IMG-LOGO

2025 පෙබරවාරි මස 19 වන බදාදා


කුරුවිට ලක්ෂ පහේ කොල්ලයේ තුනක් රිමාන්ඩ්

(අජිත්ලාල් ශාන්තඋදය)

මීට මාස දහහතරකට පෙරදී මැණික් ගලක් අලෙවි කිරිමට බව පවසා කුරුවිට ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසට ඇතුලුවී ගිනි අවි පෙන්වා නිවැසියන්ට පහර දී තුවාල සිදුකර, බියවද්දා රුපියල් ලක්ෂ විසිපහක මුදලක් කොල්ල කෑ අපරාධයේ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙක් මේ මස 27දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස රත්නපුර වැඩබලන මහේස්ත්‍රාත්  දුලානි සන්ධ්‍යා   මහත්මිය  අද (15) නියෝග කළාය.

මෙසේ රිමාන්ඩ් භාරයට පත්කෙරුණේ ඇහැලියගොඩ මාහර පංසල පාර ලිපිනයැති කේ.එල්. සමන්ත චන්ද්රසිරි, කුරුවිට, එක්නැළිගොඩ ලිපිනයැති එන්. රත්නසේන සහ බොරලැස්ගමුව,බෙල්ලන්විල, විහාරමාවත ලිපිනයැති,ඩබ්.ඩබ්. සිසිල් කරුණාරත්න යන අයයි.

අපරාධකරුවන් වෑන් රථයකින් 2023-11-22 දින අලුයම 05.00 පමණ පැමිණ මෙම අපරාධය සිදුකර තිබුණි. මාස දාහතරකට පමණ පසු මෙම සැකකරුවන් පසුගිය 12දින අත්ඩංගුවට ගෙන තිබුණි.

කුරුවිට පොලීසියෙ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් එක් සැකකරුවෙක් අවිස්සාවේල්ල ප්රදේශයේදී පසුගිය 12දා මුලින් අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු සම්බන්ධයෙන් පැය 48ක රැදවුම් නියෝග ලබාගෙන ප්රශ්න කිරීමේ දී මෙම අපරාධයට හවුල් බවට තවත් සැකකරුවන් දෙදෙනෙක් මහරගම සහ කුරුවිට දී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.  කුරුවිට දී අත්අඩංගුවට ගෙන ඇති සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලියට නවාතැන් දුන් තැනැත්තා බව පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය.

ඇහැළියගොඩ, පඩුවස්නුවර සහ කුරුවිට ප්‍රදේශයේ පසුගිය කාලයේ සිදුවු සංවිධානාත්මක අපරාධ ගණනාවකට මෙම සැකකරුවන් සම්බන්ධ බවට සැකකරන බව පොලිසිය අධිකරණයට කරැණු දක්වමින් පැවසීය.



අදහස් (1)

කුරුවිට ලක්ෂ පහේ කොල්ලයේ තුනක් රිමාන්ඩ්

Laksman Sunday, 16 February 2025 06:52 AM

ඇහැළියගොඩ සමන්තා කිව්වොත් සතයකට විශ්වාස කරන්න එපා. ඊළඟට චන්දරේලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සෙසු බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකිය
2025 පෙබරවාරි මස 19 50 0

පාන් පිටි මිල රුපියල් 10 කින් අඩු කිරීම අනුව පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කළද සෙසු බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ


ඇමෙරිකාවේ නිෂ්පාධිත අවියක්-උණ්ඩ සමඟ අයෙක් අල්ලයි
2025 පෙබරවාරි මස 19 248 0

ඇමරිකාවේ නිෂ්පාදිත බෝර දොළහේ ගිනි අවියක් හා එම උණ්ඩ දෙකක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු කම්මල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසියකියය


දුරකතන ඇමැතුම ඝාතනයකින් අවසන් වෙයි
2025 පෙබරවාරි මස 19 675 0

දුරකථන ඇමතුමක් දී පුද්ගලයකු බ්ලු මැන්ඩල් දුම්රියපොළ පාරඅසලට ගෙන්වාගෙන තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කර ඇතැයි කොටහේන පොලිසිය කියයි .


’නොනිදන’ පාස්පෝට් නිකුතුව අද ඇරඹේ
2025 පෙබරවාරි මස 19 559 1

ආගමන විගණන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලය විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අද (19) සිට පැය 24 පුරා විවෘතව තබන බව මහජන ආරක්ෂක අමා


අධිකරණය තුළදී ගණේමුල්ල සංජීවට වෙඩි තබා මරයි?
2025 පෙබරවාරි මස 19 2691 6

නඩු කටයුත්තකු සඳහා කොළඹ අලුත්කඩේ අධිකරණයට රැගෙන ආ සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීවට අධිකරණ සංකිර්ණය තුළදී වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කි


තැනින් තැනට වැසි
2025 පෙබරවාරි මස 19 77 0

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවියහැකිබව කාලගුණවිද්‍යා දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 348 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 154 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 1021 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site