ගංජා සුරුට්ටු ළඟ තබා ගත්තැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ කැලණිය විශ්ව විද්‍යාලයයේ සිසුන් දස දෙනකු රුපියල් පනස් දහස බැගින් පෞද්ගලික ඇප මත මුදා හරින ලෙස මහර ප්‍රධාන මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය නියෝග කළාය.
කැලණිය විශ්ව විද්‍යාලයයේ සිසුන් ගංජා සුරුට්ටු කැපීම සහ එතීම සඳහා විවිධ උපකරණ ළඟ තබාගෙන සිටි බව ද කිරිබත්ගොඩ පොලිසිය අධිකරණයට දැන්වීය.
සිසුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චතුර ගුණරත්න මහතා පැවසුවේ නවක සිසුන් පිළිගැනීමට තොරණක් ඉදිකරමින් සිටිය දී පොලිසිය බොරු චෝදනා කර සිසුන් අත්අඩංගුවට ගත් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ අම්මෝ..කට්ටිය නිදහස් අධ්‍යාපනේ රැකගන්න විදින දුක..මේක ගහපු වෙලාවට තමය මන් හිතන්නේ කට්ටිය ඔය එක පාරට මොකක්ද එකක් මතක් උනා වගේ නිදහස් අධ්‍යපනේ රැක ගනිව් කියල පාරට බහින්නේ (අ) .
මල්ලිලා අඩු වියදමකින් ගොඩාක් දුර යන්න දන්නවා එහෙනම් .(අ)
විශ්ව විද්‍යාලය ඇතුලට පොලිසිය ආවේ කොහොමද. දැන් එහෙම පුලුවන්ද. විශ්ව විද්‍යාල ඇතුලේ ඕක මහා ලොකු දෙයක් නෙමෙයි හැමතැනම වෙනවා. වෙන හේතුවකට වෙන්න ඇති. පලිගැනීමක් වගේ.(නදී)
කුඩු කන්ටේනර් නිදහස් කරන්න කියල අගමැති කාර්යාලයෙන් ලියුම් යන්නේ. මේ තත්වය යටතේ සිසුන් ගංජා ගැහැව්වත් මොකෝ? (නදී)
පොලිසිය කියන දේවල් පිළිගන්නේ ඒ අයගේ අය විතරයි. (නදී)
මේ අර දුක් විදලා ඉගෙන ගන්න බුද්දිමත් සිසු පරපුර වෙන්න ඇති... අර පෞද්ගලික විශ්වවිද්යාල වහන්න කියල පෙලපාළි ගියේ.(නදී)
මීට පෙර ජාත්‍යන්තර පාසලක සිසුන් ගංජා ගහලා අහු උනාම නං කිව්වේ මරිජුවානා බිව්වා කියලයි. (නදී)
ඒ කතාව කියල තියෙන්නේ කොන්ඩේ බැඳපු චිනෙකුට වෙන්න ඇති. (නදී)
මත් කුඩු ගෙන්නන්ටත් විශ්වවිද්‍යාල සිසුන් මර්දනයටත් එකම විදියට නිතිය ක්‍රියාත්මක වීම රටේ වාසනාවක් නේද? (නදී)
පොඩ්ඩක් ඉවසන්න මල්ලිලා.(නදී)
කැම්පස් වලත් බේබද්දෝ වැඩි වෙලාද? (නදී)