IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කොල්ලකරුගේ හෙල්මටයට පොලීසියෙන් බේතක්

බැංකු,ස්වර්ණාභරණ සාප්පු වැනි ස්ථාන වල සාමාන්‍ය ඇඳුමින් සැරැසුණු පොලීසිය රාජකාරියට යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

මෑතදී  කොළඹ හා අවට පෙදෙස් වල මෙවැනි ආයතන කිහිපයක් කොල්ල කෑමට පැමිණි  අය ආරකෂක කැමරා වලින් සිය මුහුණු  වසන් කැර ගැනීම සඳහා හෙල්මට් පැළැඳ  සිටියහ.

 



අදහස් (0)

කොල්ලකරුගේ හෙල්මටයට පොලීසියෙන් බේතක්

බිමල් Wednesday, 12 March 2014 10:33 AM

වෙන කරන්නම දෙයක් නැති නම් අධි ආරක්ෂක කලාපයේ වගේ සම්පූර්ණ සිරුර පරික්ෂා කරලා ඇතුලට ගන්න තමා වෙන්නේ . මේක විහිළුවක් නෙවෙයි මගේ අක්ක කෙනෙක් දරුවා පාසලට දාල එනකොට එයාගේ කර මාලය කඩා ගෙන ගිහින්. රටේ අපරාධ වැඩිවෙන බව වග කිව යුත්තන්ට පෙනෙන්නේ නැහැ.(නදී)

:       0       0

සමන්න Wednesday, 12 March 2014 11:15 AM

හොරකන් කරන අයගේ අත කපන්න ඕනා.(නදී)

:       0       0

අල්විස් Tuesday, 11 March 2014 07:10 PM

හොඳ අදහසක්. මෙම නිලධාරින් ස්වර්ණාභරණ සාප්පු පමණක් නොව ඒ අවට සිදුවන දේ ගැනද සෙවිල්ලෙන් සිටින ලෙස යෙදවීමෙන් බොහෝ දේ අල්ලා ගැනීමට හැකිවනු ඇත. (දී)

:       0       0

සෙලනිකස් Tuesday, 11 March 2014 07:20 PM

පොලිස් නිලධාරීනුත් මුහුණ වැසෙන හෙල්මට් ද ගෙන හිටිය නම් වැඩිය හොඳය

:       0       0

ඇසල​ Tuesday, 11 March 2014 08:01 PM

පිටරටවල හෙල්මට් , හිස් ආවරණ (හුඩී) පැලඳ බැංකු වලට ඇතුළු වෙන්න බැහැ. ඒ නීතිය ලංකාවේ ක්‍රියාත්මක කරන්න​. අනෙක හෙල්මට් පැලඳ බැංකු වලට ඇතුළු වෙන කොටම ආරක්ෂකයෝ දැන ගන්න ඕනේ මේ එන්නේ කොල්ලයකට කියලා සූදානම් වෙන්න ඕනේ. ලංකාවේ මිනිස්සු මේ මංකොල්ල වලින් තාම පාඩම් ඉගෙනගෙන නැහැ (දී)

:       0       0

ද සිල්වා Tuesday, 11 March 2014 09:47 PM

අපරාධ මැඩලීමට නම් ස්වාධින් පොලිස් කොමිසමක් ස්ථාපිත කර පොලිස් නිලධාරීන්ට අවම වශයෙන් අවරුදු 3 කොමිසම හරහා ස්ථාන මාරු ලබාදිය යුතු වෙනවා , නැතුව ලංකාවේ අපරාධ පාලනය කල නොහැක , ගොඩක් ස්ථානවල සිටින පුද්ගලික ආරක්ෂකයන්ට නිසි පුහුණුවක් නොමැත (අ)

:       0       0

කුමාර Tuesday, 11 March 2014 09:50 PM

මෙම හෙල්මට දාල යන බයිසිකල් විශේෂයෙන් පරීක්ෂා කිරීම වැදගත් (අ)

:       0       0

මහින්ද ඉතාලි Tuesday, 11 March 2014 09:58 PM

හෙල්මට් එක අවශ්‍ය වෙන්නේ යතුරු පැදිය පදිනකොට පමනය් .පයින් යනකොට හෙල්මට්දාගෙන යෑම තහනම් කරන්න එතකොට ප්‍රශ්නේ ඉවරය .(අ)

:       0       0

විධුෂක Tuesday, 11 March 2014 11:06 PM

බැංකුවට මීටර් 50ක් ඈතින් මෝටර් බයිසිකලය නවතා හෙල්මට් ගලවා පැමිණෙන ලෙසට නීතියක් පැනවිය හැකිය. (දී)

:       0       0

අසෝක Wednesday, 12 March 2014 04:39 AM

දැන් පොලිස් කාරයෝ සිවිල් ඇඳුම් ඇඳගෙන පෙනෙන්න පිස්තෝලේ ඉනේ ගහගෙන ඉන්නකොට හොරු දන්නවා මේ ඉන්නේ පොලිස් කාරයෙක් කියල. සමහර වෙලාවට හොරෙක් උනත් ඒ විදියට ඔත්තු බලන්න පුළුවන්. ඒ නිසා බැංකුව දැනුවත්ව ඇති නිළධාරින්ව යොදවන්න. (අ)

:       0       0

දිසා Wednesday, 12 March 2014 05:38 AM

මේ තරමට කොල්ල කෑම් වැඩි වෙලා තියෙන්නේ අපේ රටේ ආර්ථිකය ඉතා දියුණු වෙලා කියන එකයි .(අ)

:       0       0

ගාමිණී Wednesday, 12 March 2014 07:44 AM

තවත් හොඳ නැද්ද හෙල්මටය පැළඳීම බයිසිකලය ධාවනයේ යෙදෙන වෙලාවට පමණක්‌ කියල නීතියක් ගෙනාවොත්. ඒ කිව්වේ බයිසිකලය නවත්වල බැහැල යනවනම් හෙල්මට් පැළදීම තහනම් කියල කිව්වොත්. එකට දඩයකුත් නියම කරනවා. (ස)

:       0       0

කමල් Wednesday, 12 March 2014 05:32 PM

හෙල්මට් දාගෙන මෙවැනි ස්ථාන වලට පැමිණෙන අයට ස්වයංක්‍රීයව වෙඩි තැබීමට ක්‍රමයක් හදමු (අ)

:       0       0

ගෝකුල Wednesday, 12 March 2014 08:21 AM

බැංකුවට හෙල්මට් දාගෙන ගියොත් වෙඩි තියනවානම් හරි (ස)

:       0       0

රත්ත Wednesday, 12 March 2014 08:52 AM

හෙල්මට් එක්ක කාඩ් මැෂින්ගාවට එන අය සැකපිට අත් අඩංගුවට ගන්න. එකෙක් අල්ලලා කුඩුවට දැම්මම අනිත් අය ඒක කරන්නේ නැහෙනේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 244 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 267 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 6898 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2851 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3535 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6027 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19196 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 94 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 284 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site