෙලා හිටියේ මහින්ද සමරසිංහ. මගේ ඥාතියෙක්. ඒ වෙලාවේ කොරියා ගියා මමයි මුදලින් උපකාර කලේ ඒ මල්ලිට. අවුරුදු 5ක් ඉදලා ලංකාවට ආවා. නිකමටවත් අපේ ගෙවල් පැත්තේ ආවේ නැහැ. මගේ මුදල් මට ලබාදුන්නා රට ඉන්න කාලය තුල හැබයි අවස්ථාවේ හැටියට උදව් අමතක කලා. හරි ගියාට පස්සේ ඕක තමයි ලංකාවේ අයට තියන අඩුව මුල අමතක වීම.(නදී)
2011 සහ 2012 අයට මොකද වෙන්නෙ.??? (ස)
මගරී, ඇයි ලංකාවට පරිප්පු දාපු වෙලාවේ. රටවල් කීයක් නම් අපිත් එක්ක හිටියද !! (ස)
කොරියාවට විදෙස් ශ්‍රමිකයෝ එන්නේ රැකියා අවසර ක්‍රියාවලිය යටතේ. මුලින්ම රැකියාවන් සදහා ශ්‍රමිකයෝ ගෙන්වන්නේ 1994 හෝ 1996 දී මට මතක විදිහට. හැබැයි ඒක පටන් ගන්නේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කම්කරු ඇමති වෙලා ඉන්න කාලයේදී. ඒ පුහුණු කිරීම් සඳහා ගෙන්වන සිසුන් විදිහට ඩී-3 කියන වීසා එකට. රැකියා අවසර ක්‍රියාවලිය ඇති වෙන්නේ 2004 දී. ඊට වසර 10 කට පස්සේ. මේ වන විට කොරියාවට ශ්‍රමිකයන් රටවල් 14කින් ගෙන්වනවා. මේ ගෙන්වන ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක වෙන්නේ කොරියානු නීතිය යටතේ. කොරියානු විභාගයේ සිට සෑම දේම. මම කොරියානු රජයේ කම්කරු අමාත්‍යාංශයේ වැඩ කරන කෙනෙක්. සමහරුන්ගේ අදහස් දකිද්දී මට මේ අයගේ නොදැනුවත්කම සම්බන්ධව ඇත්තටම ලොකු කණගාටුවක් ඇති වෙනවා. විභාගය ලිවාම මෙහේ රැකියා අයතන වලිනුයි සුදුසු ශ්‍රමිකයන් තෝරා ගන්නේ. නැවත විභාග තියන්නෙත් කොරියානු රජය යටතේ. (ස)
අමිල ,මතක් කරන්න එපා එජාපයේ විදේශ ප්‍රතිපත්තිය. ඒ විදේශ ප්‍රතිපත්තියේ හොදකම නිසා තමා අවරුදු 30 ක යුද්ධයක් තිබුනේ.මතකයිනේ පොක්ලන්ත අර්බුදය වෙලාවේ ලංකාව ක්‍රියා කරපු හැටි. (නදී)
ආසියාවේ ආශ්චර්ය මොන තරමට ආශ්චර්යක්ද කියල මේකෙන්ම පේනවා (නදී)
මෙවර විභාගය ලියපු අපේක්ෂකයන්ට වැඩි අවස්ථාවක් තියෙනවලු, මොකද ගියපාර වගේ කටපාඩම් කරලා පස්වෙන්න බැරි නිසා. (අ)
කව්රු සමත් අසමත් වුණත් අපිට නම් කමක් නැහැ (නි)
මේ කොරියානු විසා ලංකාවට අරගෙනදුන්නේ රනිල් මහත්තය 2001 අග මැති උනවෙලාවේ ඒ තුමා හොද විදෙස ප්‍රතිපති නිසා තමයි ලංකාවට ඔය දේවල් ගන්න හැකි උනේ අද ඉන්න දෙසපලුවෝ මේ දේවල් වියාපාර කරගෙන. (අ)
විනීත කම ජීවිතය නිසිමගට යාමට පාර කියාවි.(නදී)
ජනක අසාධාරණයක් ගැන කතාකරනවා. ඊට වැඩිය අසාධාරණ තිබෙනවා (නි)
ඒ රටේ අයටත් කන්න බැරි වැඩ අපේ අයගෙන් ගන්නේ (අ)
අපි නම් කොරියාවේ ඉන්නේ දැන් (නි)
20,000 ක් රටින් පනින්න විදින දුක්?? කොරියා යන්න බැරි වුණ අයට මොකද කරන්නේ ? (නි)
2012 අයට මොකද වෙන්නේ? අපි දැන් විභාගය කරලා අවුරුද්දක් වෙනවා. තවම අපිට රැකියා නැහැ. මේවට වග කියන්නේ කවූද? (නි)
2013 අය යවන්න ඕනා 2012,2011 විභාගේ කරපු අය යවලා තමයි. නැත්නම් මේක ලොකු අසාධාරණයක්.(නදී)
''විනීත'',-''පින්වත'',දෙපලම හරි. මෙවරත් විසි දාහට වැඩියි, විභාගේ අමාරුවෙන් ගොඩ දාගන්න අය පෝලිමේ ඉද්දිත් දේශපාලුවන්ගේ අය විභාග අසමත් වෙලත් කොරියා ගිහින් ඉන්නවා නේද?ආණ්ඩුවෙන් සහය ඕනේ, ඒත් කොරියා යන්න මන්තිරිලාගේ උදව් නොගෙන ඉමුද?එහෙම වුනොත් සාදරනයක් ඉටුවේවි කොරියා යන අපේ කොල්ලන්ට.(නදී)
තබුක් පින්වත ඔබ හරි , අපේ දේශපාලුවෝ ඔක්කෝටම ඔය කියන සුදුසුකම තියනවා.(නදී)