IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කැලණි සිසුහු වීදි බසිති

මහා ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් කිහිප දෙනකුට පනවා ඇති පන්ති තහනම ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කැලණිය විශ්ව විද්‍යාලයයේ සිසුහු අද (11) විරෝධතාවක් ඇරැඹූහ.

විශ්ව විද්‍යාලයයේ රැස්වීමක් පවත්වා ඇරැඹූ පෙළපාළිය මේ වන විට කොළඹ මහනුවර පාර ඔස්සේ කිරිබත්ගොඩ නගරය දෙසට ගමන් කරයි.

‍කොළඹ - නුවර පාරේ දැඩි වාහන තදබදයක් ද හටගත්තේය. පොලිසියේ විස්සක් තිහක් ආරක්ෂාවට යොදවනු ලැබ සිටිති.



අදහස් (0)

කැලණි සිසුහු වීදි බසිති

උපාලි Wednesday, 11 September 2013 01:28 PM

ඔන්න ඇමතිතුමනි, කට්ටිය. මං එහෙම කිව්වට දැන් ඔබතුමා ඒ වැඩවලින් අයින්වෙලාද දන්නෙත් නැහැ. වැඳගෙන ඉන්නවත් දැක්කා.(නදී)

:       0       0

කුමාරි Wednesday, 11 September 2013 01:35 PM

අහිංසක මව්පියෝ බඩට නොකා මේ අය මෙතනට ගේනවා ආපු කාරණය අමතක කරලා දැන් පිස්සෝ වගේ හරියනවා (අ)

:       0       0

උපාලි Thursday, 12 September 2013 09:27 AM

බන්දුල පෙරේරා, 16:09:50 සහ 16:37:35 ඇත්තටම ඔබේ අදහස්ද? පුදුමයි. ඇයි ඔබ ඒවා නිවැරදි කරන්න උත්සාහ නොගන්නේ? (ස)

:       0       0

කුමුදු Wednesday, 11 September 2013 02:02 PM

මොවුන් හැමදම වීදි බහිනවා. පාරවල් අවහිර වෙන එකවත් තේරෙන්නේ නැද්ද.උපාධිය අරගෙන අහිංසක මිනිසුන් සූර කනවා. (ස)

:       0       0

දර්ශන Wednesday, 11 September 2013 08:20 PM

මම මේක පෞද්ගලික අංශයෙන් ඉල්ලන්නේ. රජයේ විශ්ව විද්‍යාල වල ගිය අයට ඔබගේ ආයතනවල රැකියා දෙනකොට සටනට නොගිය අය තෝරලා ගන්න.(නදී)

:       0       0

මිනිපෙ Wednesday, 11 September 2013 08:27 PM

ඔය සංගම් වලට කුමන හෝ දේශපාලන පක්ෂයක සම්බන්ධයක් තිබෙනවා යැයි මම විශ්වාස කරනවා.එදා සිටම ශිෂ්‍ය සංගම් පක්ෂවල අතකොලු වෙලා තිබුණා. (නි)

:       0       0

කුමාර Wednesday, 11 September 2013 08:48 PM

බන්දුල පෙරේරා, මේ කොල්ලන්ට ඔහේ අහුවුණොත් බත් කන්න වෙන්නෙ දත් නැතුව (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 11 September 2013 03:05 PM

මෙය විශ්ව විද්‍යාල සිසුනට මොන උපාදියක් නොලැබුනත් උද්ගෝෂණ උපාදියක් අනිවාර්යයෙන්ම ලබා ගන්ට පුළුවන් . අඩු ගනනේ රටට නය වෙලා ළමයින්ව ඉහලට ගන්ට බලාපොරොත්තු වන දෙමව්පියන්ට ඒකත් සැනසීමක් වෙවී.(නදී)

:       0       0

සෙනෙවි Thursday, 12 September 2013 10:24 AM

විශ්ව විද්‍යාල ලමයින්ට හොදට ගහන පුරසාරම් දොඩන චන්ඩි ඇයි තමන්ගෙ අනන්‍යතාවය සඟවාගෙන ප්‍රතිචාර දාන්නෙ . (දී) … …

:       0       0

ධම්ම Wednesday, 11 September 2013 03:22 PM

පොලීසිය ඉවත් කරන්න. එයාලට යන්න ඉඩ දෙන්න. ටික දුරක් ගිහිල්ලා එයාලා විසිරිලා යාවි. (අ)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 12 September 2013 10:53 AM

උපාලි මහත්තයෝ. ඩුප්ලිකේට් එකේ අදහස් වලටත් ඉඩ දීල තියෙනවා..එක නතර කරන්න මට බැහැ..අවශ්‍යත් නැහැ..දන්නෝ මන් ගැන දන්නවා..එ ඇති. .

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 11 September 2013 03:26 PM

උපරිම බලය පාවිච්චි කලොත්නේ අවුල.. කට්ටියට ඕනෙත් ඒකනේ. මිනී දෙකතුනක් කොහොම හරි කැම්පස් කොල්ලන්ගේනුත් අරගන්නනේ. ඒකට ඉඩ නොදී අවම බලය උපරිමව බාවිතා කරලා ඔය ලීඩ් කරන රතු මල්ලිලාගේ කුක්කු බබාලා තුන හතරක් නෝට් කරලා හතර හන්දි කඩලා එක්තැන් කරවන්න..පාරේ යන එන මිනිස්සුන්ගෙයි අනෙක් සිසුන්ගෙයි යහපත වෙනුවෙන්.(නදී)

:       0       0

මිනිපෙ Wednesday, 11 September 2013 10:21 PM

කුමාර, .ඔය කොල්ලෝ චන්ඩි පාට් දාන්නේ, කල්ලි පිටින් ඉන්න විටදී පමණයි. අනික ඔය ඔක්කො ගේම ලොකුවට තියෙන්නේ කට පමණයි. එක වරක්,මම දන්නා ගැහැණු ළමයෙකුට ඉතාම කෘර නවක වදකයට ලක් වුනා.ඒ ළමයාට සහෝදරයන් හතර දෙනෙක් හිටියා.ඒ සහෝලා, ඒ වද දීපු කොල්ලන් එක, එකාව එළියේදී අල්ලාගෙන දුන්නා අම්බානක.(නදී)

:       0       0

වරුන Wednesday, 11 September 2013 03:40 PM

රටේ අධ්‍යාපනය බාල අංශ පන්තියේ ඉඳන් විශ්ව විද්‍යාලය දක්වාම අවුලෙන් අවුලට පත්වෙලා. අධ්‍යාපනය විභාග සියල්ල උඩු යටිකුරු වෙලා. (ස)

:       0       0

සදුනි Wednesday, 11 September 2013 03:48 PM

පන්ති තහනම් කලේ හේතුවක් නැතිවමද....???එහෙනම් අනිත් දහස් ගණනකගේ පන්ති තහනම් නොකළේ ඇයි.? (ස)

:       0       0

බන්දුල පෙරේරා. Wednesday, 11 September 2013 04:09 PM

අධ්‍යාපනය මුදලට විකුණලා ඒවාට විරුද්ධව කෑගහන අයගේ පන්ති තහනම් කරලා හිරේ දන්නා ඕනේ. ගැහැණු ළමයින්ට විදේශ රටවල ගෘහ සේවිකා ඇබර්තු ඕනේ තරම් තියෙනවා. පිරිමින්ට ඕනේ තරම් කුලී වැඩ තියෙනවා. අපි ඉගෙන ගත්තෙත් නැති එකේ අපේ ළමයින්ටත් ඕනේ නැහැ.(නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 11 September 2013 04:10 PM

තමන්ට අසාධාරණයක් වෙනවා නම් ඒකට විරෝධය පාන්න අයිතියක් තිබෙන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදී රටක නම්. (නදී)

:       0       0

දයාල් Wednesday, 11 September 2013 04:20 PM

මමත් එංග්ලන්තේ විශ්ව විද්‍යාලයකට ගියා. ඔය කෝලම් මෙහෙ නම් නැහැ. ඕක බෝවෙන රෝගයක් මෙතැනින්ම හොඳ පාඩම් උගන්වන්න ඕනේ.(නදී)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 11 September 2013 04:27 PM

මන් හිතන්නේ දැන් ඔය මහා ශිෂ්‍ය සංවිදානයේ ආයු කාලය ඉවර වේගෙන ඉතිහාසයට යනගමන්. ඔය කට්ටියගේ වැඩ නිසා අපේ ළමයින්ගේ උපාදී කාලය වසර තුන හතර වෙන වසර හතර පහ හෝ හය වෙලා. ස්වබාවික මරණ තත්වයට යන ඔය අන්තරේට ඔක්ජන් දෙන්න නම් එපා!. තරුණයෝ.(නදී)

:       0       0

බන්දුල පෙරේරා. Wednesday, 11 September 2013 04:37 PM

අපේ පරම් පරාවක කෙනෙක් විශ්ව විද්‍යාලේ ගිහිල්ල නැහැ. කොහොමත් මට නම් ඔය ඉගෙන ගන්න එවුන් පෙන්නන්න බැහැ. අපරාදේ රටේ සල්ලි තවත් ගුවන් තොටුපලක්, නැතිනම් තවත් වාරයක් හදන්න තිබුනනේ.(නදී)

:       0       0

කුමාරිහාමි Wednesday, 11 September 2013 04:46 PM

ලොකු ලොකු අයගේ ළමයි ලංකාවේ විශ්ව විද්‍යාල වලට යන්නේ නැහැ. ඔක්කොම සල්ලි ගෙවලා ඉගෙන ග්නන කැම්පස් හෝ ආයතන වලට යන්නේ. ඒ සමහර අය තමන්ගේ දරුවන්ට වඩා බුද්ධියක් අනිත් දරුවන්ට තියෙනවට ඉරිසියයි. ඒකයි පිළිගත් පාඨමාලාවල විසය නිර්දේශ සරසවි උපාධි පාඨමාලාවලට ඇතුලත් නොකරන්නේ. ඒ අය කියන්නේ දැන් ජරාව කාලා, ජරා වතුර බීලා මුදල් ගෙවා හදාරන පාඨමාලාවලට ඉඩ දීලා වැඩකට නැති උපාධිය අරන් යන්න කියලා.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 11 September 2013 04:50 PM

ළමයි කොච්චර අමාරුවෙන්ද විශ්ව විද්‍යාල වලට යන්නෙ , මේ වැනි දේවලට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පොලඹවන සංවිධාන වල නායකයෝ කවදාහරි මොකක් හරි දේශපාලන පක්ෂයකින් ඡන්දය ඉල්ලා මන්ත්‍රී කෙනෙක් වෙලා පාර්ලිමේන්තු ගිහින් ගොඩ වේවි . අමාරුවේ වැටෙන්නේ අධ්‍යාපනය කඩා කප්පල් කරගන්නේ වෙඩි කන්නේ දුපත් දෙමවුපියන්ගේ දරුවෝ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 208 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 62 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 1226 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 481 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 1164 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 227 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30093 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23670 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 415 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site