මේ දිනවල පුංචි තිරයේ නිතර දකින ලැබෙන යොවුන් නිළියක ලෙස පබසරා මධුෂානි කාරියවසම් හට විශේෂිත තැනක් හිමිවේ. දැනට ස්වාධින රූපවාහිනි නාළිකාවේ විකාශය වන ටෙලි නාට්‍ය කිහිපයකම දකින ඇය මේ දිනවල කලා කටයුතුවලින් තාවකාලිව ඉවත්ව සිටියි. ඒ පිළිබඳව "සාරවිට" අපි පබසරාගෙන් විමසුවෙමු.
"පසුගිය කාලේ එක දිගටම වැඩ කළ නිසා කලා කටයුතුවලින් පුංචි විවේකයක් ගන්න හිතුවා. පසුගිය කාලේ වැඩ කරපු ටෙලි නාට්‍යය කිහිපයක්ම මේ දිනවල විකාශය වෙනවා. ඒ අතර, ස්වාධින රූපවාහිනී නාළිකාවේ විකාශය වන "භව චක්‍ර" ටෙලි නාට්‍යයේ "සුද්දි" කියන චරිතයත්, එම නාළිකාවේම විකාශය වන "අංගනා" ටෙලි නාට්‍යයේ "මංගලිකා" කියන චරිතයත්, "දුටු නොදුටු මල්" කියන ටෙලි නාට්‍යයේ "ටීෂා" කියන චරිතයත් බොහෝ පිරිසක් අතර ජනප්‍රියවෙලා තියෙනවා. ඊට අමතරව පසුගිය කාලේ වැඩ කරපු තවත් ටෙලි නාට්‍ය කිහිපයක්ම විකාශය වෙන්න නියමිත වෙලා තියෙනවා. මේ ටෙලි නාට්‍ය විකාශය වෙන නිසා මගේ තාවකාලික ඈත්වීම මගේ ආදරණීය රසික, රසිකාවියන්ට දැනෙන්නේ නැතිවේවි කියලා මම හිතනවා. කොහොම වුණත්, තවත් මාසේකින් විතර යළිත් කලා කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩකරන්න අදහස් කරමින් ඉන්නවා. දැනටමත් ටෙලි නාට්‍ය කිහිපයකටම ආරාධනා කරලා තියෙනවා සම්බන්ධ වෙන්න කියලා. කලා කටයුතුවලින් ඉවත්වෙලා විවේකයක් ගන්න හිතුවත්, පසුගිය ටිකේම රූපවාහිනි නාළිකා කිහිපයකම තිබුණ අවුරුදු වැඩසටහන් කිහිපයකටම සහභාගිවෙන්න මට සිදුවුණා.
බුද්ධික සේනාධීර / ඡායාරූප අන්‍රග්‍රහය - පබසරාගේ ෆේස් බුක් ගිණුම
මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව
විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ
බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.
රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි
මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කලා කටයුතුවලින් පොඩි බ්‍රේක් එකක් ගත්තා