දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයට අද රැගෙන ආ එළවළු කිලෝ හතලිස්දහසක් විකුණා ගැනීමට නොහැකිව කුණූ ගොඩට දැමු බව වෙළද සංගමයේ සභාපති බී ජී ඒකනායක මහතා කියයි.
අමු මිරිස් ,ගෝවා, රාබු ,නෝකොල් ,දඹල ,මෑකරල් ,වට්ටක්කා ,බණ්ඩක්කා නිවිති ,තක්කාලි හා බීට් රූට් මෙසේ කැලයට දමන විටම වල් අලි හා හරක් එහි රොක් වුහ.
ගෝවා කිලෝවක් රුපියල් පහකටවත් අළෙවි නොවීය.තක්කාලි රුපියල් දහයකි. බණ්ඩක්කා රුපියල් දහයයි පහළොවයි.වට්ටක්කා,මෑකරල් රුපියල් දහයයි.අමු මුරිස් රුපියල් දහයයි තිහයි.
එළවළු විසි කිරීමට හේතු වුයේ වෙලෙන්දන් බොහෝ දෙනා නොපැමිණී නිසා බවද මධ්‍යස්ථානය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොලඹ එළවලු ගිනි ගණන්. මොන මෝඩ කමක්ද? (නදී)
අද රටේ ආහාර අතිරික්තයක් වගේ නේද? (දී)
ලංකාවේ කෘෂිකර්ම ඇමතිට, තායිලන්තයට ගිහිල්ල බලල ඉගෙනගන්න කියන්න ඕන, කොහොමද එයාල ගොවියට දේශීය හා විදේශීය වෙළඳ පොළ සකස් කරන්නේ කියල. අපේ අපනයන මණ්ඩලේ මහත්තුරු කරන්නේ නිකන් පුටු රත්ත්කරන එකයි , ගොවියා හැමදාම මේ දුකමයි විඳින්නේ. (දී)
අසරණ ගොවියන්ගේ ශ්‍රමයත්, කොලඹ පාරිභෝගියන්ගේ බඩ ගොස්තරයත් නේද මේ. හමුදාවේ වාහන වත් යොදා මේවා කොලඹට ගෙනත් දුන්නොත් දෙගොල්ලොම ගොඩ නේද ? (නදී)
ට්‍රැක්ටරේ ලියල තියෙන එක දැක්කම මට හොඳටම හිනා .(නදී)
අලි කයිද අමු මිරිස් ? කාල හොඳ පිස්සුවක් නටයිද? (නදී)
මොන අපරාදයක්ද ? දුප්පත් මිනිසුන් අනන්තවත් එදා වේල සම්පුර්න කර ගන්න මහන්සි වෙනවා. අනික බලදාරීන්ට හෙන ගහලද මෙහෙම පරිසරය පොලිතින් වලින් පුරවන්නට දෙන්නේ. (නදී)
ගොවියෝ මේවා වවන්නේ පුදුම ආදරයෙන් බලාපොරොත්තු දහසක් දේ පොදිබැද ගෙන. නගර බද ජනතාව බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. මේවා සුලු මුදලකට දුන්නත් සෑහීමකට පත්වෙන්න තිබුනා. මෙහි ප්‍රතිඵලය තව දින කීපයක් යන කොට බලා ගත හැකියි. ආහාර නැතිව මිනිසුන් මිය යන බව සමහර අය නොදනී. (නදී)
අලි මදිවට හරක්. දැන් දඹුලු ගිහිල්ලත් හබස්. (නදී)
පරිසරය පූජනීයයි. පේනවා නේද කරලා තියන දෙය නම් පූජනීය බව. (නදී)
අපරාදයක් ඇත්තෙන්ම අපරාදයක් දුප්පත් අයට නිකන් බෙදලා හරි දෙන්ඩ තිබුණා.(නදී)
මාපියාවේ කුමන්ත්‍රණය,වෙළද මධ්‍යස්තානයේ ඉන්නේ හොරු. ජාතික අපරාද,ගොවියන්ට සියදිවි නසා ගන්නයි වෙන්නේ.(නදී)
අලි මදීවට හරක්. මෙහෙම අලින්ට එළවලු කන්න දීලා පස්සේ කියයි අලියා ගැහුවා කියලා.(නදී)
මේවා වෙන්නේ ලංකාවේ විතරයි. කොතන හරි වරදක් තියනවෝ. කවදා නිවැරදි වෙයිදෝ. (නදී)
කෝ අර ලංකාව ගැන පුරාජේරු කියන ගොට්ට කාරයෝ.මෙච්චර විටමින්, ප්‍රෝටීන් උනතාවයක් තියන රටේ එළවලු කිලෝ හතලිස්දාහක් විසික්කන්නේ මොකෝ.(අ)
වරද අපේ අතෙයි. ඇයි අපේ රටේ ඉන්න දේශපාලඥයන්ට මේවා විසඳුම් දෙන්න බැරි. අනේ මගේ රට.(නදී)
එක අතකින් ඕක ගොවියන්ගෙ විතරක් නෙවි රටෙත් කරුමය. මේ රටවල ඉන්න අපි ඔය වර්ග වල එළවළු කිලෝවක් මිළදී ගන්නෙ රුපියල් 416/- ක් වගේ විශාල මුදලක් ගෙවල. ලංකාවෙ හැට හුටාමාරක් ඇමතිවරු ඉන්නව. මේ එකෙකුට බැරි වුනා හරි හමන් ක්‍රම වේදයක් සකස් කරල මේව අඩු තරමෙ පිටරටවලට හරි පටවන්න ක්‍රමයක් හදල දෙන්න. මේ පකිස්ලන්තෙ නම් කවදාවත් හැදෙන්නෙ නැහැ. හදන්නත් බැහැ. පේනවනෙ ජන්දයක් තියෙන කොට උගත්තු පැත්තකට දාල ඉදිරිපත් කරන ගොන් රැල. මුන් රටේ පාලනය භාර අරන් වැඩ කරන කොට රටවැසියාට සොරිම තමයි ඉතිං. (අ)
පරිසරය කෙළෙසමින් පොලිතින් මළු පිටින් කැලේට කුණු දැමීම පිළිබඳව සහ අසරණ වන අලින්ට ගවයන්ට ඒවා කැවීම එළවලු විකුනා ගැනිමට නොහැකි වීම වගේම ප්‍රශ්නයක්. මේ දෙක ගැනම බලධාරීන්ගේ අවධානය යොමුවේවා. (නදී)
මේ කරන වැඩේ හරිම වැරදියි. පොලිතින් කාලා අහිංසක සත්තු මැරෙනවා.(නදී)
ඇයි වෙළෙන්දෝ ආවේ නැත්තේ? මේක තමා සංවර්ධනේ ? මේ ටික හරියට කරන්න සීත වාහන ගෙන්නන්න බැරිද ඔය හොරුන්ට වාහන ගේන සල්ලි වලින්? දෙන පඩි ආපහු ගන්න ඕනේ වැඩ නොකරන දේශපාලකයන්ගෙන්? (නදී)
දෙයියෝ සාක්කි විකුණන්න බැරි නම් ඕවා වැඩිහිටි නිවාසයකට හරි ළමා නිවාසයකට හරි දෙන්න තිබුනනේ අඩුම තරමින් පිනක්වත් ලැබෙයි .මහා අපරාදයක් කරලා තියෙන්නේ. (නදී)
රංජිත් යන්නේ කොහෙද මල්ලේ පොල්.(නදී)
බාස්කට් ක්‍රමය පිලිපැද්දා නම් මෙහෙම වෙන්නේ නැහැ.(නදී)
ටික කාලයක් හමුදාව මේවා අරගන විකුණුවා නේද? නිකම් උතුරේ බැනුම් අහ අහ ඉන්න හමුදාව මෙහෙ ගෙනත් මේ වැඩේ කරන්න. රටේ ගොවියන්ට මෙහෙම සලකන එක පව්. ඒ වගේම අපරාධයක්. ඔය ගොවියන්ගේ ඡන්දෙන් නේද දේශපාලකයෝ අද සැප විඳින්නේ? මහා පව්කාර තත්වයක්, හාමුදුරුවරු මේ වගේ ආදීනව කියලා දෙන්න. (නදී)
මේ එළවළු දුප්පත් අයට නොමිලේ දුන්නා නම් හරිනේ. ඒ සඳහා ප්‍රසිද්ද ස්ථානයක නිසි අයුරින් ගබඩා කර තැබුවා නම් අවශ්‍ය අය අරගෙන යනවා. ඇයි මෙහෙම අපරාද කරන්නේ.(නදී)
මේ එළවලු අඩු තරමින් මැදපෙරදිග රටවලට එවන්න ක්‍රමයක් නැද්ද ? අපි මෙහෙ සුපර් මාර්කට් වලින් මේ දවස් වල එළවලු ගන්නේ ගිනිගණන් දීලා. මුරුංගා කිලෝ 1ක් ඩිරාම් 18 යි. ලංකාවේ සල්ලිවලින් රුපියල් 650ක් විතර .ඔක්කොම එලවලු එන්නේ ඉන්දියාවෙන් ,අපේ කියල තියෙන්නේ මයියෝක්කයි ,පැපොල් විතරයි. (නදී)
සහ ගහන අපරාධ මේවා නම් අපේ පලාත්වල හොද්දක් හදාගන්න එලවලු ටිකක් ගන්න විදිහක් නෑති මිනිස්සු කීදෙනෙක් ඉන්නවද ඈමතිලාගෙ කයිවාරු විතරයි.(නදී)
නිසි කළමනාකරණයක් අවශයි. ඉතා ශෝචනීය තත්වයක්.(නදී)
මට දුක අලින්ට හරකුන්ට සිදුවෙන්න යන වින්නැහිය ගැනයි. තව ඇමතිවරයෙක් පත්කරන්න හොඳ නිමිත්තක්.(නදී)
හෙන ගහන අපරාද වැඩ.(නදී)
මේවා පිට පළාත්වලට බෙදා හරින්නේ පෞද්ගලික වෙළෙඳුන් පමණද? එහෙමනම් ඒ ඒකාධිකාරය බිඳ නොහෙලන්නේ මන්ද? මේක ජාතික අපරාධයක් නේද. (නදී)
මෙතරම් අස්චර්යමත් රටක අයි ඔයටික කොලඹට ගෙන්නල්ලා දෙන්න බැරි ? (නදී)
මේවට උත්තර හැටියට තමා බාස්කට් ක්‍රමය හඳුන්වා දීල ක්‍රමයෙන් උසස් නිෂ්පාදන ලෙස පිටරට වලට විකුනන්න පෙළ ගස්වුයේ. නමුත් ගොවි මහතුන් සහ මුදලාලි ටික මේවගේ සැලසුම් වලට එරෙහි වීම තුලින් ලබාගත් ජයග්‍රහණ තමා දැන් බුක්ති විදින්නේ. දැන් උනත් ප්‍රමාද නැහැ හොඳට කලොත් හොඳක්ම වේවි. (නදී)