කැකිරාව මඩාටුගම මුරුංගාහිටි කන්ද රක්ෂිතයේ ගස් පිටින් උගුල්ලාගෙන කොළඹට රැගෙයන පුවත ඊයේ ලංකාදීප එසැණින් අනාවරණය කිරීමෙන් පසුව අද (30) උදෑසන රක්ෂිතයට ඇතුළු වු කැකිරාව පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් එහි ප්‍රධාන සැකකරු අත්අංඩගුවට ගනු ලැබීය.
කැකිරාව මඩාටුගම මුරුංගාහිටි කන්ද රක්ෂිතයේ ගස් පිටින් උගුල්ලාගෙන කොළඹට රැගෙයන පුවත ඊයේ ලංකාදීප එසැණින් අනාවරණය කිරීමෙන් පසුව අද (30) උදෑසන රක්ෂිතයට ඇතුළු වු කැකිරාව පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් එහි ප්‍රධාන සැකකරු අත්අංඩගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාද්‍ය වේදියාට උසස් වීමක් කෙසේ වෙතත් ජීවිතේ බේරාගෙන යහතින් ඉන්න දෙවියන් ගෙන් පිහිට ආරක්ෂාව අයැද සිටිනවා මම. දරු පවුලත් සමගින් පිටරටකට පැනයන්න නොවේවා!. ඕක පිටිපස්සේ ඉන්නේ දල රීරි යකා .(නදී)
මේ ගස් සාක්කුවේ දාගෙනද දන්නේ නැහැ කොළඹ ගෙනාවේ.ලොරි වල ගෙනවානම් මගදී අල්ලනවා නේ.(නදී)
ගස් වවා උද්‍යාන අලංකරණය සදහා විකිණීම හොද ආදායම් ලැබිය හැකි මාර්ගයක් නමුත්, අපේ මිනිස්සු බලන්නේ හැම දෙයක්ම හොරට කරන්න එමනිසා ශ්‍රී ලංකාව හැමදාම අමාරුවේ. (නදී)
මේක පාලනයක් ඇතිව කරනවා නම් අගය කළ යුතු ක්‍රියාවක්. මම දැකල තියනවා එහෙම කෘතිමව වගා කරපු තුරු ගොමු ඔනෑ තරම් අපේ රටේම තියෙන. ඒ විතරක් නෙමේ මැදපෙරදිග කාන්තාර වල මෙසේ ඉදිකළ උයන් පවා මනස්කාන්තයි. ඔය කැලෑවල එක ලොකු ගහක් කපන්න පොඩි ගස් කොපමන ප්‍රමාණයක් කපල දානවද, මම නම් යෝජනා කරන්නේ මේ සදහා හොද නියාමනයක් ඇති කරල දිරිමත් කරන ලෙසයි. මොකද අවසාන ප්‍රතිඵලය බොහොම යහපත් එකක් වෙන නිසා. අපේ රටේ වන ඝනත්වය නැවත වැඩි කරගන්න සහ පරිසරයේ ආරක්ෂා කරගන්න ඒක ප්‍රයෝජන්වත් වේවි. මේ ක්‍රමය බොහොමයක් රුක් රෝපණ වලට වඩා ඵලදායි එකක්.(නදී)
මෙලෙස හිටවන ගස් අනාගතයේදී නගරයේ දී වත් දකින්නට ලැබෙවී. අපි ගම ගැන කතා කලාට එහෙ දැන් කිසිවක් රැකෙන්නේ නැහැ. හරියට අද ගේ කුරුල්ලෝ නගරයේ පමණක් දකින්නට ලැබෙනවා වගේ.(නදී)
අගනුවර ලස්සන කරන්න කවුරු නමුත් කල්දේ හොදින් කරන්න. දැන් ඕකට කට්ටීයම බන් කීයාවි. (නදී)
ලංකාදීපය කරණ මාධ්‍ය මෙහෙවරට අපගේ ගෞරවය.(නදී)
ලංකාදීපයට ගොඩක් පින්! ඔබේ මෙහෙවර අනර්ඝයි (නි)
මේකෙන් පැහැදිලි වෙන්නේ නැහැ මේ ගස් ගෙනෙන්නේ කොළඹ නගරය ලස්සන කරන්න කියලා.සමහරවිට මේ පුද්ගලයාට පැල තවානක් ඇති කොළඹ අවට. ඒකට ගෙනල්ලා මේවා විකුණනවා වෙන්න පුළුවන්.කැලේ විනාශ කරලා ඒකෙන් ආදායම් උපයන එක සම්පුර්ණයෙන් වැරදියි. (නි)
ඉතින් මොකද? ගස් කපලා නොව ගස් ගලවලා කොළඹ හිටවන්නනේ.ඔය කොළඹ ඕනෑ තරම් ගස් හිටවලා තියෙන්නේ. (නි)
අහන්න දෙයක් නැහැ, ඕකත් අහවලුන්ගේ පුර්ණ ආශිර්වාදයෙන් කරන වැඩක් වෙන්න ඇති.අනික ලංකාදීපය පෙන්වලා දෙනකම් පොලීසිය නිදාගෙන හිටියද? (නි)
කසුන්,මොනවද මේ ලියලා තියෙන්නේ? යන්නේ කොහෙද කියලා ඇහුවම මල්ලේ පොල් කිවුවලු .... (නි)
මෙතන හොඳ දෙයකුත් වෙලා තියෙනවා.ගස් කපලා ලී වලට විකුණනවට වඩා පැල ගලවලා හිටවන එක (නි)
දන්නවනේ අපේ දේශප්‍රේමී අයගේ හැටි.අර මන්දනාට අන්තිමට ලංකාවෙවත් ඉන්න ලැබුනේ නැහැ. (නි)
ඔබලා අපේ අදහස් පල කරන්නේ උවමනාම කොටස කපා දාලා. මේක පුද්ගලිකව මගේ අදහසක් මිසක් ලංකාදීපයේ අදහසක් නෙවෙයිනේ. ඔබලා කලේ තොරතුරු සැපයීම පමණයි. මා නරක වචන කිසිවක් භාවිතා කලේ නැත(නදී)
මෙවැනිදේ එළිකිරීම ගැන ලංකාදීපයට ආචාරය, අධිකරණය මගින් නියෝග කර ගලවපු හැමතැනම නැවත කුඩා පැල රෝපණය කරවාගත යුතුය , එවිට වනයත් පවතිනවා ,කොළඹත් ලස්සනවෙනවා ,ඔහුගේ ව්‍යාපාරයත් පවතිනවා , ඔහුගෙන් රජයට බද්දක් ගත හැක ,කළ වරදට දඩයක් දිය යුතුමය. මෙම අදහස් අතර ඉහත ඇති කසුන්ගේ අදහස පළකිරීමෙන් කතුතුමා ගේ බලා පොරොත්තුව කුමක්ද? (නදී)
ලංකාවේ කිසිම දෙයක් කිසිම කෙනෙකුට අහවලුන්ගේ ආශිර්වාදය සහිතව මිසක් කරන්න බැරි බව දන්නේ නැද්ද? සල්ලි ලැබෙනවා නම් ඔය කැළේම ගලවලා සුද්ද කරලා දැම්මත් දේශප්‍රේමීන්ට අවුලක් නැහැ. (නි)
පිටිගලට දරු පවුලත් සමගින් පිටරටකට පැනයන්න නොවේවා! ඕක පිටිපස්සේ ඉන්නේ දල රීරි යකා. (නි)
හරි විදියට ගස් ගලවන බව පේනවා. තැන් තැන් වලින් ගලවලා ඒ තැන්වල අලුත් පැල හිටවන්න නීති තියෙන්න ඕනෑ. අපේ ඇමතිවරු මේවා කරවන්න ඕනෑ. නිලධාරින් හොයන්න ඕනෑ මේවා කෙරෙනවද කියලා. මේක කරන්නේ දල කාරයෙක් කියපු කතාව ඇත්ත වගේ? ඒත් කාටත් නීති තියෙන්න ඕනෑ. (නි) වනාන්තරවල ආරක්ෂාව බලන අය කොහෙද?
මෙතන තියෙන්නේ වෙන කතාවක්. ඔය ලොකු ගස් කොළඹ ගෙනල්ලා රට පටවනවා, ඔය ගහකට මීටර් 3ක් උසට මෙහෙ ගෙවනවා රුපියල් 100,000.00 පමණ. කැලේ ලෙහෙසියෙන් ගන්න පුළුවන් නිසා අරන් යනවා. (නි)
මාධ්‍යවේදි කාංචන මහතාට අපගේ ප්‍රණාමය. ඔබ වැනි නිර්භය මාධ්‍යවේදීන් රටට සම්පතකි. පොලිසිය නීතිය අකුරට ඉටුකරාවි කියලා අප විශ්වාස කරනවා. (නි)
ශහිවාල්,ඔබ හරි.නිකම් නෙමෙයි කොටසක් අහවලුන්ට දෙන්න ඕනෑ.නැත්නම් සුදු වෑන් එකේ තමා දේශද්‍රෝභියෙක් වෙලා යන්න වෙන්නේ. (නි)
ස්තුතියි ලංකාදීපය ඔබ කළ ජාතික මෙහෙවරට. ඒත් පොලිසියේ ඉන්නේ බබාලාද කව්රු හරි කියනකන්ම ඉන්න ඕනෑ යමක් හොයන්න. (නි)
මෝඩයාට තේරෙන්නේ නැහැ තමන් මෝඩයා බව. තමන් හැර අනික් ඔක්කොම මෝඩයෝ කියල තමයි මෝඩයා හිතන්නේ, තොප්පිය හරි අය දාගන්න.(නදී)
මොනවද මේ ගස් වලට කරන්නේ කියලත් දැම්මා නම් තමා හොඳ (නි)
ලී ටිකක් ප්‍රවාහනය කරන්න අවසර ගන්න ගියාම අවසර අරගෙනත් දවල් දවසේ ප්‍රවාහනය කරන්න ඕනෑ. ඒත් මේ ගස් කොහොමද ප්‍රවාහනය කරන්නේ. කොළඹටනෙ ගෙනිහින් තියෙන්නේ.ඕක පසුපස දේශපාලකයෙක් ඇති. දැන් පොලීසිය එනවා. මෙච්චර දවස් පොලිසිය නිදාගෙනද හිටියෙ (නි)
කැකිරාව කියන්නේ හැමදාම පාලකයන්ගෙන් වෙනස්කම් වෙන ප්‍රදේශයක්. (නි)
"කොළඹට කිරි ගමට කැකිරි කියලා" 87, 88, වගේ කාලයේ උද්ඝෝෂණ කලේ මේ වගේ වැඩ නිසා. මේ විදියට ගස් කොළඹ ගෙනෙන එක හොඳ වැඩක් කියලා සමහරු කියලා තිබුනා. නමුත් මට කියන්න තියෙන්නේ, ගමේ ගහ කොළ නැතිදාට, ගඟ, දොළ, ඔය, ඇළ, හිඳිලා යනවා. ගමේ වගා කොරන්නේ කොහොමද. ගමේ දුප්පත්කම ප්‍රයෝජනයට අරන් ගම වනසන්න මුල් වෙන්නේ නගරයක සීත මාලිගාවක ඉන්න අය. "මොවුන් හැම දෙයකම මුල්‍ය වටිනාක විතර දන්නේ, එහි නියම පාරිසරික, සෞන්දර්යාත්මක වටිනාකම දන්නේ නැහැ." ගමේ වගා නොකලොත්, කොළඹ හෝ වෙනත් නගර වල ඉන්න උදවියට කන්න එළවලු, පලතුරු, ලැබෙන්නේ කොහොමද. තේ වැවෙන පැතිවල කඳුවල වන වැස්ම ඉවත් කලොත්, පොලව වියලි ගොස්, ජල මූලාශ්‍ර හිදුනම, ගංගාවල වතුර කෝ, එතකොට, තේ වතුර බොන්නත්, වතුර නැති වෙනවා, නැතිනම්, අකල් වැස්සක් හෝ වහිනකම් බලන් ඉන්න වෙනවා. ඒ නිසා, ඇට ජාති හොයලා තවන් හදලා, කොළඹ හෝ වෙනත් නගර ලස්සන කරන්න හිටනවා නම් හොඳයි ගමේ ලස්සන ගමට හැමදාම ලස්සනයි. (ස)
මාධ්‍යය නොමැතිනම් අපේ රටේ වගකිවයුතු ආයතන නිදි. මාධ්‍යයට සුබ අනාගතයක්! (නි)
අපේ රටේ අපරාධකාරයන්ව රටේ ප්‍රධානම පුද්ගලයන් විසින් ආරක්ෂා කරන නිසා නීතියට ඔවුන් බය නැහැ (නි)
මේ ප්‍රවෘත්තිය ගෙනා මාධ්‍යවේදියාට උසස්වීමක් දී වහාම පොලිසියට අනුයුක්ත කළොත් නරකද...?? (නි)
ඔතන කොනක දුෂිත දේශපාලකයෙකුත් ඇති. අන්න එයාව අල්ලා ගන්න බෙල්ලෙන්ම. (නි)
නියමයි. (ස)
පස්සේ ඔහොම දෙයක් නොවුනා වගේ වෙයි. (ස)
සැකකරු නිදහස් වෙයි. පොලිස් කණ්ඩායමට මාරුවීමක් ලැබෙයි. (ස)
ඔය අහුවෙලා ඇත්තේ ප්‍රධාන සැකකරු නොවෙයි. ප්‍රධාන සැකකරුගේ ගෝලයෙක්. ප්‍රධාන සැකකරු අඩුම ගානේ ප්‍රාදේශීය සභාවකවත් මන්ත්‍රී කෙනෙක් වෙන්න ඕනේ. (ස)
ගස් 2500ක් ගලවලා විකුනනකන් බලධාරීන් පොල්ගෑවද? දැන් බොරුවට රටට පෙන්න වැරදිකරුවෝ අල්ලන හදනවා. කුඩුවලටත් ඔය කතාවම කියන්නේ.. (ස)
කාංචන, මේ දවස් වල ටිකක් කල්පනා වෙන් ඉන්න. සමහර විට සුදු වෑන් හෙම ඔය පැත්තෙ රවුම් හගන්න බැරි නැහැ. (ස)
ලංකාදීපයට මගේ ප්‍රණාමය. (ස)
ලංකාදීපය නැත්නම් රක්ෂිතය තව ටික දිනකින් කාන්තාරයක්.තවත් රතුපස් වලක්, මානව හිමිකමට කෑමක්. (ස)
කොළඹ ලස්සන කරනවට ඉරිසියාවේ අහිංසකයෙක් අල්ලා. ඉක්මනින් නිදහස් කරන්ඩ.. (ස)
ලංකාදීපයට තුති, මෙවැනි තොරතුරු එළිදරව් කරනවට. (ස)
අජිත්, ඔබ හරි. මේක අපේ ඇස් රවට්ටන්න කරන දෙයක් නිසැකවම. අනික වන්නි තිලක් කියනවා වගේ ප්‍රධාන සැකකරු ඔය විදිහට නිකම් කැලේ රිංගන එකෙක් කියලා මොන මෝඩයද පිළිගන්නේ? කැලේ ඉන්න ඇත්තේ වලවල් හාරන අයගේ 'ප්‍රධානියා' වෙන්න නම් පුළුවන්. ගස් ටික කපාගෙන යනවා මදිවට ගස් ගලවාගෙනත් යන්න පටන් අරන්නේ දැන්. වන සංරක්ෂණ ඇමතිලා, අධ්‍යක්ෂකලා, ලේකම්වරු, දිසාපතිවරු මොකටද ඉන්නේ? (නි)
මොහුගේ වතගොත හෙළිකරමින් ඡායාරූපයක්ද පළ කරන්න හැකිනම් හොදයි (නි)
රජයේ සේවයේ නියුතු මාගේ මිත්‍රයෙක් මා හට පැවසූ දෙයක් මෙලෙස සටහන් කරමි. "අපේ ...තුමාට ලංකාදීපයටත් වඩා තරහා ගිහිල්ලා තියෙන්නේ ඒවාට අදහස් දාන අය එක්ක". ලංකාදීප, කරුණාකර මොන බලපෑම් ආවත් අදහස් දාන්න දීලා තිබෙන අපේ අයිතිය නැති කරන්න එපා. (නි)
භය නැතිව ලියන්න ලංකාදීප මහතුනේ ! අර අල්ලපු කුඩු ටොන් කලට මොකද උනේ කියලත් හොයල බලන්න (නදී)
ඉන්දියාවේ අගමැති මෙහෙ නො එනවා නම් තමා හොඳා..........එයාගේ නඩත්තුවටයි, ඉදුම් හිටුම් වලටයි වියදම් වෙන්නේ අපේ සල්ලිනෙ. අපිට හිතවත් අය නම් තව කමක් නැහැ. ලංකාවේ බොහෝ ප්‍රශ්න වලට වග කියන්න ඕනේ ඉන්දියාව. චිනය කියලා රටක් නො තිබුනා නම් මෙලහකට මේගොල්ලෝ අමෙරිකාවත් එක්ක එකතුවෙලා අපිව යටත් කරගෙන........ (ස)
ලංකාදීපය විශිෂ්ටයි ඔබේ මෙහෙවර..මගේ ප්‍රණාමය (ස)
කැලේ ගස් කපන්නාට මේ වැඩේ තිනියම කරන්න බැරි බව අපි දන්නවා. මෙයාට උදව් උපකාර කරන අයව අත්අඩංගුවට ගත්තා නම් තමයි මේක රසවත් වෙන්නේ.(නදී)
එම පුවත ලංකාදීපයෙන් අනාවරණය නොකරන්න තවමත් ගස් උගුල්ලනවා. මේවා කාට කියන්නද?? (ස)
උදේ පාන්දරම රක්ෂිතයට රිංගපු කැකිරාව පොලිසිය මෙච්චර කල් කැකිරි කැවද?අනේ ඔය පළාතේ කදිරයියා කෙනෙක්වත් හිටියා නම්... (ස)
ලංකාවේ පොලීසියට හොරු අල්ලලා දෙන්න ඕන. එයාලා හොයලා බලලා ඒවා කරන්නෙ නෑ. ලංකාදීප එළි කරපු එක හොඳයි. (ස)
ලංකාදීපයෙන් ලක්මවට කලේ අපමණ මෙහෙවරක්, ගස් කපලා කැලේ විනාශ කරන අයට වඩා මේ අය හොදයි. මොකද, ඒ අය ගස තව තැනක හිටවනවා. නමුත් කැලේ ගස් ගැලවීම දඩුවම් ලැබිය යුතුයි. (ස)
දැන් පෙන්වනවා කෞතුකාගාරය අංක 2 කැකිරාව රක්ෂිතය.(නදී)
මම මෙය දකින්නේ හොඳ ක්‍රියාවක් විදියට. කැලේ ගස් කැප්පීම නොවේ, උගුල්වා ගෙනත් හිටවීම නිසා කැලයේ තව ගස් වැවෙන අතර, ගස් නැති පෙදෙස් වලද ගස් වැවීම හොඳ දෙයකි. (නදී)
ඔය ගස් ගෙනල්ල කොළඹ නගරය අලංකාර කරොත් කොච්චර වටිනවද, මේ වගේ එකෙක් කරොත් ඒකට අකුල් හෙලන අය තමයි ලංකාවේ ඉන්නේ. නිකන් හිතමු ඒ ගස් එතනම නැතුව කොහේ හැදුනම මොකෝ. ඒකත් ලංකාවේ කෑල්ලක් නේ. (නදී) ඔන්න ලංකාවෙන් පිට ගෙනිච්චොත් නම් වරදක් කියන්න පුළුවන්
මේවා ලොකු ගස් බලා ගෙන (නදී)