විසිවසරක් එතෙර සිට නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි කතක පදිංචි ගල්කිස්ස රජමාවතේ දෙමහල් නිවසට මහ රෑ ඇතුළු වී බෙල්ලට පිහිය තබා ඇගේ රන්බඩු හා මුදල් කොල්ල කෑ බව කියන දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලීසිය කියයි.
ගෙළ බැදි මාලය, රුපියල් තිස්දහස හා අත්බෑගය සොරාගතැයි සැකපිට දෙදෙනකු රත්මලාන දුම්රියපොල පාරේ දී අත්අඩංගුවට ගෙන ඇත.
කොල්ලය සිදු වී පැය විසිහතරක් යන්නට කළින් රන් භාණ්ඩද මුදල් ද අත්බෑගය හා පිහියක් ද සොයා ගත් බව පොලීසිය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මනුස්සයා පව්. දෙන්න උපරිම දඩුවම්. (ස)
හොඳ වැඩක්. පොලිසිය. (ස)
පොලීසිය දැන් ඉස්සරට වඩා ගොඩක් හොඳයි. හා නැද්ද මන් කියන්නේ පොලිසියට ජය වේවා!. (නදී)
දේශපාලන අත ගැසීම් නැත්නම් මම හිතන්නේ ලෝකයේ තියෙන හොදම පොලිසියෙන් එකක් අපේ පොලිසිය කියලා (නි)
අපේ පොලිසිය දක්ෂයි (නි)
පොලීසිය ගැන මා සෑහීමකට පත් නොවුණත් යහපත් දෙයක් අපි අනිවාර්යයෙන් පැසසුමට ලක් කළයුතු නිසා ඉතා ඉක්මනින් මේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පිළිබදව සතුටු වෙමි. කරුණාකරලා සොරකම් කිරීම හෝ මංකොල්ලකෑම් මේ වගේ අහිංසක අයගෙන් කරන්න එපා. විසි වසරක් විදේශගත වෙලා හිටියා කියන්නේ අැයගේ ජීවිතයේ වටිනාම කාලසීමාව තුළ ඈ දුක්මහන්සි වෙලා මුදල් උපයා, ලංකාවට පැමිණ සැනසුමින් ජීවත් වෙන්න අදහස් කළා විය හැකියි. ටිකක්වත් හිතක් පපුවක් තිබෙනවාද, මේ අහිංසක කාන්තාවගේ මුදල් හා රන්භාණ්ඩ කොල්ලකන්න? මේ මුදල් හා ආභරණ යහපත් මාර්ගයෙන් ඈ ඉපැයූ නිසා වෙන්න ඇති ඉතා ඉක්මනින් ඇයට මේ සියල්ල ලැබුනේ. (නි)
පොලීසියට පුළුවන් ඕනෑ දෙයක් කරන්න, අනවශ්‍ය ඇගිලි ගැසීම් නැත්නම් (නි)
දවස් දෙකකින් අැප මත නිදහස් වේවිද දන්නෙ නැහැ. ඇයගේ බඩු බාහිරාදිය සොයා දුන්නට පොලිසියේ මහත්වරුන්ට ස්තූති කළ යුතුයි. (නි)
ආයුධ සොයන්න රැගෙන ගියේ නැද්ද? (නි)
ගල්කිස්ස පොලිසියට මල් මිටක්!මෙවැනි වේලාවල් වලට ප්‍රයෝජන ගැනීමට තමා සෑම පොලීසියකම ආයුධ සෙවීමට රැගෙන යාමේ අංශයක් ඇතිකළ යුතු වන්නේ. එවිට මෙවැනි අපරාධ අඩුවෙනවා (නි)
පොලිසියට සුභ පැතුම්! (නි)
දැන් අපිට නිවාඩුවකටවත් අපේ රටට යන්න බයයි (නි)
මොවුන් ළග දරුණු ගිනි අවි තිබිය හැකියි. ඒවා බලන්න රැගෙන යන්න. (නි)
මේ හොරු දේශපාලුවෙකුගේ ආධාරකාරයෝ වුණා නම් අල්ලන්නේ නැතිවෙයි නේද? (නි)
හොදයි දැන් ඔක්කොම හිතාන ඉන්නේ ඔය හම්බ වුනු බඩු ටික අරගෙන මේ කාන්තාවට සැනසීමෙන් යන්න පුළුවනි කියලද? නැහැ එහෙම වෙන්නේ නැහැ. මොකද මටත් ඔය වගේ හොද අත්දැකීමක් තියෙනවා. දැන් ඔය බඩු ඔක්කොම නඩු භාණ්ඩ වශයෙන් උසාවියට දානවා. ඊට පස්සෙනේ වැඩේ තියෙන්නේ. නඩු වාර ගණනාවක් දික් ගැහි ගැහි යනවා. මෙම බඩු හදුනාගන්න මෙම කාන්තාවට උසාවි ගානේ යන්න වෙනවා. මොනවායි මොනවා වෙයිදෝ කියල හැම වෙලාවෙම සිත දෙගිඩියාවෙන් තව වාර ගානක් පොලිසියට යන්න වෙනවා. ඔය තිස් දහට ඔය සමානම මුදලකුත් වටිනා කාලයත් ශ්‍රමයත් ඔක්කොම නැති උනාට පස්සේ තමයි ඕවා ලැබෙන්නේ. ඒක නිකන් ඉල්ලන් කන දඩුවමක්. එතකොට හිතෙනවා හම්බ නුනානම් හොදයි කියලා.(නදී)