කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිසි කලට වේලාවට අනතුරු සංඥා නිකුත් කළානම් මහා විපතක් නොවතියි ධීවර නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
පසුගිය හය වැනිදා කාලගුණ විපර්යාසය නිසා මරණ සංඛ්‍යාව 47 දක්වා වැඩිවි තිබෙන බවත් 14දෙනෙකු අතුරුදන් වී ඇති බවත් හෙතෙම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පටු දේශපාලන පක්ෂ වලට මේකත් අවස්ථාවක්. බංකොලොත් බාවයෙන් මිදෙන්න.අපේ රටේ තාක්ෂණය තාම දියුණු නැහැ. ලෝකයේ දියුණුම කියන රටවල් වලටත් තාම බැහැ හරියට දෙයක් කියන්න. ජපානයේ පුකුසිමා , ඇමෙරිකාවේ පසුගිය කාලයේ ඇතිවූ සුළි සුළඟ මෙයට නිදසුන් (නි)
ඇමතිතුමෝ විදුලිකොටල වහින වෙලාවට පාරේ යන්න එපා හොඳද (ස)
කව්රු කොහොම කීවත් මුළු රටම දන්නවා මේ කව්ද මොනවද කරන්නේ කියලා.(ස)
දැන් ඉතින් එක එක්කෙනාට බෝලේ පාස් කරලා හරියන්නෙ නැහැනේ. (නි)
රාජා, "දේශපාලනේ" කියල දාමුද? (ස)
මීගමු පැත්තේ ජනතාවට ඔබතුමා කළ සේවය අමතක නැහැ (නි)
ලංකාවේ මෙවැනි ප්‍රශ්නවලදී එක්කෙනෙක් අනිකට ඇඟිල්ල දික් කරලා එයාල බේරෙනවා අසරණ මිනිස්සු ජීවිතවලින් වන්දි ගෙවනවා. ඉස්සරත් වුනා , දැනටත් වෙනවා , ඉදිරියටත් වෙයි. (අ)
අහිංසක ධීවර ජීවිත බිලිගත් ඔය කුණාටුවට මොකක්ද දාන නම? (නි)
වෙබ් එකකින්වත් බලලා කිව්වා නම් මීට වැඩිය හරියට කියන්න තිබුනා (නි)
කාලගුණ විද්‍යා කරන තවත් මෝඩ වැඩක් තමයි කාලගුණය පරිපාලන පළාත, දිස්ත්‍රික්ක අනුව කියන එක. මේවා වෙන්කරලා තියෙන්නේ ගගවල් ආදියෙන් නේ. වැස්ස ව්‍යාප්ත වන්නේ වහින්නේ සුලන් දිසා සහ කදු බාදක වලට අනුවයි. ඒ නිසා වහාම වර්ෂාව පදනම් කරගෙන කලාප දිස්ත්රික්ක හදුන්වා දී ඒ අනුව කාලගුණය කිනවානම් වඩා නිවැරදි වේ.(නදී)
දෙගොල්ලොම කරුණාකරලා විහිලු නොකර ඉන්නවද තවත් මැරිච්ච මිනිස්සුන්ට නිගා නොකර. ධීවරයො හිතනවා ඇති මීට වඩා හොඳයි හොරෙන් බැකෝ දාලා මීගමුවෙ වැලි කැපුවා නම් කියලා (නි)
ඇමරිකාවේ සිදුවුණ සුළි සුළඟ නිසා මැරුන අයගේ මිනියවත් නැහැ. ලෝකයේ දියුණුම රටක් වන ඇමරිකාවට බැරී වුනා නම් එය පිලිබඳ කලින් දැනුවත් කරන්න , තුන්වන ලෝකයේ තවමත් නොදියුණු අපේ රටේ ඕකට කෑ ගහන්නේ මොකටද? (නි)
ඕක උසස් අධ්‍යාපනය සම්බන්ධ ගැටළුවක් (අ)
මටත් පුලුවන් මුහුණු බලන් සාස්තර කියන්න. කාලගුනෙත් කළේ ඕකම තමා.(නදී)
අන්තිමට කවුරුත් කට ගහල ගොන් තර්ක දාල එහාට මෙහාට බෝලෙ තල්ලු කරල සුදනො වේවි. මැරිච්ච මිනිස්සු මලාම තමයි ඉතිං. (නදී)
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ඔබ ආඬපාලි කීමෙන් පලක් නැහැ. (අ)
කියන්න බලන්න දූෂිත කාලගුණ නිලදාරින්ට විරුද්ධව ගන්න පියවර? (නි)
ඉතාලියේ 'අක්විලා' ග්‍රාමයේ සිදුවූ විශාල ජීවිත හානියක් වූ භූමිකම්පාව ගැන කල්තියා නොදැන්වීම නිසා 'කාලගුණ' නිලධාරින් කීපදෙනෙක් මිනීමැරුම් චෝදනා යටතේ සිරගත වුණා. (නි)
දැන් ඉතින් බුර බුර ඉන්න එකයි තියෙන්නේ.(නදී)
ලංකාවේ 'කාලගුණයෝ' ටික වැස්සේ තෙමවලා හොඳට හෝදලා ගන්න ඕනේ නිදිමත යන්නත් එක්ක.(නදී)