IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


කලා ක්ෂේත්‍රයේ තවමත් මම ඉන්නේ ප්‍රාථමික මට්ටමේ

20160829Rukshana-1

නවක අධ්‍යක්ෂවරයෙකු වන හර්ෂ උඩකන්දගේ 'උලත් එකයි පිළත් එකයි' චිත්‍රපටය හරහා ලාංකේය සිනමාවට පිවිසෙන රුක්ෂානා දිසානායක සමගින් මෙවර 'සාරවිට' තරු කතාබහ අරඹන්නට අපි බලාපොරොත්තු වුණෙමු. මේ දිනවල සිය පළමු සිනමා රංගනය වෙනුවෙන් උණුසුම් රසික ප්‍රතිචාර අත්විඳින රුක්ෂානා, ඒ පිළිබඳව අපිට පැවසුවේ මේ අයුරිනි.

 

පළමු සිනමා රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

'උලත් එකයි පිළත් එකයි' චිත්‍රපටය තිරගත වෙලා තව වැඩි දවසක් නැහැ. නමුත්, හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. මම රඟපාන චරිතයට. ඒ ගැන ගොඩක් සතුටුයි. රොෂාන් රණවනගේ නංගී විදිහට තමයි මම මේ චිත්‍රපටයේ රඟපාන්නේ. රොෂාන් කියන්නේ මැර චරිතයක්. ඉතින් මගේ චරිතය ගොඩ නැගිලා තියෙන්නේ දාමරික පන්තියේ චරිතයක් විදිහට. මේ චිත්‍රපටයේ මගේ කතා කරන විලාසය වගේම ඇඳුම් පැලඳුම් පවා මුළුමුනින්ම වෙනස්. මම ආරාධනා කරනවා මේ චිත්‍රපටය නරඹලා මගේ රංගනය ගැන ප්‍රතිචාර දක්වන්න කියලා.

 

20160829Rukshana-3මේ රුකිගේ පළමු චිත්‍රපට රංගනය?

ඔව්. මේ චිත්‍රපටයට රඟපාන්න ලැබෙන කොට මම එතරම් ජනප්‍රිය කෙනෙක් නෙවෙයි. මම ටෙලිනාට්‍යය 2ක 3කට වඩා රඟපාලා තිබුණෙත් නැහැ. මේ චිත්‍රපටය වෙනුවෙන් සුදර්ශි එකේ තිබුණ ස්ක්‍රින් ටෙස්ට් එකකට මම ගියා. ස්ක්‍රින් ටෙස්ට් එකට මුහුණ දුන්නාට මාව ඒ වෙලවේ තෝර ගත්තෙ නැහැ. එදාම හවස කෝල් කරලා ඔවුන් මට කතා කරලා කිව්වා චිත්‍රපටයට සම්බන්ධ වෙන්න කියලා. නමුත්, චරිතය ගැන මට ඔවුන් කිව්වේ නැහැ. මම හිතුවේ පොඩි චරිතයකට මාව තෝර ගෙන ඇති කියලා. චිත්‍රපටයේ රූගත කිරීම් කටයුතු පටන් ගන්න කොට තමයි මට දැනගන්න ලැබුණේ මෙහි ප්‍රධාන චරිතයට මාව තෝර ගෙන තියෙන්නේ කියලා.

 

'උලත් එකයි පිළත් එකයි' චිත්‍රපටයෙන් පස්සේ?

වී. සීවගුරුනාදන් මහත්මයා අධ්‍යක්ෂණය කරන අලුත් චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න අවස්ථාව දැනට ලැබිලා තියෙනවා. ඒ චිත්‍රපටයේ වැඩ පටන් ගත්තාහම ඒ ගැන කියන්නම්.

 

මේ දවස්වල රූකිව අපිට දකින්න ලැබෙන්නේ?

සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන 'ආදරේ සුවඳ අරන්', ස්වර්ණවාහිනි නාළිකාවේ විකාශය වෙන 'මතු සබැඳි' හා ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වන 'දඩකෙළි අරන්' කියන ටෙලි නාට්‍යය හරහා මාව දකින්න පුළුවන්. ඊට අමතරව ඉදිරියේදී මා රංගනයෙන් දායක වුණ බොහෝ ටෙලි නාට්‍යය ප්‍රමාණයක් විකාශය වෙන්න නියමිත වෙලා තියෙනවා.

 

දැන් ඔබ වෘත්තිය මට්ටමේ නිළියක්ද?

අනේ නැහැ. මේ ක්ෂේත්‍රය තුළ තව මට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. තව අත්දැකීම් ගොඩක් අරගන්න ඕනා. තවම මම මේ ක්ෂේත්‍රය තුළ ඉන්නේ ප්‍රාථමික මට්ටමේ. ඉතින් රංගනය ගැන තවදුරටත් හැදෑරීම් කරලා අත්දැකීම් අරගෙන තමයි වෘත්තියක් විදිහට මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්න මම කැමති.

 

ක්ෂේත්‍රයට ආපු මේ කාලය දෙස ආපසු හැරිලා බලනවා නම්?

ගොඩක් සතුටු වෙනවා. ඒත්, තව ගොඩක් දුර මේ ක්ෂේත්‍රය තුළින් මට යන්න තියෙනවා. තව හොඳ නිර්මාණ හා හොඳ චරිත හරහා ප්‍රේක්ෂකයන්ට යමක් දැනෙන්න කරන්න ඕනා කියන අදහස මට තියෙනවා. ඒ වගේම කලාවට ලොකු සේවයක් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. 

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - රුක්ෂානාගේ ෆේස්බුක් ගිණුමෙනි

20160829Rukshana-2 20160829Rukshana-4

 



අදහස් (0)

කලා ක්ෂේත්‍රයේ තවමත් මම ඉන්නේ ප්‍රාථමික මට්ටමේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 345 0

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 1424 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1001 2

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 1627 1

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


කොළඹට තද වැසි
2024 ඔක්තෝබර් මස 07 616 0

ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


අල්ලස් ලොක්කා අස්වීම බාරදීලා
2024 ඔක්තෝබර් මස 07 2114 0

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න මහතා සිය ධූරියනේ ඉල්ලා අස්සවීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී ඇතැයි වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39314 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25636 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 336 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1116 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site