කැලණි සරසවියේ කන්නන්ගර නේවාසිකාගාරයට එල්ල කළ මැර ප්‍රහාරයට විරෝධය දක්වමින් සරසවි සිසුහු පිරිසක් සරසවියේ සිට කොළඹ උසස් අධ්‍යාපන අමාතශංය දක්වා පා ගමනක් ඇරැඹුහ.
මින් මද වේලාවකට කළීන් ඔවුන් හොරණ හන්දිය පසු කළහ.පොලිස් කැරලි මර්ධන හමුදාව ජල ප්‍රහාරක රථ ද සමඟ පෑලියගොඩ නතර කැර ඇත.
ඡයාරූප - ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි
(ඡායාරූප තුෂාර සිල්වා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පෙළපාලියේ යන භික්ෂූන් වහන්සේලාට හිස මුඩුකරගන්න වෙලාවක් නැති උනාට පෙළපාලි යන්න නම් ඉඩ හසර තියනවා වාගේ පෙනෙන්නේ. සුවපත් වේවා !!! (අ)
මේ සිසුන් ඉල්ලන්නේ රජයේ මැති ඇමතිකම් නොව සාධාරණයකුයි. (ස)
මේවා කරන්නේ මුන් ගෙදර අරන් යන්න නෙමේ. අනාගතේ එන්න ඉන්න උන්ටත් එක්ක. (ස)
අනෙක් සිසුන්ට යමක් බෙදාදීම කෙසේවෙතත් මෙයාලගේ නවක සිසු සිසුවියන්ට ලැබෙන නවක වදය සියල්ලටම වැඩිය අමානුෂිකයි (නි)
බන්දුල මේ අය සද්දේ දන්නේ ඒඅයට විතරක් අයිතිවාසිකම් ඉල්ලලා නෙවේ අනෙක් අයගේ දරුවන්ටත් එක්ක මේ දෙයින් යම්දෙයක් දිනගත්තොත් මේ අය තව අවරුදු කිහිපයකින් ගෙදර යයි නමුත් ඒවා උඹලගේ ළමයි තමයි භුක්ති විදින්නේ (අ)
400ක් ඉන්න බෝඩිමකට හතරපස් දෙනෙක් ඇවිත් ගැහුවා කියලා කියනවා. අනේ මෙහෙමත් නාටක! සියලුම විශ්ව විද්‍යාල වල ආරක්ෂාව සම්බන්ධව ඉන්නේ රටේ ආරක්ෂාව සම්බන්ධ ඉහළ තනතුරක් තිබෙන කෙනෙක් නේද? ඉතින් 4 දෙනෙක් ඇවිල්ලා විශ්ව විද්‍යාලේ ඇතුලේ ඉන්න ළමයින්ට ගැහුවා කියන්නේ කව්ද ලැජ්ජා වෙන්න ඕනෑ? (නි)
එක රැලක් මෙහෙ එනවා පේනකොට තව රෑනක් ඈත එනවා පේනවා. හැබැයි රැල්ල අවහිර කරන්න එපා මට ප්‍රෙෂර් එක නගිනවා. වැලිවේරියේ පාරවල් වහලා කල උද්ගොෂනයෙන් පස්සේ මගේ ප්‍රෙෂර් එක වැඩි වෙලා ගත්තු බෙහෙත් තවමත් බොනවා.(නදී)
අන්න හරි. යන්න මල්ලි පෙළපාලි. හාමුදුරුවොත් එක්කගෙනම යන්න. අපට පන්සලේ ඇබිත්තයන්ගෙන්වත් නිවනට යන මග අහගන්න පුළුවන් (නි)
ඒ අයම විසින් අවසන් කර ඒ අය විසින්ම අවසන් ගමනත් යනු දැක්ම පුදුමයකි. (නි)
කන්න වගේ හදන්නේ (දී)
ලද දෙයින් සතුටුවන්න (අ)
ඔය දීපු ලනුව අත හැරියොත් නම් ගමනේ තේරුමක් තියෙයි. (නි)
තරුණ ශිෂ්‍යන් රවටන බඩගෝස්තරවාදී බංකොලොත් දේශපාලුවන්ගේ වැඩ. මෙවැනි දේවල් වෙනත් රටවල සිදු නොවේ (නි)
කවදාහරි අධ්‍යාපනය ඉවර කළාට පස්සෙත් පා ගමනින්ම තමයි යන්න වෙන්නේ (නි)
තවත් අළුත් යමක් පෑලියගොඩ හන්දියේදී බලාගත හැක. (නි)
400ක් ඉන්න බෝඩිමකට හතරපස් දෙනෙක් ඇවිත් ගැහුවා කියලා කියනවා.අනේ මෙහෙමත් නාටක! මම කලිනුත් කිව්වා වගේ ඔය සද්දේ දාන කට්ටියව නෝට් කරලා හොද දඩුවමක් දුන්නා නම් පාරේ යන එන මිනිස්සුන්ගේ යහපතටත් අහිංසක සිසුන්ගේ යහපතටත් ඒක පින්සිද්ධ වෙන ක්‍රියාවක් (නි)
ඔයවාගෙ පෙළපාලි යනවාට හොඳ නැද්ද ශිෂ්‍ය සංගම් නියෝජිතයොයි සරසවියේ පාලක පක්ෂයේ කිහිප දෙනෙකුයි ගිහිල්ලා මේ සම්බන්ධව කටයුතු කළා නම්. මේ වගේ පෙළපාලි වලින් මහජනයාට කරදර වෙනවා. (නි)
මේ සිසුන් ඉල්ලන්නේ රජයේ මැතිඇමතිකම් නොව සාධාරණයකුයි (නි)