IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


කොලතැන්නේ 48 වැනි අනතුරත් සිදුවෙයි

බණ්ඩාරවෙල කොලතැන්නේ මහපාර හා දුම්රිය මාර්ගය අතර 48 වැනි අනතුර අද (06) සිදු විය. පාරේ යන ලොරි හා බස් මීට පෙර දුම්රිය පාරේ ටික දුරක් ගමන් කර නැවතී අනතුරට පත් වූ අවස්ථා 47 ක්ම වාර්තා වී ඇතැයි පොලිසිය කියයි.

මහපාරේ පල්ලම නිසා පළමු ගියරයේ වාහන පදවන ලෙස පොලිසියෙන් රියදුරනට අවවාද පුවරුද සවි කර ඇත.

අද හපුතගේ උඩ පාරේ ගමන් කළ ලොරිය‍ තිරිංග අක්‍රීය වීම නිසා පාලනය කරගත නොහැකිව නවතා තිබූ ත්‍රීරෝද රියක හා කාරයක ද වැදී අනතුරට ලක් වී ඇත.

ලොරි රථයේ රියදුරු සුළු තුවාල ලබා ඇති අතර ජීවිත හානි කිසිවක් සුදුවී නැති බවත් මේ අනතුර හේතුවෙන් පැය තුනක පමණ කාලයක් දුම්රිය මාර්ගය හා මහා මාර්ගය අවහිර වී තිබූ බව බණ්ඩාරවෙල පොලිසිය කියයි.

115 117 118 119(1) 120 121 122 123

ඡායාරූප - පාලිත ආරියවංශ



අදහස් (0)

කොලතැන්නේ 48 වැනි අනතුරත් සිදුවෙයි

ගමගේ Saturday, 07 May 2016 04:41 AM

මෙතන අදහස් දමා තිබෙන බොහෝ දෙනෙකුගේ මතයන් බොහෝදුරට එක සමනය. හේවා අනතුර වැරදියි කියා නොව එය සාධාරණීකරනය කරන්නට උත්සාහ කරයි. මා එකග වන්නේ නිමල ලලිත සමඟ පමණි. ලොරිය දෙකඩ වී ඇති ආකාරය දුටුවිට එම රියදුරාගේ සුපරීක්ෂාකාරී රිය පැදවීම , අපේ බොහෝ ලාංකීක රියදුරන්ගේ හික්මීම මොනවට පැහැදිලි වෙයි. අපේ ආකල්ප වෙනස් වන්නේ නැත්නම් අපට සදා දුක පමණි (නි)

:       0       0

කටුනායක Saturday, 07 May 2016 06:33 PM

ගමගේ, නුඹ හරි. (නි)

:       0       0

ගමගේ Saturday, 07 May 2016 07:05 AM

මෙතන මමනම් හිතන්නේ මොකක් හරි භූත ධෝෂයක් තිටයෙන තැනක් කොච්චර ප්‍රවේසමෙන් ගියත් මොකක් හරි වෙනවනේ. පව් අසරණ ලොරි රථයේ රියදුරා. අනෙකුත් තුවාලකරුවන්ට ඉක්මන් සුවය පතමි, (හේ)

:       0       0

හේවා Friday, 06 May 2016 09:06 PM

ඉන්දීය වාහන වලින් මීටවඩා දෙයක් බලාපොරොත්තු වියනොහැක (නි)

:       0       0

සෑම් Friday, 06 May 2016 09:54 PM

කන්ද මුදුනේ ලොරි රථ නවත්වලා ලෝ ගියර් එකට දාන්න පොලිස් මුරපොලක් පිහිටෙව්වොත් මේ අනතුරු අඩුවේවි. ඕස්ට්‍රේලියාවේ නම් ලෝ ගියර් පල්ලමකදී බ්රේක් ලයිට් දෙපාරක් පත්තුවෙලා (ඒ කියන්නේ දෙපාරක් බ්රේක් ගහලා) පොලිසියට අහුවුණොත් දඩ ගහනවා (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 06 May 2016 11:39 PM

පිටින් ලස්සනට තීන්ත ගාලා තිබුනට එහෙම පිටින්ම කබලක් වගේ පෙනෙන්නේ මේ ලොරිය. දැන්වත් මේවාට නීති සම්පාදනය කළයුතුයි. අඩුම තරමේ මාස හයකට වරක් බර වාහන සඳහා මාර්ගයේ ධාවනය සඳහා වන තත්ත්ව පරික්ෂණයක් සඳහා යොමුකර විශේෂ පුහුණුවක් ලැබූ නිලධාරියෙකු මඟින් තත්ත්ව පරීක්ෂණ වාර්තාවක් ලබාගැනීම අනිවාර්ය වියයුතුයි කියා නියම කළයුතුයි (නි)

:       0       0

මනෝජ් Saturday, 07 May 2016 12:43 AM

අද ඕනෑම රියදුරෙකුගෙන් අහන්න එයා පදවන වාහනයේ කොපමණ බරක් අරගෙන යනවාද, කොපමණ ගෙනියන්න පුලුවන්ද කියලා? කී දෙනෙක් දැකලා තියෙනවද දුනු සෙට් එක සවිවෙලා තියෙන සම්බන්ධකයේ තරම. ගුණාත්මක රියදුරෙක් වෙන්න කාර්මික හා තාක්ෂණික දැනුමත් තියෙන්න ඕනෑ. (නි)

:       0       0

ජයත් Saturday, 07 May 2016 01:15 AM

මනෝජ්, ඔයා දන්නා දෙයක් නැහැ. අහලා බලන්නකෝ අපේ ත්‍රීරෝද උන්නැහේලාගෙන් සහ පුද්ගලික බස් අයියලාගෙන්. ඉංජිනේරුවෝ දන්නේ නැහැ ඒ අය දන්නා දේවල් (නි)

:       0       0

ඇසළ Saturday, 07 May 2016 01:31 AM

කාර් එක 13 ශ්‍රී නිසා ඔයින් බේරුනා. දැන් තියන ඉන්දියන් එකක් නම් හිටපු මිනිස්සුත් එක්ක පපඩමක් පොඩි කළා වගේ තියෙයි. (නි)

:       0       0

නිමල් ලලිත Saturday, 07 May 2016 01:42 AM

මෙවැනි අනතුරු වලට හේතුව අබලන් වාහන සහ නොසැළකිළිමත් රිය පැදවීම. කළයුතු එකම දෙය වැරදිකරුවන්ට උපරිම දඬුවම් දීම සහ එයට අමතරව රජයට මේ සඳහා දරන්නට වන වියදම, රක්ෂණයෙන් නොව හිමිකරුවන්ගෙන් අයකර ගැනීමයි (නි)

:       0       0

නිමල් Saturday, 07 May 2016 03:21 PM

නොසැළකිළිමත්කම තමයි මේ අනතුරු වලට මුල (නි)

:       0       0

අරවින්ද Saturday, 07 May 2016 03:23 AM

සමහර රියදුරු මහත්වරු තෙල් ඉතුරු කරගන්න පල්ලමේ නිව්ටල් ගියර් එකේ එනවා. ඉතින් ඊට පස්සේ වෙන්නේ තිරිංග අහුවෙන්නේ නෑ. අනතුරු වෙන්න තියන ඉඩකඩ වැඩියි. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 57 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 143 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 113 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 909 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 37 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 79 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38430 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25316 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 891 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site