බැංකු,ස්වර්ණාභරණ සාප්පු වැනි ස්ථාන වල සාමාන්‍ය ඇඳුමින් සැරැසුණු පොලීසිය රාජකාරියට යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
මෑතදී කොළඹ හා අවට පෙදෙස් වල මෙවැනි ආයතන කිහිපයක් කොල්ල කෑමට පැමිණි අය ආරකෂක කැමරා වලින් සිය මුහුණු වසන් කැර ගැනීම සඳහා හෙල්මට් පැළැඳ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ අදහසක්. මෙම නිලධාරින් ස්වර්ණාභරණ සාප්පු පමණක් නොව ඒ අවට සිදුවන දේ ගැනද සෙවිල්ලෙන් සිටින ලෙස යෙදවීමෙන් බොහෝ දේ අල්ලා ගැනීමට හැකිවනු ඇත. (දී)
පොලිස් නිලධාරීනුත් මුහුණ වැසෙන හෙල්මට් ද ගෙන හිටිය නම් වැඩිය හොඳය
පිටරටවල හෙල්මට් , හිස් ආවරණ (හුඩී) පැලඳ බැංකු වලට ඇතුළු වෙන්න බැහැ. ඒ නීතිය ලංකාවේ ක්‍රියාත්මක කරන්න. අනෙක හෙල්මට් පැලඳ බැංකු වලට ඇතුළු වෙන කොටම ආරක්ෂකයෝ දැන ගන්න ඕනේ මේ එන්නේ කොල්ලයකට කියලා සූදානම් වෙන්න ඕනේ. ලංකාවේ මිනිස්සු මේ මංකොල්ල වලින් තාම පාඩම් ඉගෙනගෙන නැහැ (දී)
අපරාධ මැඩලීමට නම් ස්වාධින් පොලිස් කොමිසමක් ස්ථාපිත කර පොලිස් නිලධාරීන්ට අවම වශයෙන් අවරුදු 3 කොමිසම හරහා ස්ථාන මාරු ලබාදිය යුතු වෙනවා , නැතුව ලංකාවේ අපරාධ පාලනය කල නොහැක , ගොඩක් ස්ථානවල සිටින පුද්ගලික ආරක්ෂකයන්ට නිසි පුහුණුවක් නොමැත (අ)
මෙම හෙල්මට දාල යන බයිසිකල් විශේෂයෙන් පරීක්ෂා කිරීම වැදගත් (අ)
හෙල්මට් එක අවශ්‍ය වෙන්නේ යතුරු පැදිය පදිනකොට පමනය් .පයින් යනකොට හෙල්මට්දාගෙන යෑම තහනම් කරන්න එතකොට ප්‍රශ්නේ ඉවරය .(අ)
බැංකුවට මීටර් 50ක් ඈතින් මෝටර් බයිසිකලය නවතා හෙල්මට් ගලවා පැමිණෙන ලෙසට නීතියක් පැනවිය හැකිය. (දී)
දැන් පොලිස් කාරයෝ සිවිල් ඇඳුම් ඇඳගෙන පෙනෙන්න පිස්තෝලේ ඉනේ ගහගෙන ඉන්නකොට හොරු දන්නවා මේ ඉන්නේ පොලිස් කාරයෙක් කියල. සමහර වෙලාවට හොරෙක් උනත් ඒ විදියට ඔත්තු බලන්න පුළුවන්. ඒ නිසා බැංකුව දැනුවත්ව ඇති නිළධාරින්ව යොදවන්න. (අ)
මේ තරමට කොල්ල කෑම් වැඩි වෙලා තියෙන්නේ අපේ රටේ ආර්ථිකය ඉතා දියුණු වෙලා කියන එකයි .(අ)
තවත් හොඳ නැද්ද හෙල්මටය පැළඳීම බයිසිකලය ධාවනයේ යෙදෙන වෙලාවට පමණක් කියල නීතියක් ගෙනාවොත්. ඒ කිව්වේ බයිසිකලය නවත්වල බැහැල යනවනම් හෙල්මට් පැළදීම තහනම් කියල කිව්වොත්. එකට දඩයකුත් නියම කරනවා. (ස)
බැංකුවට හෙල්මට් දාගෙන ගියොත් වෙඩි තියනවානම් හරි (ස)
හෙල්මට් එක්ක කාඩ් මැෂින්ගාවට එන අය සැකපිට අත් අඩංගුවට ගන්න. එකෙක් අල්ලලා කුඩුවට දැම්මම අනිත් අය ඒක කරන්නේ නැහෙනේ. (අ)
වෙන කරන්නම දෙයක් නැති නම් අධි ආරක්ෂක කලාපයේ වගේ සම්පූර්ණ සිරුර පරික්ෂා කරලා ඇතුලට ගන්න තමා වෙන්නේ . මේක විහිළුවක් නෙවෙයි මගේ අක්ක කෙනෙක් දරුවා පාසලට දාල එනකොට එයාගේ කර මාලය කඩා ගෙන ගිහින්. රටේ අපරාධ වැඩිවෙන බව වග කිව යුත්තන්ට පෙනෙන්නේ නැහැ.(නදී)
හොරකන් කරන අයගේ අත කපන්න ඕනා.(නදී)
හෙල්මට් දාගෙන මෙවැනි ස්ථාන වලට පැමිණෙන අයට ස්වයංක්‍රීයව වෙඩි තැබීමට ක්‍රමයක් හදමු (අ)