IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


කැලණිය සරසවියට පළමු වරට උපකුලපතිනියක්

(ඩයනා උදයංගනී)

කැලණිය විශ්ව විද්‍යාලයේ උප කුලපතිනිය ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය පත්කරනු ලැබ ඇත.

එම විශ්ව විද්‍යාලයට උපකුලපතිනියක් පත්වූ පළමු අවස්ථාව මෙය වන අතර මහාචාර්යවරිය විශ්ව විද්‍යාල උප කුලපති කාර්යාලයේදී අද (28) සිය ධූරයේ වැඩ භාර ගත්තාය.

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරියක් ලෙස 1991 වසරේ දී සේවයට එක්වූ ඇය අනතුරුව 1993 වසරේදී කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට බැඳී ඇති අතර 2012 වසරේ සිට 2018 වසර දක්වා එම වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරිය ලෙස ද කටයුතු කර කළාය.

ඉන් අනතුරුව ඇය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ තත්ත්ව සහතිකකරණ සභාවේ අධ්‍යක්‍ෂවරිය ලෙස කටයුතු කරමින් සිටියදී කැලණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති ධූරයට පත්කරනු ලැබ ඇත.

මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය 1986 වසරේ දී කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ඇති අතර එක්සත් රාජධානියේ වෛද්‍ය විද්‍යාලයකින් වෛද්‍ය පරපෝෂිත විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ලබාගෙන තිබේ.



අදහස් (2)

කැලණිය සරසවියට පළමු වරට උපකුලපතිනියක්

janahitha Saturday, 29 August 2020 03:54 AM

පළමුවරට වමක් පත්වී තිබේ. අපගේ ප්‍රණාමය..!!! සරසවියේ දුවා දරුවන්ද මේවගේ උපදෙස්, ආශිර්වාදය මත නව ගමනක් යනු ඇත...

:       0       0

වර්ණකුල Saturday, 29 August 2020 12:48 PM

පැට්රික් මහත්තයා ගොඩාක් කෑමොර ගැහුවා පත්වීමට. මිනිහා පරාදයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 126 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 399 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 266 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


හරීන් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 4631 0

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 378 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 873 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 411 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1904 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site