ගෙයක් බීදීමේ සොරකමක් සම්බන්ධයෙන් බාල වයස්කාර දරුවකුට දැඩි ලෙස අවවාද කළ කලවාන මහෙස්ත්‍රාත් චන්දන කලංසුරිය මහතා ඔහු නිදහස් කළේය.
කලවාන පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ ඔහු මීට පෙරද විවිධ චෝදනා වලට වැරැදිකරු වී ඇති බවයි.
තුන් මසකට පමණ පෙර ඔහු පරිවාස භාරයේ සිට උසාවි ගෙනවුත් පොලීසියේ පුටුවක වාඩී කරවා සිටියදී ජනේලයක් අසල තිබු නළයක් දිගේ ඉහළට ගොස් පොලිස් අධිකාරී කාර්යාලයයේ රැය පහන් කැර ඇති බව පොලිසිය මහෙස්ත්‍රාත් හමුවේ කියා සිටියේය.
පසුදා සහකාර පොලිස් අධිකාරි වැඩට එද්දී ඔහුගේ කාර්යාලයයේ මේ ළමයා නිදා සිටි බවද පොලීසිය සදහන් කළේය.
මොහු කිහිප වතාවක්ම පරිවාස භාරයෙන් පළාගොස් ඇතැයි ද පියා නොමැති මේ දරුවාගේ මව විදෙස් ගත වී ඇතැයි ද බාප්පා සමඟ ජීවත් වන බව ඔහු පවසා ඇතැයිද පොලීසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ළමය බටයක් දිගේ පොලිස් අධිකාරිගේ කාර්යාලයට අතුල් වෙනකම් පොලිස් නිලධාරියෝ නිදිද ? ළමයෙකුට රාත්‍රියට නිදා ගන්න දෙන්නේ පුටුවක්ද? අනේ මෙහෙම පොලිසියක් , මේ විදියට බැලුවම ඕනෙම හොරෙකුට පුළුවන්නේ පොලිස් අධිකාරී කාර්යාලයට ඇතුල්වෙන්න.(නදී)
අර සංවිධානයට දෙන්න.(නදී)
රූපවති දුව, දැන් ඔයා මේ ළමයාගේ ගෙවල් ගාවට ගිහිල්ලද ඉන්නේ මේ ළමයව නිසි මගට ගන්න? සාමාන්‍ය දැනීම නැද්ද රූපවති දුවේ. මේවා කරන්න ඕනෑ අදාල ආයතන මාර්ගයෙන් (නි)
අනේ මෝඩ රූපවති, මේක අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි . කවදාවත් ඔය අපි අතින් ප්‍රායෝගිකව වෙන දෙයකුත් නෙමෙයි .මේ වගේ ළමයින්ව නිසි ලෙස පුනරුත්තාපනය කරන්න ඕනේ රජයේ මැදිහත්වීමෙන්. මේ පුනරුත්තාපන ආයතන වල නිලධාරිනියන් පත් කරලා මේ අයට මව් සෙනෙහසට සමාන ලෙස ආදරය සෙනෙහස බෙදා දෙන්න ඕනේ. බොහොම කරුණාවෙන් නිසි මඟට ගන්න ඕනේ. ළමුන් මේ වගේ වැරදි වැඩ වලට යොමු වෙන්නේ නිසි රැකවරණය මග පෙන්වීම සියල්ලටම වඩා ආදරය අහිමි වීමෙන් (ස)
මේ ළමයව දහම් පාසලකට යොමු කරන්න.(නදී)
මේ කොලුවව පරවියෙක් අල්ලාගෙන එන්න කියල පල්ලියකට යව්වනම් හරියනවා!(දී)
හරියට මග පෙන්නුවොත් හොද ළමයෙක් වේවි.(නදී)
දයා යෝජනා කරන්නේ මේ ළමයට නොගැලපෙනම විසදුම. (නදී)
සාමාන්‍යයෙන් ..වරදට යොමු වුණ කෙනෙක්ව අපි හැමෝම බලන්න ඕන යහ මගට ගන්න..නැතිනම් අනාගතේ හිරගෙවල් මයි අපිට පෝෂණය කරන්න වෙන්නේ...? ද (අ)
කන්නන්ගර.,මගේ නමින් තව කෙනෙක් සිටිනවා !! ඉහලින් අදහස් දක්වා ඇත්තේ මම නොවෙයි !!මං ඔබට පිළිතුරු ලියා ඇති !!!!!මේ සම්බන්ධව අනෙක් චන්දිගේ අදහස ගොඩක් හොඳයි !!! එය තමා විය යුතු මගේ අදහසද ඒකමයි. අනේ ළමයට ගහන්න නම් එපා ....?පුලුවන්නම් ඔහුට ඇමතීමට හැකි මඟක් හෙළි කරන්න කියා කතෘ තුමාගෙන් ඉල්ලා සිටිමි. (ස)
රටට බරක් වෙන්න කලින් දෙමාපිය නොසැලකීමත්, සමාජ ආර්ථික ප්‍රශ්න නිසා මේ නොමඟ යන දරුවා ඉක්මනින්ම ළමා ආරක්ෂක ඒකකයට ගෙන සුමඟට ගෙන රටට වැඩදායක පුරවැසියකු කරමු. (ස)
දයා,ඔයාගේ කතාව නම් මසුරන් දයා. (ස)
එහෙම නෙමෙයි, බාලවයසේ වැරදි කරන ළමයි ඒ කාලේ "කොටු මස් කරනවා" කියලා අහලා තියෙනවා.අන්න ඒක කලා නම් තමා හොඳ. (ස)
නිකම්ම පරිවාස භාරයේ හිටියට වැඩක් නැහැ. මේ බාප්පා කියන තැනැත්තා මේ දරුවාව නිසි මඟ යවන්න තරම් හැකියාවක් ඇති කෙනෙක් නොවන බව පේනවා. අනිල් කියනවා වගේ මෙවැනි ළමයින් නිසි මඟට ගැනීමේ ක්‍රමයක් තියෙන බවක් නම් මාත් දන්නේ නැහැ. ළමා නිවාසය තමයි තියෙන එකම ස්ථානය මගේ හිතේ. ඒකත් වැඩක් ඇතියි කියලා හිතන්න බැහැ. (ස)
හැදෙන පුතෙක් නම් නෙවේ.සමාජයේ බොහෝ මෙවැනි දේවලට මුල මව විදේශ රැකියාවලට යාමයි. (ස)
හොද පිරිවෙනකොට බාර දුන්නොත් සමහර විට හදල ගන්න පුළුවන් වේවි.(නදී)
උසාවි ගේනවා නිදහස් වෙනවා. ආයෙත් වැරදි කරනවා උසාවි ගේනවා නිදහස් කරනවා. පොඩි කාලේ අපි කරපු හොර පොලිස් සෙල්ලම වගේ.(නදී)
කවදාවත් මේ ළමයට ගහන්න එපා. ආදරය කරුනවාව තුලින් පමනක් හදන්න ඕන ළමයෙක් . පොඩ්ඩක් හරි යම් තැනක මේ ළමයා ගැන ගන්න තීරණ වැරදුනොත් නරකම මිනිහෙක් සමාජයට ලැබේවී . හොඳ තීරණයක් ගතහොත් ඉතා සූර පුද්ගලයෙක් ලැබේවි (දී)
මේ ළමය මෙහෙම කරන්නේ මොකද කියල හොයල බලල හදාගන්න උසාවි ගෙනියන්න නෙමෙ (දී)
චන්දි, අදහස නම් බොහොම අගෙයි. ඒක නෙමෙයි ඔයා මට විවාහ යෝජනාවක් බැලුවද? (දී)
කුඩාකල සිදුවී ඇති මානසික බිදවැටීම ඇතිනම් ඒවාට ප්‍රතිකාර කර නිවැරදි පුහුණුවක්, හොද අධ්‍යාපනයක් ලබාදී මොහුගේ ආකල්ප හරියටම නිවැරදි කර නිසිවිය පැමිණුන විට ආරක්ෂක බුද්ධි අංශයකට බදවගනීමට හැකි නම් මොහු බිය සක නොහදුනන සුපිරි සොල්දාදුවෙක් වේවි. (දී)
චන්ඩි ඔයාගේ අදහස මසුරන්. එත් මේ ලමයව දේශපාලුවෝ දැහගන උන්ගේ වුවමනවලට යොදා ගනීවි. මොකද මේ වගේ ළමයෙක් හොඳ මඟට ගන්න කිසිම ප්‍රයෝගික ක්‍රමවේදයක් ලංකාවේ නැහැ. ඒ වගේ දෙයක් හදන්න ඕන කමකුත් එක දේශපලුවෙකුටවත් නැහැ.අම්ම විදේශ ගතවෙන්න ඇත්තේ ජිවත් වෙන්න ජරා වැඩ කරන්න බැරි හින්ද වෙන්න ඇති.අපේ රට දවසින් දවස පරිහානියට යනවා මිස ගොඩ ඒමක් නැහැ. (දී)
නන්ද, ආයුධ පෙන්වන්නේ භයානක,සමාජයට මහත් කරදරයක් වුනු අයවයි .මෙම දරුවට ආදරය,කරුණාව,මව්,පිය සෙනෙහස හා සමාජයේ නිසි පිලිගනීමක් තිබුනානම් මෙම දරුව හොඳපුද්ගලයෙක් වේවි...චන්දී කියනදේ මමත් පිලිගන්නවා. (දී)
නන්ද, ආයුධ පෙන්වන්නේ භයානක,සමාජයට මහත් කරදරයක් වුනු අයවය්. මෙම දරුවට ආදරය, කරුණාව, මව්, පිය සෙනෙහස හා සමාජයේ නිසිපිලිගනීමක් තිබුනානම් මෙමදරුව හොඳ පුද්ගලයෙක් වේවි... චන්දී කියනදේ මමත් පිලිගන්නවා. (දී)
නන්ද, ආයුධ පෙන්වන්නේ භයානක,සමාජයට මහත් කරදරයක් වුනු අයවයි .මෙම දරුවට ආදරය, කරුණාව, මව්,පිය සෙනෙහස හා සමාජයේ නිසිපිලිගනීමක් තිබුනානම් මෙමදරුව හොඳ පුද්ගලයෙක් වේවි...චන්දී කියනදේ මමත් පිලිගන්නවා. (දී)
හැබැයි මෙය ගැන පළාතේ දෙසපලඥයෙක් දැනගත්තොත් අරගෙන යනවා හදාවඩා ගන්න .ඉදිරිකලයකදී චන්දෙට වැඩක් ගන්න (දී)
මනා ආත්ම විශ්වාසයක් ඇති දිරිය දරුවෙක්.ඔහුට නියම මඟ පෙන්වීමක් කරන්නේනම් ඔහු රටටම වැඩදායි මිනිසෙක් වෙනවා. කාරුණික බුද්ධිමත් මහතෙක් ඔහුට අනුග්‍රහය දක්වත්වා !! (ස)
ආයුධ පෙන්නන්න එක්ක යන්න. (ස)