IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


කලාකරුවන්ට හිතුනොත් මොනවද කරන්න බැරි?

20160325-ent-55

"රටක් මොනතරම් සංවර්ධනයවෙලා දියුණුවට පත් වුණත්, ඒ රටේ ජනතාව සංවර්ධනය වුණේ නැත්නම් ඒකෙන් වැඩක් තියෙනවද? අපට ආගම දහම ගැන යහපත් සිතුවිලි ප්‍රචාරය කරන්නට පවා පරපුරක් ඉන්නට ඕනෙ. ඒත් ඒ අනාගත පරපුරේ විනාශය අපට දැන් ටික ටික පේන්න තියෙනවා." මෙවන් අදහසක් පළ කරමින් අපේ කතාබහට ආරම්භයක් දුන්නේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ටෙනිසන් කුරේය. හාස්‍ය තුළින් රටක් වසඟයට පත් කළ මේ සොඳුරු කලාකරුවා තව නොබෝ දිනකින් තවත් බැරූරුම් වැඩකට පරිසරය සකස් කරලා තියෙන්නෙ.

"මගේ අයි ඈම් ශ්‍රී ලංකා සමඟ අපාය" වේදිකා නාට්‍ය අප්‍රේල් 10 වැනිදා සවස 6.30ට මොරටුව වේල්ස් කුමර විදුහල් ක්‍රිඩාපිටියේදී නොමිලේ පෙන්වනවා. මේක විහිලුවක් නෙවෙයි හරිද? දේශපාලනඥයන්ට වඩා කලාකරුවන්ට කරන්න පුළුවන් දේ වැඩියි. මොකද අපි හැමදේම විවෘතව කරන නිසා. අපි මේ වැඩෙත් කරන්නෙ එළිමහනෙ අපේ මොරටුව පාසැල් ක්‍රීඩාපිටියෙ. කලාකරුවන්ට හිතුනොත් මොනවද කරන්න බැරි?" ටෙනී කීය.

 

20160325-ent-53කියන්නකො මේකෙ සුල මුල?

එහෙනම් අහන්නකො. මේක බොහෝ විශිෂ්ටයින් බිහි කළ රටක්. ආගමික නායකයෝ, විද්‍යාඥයෝ, වෛද්‍යවරු, ක්‍රීඩකයො, සිනමාවේදින්, කලාකරුවො වගේ අය මේ රටේ බිහිවෙලා තියෙනවා. දැනටත් ඒ වගේ අතිදක්ෂ, බුද්ධිමත් මිනිස්සු ගොඩාක් මේ රටේ ඉන්නවා. නමුත් අනාගතයේදී එහෙම අය බිහිවෙයිද කියන එක ලොකු ප්‍රශ්නයක්.

 

ඇයි ඔබ එහෙම කියන්නෙ?

ඒකට එකම හේතුව තමයි මත්ද්‍රව්‍ය. දැනට ලැබෙන වාර්තා අනුව සෑම පාසැලකම අඩුම ගානෙ ළමයි දෙන්නෙක් තුන් දෙනෙක්වත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවෙලා ඉන්නවා. මේක විශාල ගැටලුවක්. මත් රකුසාගෙන් තරැණ පරපුර මුදවා ගැනීම තමයි මේ මොහොතේ කළ හැකි හා කළ යුතු වැදගත්ම කර්තව්‍යය.

 

ඔබ මේ සම්බන්ධව ගැඹුරින් සොයාබලා තිබෙනවද?

අනිවාර්යයෙන්ම. මගේ "අයි ඈම් ශ්‍රී ලංකා සහ අපාය" නාට්‍යයට පාදක වෙන්නෙත් මත් රකුසාගෙන් අපේ දරු පරපුරට සිදුවන හානිය ගැන. මම කාලෙක ඉඳලා අදාළ බලධාරීන් සමඟ මේ ගැන සාකච්ඡා කරලා තොරතුරු හුවමාරු කරගෙන තියෙනවා. හේතු කාරණා හොයල බලලා තියෙනවා. කනගාටුවෙන් වුණත් කියන්න තියෙන්නෙ මේකට ප්‍රධාන හේතුව මව්පියො දරුවන් ගැන නිසි ලෙස හොයා නොබලන එක. අද මව්පියන් හා දරුවන් අතර තිබෙන සන්නිවේදනය අඩුවෙලා.

 

කලාකරුවෙක් හැටියට ඔබ කොහොමද මේ ක්‍රියාවලියට මැදිහත් වෙන්නෙ?

කලාකරුවන්ගේ පරම යුතුකම සමාජය දැනුම්වත් කරන එක. එවන් කලාකරුවන් අමරණීය වෙයි. මේ තේමාව මත තමයි මට මේ සද් ක්‍රියාවට දායක වෙන්නෙ. කලාකරුවන්ට පුළුවන් දේශපාලනයෙන් එහාට ගිය විශාල සමාජ මෙහෙවරකට දායක වෙන්න. මොකද දේශපාලනඥයා වුණත් ඕනම උත්සවයකදී කලාකරුවාව මුලට දාන්නෙ සෙනඟ රැස් කරන්න පුළුවන් විශාල බලයක් කලාකරුවාට තිබෙන බව ඔවුන් දන්නා නිසයි. ලෝකෙ ඕනෙම රටක කලාකරුවන්ට මිනිස්සු ආදරෙයි. අපි කියන දේ මිනිස්සු අහනවා. මත්ද්‍රව්‍යවල ආදීනව ගැන දරුවන් දැනුම්වත් කරන රැස්වීමක් අහවල් තැන අහවල් වෙලාවට තියෙනවා කිව්වොත් කවුරුත් යයිද? ටෙනිසන් කුරේගේ අහවල් නාට්‍ය, අහවල් තැන, අහවල් වෙලාවට නොමිලේ පෙන්වනවා කිව්වොත් අසීමිත සෙනඟක් එනවා. ඒ කියන්නෙ අපි සෙනඟ රැස් කරන යන්ත්‍ර. මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ ලොක්කො, බුද්ධිමතුන් ඉන්නෙ ජනතාව දැනුම්වත් කරන්න. ඒත් ඒ පණිවිඩේ දෙන්න සෙනඟ එපායැ. ඒ සෙනඟ රුස් කරල දෙන වගකීම මම භාර අරගෙන තියෙනවා. මිනිස්සු මගේ නාට්‍ය සතුටු වෙන අතරෙ අදාළ බලධාරීන්ට පුළුවන් ඒ ගොල්ලන්ගෙ පණිවිඩේ දෙන්න. මේ වගේ දැවැන්ත වැඩක් කරන්න ගොඩාක් අයට තියෙන්නෙ මුදල් ප්‍රශ්න. ඒත් මෙවැනි පින් අතේ වැඩක් සඳහා ඕනෑම උදව්වක් කරන්න හිතක් පපුවක් තියෙන කීප දෙනෙක් මට මුණගැහිලා තියෙනවා. කටුබැද්දෙ මෙගා ඔටෝ සෝන් අධිපති ඩිලාන් හේවාවසම් ඉන් මට විශාල ශක්තියක් වෙලා තියෙනවා. ඒ වගේම මගේ ආදරණීය බිරිය කිව්වා මේ හොඳ වැඩේ පටන් ගන්න, සල්ලි ප්‍රශ්නයක් තිබුණොත් එයාගෙ පොතෙන් අරන් දෙන්නම් කියල. ඒක මට විශාල ධෛර්යයක්. මට ඕනෙ මුලු රටටම මේකෙ වටිනාකම පෙන්නන්න.

බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමැති රන්ජිත් සෝමවංශ මහතා මේ සංකල්පය ගැන ගොඩක් පැහැදිලා දිය හැකි සෑම සහායක්ම දෙන්න පොරොන්දු වුණා. මේක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙ සැලකිල්ලටත් යොමුවෙලා තිබෙන බව ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය සමන්ත කිතලවආරච්චි අදහස් පළකරමින් මට කිව්වා. එම නාට්‍ය ටවර් රඟහලේදී එම කාර්යාංශ නිලධාරීන්ටත් පෙන්නුවා. ටවර් හෝල් අධ්‍යක්ෂක ජෙනරාල් ලයනල් ප්‍රනාන්දු මහතා, නවලෝක ව්‍යාපාර අධිපති ජයන්ත ධර්මදාස, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර, රවීන්ද්‍ර රන්දෙණිය, ප්‍රීති රන්දෙණිය, නිහාල් නෙල්සන්, ශ්‍රීයානි අමරසේන, දිල්හානි, රෝයි, සුමනා, අනුෂා දමයන්ති, නිලන්ති ඩයස් වගේම බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා, පෞද්ගලික සහකාර නන්දසේන විතානගේ, රන්ජිත් සෝමවංශ ඇමැතිගේ ලේකම් එස්. ලියනගමගේ, වේල්ස් කුමර විදුහල්පති ජේ.ඩබ්.එස්. සිරිවර්ධන, නදිත් ජයවීර, හේමාස් ආයතනයේ වෛද්‍ය ලකිත් පීරිස් හා වෛද්‍ය රොහාන් සුගතදාසත් මේ සද්කාරයේ වටිනාකම හඳුනාගෙන මට ලබාදෙන ධෛර්යය හා උනන්දුව මම ආදරයෙන් සිහිපත් කරනවා. ළමයින්ට ආදරේ කරන යහපත් දේකට දායක වෙන්න කැමති අය ඉන්නව නම් මම කැමතියි මේ නාට්‍ය ඒ අයගේ පළාත්වලත් නොමිලේ පෙන්නන්න.

 

රමේෂ් උවයිස්

DESHAYA

20160325-ent-54



අදහස් (0)

කලාකරුවන්ට හිතුනොත් මොනවද කරන්න බැරි?

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 22 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 156 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 144 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 400 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


ලිබඩු කර්මාන්තශාලාවක ගින්නක්
2024 සැප්තැම්බර් මස 29 67 0

මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි


කූට ලේඛන සකසා මෝටර් රියක් අලෙවි කළ දෙන්නෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 29 422 0

කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site