කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල් බී අබේරත්න වහා ක්‍රියාත්මක වන පරිදි නුගේගොඩ පොලිස් කොට්ඨාසයට මාරු කරනු ලැබ ඇත.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර මහතා තම වත්තට ඇතුළු වී තර්ජනය කිරීම ගැන කළුවරගස්වැව පොලිසියෙන් රංගේබණ්ඩාර මහතාට පක්ෂව පරීක්ෂණ නොකළැයි සභාපති නීල් වීරසිංහ මහතා පොලිසියට ද පැමිණිලි කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තානාපතිවරු මන්ත්‍රීවරුන්ගෙන් ගුටිකන මෙවන් ආශ්චර්යමත් රටක මේවත් වැඩද? (නි)
දැන් එතකොට කවුද හරි? (නි)
පද්මිණි , රජුන්, තමුන් ඉන්නේ ලංකාවේද? නැත්නම් අඟහරු ලෝකයේද? (නි)
දේශපාලුවෝ රටේ නීතිය අතට අරගෙන (නි)
"දැන්වත් පොලිසියට හිතෙන්නේ නැද්ද ආත්ම ගෞරවය රැකගෙන නිර්භීතව තම සේවය මහජනයා වෙනුවෙන් කරන්න ඕනෑ කියලා." එ්ක කොරල තමයි හලෝ ඔය ටික උනේ. (නදී)
මේක නම් හැදෙන පොලිසියක් නෙවෙයි. ඇයි අම්මපා එකකින් දෙකකින් පාඩමක් ඉගෙන නොගන්නේ? (නදී)
පොලිස් සේවය ප්‍රාදේශීය දේශපාලකයාටත් යටත් එහෙනම්. මුළු රටම මෙහෙම තමයි. ඉස්සර තිබුණු ගම් සභා ක්‍රමය තිබුනා නම් මෙතරම් රටේ සල්ලි නාස්ති වෙන්නෙත් නැහැ. වංචා දුෂණ සිද්ධ වෙන්නෙත් නැහැ. පොලිසිය පක්ෂග්‍රාහී වෙන්නෙත් නැහැ. (නදී)
මෙතන සිදුවීම පිලිබඳව ව යමක් හිතන්න තියනවා. අපිට මෙතන සිදුවීම හරියටම නොදැන කාටවත් ඇඟිල්ල දික් කිරීමට බැහැ. මොකද පොලිසියට සිද්ධිය පිලිබඳව පැමිණිලිකරු මෙන්ම විත්තිකරුද දේශපාලකයින්. එම නිසා පොලිසිය අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වා දෙදෙනාම අධිකරණයට ඉදිරිපත් කලානම් එහිදී ඔවුන්ට එය විසඳා ගත හැකිව තිබුනා. පොලිසිය මේ පිලිබඳව ක්‍රියා නොකලා නම් එය වැරදිය. (නදී)
දෙන්නම් ඡන්දෙ දිනන්නම. (නදී)
මාරුකරලා පමණක් නැවතුන එක ගැන සතුටුවෙන්න. සමහරුන්ට තමන්ගේ වාහනත් නැති වුණා නේද? (නි)
අබේරත්න මහත්තයා නුගේගොඩ පැත්තේ එක්කෙනෙක්ද දන්නෙත් නැහැ. ඒ වගේම නුගේගොඩ ඉන්න ඕ.අයි.සී. කරුවලගස්වැවට යනවා නම් එතකොට කාටද දඬුවම? (නි)
ඉතින් පුලුවන්ද පොලිසියට හිතට එකඟව වැඩකරන්න? (නි)
මේක මේ "සිම්පල් කේස් එකක්" නේ! (නි)
මට නම් පුදුමයක් නැහැ මේ ගැන (නි)
මෙතන ලොකුම විහිලුව වෙන්නේ හෙට පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් මේ මාරුව ගැන ඇහුවාම, ""ඒක සේවා අවශ්‍යතාවයක් මත සිදු වූ මාරුවක් "" කියා කියන එකයි.(අ)
මේක සාමන්‍ය සිද්ධියක්, ඒ ගැන හිතන්ඩ එපා. පොලිසිය බාල්දු කලේ එම ආයතනයේ ලොකු ලොක්කෝ. දැන් කරන්ඩ දෙයක් නෑ. (අ)
පද්මිණි පොලිසියට ඉවසුව ඇති කියලා කවදාවත්ම හිතෙන්නේ නැහැ ,මොකද ඒ අයට හිතන්නේ කවදාද ප්‍රොමෝෂන් එකක් ලැබෙන්නේ කියලා විතරයි (අ)
පොලීසිය කියන්නේ හරියට රූමත් කාන්තාවක් වගේ, තේරුම් ගැනීම ඉතාමත් අපහසුයි. (අ)
සමහර පොලිස් මහත්තුරු ඉවසනවා. නමුත් එක මදාවියෙකුට පාඩමක් උගන්වන්න.(හේ)
මහා අප්‍රබන්සයක්. රංගේ බණ්ඩාර මන්ත්‍රී තුමාට පක්ෂ පාතව කටයුතු නොකලා නම් මෙතන වරදක් නැහැනේ. ඉතින් එහෙම නම් පොලිස් පරීක්ෂකට ප්‍රොමෝෂන් එකක් දෙන්න ඕනනේ. (නදී)
පොලිසියත් දැන් ඉවසුවා ඇති කියලා හිතෙන්නේ නැද්ද? (හේ)
අපි දැනගෙන හිටියා ඕක තමයි අවසනේදී වෙන්නේ කියලා .(හේ)
ඔය තිබෙන්නේ නීතිය අකුරටම.(හේ)
මෙවැනි රටක මෙවන් පුවත් සාමාන්‍ය දෙයකි. (නදී)
ලංකාවේ නීතිය දේශපාලුවන් ගේ අතකොළුවක් මිස මහජනතාවගේ ආරක්ෂා අවියක් නොවේ, (ස)
අනේ මගේ රට, ඉතින් අපි සාදාරන සමාජයක් සොයාගත යුතු නොවේද ? (ස)
රජයේ සේවකයි වන අප රජයට සහයෝගය දිය යුතුයි. දැන් පඩි වැඩි කරන්දලු හදන්නේ. ඉතින් තව මොනවද. (අ)
ප්‍රාදේශිය සභා මන්ත්‍රීලා සභාපතිලා ,චන්ඩි වුණා ,එයාල පාලනය කරන රටක ඕක අහන්න දෙයක්ද ? (අ)
යු එන පී දිනුවම ඔ අයිසී ඩීඅයි ජී වෙලා පුත්තලමට එ්වි ...(අ).
හොරුන්ට ඡන්දය දීමෙන් වලකින්න.(හේ)
ඕක, අමුතුවෙන් කියන්න දෙයක්ද ? (නදී)
මට නම් මේවා තේරෙන්නේ නැහැ (නි)
ඇත්තටම මේ පුවතට අදහස් දාලා තිබෙන අය එහෙම කරලා තියෙන්නේ මේ කියන දේ පැහැදිලිව තේරුම්ගෙනද? (නි)
දැන් ඉතින් තාවකාලික අස්වීම නැවත ගන්න පුළුවන්. හින්දි චිත්‍රපටියක මුලහරිය වගේ. අගහරිය දකින්න ලැබෙන්නේ නැහැ මේ රටේ. (නි)
අනේ අපේ පොලිසියට දෙන වදයක්.... (නි)
මමත් පද්මිණි හිතන දේමයි හිතන්නේ. දැන්වත් පොලිසියට හිතෙන්නේ නැද්ද ආත්ම ගෞරවය රැකගෙන නිර්භීතව තම සේවය මහජනයා වෙනුවෙන් කරන්න ඕනෑ කියලා. (නි)
කරුවලගස්වැව සිට නුගේගොඩට මාරුවක්? ඉතින් හොඳයිනේ. (නි)
මේක ඉතින් අපි නම් බලාපොරොත්තු වූ ආරංචියක් (නි)
අනේ! ඔය විදියට නම් ආශ්චර්යයට ළඟාවෙන්න බැහැනේ (නි)