මොරටුව කොරළවැල්ල දුම්රිය ස්ථානයේ තාප්පයක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත පුවරුවක් එල්ලා ඇත. ඒ මහතාට උපහාරයක් ලෙස රුපියල් සියය බැගින් එකතු කර එය සවි කළේ මීට පෙර එහි සවි කළ කටවුටය ඉරා දැමූ නිසා බවද ඔවුහු කියති.
කොරළවැල්ල දුම්රිය ස්ථානාධිපති සුරංග ප්‍රනාන්දු මහතා පැවසුවේ පුවරුව ඉවත් කරන මෙන් පැවසුවද ඔවුන් එසේ නොකළ බවයි. කොරළවැල්ල ජනතාව සමඟ ගැටුම් ඇතිකරගත නොහැකි බවද ඒ මහතා කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔන්න ඔහේ තිබුනාවේ. කට්ටියගේ ආසාවනේ. ඇති උනාම ගලවලා දමයිනේ. (ර)
මොනවා වුනත් හිත හොද මිනිසුන් ඉන්න පළාතක් ...ජය වේවා ! ඔබ තනි නැත හිටුපු ජනපති තුමනි ..(හේ)
ඇත්තටම යුද්ධේ කරපු කෙනාටත් පොඩි හරි ගරු සරුවක් තිබුන නම් නේද හොඳ? (ර)
දුම්රිය ස්ථානාධිපතිතුමා කියන්නේ ඇත්ත. (ර)
කළගුණ දන්නා මිනිසුන් ..!!! මේ මනුස්සයට ගරහන අය හොදට හිතේ තියාගන්න අපි ගන්න හැම හුස්මකින්ම අපි මේ මනුස්සයට ණයයි කියන විත්තිය ..!!!(හේ)
අපේ රජතුමා හැමදාම තාප්ප වල ලයිට් කනුවලම් ඉන්න ලැබේවා !(හේ)
ලුම්බිණි !! යුද්දේ කළේ අපේ රණවිරුවන් , ඔවුන්ගේ ජිවිත පුජා කළා , සමහරු දෙපා සහ දෙඅත් නැති කර ගත්තා , තවත් සමහරු අන්ධයෝ උනා , මහින්දයට යුද්ධය කරනට කළ මෙහෙයට වඩා මෙහෙයක් ඔවුන් කළා , අද බොහෝ දෙනෙක් ඔවුන්ව අමතක කරලා , යුද්ධය දිනුවේ මහින්ද කියමින් ඉන්නේ (බ)
සල්ගාදු නොදන්න විදියට කථා කරන්න එපා. හමුදාවට යුද්ධය දිනන්න අනුගාමිකත්වය දුන්නේ මෙතුමා (බ)
සල්ගාදු මට තියන ප්‍රශ්නේ මහින්දට කලින් හිටි ය ඕක ඉවර කලේ නැති හේතුව. සමහර විට යුද්දය වවාගෙන කැවද දන්නේ නෑ නේද. මොකද අවි වෙළදාම තරම් ලාබ දෙයක් කොහෙවත් නෑ කියලා මුළු ලෝකෙම දන්නවනේ.(හේ)
මුල අමතක නැති මිනිසුන්.(හේ)
මම කියන්නේ නෑ මහින්ද තනියම යුද්ධ කළා කියලා. එහෙම කියනවනම් එක හෙන ගොන් කතාවක්. මහින්ද, ගෝඨා තමයි ඒ වීරෝදාර සෙබළුන්ට අවශ්‍ය ශක්තිය දුන්නේ. (හේ)
මුල අමතක නොවූ මේ ජනතාවට මගේ ප්‍රණාමය.(හේ)
තවම මිනිස්සුන්ට තේරුනේ නැ මෙතුමාගේ අගය. තව ටික දවසකින් සියලුම ජනතාවට තේරෙයි.(හේ)
කුමාරි, සරත් ෆොන්සේකා යුද්ධය දිගටම ගෙනයමු කියා කියද්දී මෙතුමා ඇහුව යුද්ද කරන්නේ මොකෙන්ද කියල. පස්සේ එස්එෆ් ගේ පුද්ගලික සම්බන්ධතාවයක් නිසා අසල්වැසි රටකින් ගෙන්වාගත් මුනිස්සම් තොගයකින් තමයි යුද්දේ කරේ. යූඑස් ඩොලර්. 250 ට ගත්ත කාලතුවක්කු බුලට් එකක් ගොටාබයගේ කොම්පැනියෙන් යූඑස් ඩොලර් 750 ට ගන්න උනා. මහින්ද යුද්දේ විකුණගෙන කැවා. යුද්දේ දිනනකොට මහින්ද හිටියේ ජෝර්දානේ. එතකොට මෛත්‍රිපාල සිරිසේන තුමා තමයි ආරක්ෂක අැමැති හිටියේ. සරත් ෆොන්සේකාට මරන්න බැරිවුණා කොටි නායකයින් ඔක්කොම් හිටියේ මහින්ද ළඟ. දැන්වත් මිනිසුන්ව මුලා කරන එක නැවැත්විය යුතුයි. යුද්දේ කළේ අපේ රණවිරුවන් , ඔවුන්ගේ ජිවිත පුජා කළා , සමහරු දෙපා සහ දෙඅත් නැති කර ගත්තා , තවත් සමහරු අන්ධයෝ උනා , මහින්දයට යුද්ධය කරනට කළ මෙහෙයට වඩා මෙහෙයක් ඔවුන් කළා , අද බොහෝ දෙනෙක් ඔවුන්ව අමතක කරලා , යුද්ධය දිනුවේ මහින්ද කියමින් ඉන්නේ. යුද්ද කාලේ ගොටබය හට්ටි මුට්ටි අරගෙන මොලේ අමාරුවක් තියෙනවා කියල බොරු මෙඩිකල් එකක් යුද්දෙට බයේ ඇමෙරිකාවට පැනල ගියා. ඇමෙරිකාවේ පැට්‍රොල් ෂෙඩ් වල වැඩකරපු මිනිහ දැන් බිලියන්පතියෙක්. මහින්දටයි ගොටබයටයි දැන් තානාපති වරප්‍රසාද නැති නිසා වෙන රටකට යන්න බැහැ. යුද අපරාද වලට අත්අඩංගුවට ගනියි කියල. (බ)
කුමාරි, ලුම්බිණි ඔයාල දෙන්නම යුද පෙරමුණ දැකලවත් නෑ එ්කයි ඔහොම ලියන්නේ එතන හිටපු අපි දන්නවා යුද්දේ මොකක්ද කොහොමද දිනුවේ කියලමම කැමති නෑ කුණුහරුප ලියන්න ඒ නිසා නොදන්නාදේ නොකිය ඉන්න පින් සිද්දවෙයි (බ)
මමත් මොරටුව කොරලවෙල්ලේ කාලගුණ සලකන මිනිස්සුමොරටුවේ හැමදාමත් ඉන්නවා. එතුමා අද අජනදිපති නොවේ. අහ්ත් යම් හොද දෙයක් රටට කලානම් ඊට ගොව්රව කල යොතුඉ. නමුත් බහුටර මොරටු ජනතාව කැමැති අලුත් ආණ්ඩුවට. මිත්රී පාලනයට.
අපි අද නිදහසේ රට පුරාම යනවා ඒ ඔබතුමා නිසා. ඔබ අප හදවත් වල රන් අකුරින් ලියවී ඇත. පක්ෂ බේද සහ පාට බේද අද සමහරු ඔබට ගරහනවා. ඒ අයට තේරුම් යන දිනයක් වැඩි ඈත නොවේ. ඔබ නැති පාර්ලිමේන්තුවක්ද පාලු අම්බලමකි. අපි මින් ඉදිරියට ඡන්දයෙන් වැළකී සිටින්නෙමු. (බ)
කුමාරි ,ලුම්බිණි යුද්ධය දිනුවේ සාමුහික ප්‍රයත්නයකින් මහින්ද පමණක් නොවේ තනියම යුද්ධ කළේ. (දිල්)
දුටුගැමුණු රජතුමා රට එක්සේසත් කළා. ඊට පස්සේ රට එක් සේසත් කළේ මෙතුමා රණවිරුවන්ට විශාල ගෞරවයක් හිමි වෙනවා. (දිල්)
තවම මිනිස්සුන්ට තේරුනේ නැහැ මෙතුමාගේ අගය. තව ටික දවසකින් සියලුම ජනතාවට තේරෙයි. මොන හොර වැඩේ කරත් රටට දෙයක් කරපු කෙනෙක් මොහු. අපේ රටේ පාරවල් දැන් දකින කොට හරිම සතුටුයි. ඔබ තනි නැත හිටපු ජනපති තුමනි (නදී)
58 ලක්ෂයක් මෙතුමාත් සමග හිටියා දැන් තවත් වැඩිවුණා.(හේ)
සල්ගාදු මහත්තයෝ .. මහින්ද මහත්තයා නොහිටින්න යුද්දේ තවම ඇදී ඇදී යනවා ... තව ජීවිත ගානක් බිලි වෙන්න තිබුණා කොටි මවිල් ආරු පහුකරන් අනුරාධපුරය ටත් එන්න තිබුණා .. මොන චෝදනා තිබුනත් එතුමා ට ජාතිය ණය ගැතී.(හේ)
මොන දේ වුණත් මහින්ද මහත්තයාටත් පිරිසක් මේ රටේ ඉන්නවා.(හේ)
සල්ගාදු. යුද්ධය වසර 30 ක් තිබුනා එතකොටත් හමුදාව හිටියා.මමත් එවකට සොල්දාදුවෙක් මට හොදට මතකයි මාන්කුලම් වල දරුණු සටනක් කරලා අපි හතුරන් සතුව තිබු විශෘල බිම් ප්‍රමාණයක් ඇල්ලුවා.සහෝදර සෙබලු 300 ආසන්න ප්‍රමාණයලක් දිවි පිදුවා .නමුත් එවකට හිටපු ජනපති නියමයෙන් ඉදිරියට යන්න තිබුන අවස්ථාව නැවතුනා. මේ කිව්වේ එක අවස්ථාවක් විතරයි.තව එවැනි අවස්ථා බොහෝමයි.රටේ නීතිය සේනධිනාකයට යටයි.ඔහු අකමැති නම් යුද්ධ කරන්න මුලු රට වැසියෝම කැමති වුනත් වැඩක් නෑ.ඒක හින්දා මේ යුද්දේ දිනුවේ ඒ ජනපති තුමා ඒ අවස්ථාවේ හරි තීරණ ගත්ත නිසා නෙමෙයි.ඒක නිසා ඔහු යටතේ සියලු හමුදාවන් හා පොලීසිය එක්ව දිනපු මේ සටනේ මහින්ද නම් පුද්ගලයා පෙරගමන් කරුයි.කරුනාකර අදහස් කරන අයගේ පුද්ගලික වසි තකා ඒ උතුම් මනුස්සයට අගෞරව නොකරන්න මන්ද ඔබ අප සියලු දෙනාම අද දින නිදහසේ හුස්ම ගන්නේ ඒ මහින්ද නම් උතුම් මිනිසා නිසා වෙනි.(හේ)
මේ වගේ මිනිස්සු ටිකක් දැක්කමයි.(හේ)
මනුස්සකම දන්නා මිනිස්සු ඉන්නේ කොරළවැල්ලේ. (නදී)
මෙතුමාගේ අගය තව අවුරුද්දක් යනකොට තේරේවි. යුද්දේ ඉවර කල වීරයා අපට හැමදාම වටිනවා. (නදී)
හිටපු ජනදිපතිතුමනි, මමත් ඔබතුමාට විරුද්ද වෙච්ච කෙනෙක්. මක් නිසාද යත් ඔබතුමාගේ නෑදෑයෝ සහ හිතමිතුරන් විසින් කල විශාල දුෂන වංචා ගැන ඔබතුමා අහක බලාගෙන හිටියා. කනට නැහැවුනා වගේ හිටියා. ඒ කියන්නේ දුෂණයට වංචාවට සහයෝගය දුන්නා කියන එක නේද. ඔබතුමා මේ රට බේරගන්න අතිමහත් සේවයක් කලා. එය සදා කල් අප සිත් තුල තිබෙනවා. එයට ගෞරව කරනවා. ඒ අතර විසාල වැරදි කොටසකුත් ඔබතුමා අතින් සිදුවුණා. ජනතාව එය ඔඩු දුවන්න ඉස්සෙල්ලා බෙහෙත් දුන්නා. වැරදි හදාගෙන නැවත දේශපාලනයට එන්න. අපිට ශක්තිමත් විපක්ෂයක් ඕනා (නදී)
සල්ගාදු, යුද්ද කලේ රණවිරුවොලු. ඔව් ඇත්ත. කවුද නැහැ කිව්වේ? අවුරුදු 36ක් යුද්ද කළා. එ්ත් යුද්දේ දිනුවේ මහින්ද එක්ක එකතුවෙලා යුද්දේ කරනකොට විතරයි. ජේ ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, ඩීබී , රනිල්, එක්කත් යුද්ද කලා රණවිරුවෝ. (නදී)
කවුරු නිසා යුද්දේ දිනුවා කිව්වත් කොටිය දන්නවා එයාලව පැරැද්දුවේ කවුද කියලා. ඒ නිසා නේද ඔවුන් මහින්ද මහතාගෙන්ම පලිගැනීමට අවශ්‍ය බව කියන්නේ. (නදී)
මීලඟ හමුදාපතිට යුද්දය බාර නොදෙමි යන වීර වාක්‍ය පල කළ සරත් ෆොන්සේකා මහතාට කල ගුණ සැලකුවේ කවුද ? (නදී)
කොරළවැල්ලේ ඉන්න මගේ හිතවතෙක් කිව්වා බන්දුල අයියා තමයි කියලා, බංකුවක වාඩිවෙලා එතන මුරට ඉන්නේ. (නදී)
මිනිස්සු රඡුවයි සෙන්පතියොයි සොල්දාදුවොයි පටලවාගෙන. (නදී)
සරත් ෆොන්සේකා දක්ෂයෙක් බව අවිවාධිතයි. නමුත් ඔහුගේ දක්ෂකම් පෙන්වීමට හැකිවුයේ මහින්ද හා ගෝටා නිසයි. ශක්තිමත් රාජ්‍යයක් බිඳ දැමීමට නම් ඔවුන් අතරේම බේද ඇතිකළ යුතු බව දැනගෙන කුහක දේශපාලකයින් ඔවුන් බේද කළා. (නදී)
සල්ගාදු පටු විදිහට හිතන්න එපා, මහින්ද මහත්තයට කලින් ගොඩක් නායකයෝ හිටියා. ෆොන්සේකා මහත්තයත් හිටියා ඒත් යුද්දය නිම කලාද? නිවැරදි කෙලින් නායකත්වයක් මහින්ද මහත්තයට තිබුනා. ඒත් අපේ ලජ්ජා නැති සිංහලුන්ට ඒවා අමතකයි. ඒක රටේ අවාසනාව. (නදී)
ජය වේවා (නදී)
සෙත්මි, බොරු නම් කියන්න එපා. (නි)
කොරළවැල්ල ජනතාවට මගේ උපහාරය පුදකරමි. (නි)
ඔබ රටට අවශ්‍ය වූ විට නැවත එන්න. (නි)
සදාකල් මහින්ද ජනාධිපති යන නාමය ලක්දෙරණේ බැබලේවා. එක අතකින් සිංහල අපි වාසනාවන්තයි සිංහල ඡන්ද වලින් මහින්ද දිනුම්. (නදී)
සල්ගාදු වැන්න වුන් නිසා තමයි අතිතයේ ඉංග්‍රීසින්ටත් අපි පැරදුනේ. දැක්කනේ බහුතර ජනතා මතය මෙි කමෙන්ටි වලින් පේනවා. (නදී)
මහින්දට කොච්චර කරදර කලාද යුද්දේ ඉවර උනාට පස්සේ? ජී එස් ටී අයින් කලා. යුද අපරාද චෝදනා කලා. ජිනීවා චෝදනා ගේනවා. ඉන්දියාව තරහ කලා. රට ඇතුලේ ෆොන්සේකා උසි ගැන්නුවා. හරියට රටක් පාලනය කරන්න නිදහස දුන්නේ නැහැ. ජාත්‍යන්තරයෙන් කොන් කල. විශාල පීඩනයක් දුන්නා. පිට රටවල්වලට ගියාම අත් අඩංගුවට ගන්න තර්ජනය කලා. (නදී)
කොබ්බැකඩුව විජේ විමලරත්න වගේ ඉතා දක්ෂ යුද නායකයෝ හිටියා. ඔවුන් ජයග්‍රහණය අභියසටම ගියා. රටේ නායකයෝ ඒවා නැවැත්තුවා. මහින්ද ඒ අඩුපාඩුව නොවෙන්න වග බලාගත්තා ඉතා හොඳින්. එ්කයි යුද්දේ දිනුවේ. (නදී)
කෙළෙහි ගුණ දන්නා මිනිසුන් අපහාස නොකරති (නදී)
යුද්ධය ඉවරයි. ඒක ගැන ඇයි තවත් කතා? දැන් රට හදමු වංචාවෙන්, කොමිස් හැහිල්ලෙන් තොරව. (නදී)
යුද්ධය දිනපු එකේ වටිනාකම පවුලේ අයට සහ හිතුවතුන්ට ඕන විදිහට වැඩ කරන්න දුන්න නිසා තමයි අඩු උනේ (නදී)
උදේශිකා ඔයාට බොහොම ස්තුතියි. ඔබට බොහොමත්ම පින් (නදී)
සරත් පොන්සේකා හමුදා පති කලේ චන්ද්‍රිකා ඒ කාලේ. එහෙනම් ඉවර වෙන්න වෙන්න ඕනා. ෆොන්සේකාගේ සේවා කාලයත් දික්කරල යුද්ධය ඉවරකලේ මහින්ද නෙවෙයිද ? මැරිලා ඉපදිලා වගේ මේ මිනිස්සු. සිංහලයෝ ගැන ප්‍රබාකරන් කිව දේ ඇත්ත තමයි (නදී)
කොරළවැල්ලේ ඉන්නේ කලගුණ දන්නා මිනිසුන් වගේ. නමුත් අවාසනාවකට අපේ රටේ ගොඩාක් ඉන්නේ කලගුණ නොදත් දැයක්. (නදී)
අප රටේ කොතරම් කලෙහි ගුණ නොදන්නා අය හිටියත් කොරලවැල්ල ජනතාව සැමට ආදර්ශයක් මෙතුමාට අප සාදා ණය ගැතියි (නදී)
යුද්ධය ඉවර කලා තමයි. අපි එ්කට ගරු කරන නමුත් තමන්ගෙන් පසුව පක්ෂයේ කිසිම ඉදිරිපෙළ නායකයෙකුට ඉදිරියට ඒමට ඉඩ දුන්නේ නැහැ. ඊලග අනුප්‍රාප්තිකයා පවුලෙන්ම එන කන් අල්ලන් ඉන්න ඕන උනා. අන්න එතනයි වැරැද්ද (නදී)
මොනවද නෙත්මි කියන්නේ? තමන්ගේ අඩුපාඩුකම් සහ වැරදි දැන් ජාත්‍යන්තරය සහ රටේ අනිත් මිනිස්සු පිටේ පටවලා අත හෝදාගන්න පුලුවන්ද? දැන් මේ රටේ හිටපු යුධ හමුදාපතිවරයාට වුණ පීඩාව ඔයාට මතක නැද්ද? (නි)
මම මේ කල්පනා කරන්නේ ඉස්සරහටත් ඒ පාලනයට කැමති කට්ටිය සෑහෙන ඉන්නවා වගෙයි (නි)
අපි කවුරුන් වුණත් දරුවන් හික්මීමක් නැතුව වැඩ කරනකොට ඒවාට උඩගෙඩි දෙන්න නරකයි. (නි)
මට නම් ඇත්තටම ලොකු අභිමානයක් දැනුනා (නි)
හෙට වෙද්දී මෙතන ඉන්න මුරකාරයත් ගුටි කාලා පෝස්ටරයත් විනාශවෙයිද දන්නෙ නැහැ (නි)
මේ රටේ සිටි උගතුන් වැඩි පිරිසක් රට ගියේ යුද්ධය කාලයේ නෙමෙයි. ඉන් පසුවයි. (නි)
මොනවා වුණත් මහින්ද රට බේරගත්තා ත්‍රස්තවාදින්ගෙන්. නැත්නම් අද ඔයාලා පාරේ බැහැලා බස් එකකවත් යන්නද? උදේට ගෙදරින් වැඩට ගියාම හවසට ගෙදර එනතුරු ජීවිතය විශ්වාස නැහැ. අපේ මිනිසුන්ට ඒවා මතක නැහැ. නැවත නම් එහෙම නොවේවා කියලා පතනවා. (නි)
කළගුණදත් මිනිසුන් ඉන්න ප්‍රදේශයක්. ස්තුතියි! (නි)
ඒත් පරම්පරාවෙන් ලැබුන දේපළ හෝ වෘත්තීය ආදායම් නැති කට්ටිය කොහොමද කෝටිපතියන් වුණේ? (නි)
මෙන්න නියම සිංහලයෝ! (නි)
ජිලාන්, මෝඩ කතා කියන්නේ නැතුව ඉන්න. ඡන්දයෙන් පසු ලංකාවේ සිතියම බලන්න දකුණේ. දිස්ත්‍රික්ක කීයක් මහින්දට කැමතිද කියලා තේරෙයි (නි)
ඔව් අපි මහින්දට කැමතියි තමයි. දැන් ඔය බොරුවට මහින්දට කෑගහන අයට අමතක වුණාට අතීතයේ එතුමා කළදේවල් අපිට තවම මතකයි (නි)
ප්‍රභාකරන් කිවුවානේ සිංහලයාට මතක තියෙන්නෙ දවස් හතයි කියලා.ප්‍රභාකරන් හරි... (නි)
කොටින්ට සටන් විරාම නොදුන් එකම නායකයා මෙතුමා තමයි.පිට රටවල උවමනාවට ඊනියා සටන් විරාම නොදී දිගටම සටන් කල නිසා තමයි යුද්දේ දිනුවේ.මෙතුමාගේ නායකත්වය යටතේ නාවික හමුදාවේත් එකම කඳවුරක්වත් වැටුනේ නැහැ.මෙතුමා පුතෙක් හමුදාවට යැව්වා.ලෝක ඉතිහාසේම රටක් යුද්දයක් දිනලා තියෙන්නේ දේශපාලන නායකත්වක් යටතේ තමයි.අපි අද නිදහසේ පාරේ බැහැල යන්නේ මෙතුමා සහ රණවිරුවෝ නිසයි.කොරලවෙල්ලේ ජනතාවට මේක මතක තිබීම ගැන සතුටුයි. (අ)
කොරලවෙල්ලේ ජනතාවට අපගේ උත්තමාචාරය.....හොද කශේරුකාවක් තිබෙන ඔබල වගේ ය දකින්නේ කලතුරෙන්. වෙලා යන පැත්තට හොයියා කියන මිනිසුන් සිටින මෙවන් රටක ඔබලත් වීරයන්ය. (අ)
අනේ අම්මපා, කොටින්ට 2005 දී ඩොලර් මිලියන් ගණන් දීපු ඒවා ගැන මෙතන ඉන්න දේශප්‍රේමියෝ කතා කරන්නේ නැහැනේ....? (අ)
පුරන් අප්පු වීරයා සිහිවෙනවා ! ශිර්ෂ ප්‍රණාමය කොරලවැල්ල ජනතාවට (අ)
කවුරු මොනවා කීවත් මහින්ද රාජපක්ෂට ඇති ණය මේ රටේ ජනතාවට සසර පුරාවටවත් ගෙවා නිම කළ නොහැකියි. මහින්ද පරාජය වුනේ එක්සත් ජාතික පක්ෂයටවත් ජේවීපියටවත් නොව තමන්ම නායකත්වය දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා දෙමළ මුස්ලිම් ජාතිවාදී බලවේග වලට. (අ)
අප්පච්චි මලේ නැහැ. හෙට අනිද්දා අප්පච්චි එනවා පුතාලව බලන්න. (නදී)
වැරදි හදාගෙන අාපහු එන්න වාසනාව ලැබේවා මහින්ද රාජපක්ෂ මැතිතුමාට. (නදී)
සන්තුෂ්, ඔයා කියන්නේ ඇත්ත. ඒක අපේ ගොඩක් අයට තේරුණේ නැහැ (නි)
හිටපු ජනාදිපතිතුමා යුද්දය ජය ගත් නමුත් උතුරු නැගෙනහිර ජනතාවගේ සිත් දිනාගත්තේ නැත. එයට හේතුව එතුමා කේ.පී, කරුණා වැනි අය ලඟින් තියා ගත් එක. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කොට තුන්වැනි පාරටත් බලය ලබා ගැනීමට උත්සහ කිරීම. එනිසා ප්‍රජාත්‍රන්තවාදය අගයන ජනතව නිසි පිළිතුරක් දී ඇත. (නදී)
මහින්ද රාජපක්ෂ ජනාධිපති වගේ කෙනෙක් නැවත ලැබෙන්නේ නැහැ. එතුමා නැත්නම් රට ඉවරයි. (නදී)
කොරළ වැල්ලේ තියෙන්නේ 90% අනවසර නිවාස ඉදිකිරීම්. ඒවාට හැම රජයක්ම ඉඩ දුන්නා. ඉන්නෙත් මහා නොසන්ඩාල මිනිස්සු. මට මතකයි ඉස්සර පිඟන් සංස්තාවට අයත් ලොරියක් ඔය හරියේදී අනතුරකට ලක් වෙලා එලි වෙනකොට පිඟන් එකක්වත් ලොරියේ තිබුනේ නැහැ. ඔක්කොම ඔය මිනිස්සුන්ගේ ගෙවල් වල.(නදී)
සැමදාම අපි මහින්ද සමඟයි. (නි)
ජනාධිපතිවරණය තිබුනදාට කලින් දවසේ මැරිලා ඊට පහුවදා ඉපදුනා වගේ සමහරු මෙහි අදහස් පළකරන්නේ. අනේ මෙහෙමත් මිනිස්සු.......! (නි)
බුදුදහම පසක්කර තිබෙනවා පමණ දැන ආහාරය වුවත් වළඳන්න කියා. (නි)
වසර 30ක යුද්ධය අවසන් කළ ජනාධිපති ගෙදර යැව්වා. සමහරුන්ට අවශ්‍ය වුයේ ඒකීය රටක් හැදූ මහින්ද ජනපති පරාජය කිරීම තුළින් යුද්ධයෙන් බැරිවුණ දෙය සාමයෙන් ලබාගැනීමටය (නි)
තම උපන්බිම දේශීය සහ විදේශීය සතුරන්ගෙන් මුදාදුන් නායකයාට ආදරය ඇති කොරළවැල්ලේ සැබෑ ලාංකිකයින්ට අපි ආචාර කරන වග දන්වා සිටින්නෙමු. (නි)
අරුණ මහත්තයෝ, පුරන් අප්පු වීරයා හිටියේ කොරළවැල්ලේ නෙමෙයි (නි)
ඔය පටන්ගැමම.තව ටික කලකින් මෙතුමාගේ වටිනාකම ජනතාවට දැනේවි.රට බේරාගත් නායකයා කියන්නේ අපේ ඉතිහාසයට අනුව ඔහුගේ නාමය සදාකාලිකවම පවතිනවා.එහෙනම් මහින්ද කියන්නේ මෙරට වීරවරයන්ගේ නාම ලේඛනයට ඇතුළත් නමක්.තව ටික කලකින් මහින්දගේ රුව සෑමතැනම දිස්වෙනවා. මම නම් උපනුපන් ජාතිවලත් මෙතුමාට ණයගැතියි.සෑම නිවසකම මෙතුමාගේ රුවක් එල්ලා තබන්න.එය මහා පින්කමක්.ගුණගරුක සමාජයක ලක්ෂණයක්. මෙතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි.තෙරුවන් සරණයි අපේ මහරජාණන්ට! (නි)
අැත්තටම ප්‍රතිචාර දැක්කම හරි සතුටුයි. යුද්දය අමතක කරන එක නම් හොඳයි. නමුත් යුද්දය ඉවර කරන්න දායක වුන අය අමතක කරන්න හොඳ නෑ. රංග කියන කතාවට මම විරුද්ද වෙනවා. දුටුගැමුණු රජ කාලෙත් එතුමාගේ නම අපේ පොත්වල ලියවුනාට අනෙක් සියලු දෙනාගේ නම් එසේ ලියවිලා නැහැ. එ් නිසා වර්තමානයේ මහින්ද මැතිතුමාගේ නම යුද්දේ අවසන් කල නායකයා හැටියට ලිය උනාට වරදක් නැහැ. එතුමා තමයි යුද්දය අවසන් කළා කියා අප සලකන්නේ. අප සියලු දෙනා එතුමාට ණයගැතියි. කොරල වැල්ලේ වීර ජනතාවට ජයවේවා. (නදී)
මහින්ද කේ ගොඩගේ , සහෝදරයා ඔබ දැක්කද ඩොලර් දෙන බව. ඔය බොරු කතා අයින් කරගන්න. ඔබ කියන විදියට ඩොලර් දුන්න නම් ඒ ඩොලර් වලින් තමා ප්‍රභාකරන්ගේ විනාශය අරන් ආවේ (නදී)
මේක කියවන්න. " ජනාධිපති මෛත්‍රීපාල මහතා වෙනුවෙන් සුභ පතා සවිකර ඇති සියලුම දැන්වීම් පුවරු සවිකළ තැනැත්තන් විසින්ම ඒවා ගලවා ඉවත් කරන ලෙසට ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි. ඉදිරියේදි මෙවැනි දේ නොකරන ලෙසද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය. (නදී)
මහින්ද,මහින්ද කිය කියා තව මාසයක් කට්ටිය කියාවි. දේශපාලනය එහෙම තමා. මහින්ද හොඳ නම් බිලියන 2.5 ඡන්දෙට වියදම් කරන්න ඕනද. වගකීමක් සහ වගවීමක් නැතිකම. රටේ වාසනාවට කලින්ම ගෙදර ගියේ. තව අවුරුද්දකින් යහ පාලනයේ ගුණෙන් රටට හොද කලක් යාවි. එදාට මේ කඩේ යන අයටත් හිනා මල් පිපේවි (නදී)
කොරලවැල්ලේ ඉන්න අය ගැන හිතා ගන්න පුලුවන් (නදී)
මේ මිනිසුන් ළඟ තිබෙන කලගුණ සැලකීම මහින්ද මහත්තයා ලඟට වෙලා ලාබ ප්‍රයෝජන අරගෙන එතුමාගේ පරාජයට මන් පෙත් තැනුව විජයමුණි සොයිසා වගේ අය ලඟත් තිබුනානම්. (නදී)
හිටපු ජනාධිපති මහින්ද මහත්තය වගේම ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්තයත් යුද්ධය වෙනුවෙන් කල මෙහෙය අපිට අමතක නැහැ. එ්ත් මෛත්‍රිපාල සිරිසේන මහත්තය නම් නියෝග දීල තිබුනේ බැනර් කටවුට් සේරම ඉවත් කරන්න කියලයි. මේ වෙනස හා තේරුම අවබෝධවීමට කොරවැල්ලේ ජනතාවට තව බොහෝ කලක් ගතවනු ඇති බව මාගේ හැඟීමයි. (නදී)
"කළ ගුණ දන්න කළ ගුණ සිහි කරන පුද්ගලයන් ලොව දුලභය." ~ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ (නදී)
කරුණාකර දැන්වත් දේශපාලන මරාගැනිල්ල නවතා සිංහලයාගේ අනාගතය ගැන සිතන්න. අනාගත සිංහලයන්ට රටක් තිබිය යුතු බව සිතා එය රැකගන්න. ලොව බිහිසුනුම ආගමික ත්‍රස්තවාදය ලොව ප්‍රදානම රටවල් වල ත්‍රස්ත ක්‍රියා සිදු කරන බව සිතන්න. (නදී)
මෙතන සෙත්මි නමින් පලවී තියන අදහස් මගේ නොවෙයි. කව්රු හරි අදහස් නිර්භයව පල කරන්න බැරි කොන්දක් නැති කෙනෙක්ගේ අදහස්. බය නැතිව අදහස් ඉදිරිපත් කරන්න වෙනත් නමකින්. ජනතාවට ලබා දුන් නිදහස සහ රට වෙනුවෙන් හිටපු ජනාධිපති තුමන් කල සේවයට කටවුට් ගහල ප්‍රදර්ශනයක් මොකටද? එතුමාගේ කටවුට් එක අපේ හදවත් තුල රැදිලා තියනවා. (නදී)
මෙතුමාට රට බේරා දුන්න එකට ගරු කරන ගමන් පුතාලගේ සෙල්ලක්කාර , වගකීමෙන් තොර වැඩ කටයුතු ගැන නොදැක්ක සේ සිටීම ගැන නම් කණගාටුව පල නොකර බැහැ. විශේෂයෙන් දළදා මාලිගාව ඉදිරිපිට කාර් රේස් පවත්තමින් ගැහැණු ළමයින් නැටවීම ගැන. බාලිකා පාසැල් වලට කඩා පැන දැරියන්ව නැටුමට අඬ ගැසීම වැනි දේවල් පියෙකු වශයෙන් අනුමත නොකළ යුතු දේවල්. දරු කැක්කුම වුනත් අපි හැමෝම පෙන්නන්න ඕන වගකීමක් ඇති වැඩිහිටියන් විදියටයි. (නදී)
කොරලවැල්ලේ වගේ කලගුණ දන්නා ජනතාවක් ලංකාවේ අනිත් සිංහල පළාත් වල හිටියා නම් අදත් ජනාදිපති මහින්ද (නදී)
සුරංජිත් ලාල් සහ තිළිණ ගේ අදහස් අනුමත කරමි. අන්තනෝමතික බල ලෝභය කාට උනත් ගෙන එන්නේ විනාශය සහ අපකීර්තිය පමණි. (නදී)
ප්‍රභාකරන්ව මෙල්ල කරගන්න පුළුවන් උන නායකයට, තම පවුලේ නෑයො සහ අතවැසියෝ මෙල්ල කරගන්න බැහැ කියන එක පිළිගන්න අමාරුයි. මේවා සිද්ධවෙලා තිබෙන්නේ එතුමාගේ අනුදැනුම ඇතුව. අලුත් ජනාධිපති තුමාගෙන් සහ රනිල්ගෙන් ඉල්ලා තිබෙන්නේ තමන්ගේ නෑයො බේරලා දෙන්න කියලා. නෑයො වැරදි කරලා නැත්නම් මොකටද බය වෙන්නේ ? මට දුක අපේ රටට හිටපු යුද්ධය දිනපු තේජවන්ත නායකයාට ගෞරවනීය විදියට විශ්‍රාම ලබාගැනීම වෙනුවට වෙච්ච දේ (නදී)
සන්තුෂ්, නිකන් නැති ප්‍රශ්න ඇති කරන්න එපා. මෙතන එතුමා පැරදුනේ යුද්ධයෙන් පසුව රටේ යහපත වෙනුවෙන් ඉටුවිය යුතු කාර්යභාරය වටේ සිටි දුෂිතයන් සහ ගසා කන්නන් නිසා ඉටුනොවීම නිසයි. (නි)
සල්ගාදු, එතකොට රජ කාලේ රට එක්සේසත් කළේ සිංහල රජවරු කියලා නේද කියැවෙන්නේ? එළාරත් සමඟ යුද්ධ කළා කියන්නේ ගැමුණු රජතුමා මිසක් එයාගේ සේනාව නෙමෙයිනේ? ඉතින් යුද්ධය දිනුවේ මහින්ද කියන්න ඇයි ඔහේගේ දිව නැමෙන්නේ නැත්තේ? (නි)
අප්පච්චි මළේ නැහැ.හෙට අනිද්දා අප්පච්චි එයි.අප්පච්චි මළත් අපි වළෙන් නැගිටුවා හරි ගන්නවා මේ කළගුණ නොදත් පුතුන්ට පාඩමක් උගන්වන්න. (නි)
බන්දුල පෙරේරා, පිවිතුරු යහපාල නමින් විකාර දොඩවන්න පටන් අරගෙන. දැන් එතකොට මේ කළගුණ දන්නේ නැහැ කියන්නේ පොදු අපේක්ෂකයාට ඡන්දය දුන් ජනතාව වෙන්න ඇති. අනේ යහපාල, ඔය කියන්න හදන්නේ මොකක්ද? ඔය තණ්හාව කියන්නේ මැරෙන මොහොතේත් තමන්ට විනකරන අකුසලයක්. (නි)
මහින්ද රාජපක්ෂ අපි ගරුකළ යුතු මහත්මයෙක්. ඒ වගේම අපි ගරු කළයුතු පිරිසක් තමා යුද්ධය දිනන්න ඉදිරිපෙළ සිටි වීර සෙබළුන්. යුද්ධයෙන් පසු තමා නියම යුද්ධය පටන්ගත්තේ. ඒවාට නියම ක්‍රමයට එතුමා නායකයෙක් විදියට නැඟීසිටියා. (නි)
මහින්ද මැතිතුමනි, එදත් අදත් ඔබයි අපේ නායකතුමා. කවුරු මොනදේ කළත් කිවුවත් මොන දුෂණය වුණත් රට සංවර්ධනය කළ නායකයා ඔබයි. දිනු දේශයක් උදාකළේ ඔබයි. ඔබට තෙරුවන් සරණයි! (නි)
මහින්ද මැතිඳුනි, ඔබ පැරදී නැත. ඔබ නැවත අපේ රටේ රජු වෙනවා නියතයි. (නි)
මහින්ද මැතිතුමනි, ඔබගේ පාර්ලිමේන්තුවයි ඉවත් කරන්නයි තිබුනේ. ඔබ කලින්ම මහා ඡන්දයක් පැවැත්වූවා නම් අදත් ඔබ දිනුම්. අපිත් දිනුම්. ඔබට අපි සදා ණයගැතියි. (නි)
දැන් කට්ටිය මොනවා කිව්වත් මට නම් පේන විදියට ආයෙත් එජාපය පරාද වෙන්නයි යන්නේ (නදී)
මිනිසුනි, මගේ ජීවිත කාලයේ දෙවිවරු දෙදෙනෙකු දැක ඇත. කොබ්බෑකඩුව මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා. අවාසනාවන්ත අපිට ඒ දෙදෙනාම නැතිවිය. අවසනාවන්තම තවත් දෙයක් නම් ඒ දෙදෙනාම නැතිකර ගත්තේ අපම වීමයි. මහින්ද මහතා නැවතත් දේශපාලනයට නොඑනු ඇත. සොබාදහම් මාතාව දුෂ්ටයන් නිතර බිහිකලත් විරුවන් මවන්නේ අතිශය කලාතුරකිනි. අපට විදවීමට සිදුවනු ඇත. සැබැවින්ම මෙය සාමය හදවතින් අගයන දෙමළ හා මුස්ලිම් ජනතාවටත් යලි කාලකන්නි කාලයක ඇරඹුමකි (නදී)
ජනපතිව කෑවේ හිටපු ජෝතිෂ්‍යකාරයෝ ටික. ඔබ තුමා ජනදිපතිවරණයට අත්සන් කෙරුවෙත් රාහු කාලෙනේ (නදී)
මෙම නායකයා යුද්ධයට කැමති නොවුණ වග තතුදන්නෝ දනිති. ඒකට අපි එතුමාට ගරුකරමු. ඒත් යුද්ධයෙන් පසු රටේ ජනතාවගේ බඩට පහර වද්දමින් රැස්කළ ධනය අයථා ලෙස පරිහරණය කිරීම, රටේ මුදල් නාස්තිය, දුෂිත සහ වංචා සහගත වැඩවල යෙදෙන මැති ඇමතිවරුන්ට නිසි දඬුවම් නොදීම වැනි කරුණු නිසා එතුමාට තිබු ජනතා ගෞරවය කෙමෙන් කෙමෙන් හීනවී මෙම ඉරණමට මුහුණදීමට සිදුවුණා. (නි)
මේ රටේ ඉන්න ආත්මාර්ථකාමීන් මහින්ද මහතා බිල්ලට දී හමාරය.එතුමා යුද්ධය වවාගෙන කා රට සංවර්ධනය නොකර සිටියා නම් ගසාකෑමත් නැත. සංවර්ධනයත් නැත.යුද්ධය විතරක් ඇත. එසේනම් මේ මඩගැසීම්ද නැත (නි)
ඔන්න මිනිස්සු. ජය වේවා! අප්පච්චි, ඔබයි අපේ ජාතියේ පියා (නි)
යුද්ධය නවත්තපු ගෞරවය රැකගන්න ඔබට අවස්ථාව තියෙද්දී, තමන්ගේ පවුලේ උදවිය වංචා,දුෂණ කරනකොට අහක බලාගෙන හිටියේ ඇයි ජනාධිපතිතුමනි? ඔබගේ පවුලේ අයගේ යහපත තකා ඔබ ඔබගේ නම්බුව නැති කරගත්තා. මේවා නොදන්නා මිනිස්සු තවමත් ඔබට ආදරෙයි. (නදී)
ලංකාවේ සුපිරිසිදුම සිංහල ජන්ද වලින් 95% මහින්දට. සුද්ද සිංහල ජන්ද 5% මෛත්‍රීට. සිංහලයා කලගුණ සැලකුවට දමිල මුස්ලිම් ජනයා සමග සුද්ද සිංහල 5% ජය ගත්තා. සිංහල කියන්නත් ලජ්ජා වෙන්න ඕන නේද ? (නදී)