කල්පිටිය පුත්තලම් පාරේ කරඹේදී වෑන් රියක් හා ලොරියක් ගැටී දෙදෙනකු මියගොස් 34 දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
කාන්තාවක් හා පිරිමියකු මිය ගොස් ඇතැයිද සෙසු තුවාලකරුවෝ රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති .ඔවුන් සීදුව ප්‍රදේශයේ පදිංචි පිරිසක් බව පොලිසිය සඳහන් කරයි.
.jpg)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන වලට 300% තරම් අදික බදු ගහනකොට සාමාන්‍ය මිනිස්සුන්ට යන්නවෙන්නේ ලොරිවල තමයි. (අ)
-මේක වෙනකොට මං එතන.,ලොරියේ 17-20 විතර හිටිය.ලොරිය අවේ පාරේ මැදීන්.වරද ලොරියේ (දිල්)
යාලුවනේ, අපට වගේ හැම පළාතකටම බස් නැහැ මිනිස්සුන්ට යන්න. පුත්තලමේ ගොඩක් මිනිස්සුන්ගේ රථය වෙලා තියෙන්නේ ලොරිය. ඒක නිසා මෙතන ලොරියක මිනිස්සු ගියත් මම නම් වැරැද්දක් දකින්නේ නැහැ. අදාල බලදාරින් දැනගන්න ඕනා මිනිස්සුන්ට ගමන් පහසුකන් සලසන්න. අහිංසක මිනිස්සු අතින් වරදක් සිදු උනාම දඩුවම් කරන එක නෙමෙයි හරි. වරදට මුල මොකද්ද කියලා කටයුතු කරන එක. ඒත් මෙතන ලොරියේ ගියා කියලා නැහැ. (නදී)
චන්දිම බොරුවට කෑගන්න එපා. වෑන් එකේ 34 කට එන්න බැහැ නේද .පින්තුරේ තියන වෑන් එකේනම් උපරිම 15 එතකොට අනෙත් අය පාරේ ගිය අයද ?.(නදී)
මට පේන හැටියට අර ටැක්ටරයේ පිටිපස්සේ යන කෙනත් මැරෙන්ට හදන්නේ .(නදී)
සමහරු මීට වඩා ශීලාචාර වුණොත් හොදයි නේද? (නි)
සෙන්තිල් මෙතෙන අදහස් දමලා තියෙන්නේ අදාල සිදුවීමට නෙමෙයි (නි)
මියගිය දෙදෙනාට නිවන් සුව ලැබේවා! (නි)
මට නම් පේන්නේ චමත්ට සමාව ඉල්ලන්න දෙයක් නෑ.චමත් හරි. 34 වෑන් එකක යන්ඩ බෑනේ.ලොරියෙත් සෑහෙන පිරිසක් ඉඳලා තියෙනවා.චන්දිම,සිරියලතා තාම පොඩි වැඩී.(දිල්)
මේ විස්තරයේ හැටියට ලොරියේ මගීන් ප්‍රවාහනය කරමින් සිට ඇත අනතුර සිදුවූ අවස්ථාවේ . මේකෙන් පේනවා මොන තරම් අනාරක්ෂිත දෙයක්ද කියා ලොරිවල මගීන් ප්‍රවාහනය කිරීම. අනිවාර්යෙන්ම නිතිය තදින්ම ක්‍රියාත්මක කල යතුයි ලොරිවල මගීන් ප්‍රවාහනය කරන රියදුරන්ට සහ ලොරි හිමිකරුවන්ට. (අ)
චමින්ද, වැරැද්දක් සිදුවූවිට සමාව ඉල්ලීම දේව ගතියකි. (නි)
දිනපතාම මොකක් හරි අනතුරකින් කිහිපදෙනෙක් මැරෙනවා (අ)
මේ ප්‍රවෘත්තියේ කොහෙවත් නැහැ ලොරියේ මිනිස්සු ප්‍රවාහනය කළා කියලා. මිනිස්සු වෑන් එකේ ආවා වෙන්න බැරිද? මේකේ ලියන අය ඔක්කොම මල්ලේ පොල්. (නි)
සිරියලතා ,මට වැරදීමක් වුණේ. සමාවෙන්න. (නි)
ලොරිය මගී ප්‍රවාහන එකක්ද? සාමාන්‍යයෙන් සිටිය යුතේ හතර දෙනයි නේද? (නි)
චමත් ලොරිය හැප්පිල තියෙන්නේ කෝච්චියක නෙවෙයි වෙන එකක. (ස)
මේ අනතුර වුණ වෙලාවෙ මම එතන... (නි)