රුපියල් හැත්තෑපන් ලක්ෂයක් වටිනා රන් කැබලි දොළහක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද උදෑසන අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු නිකවැරටිය ප‍්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි පුද්ගලයෙකි.
ඉවතට ගනු ලැබූ රන් කැබලි වල බර ග‍්‍රෑම් එක් දහස් පන්සීයකි.
මේ මාසයේ පමනක් අට වතාවක් මේ අයුරින් රන් ප‍්‍රවාහනයේ යෙදුණු පුද්ගලයින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති බව පැවසූ ලෙස්ලි ගාමිණී මහතා එලෙස අත්අඩංගුවට ගත් රන්වල බර කිලෝග්‍රෑම් පහක් බවත් එම වටිනාකම දෙකෝටි හැත්තෑපන් ලක්ෂය ඉක්මවන බවත් කීවේය.
සැකකරු අද උදෑසන ජෙට් ගුවන්සේවයට අයත් 9 ඩබ්ලිව් 255 දරණ ගුවන්යානයෙන් ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට පැමිණ සිටියදී රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් විය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂණය යටතේ ගුවන්තොටුපොළ රේගු නිළදාරීහු සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුලියට කට්ටිය ගන්නවද දන්නේ නැහැ. (ස)
අපේ අර අහවල් ආචාර්යතුමා හොඳයි වගේ මේ ඇමති කමට.... (ස)
ඔන්න නියම හපන්නු.පස්ස පැත්තෙන් වුනත් වැඩ ගන්නවා.නිකම් වැඩ නොවෙඉ රත්තරන්..රත්තරන් වැඩ.. (දී)
කටුනායක මගී පර්යන්තයේ අධෝමාර්ග පරික්ෂාව සඳහා නපුංසක කට්ටිය බඳවාගන්න වෙයි වගේ මට නම් පෙනෙන්නේ මෙහෙම යනකොට. (ස)
රේගු දෙපාර්තමේන්තුවේ නම එක්ස් රේ ගුද දෙපාර්තමේන්තුව කියලා වෙනස් කරන්න වෙනවා. (ස)
සෙයිලනිකස්, කියන්නේ හොඳට පස්ස පාවිච්චි කරපු කෙනෙක්. එයා හොඳට දන්නවා කොයිකෙත් දිග පළල. (ස)
පිටිගල මිලානෝ, කවද්ද ඔයා කටුනායක මගී පර්යන්තයේ වැඩ භාර ගන්නේ.. (ස)
අනේ මන්දා ලංකාවේ රත්තරන් නිදිත් නැතුව කොහින්ද ඕවා ඔය තරම් සුවර් එකටම හොරකන් කරන හ පුරාවස්තු වලින් ලැබෙන රත්තරන්.මේවා ලංකාවේ විකුණුවොත් කියලා රටවල් වලට අරින්නේ. මේ ජාවාරම මෙහෙවන්නේ බල කණුවක්. ඔය මිනුස්සුන්ට රත්‍රන් දීලා නිකන් අරි කියලා හිතන්න බැහැ දරුපව්ල් ඇපේට නොතියාගෙන ඔය අයෙගෙන් හරියෙටම දැනගන්න එක ලේසි නැහැ මොකද දරුපව්ල් අනාරක්ෂිත නිසා.(නදී)
කලින් පුවතක් තිබුනා මේ වගේ අයට දෙන්න ආනමාලු, වතුර එහෙම රේගුවේ තියාගෙන ඉන්නවා කියලා. හැබැයි, රේගුවේ මහත්තුරු ආනමාලු පාවිච්චි කරන්නේ වැරදි දේට. ඒ කියන්නේ මේ කට්ටියට කෑමට දෙන්න. ඒවා අගේට යොදා ගන්න පුළුවන්නේ රත්තරන් සුටුස් ගාලා එලියට ගන්න. (ස)
පිටිගල අයියේ, ඒ අය නම් නොමිලේම වැඩේ කරයි අකුරටම. (ස)
පශ්චාත් බාගය (අධෝ මාර්ගය ) අධි වේගී මාර්ගය වගේ වෙලා . දැන් සැමදාම ලංකාවෙන් පිටතටත් පිටින් ලංකාවටත් . යන එන ඉන්දියානුවන් සහ ලාංකිකයන් පුරුද්දක් වෙලා . කි දෙනෙක් අසුනොවී යනවද දන්නේ නැහැ . පොඩි පොඩි කේලි ගහගෙන . කෙසේ වෙතත් දැන් ඉන්දියාවට සිංගප්පුර පකිස්ථානයට යන අයගේ උදරය සහ අධෝ මාර්ගය පරික්ෂා කිරීම අලුත් තාක්ෂණයේ මැෂින් ( හියුමන් බොඩි ස්කැන් ) සවිකිරීමෙන් රෙගු නිලදාරින්ට පහසු කමක් ලැබෙනවා . මෙය තුලින් රන් සහ මුදල් පමණක් නොව වෙනත් දේවල්ද සොයා ගත හැක . දැනටම මේවා බොහෝ රටවල ගුවන් තොටුපල වල සවිකර ඇත (අ)
මේ රන් පොලු සහ මුදල් ගුද මාර්ගයෙන් ගෙන යන කට්ටිය . මෙය පෙර පුහුණුවක් කර කරන ක්‍රියාවක් විය හැක . නැතිනම් නපුන්සකයන් මෙයට බොහෝවිට සහභාගි වනවා වෙන්ට පුළුවන . ඔවුන්ට ගුද මාර්ගයේ යම් යම් දේවල් සඟවා ගැනීම පල පුරුදු දෙයක් (අ)
කෝ අපේ අර මෝඩ මිලානෝ.. තාම නිදිද? (ස)
එලෙස අත්අඩංගුවට ගත් රන්වල බර කිලෝග්‍රෑම් පහක් බවත් එම වටිනාකම දෙකෝටි හැත්තෑපන් ලක්ෂය ඉක්මවන බවත් කීවේය.දෙකෝටි හැත්තෑපන් ලක්ෂය ක් නෙමෙයි කෝටි100ක් අල්ල ගත්තත් ඒකෙන් අසරණ මිනිසුන්ට ඇති සෙතේ මොකක්ද?.(නදී)
කිලෝ එකහමාරක් දාගත්ත කියන්නේ ඉතින්?මේක වෙන්න මුලික හේතුව තමා විදේශ සංචාරකයන් මුණ ගැසීම.මෙමඟින් මෙයාලගේ ගුද මාර්ගය අදායම් මාර්ගයක් කර ගන්නවා. (ස)
කව්රුවත් ගනන් නොගන්න. පස්චාත් භාගයට වැදගත් කමක් දීපු කෙනෙක්.(නදී)
වස්ති කරන්න වෙද මහතෙකු රේගුවට පත් කරන්න. ඔහු ලවා මේ සැමට වස්තියක් කරවා සියල්ල එලියට ක්ෂණයකින් ගත හැක. ආනමාලු කෙසෙල් දියර වර්ග වලට වියදම කරන්න ඕන නැහැ . සන්ලයිට් සබන් කෑල්ලක් මාසයකට ප්‍රමාණවත්.(නදී)
නරකම නැහැ නේ.... (ස)
රත්තරන් අරන් යන එවුන්ටත් වඩා රජ බඩු ටිකක් ඉන්නවනේ මේ බස් එකේ..එකෙක් නිදන් හාරන්න හදනවා.. තව එකෙක් කොටින්ගේ රත්තරන් හොයනවා..තව එකෙක් ලංකාව පැත්තවත් බලාගෙන බත් කන්නෙත් නැහැ කියා කියා ඩුබයි වල ඉඳන් කැළණි ගඟේ රත්තරන් හොයනවා..වැලිවේරියේ මිනී උතුරට පා කරවපු ඩබලට ඇෆ්ගන් වල ඉඳලා තව බාණ්ඩයක් සෙට් වෙලා..තකට තක..පච බලකාය මොන පච කෙලියත් ලංකාවේ මිනිස්සු හොඳට ඇස් කන් ඇරගෙන ඉන්නෙ කියලා අපි පහු ගිය ටිකේ දැක්කනේ.මුන් මී හරක් වෙලා මදිවට හිතන්නේ අනිත් මිනිස්සුත් උන් වගේම තප්පුලන මී හරක් කියලා.... (ස)
ටිකිරි බණ්ඩා, ඔය රේගුවේ මහත්වරුන්ට හොදට ඉව තියෙනවා.කට්ටිය යන රටවල් එන රටවල් ගැන හොදට ඇහැගහගෙන ඉන්නේ.ඉන්දියාව,පකිස්ථානය,වියට්නාමය,කාම්බෝජය, ඇෆ්ගනිස්ථානය වගේ රටවල් තමයි ඒ ගොල්ලන්ගේ ලිස්ට් එකේ තියෙන්නේ. මගීන් එම රටවල රැදී සිටි කාලය දිහාත් රේගුව හොදට බලනවා. ඔය රටවල් තමයි මත්ද්‍රව්‍ය ,රත්තරන් වලට උපන් රටවල්. (නි)
බන්දුල පෙරේරා දන්නවා හැමදේම (නි)
අපරාදේ මම අත් ට්‍රැක්ටරයක් ගත්තේ.මේ මගේ කිලෝ ගන්න බඩු අදින්න,මේ එක්කෙනෙක් හොයා ගන්න තිබුණා. (අ)
මට එන්ගලන්තයේ රේගුව මගින් නිපදවා විකාශනය කරන ලද වාර්තාමය චිත්‍රපටයක් නැරඹීමට හැකියාවක් ලැබුනා. එහිදී ඔවුන් පෙන්වා සිටියේ ඔවැනි සැක කටයුතු මගීන් විශේෂ වැසිකිළියකට යොමු කරන බවයි. එම තැනැත්තාගෙන් පිටවෙන අපද්‍රව්‍ය වැසිකිලියෙන් පිටත ඇති විශේෂ පෙනේරයකට සම්බන්ධ කර ජලය මගින් සෝදා හැර අවශ්‍ය හොර බඩු ටික වෙන් කර ගන්නා බවය. ශ්‍රී ලංකා රේගුවද මෙම ක්‍රමවේදයම පාවිච්චි කරනවාදැයි නොදනිමි. (නි)
ඕකට වෙනම අමාත්‍යංශයක් පිහිටවලා,අහවල් ඇමතිතුමාගේ කටට නලයක් සම්බන්ධ කර,විශේෂිත වැසිකිළියක් යොදා සැකකරුවන් ශරීරකෘත්‍යය කිරීමට සළස්වන්න! (නි)
ඔය අල්ලා ගන්න රත්තරන් ටොන් ගාණට මොකද වෙන්නේ? (ස)
මේ මිනිස්සු රට තොට සිදුවීම් ගැන අවබෝදයක් නැති කට්ටියක් වෙන්න ඕනා. නැත්නම් දැන් පොඩි එකෙක් උනත් දන්නවා කටුනායකදී ගුද පරීක්ෂාවක් වෙනවා කියලා. එහෙමත් නැත්නම් මේ දේ මහා පරිමාණයෙන් සිදුවෙන දෙයක්. මෙහෙම දෙක තුනක් අහුවීම කට්ටියට ලොකු දෙයක් නොවෙනවා ඇති.(නදී)
අධි වේග මාර්ගයටත් වැඩියේ ඉක්මනට මේ මාර්ගයෙන් රත්තරන් අරගෙන යන හැටි. කෝකටත් හොදයි ගුවන් තොටුපලේ සියලුම මගීන්ගේ ශරීර පරීක්ෂා කරන්න මැසිමක් හයි කරන එක. වැඩිපුරම ඉන්දියාවට සහ සිංගප්පුරුවට යන අයගේ. (නදී)
ඉස්සර නම් තිබුනේ රත්තරන් දත් විතරයි. දැන් රත්තරන් පස්සවල් හිටන් තියෙනවා. කෝ තාම කිවුවේ නැහැනේ රත්තරන් වල ගඳ සුවඳ මොන වගේද කියලා.(නදී)
මම කීවේ , ඔය වැඩේ හරියන්නේ නැහැ කියලා. ගුද රේගු දෙපාර්තමේන්තුවක් ස්තාපිත කරමු වැඩේ ගොඩ.(නදී)
මේවා එලියට ගන්න සැත් කමක් කරන්න ඕනෙද? එලියට ගත්තට පස්සේ හෝදන්නේ හාපික් වල ඔබලද?(නදී)
ගජබා, අපේ දේශප්‍රේමීන්ට ගඳ සුවඳින් වැඩක් නැහැ.රත්තරං නම් ඒ ඇති.මොකද හැමදාම සුනාමි එනවා කියලද? (ස)
අපේ දේශප්‍රේමීන්ට කරලා පැහිලා.ඕකට තමා දෙන දෙවියෝ හොම්බට ඇන ඇනම දෙනවා කියන්නේ. (ස)
ඉස්සර නම් නිතරම වාර්තා වුණේ වෙනත් මාර්ගයකින්, කාන්තාවන් නොයෙකුත් දේ රේගුවට හොරෙන් ගෙන යන බවයි. දැන් කාන්තාවන් අහු නොවෙන්නේ මොකද? අල්ලන්න බැරි වඩා සුක්ෂම ක්‍රමයක් හදාගෙනවද්ද? (නි)
පිටබැද්දර ජයා, ඔබ එහෙම කියනවා නම් මේ දෙපාර්තුමේන්තුවට ඇමති කෙනෙකුත් පත් කරන්න වෙයි. (ස)
සේප්පු නැති ගෙවල් වලට හොඳ සේප්පුවක් .... (ස)
ඇත්තටම අර කැළණි ගඟෙන් මතු වුන රත්තරන් ඉල්ලම තවම තියෙනවද.මොකද මම ඩුබායි නිසා, දන්නේ නැති නිසයි අහන්නේ. (ස)
විශ්වාස කරන්නත් අමාරුයි මෙපමණ රන් ප්‍රමාණක් සඟවාගෙන යන්නේ කොහොමද කියලා.(නදී)
අර පැත්තෙන් විතරක් නෙමෙයි, සමහර අය මේ පැත්තෙනුත් සඟවා ගෙන අහුවෙලා තියෙනවා. (ස)
ඉස්සර අපිට රූපවාහිනියෙන් පෙන්වනවා පොළවේ වළලා තිබුන එල්.ටී.ටී.යේ රත්තරන් කන්දරාව.ඊටපස්සේ නන්දිකඩාල් වලින් මිනීමරු ප්‍රබාකරන් පැනලා යනකොට අරන් යන්න සැලසුම් කළ රත්තරන් සහ යූරෝ/ඩොලර් කෝටි ගණන්.මොකද ඒ රත්තරන් ටොන් ගානට සිද්ධ වුනේ?තවමත් ආරක්ෂාකාරීව තියෙනවද? (නි)
මරු පස්සක්නේ. බෙහෙත් ගල්වලා කෞතුකාගාරයේ තියන්න ඕනෑ (නි)
හාල්මැස්සන් අල්ලලා වැඩක් නැහැ. තෝරමොරුන් අල්ලගන්න.මේ අයව මෙම තත්වයට පත්කළ අය කවුරුන්ද? (ස)
ටිකිරි, ඔයා නරක අනේ ,අනවශ්‍ය දේවල් මතක් කරනවා. සමහරවිට ඒවා නිදන් වස්තු වෙලා ඇති. (ස)
හැමෝම කලබල උනාට රත්තරන් කිලෝ එකක් කියන්නේ ප්‍රමාණය අතින් හරි පොඩි දෙයක්. එළවලු කිලෝ එකක් වගේ ලොකු බෑග් එකක් ගෙනියන්න තරම් දෙයක් නොවේ. (ස)
දැන් නම් මේ ප්‍රවෘත්ති කියවලා කියවලා ඇති වෙලා අප්පා. අල්ල ගත්ත අයගේ අවයවය මහන්න තිනේනේ. (නි)
මේ අල්ලා ගන්න අය වෙනම නම් කරලා පශ්චාත් භාගයේ ගබඩා සංකීර්ණ හදන්න ඕනෑ (නි)
හාපෝ! මේවා පුදුම පස්සවල්නේ! (නි)
තුවාන්, අපි අරයව පත්කරමුද ? (නි)
මීට ඉස්සරත් මේවා වුණා, සමහරුත් දැනුවත්ව. (නි)