කතරගම කිරිවෙහෙර විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත නා හිමියෝ (71) අපවත් වූහ. ඒ හිමියෝ ඌව සරසවියේ කුලපති වරයාය.
ඒ හිමියෝ ටික කළක් රෝගාතුරව සිටියහ.
අපවත් වී වදාළ පොළොම්මාරුවේ රේවත හිමියන්ගේ ශිෂ්‍යකු ලෙස පැවිදි බිමට ඇතුළත් විය.
මාතලේ ශාසනතිලක හිමියන් ඇතුළු සංඝරත්නයෙන් කොළඹ මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයෙන් බණ දහම් අධ්‍යාපනය ලැබීය.
ශ්‍රී ලංකාවේ බෝධි සංස්කෘතිය මැයෙන් ලියූ ග්‍රන්ථයට ඒ හිමියනට ආචාර්ය උපාධිය හිමි විය.
ඒ හිමියන් විසින් තවත් පොත් රැසක් ලියා ඇත.
තිස්සමහාරාමයේ බෝගහපැලැස්ස මහා විද්‍යාලයයේ ගුරුවරයකු වූ ඒ හිමියෝ විශ්‍රාම යන තුරු කතරගම ජාතික පාසලේ විදුහල්පතිවරයා විය.
මොණරාගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී වූ ඒ හිමියෝ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවියද හෙබවූහ.
විශ්‍රාම ගැනීමෙන් පසුව ආචාර්ය සෝරත හිමියෝ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයයේ කුලපති පදවියට පත් කරනු ලැබූහ.
කිරිවෙහෙර සංවර්ධනය හා පළාතේ අඩු ආදායම් පවුල්වල ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඒ හිමියෝ නොයෙකුත් වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාහිමියනි, ඔබ වහන්සේට නිවන් සුව පතමු ! ඔබවහන්සේ අප අතරේ සදා අමරණීයයි ! (නි)
ආදර්ශමත් චරිතයක්,
ඔක්කමල කියනවා නිවන් සැප ලැබේවා කියල, හනේ හනේ (දී)
මිනිස්සුනේ නොපෙනෙන දෙවියන් වදින්න කතරගම යනවට වඩා පින් ලැබෙනවා හාමුදුරුවන්ට අවසන් ගෞරව දක්වන්න කතරගම පලයල්ලා .
ඔබ වහන්සේට නිවන්සුව අත්වේවා. (දී)
පිළිවෙත් සරු මහා සඝගණ සොබනා... (නි)
ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා . (දී)
වරක් කිරිවෙහෙර වඳින්නට ගිය අපහට ඔබවහන්සේ කල ආගන්තුක සත්කාර මේ මොහොතේ සිහියට අවා.පින්වන්ත යතිවරයණනි නාහිමියනි ඔබවහන්සේට නිවන්සුව පතමි. (දී)
අති පූජ්‍ය නාහිමියනි, ඔබ වහන්සේ සමග මිනිත්තු කිහිපයක් කතාකළ විටදී ඔබ වහන්සේගේ ශාන්ත විලාශයට අතිශය පැහැදුනිමි. ඔබ වහන්සේට නිවන් සැප පතන්නේ කැනඩාවේ පදිංචි සුසිල් සහ පවුලේ සැම විසිනි.(අ)
රට ඡෘතිය ආගමට ට උන්වහන්සේ කළ සේවය අමරණියයි. ඹබ වහන්සේට නිවන්සුව පතමු.(නදී)
අපේ නායක හමුදුරුවන් වහන්සේට නිවන් සුව පතමු.කරපු නිහඩ සේවය සියලු දෙනාම අගයකරනු ඇත . (නි)
උගත් යති රුවනක් .... (ස)
අපවත්වී වදාළ ගරු නාහිමියනි ! ඔබවහන්සේට නිවන් සුව පතමි . (නි)
පින්වත් හාමුදුරුවන් වහන්සේට අමාමහ නිවන් සුව අත් වේවා !!! (නි)
ඔබ වහන්සේට නිර්වාන සුවයම ලැබේවා!(නදී)
නාහිමියනි ඔබ වහන්සේට නිර්වාන සුවයම ලැබේවා !(නදී)
නිවන් සැප ලබේවා. (ස)
නිවන් සුව !!!! (ස)
උගත් යතිවරයෙක්. ඔබ වහන්සේට නිවන් දොරටු විවර වේවා.(නදී)
ඔබ වහන්සේට නිවන් සුව පතමි.!!! (ස)
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අමාමහ නිවන් සුව අත් වේවා !!!!(නදී)