IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


කලාව සහ සමාජය යා කරන නිශ්චිත යාන්ත්‍රණයක් තවමත් නැහැ

2016-10-25-ent-18

මනෝරත්නයන්ගේ නාට්‍ය කලාව පිළිබඳ පසු විපරමක් කරමින් පැවැති සුහද සංවාදයක් පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණ. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සුදත් මහදිවුල්වැව ඇතුළු ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය සංවිධානය කළ මෙම සංවාද මණ්ඩපයට කලා ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝදෙනෙකු සහභාගී වූහ. මේ ඒ ඇසුරින් තබනා සටහනකි.

2016-10-25-ent-19“ලංකාවේ තියෙන බරපතළ අර්බුදයක් තමයි සමාජයට ලංකාවේ කලාව තුළින් සිදුවන බලපෑම තක්සේරු කරන්න නිශ්චිත ක්‍රමවේදයක් නැහැ. ඒක අපේ රටේ පවතින අවාසනාවන්ත තත්ත්වයක්. ඒත් මීට දශක කීපයකට පෙර නම් විචාරකයන් නිසා කලාව තුළ යම්කිසි පාලමක් නිර්මාණය වී තිබුණා. යම්කිසි ප්‍රමිතියක් පැවතුණා. අනික වර්තමානය වෙද්දි මෙවැනි සමාජයීය බලපෑමක් සමාජයට කෙතරම්දුරට සංවේදීදැයි යන්නත් නැවත විමසා බැලිය යුතු කරුණක්. මොකද මමත් මේ අර්බුදය දකිමින් අසමින් වසර පනහකට අධික කාලයක් නාට්‍ය කලාවේ නියැළෙනවා. ඒත් මෙහි වෙනසක් දකින්නේ නැහැ” මනෝරත්නයන් කතාව අරඹමින් පැවසුවේය.

“ඒත් දවසක් වාමවාදී දර්ශනයක් ඇති එක්තරා දේශපාලඥයෙක් ඇවිත් මේ ගැන මගෙන් ප්‍රශ්න කළා. මොකද ඔහුට ඕනකරලා තිබුණා මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න. ඒත් මම දැනගෙන හිටියා පාර්ලිමේන්තුවේ කතා කිරීමෙන් හෝ ඵලක් නොවන බව. අවසානයේ මම බැරිම තැන නාට්‍ය කලාවේ යටිතල සම්පත් පිළිබඳ ඔහුව දැනුවත් කළා. මොකද එතැන තමයි ලංකාව තාමත් සිටින්නේ. විඥානමය වශයෙන් පොහොසත් සංස්කෘතික මිනිසෙක් නිර්මාණය කිරීමේ අරමුණක තවම ලංකාව නැහැ. ආණ්ඩුවටත් මේ සඳහා විශාල වැඩපිළිවෙළක් කරන්න බැහැ. කලාව සහ සමාජය යා කරන නිශ්චිත යාන්ත්‍රණයක් තවමත් නැහැ. ඒ නිසා තමයි සියලුම කලාකරුවන් හුදෙකලාවේ තම නිර්මාණ කටයුතු කරගෙන යන්නේ. ඒත් කලාකරුවන් වශයෙන් අපි සතුටුවෙන්නේ කලාව ඔස්සේ යහපත් බලපෑමක් වෙනවානම් පමණයි” ලංකාවේ සංස්කෘතික ජීවිත සම්බන්ධයෙන් අර්ථ දැක්වූයේ එසේයි.

මනෝරත්නයන් කලාවේ අරමුණු පිළිබඳවද මෙහිදී අදහස් දැක්වූයේය.

“ජීවිතයට ලබන අලුත් දැනුම, අත්දැකීම්, දර්ශනයන්, යහපත් ලෝකයට විවෘත වීමට අලුත් මානයක් ගොඩනගා ගැනීම තමයි කලාව තුළින් සමාජය බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ආනන්දයෙන් ප්‍රඥාවට යා යුතු බවත් කියනවා. ඒත් නාට්‍ය කලාව තුළ පවා ප්‍රවාහයක් වශයෙන් දිවෙන්නේ වෙනත් කලාකෘතීන්. ඒ නිසා ප්‍රඥාව යන්න වාච්‍යාර්ථයට පමණක් සීමාවෙලාද වැනි හැඟීමක් දැන් පවතිනවා"

මෙහිදී මනෝරත්නයන් නාට්‍ය කලාවේ දැන් පවතින සිනාරැල්ල පිළිබඳවද පැවසීය.

“මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් හතළිස් ගණන්වලදී පැවසුවා අනාගතයේදී නාට්‍ය කලාව සිනා ස්කාගාරයක් බවට පත්වේවි කියලා. මේ තත්ත්වය මම පසුකාලීනව දුටු නිසා තමයි මා අතින් පුරාණ පුරාවෘත්තයක් වන %අන්දරේලා^ නාට්‍යය නිර්මාණය වෙන්නේ. මොකද අන්දරේ රාජ සභාවේ රාජකාරිමය වශයෙන් විහිළු සපයන්නෙකු බවට පත්වෙනවා. ඒ ඛේදවාචකය තමයි මම ප්‍රතිනිර්මාණය කරන්න උත්සාහ කළේ. මොකද අවසානයේදී රාජකාරිමය වශයෙන් විහිළු සැපයූ අන්දරේලා අවසානයේදී පවතින දේශපාලනය මගින්ම ඝාතනය කරනවා. අනික මෙවැනි සත්‍ය සිදුවීමක් අනූ ගණන්වලදී එක්තරා අවාසනාවන්ත නාට්‍යකරුවකුට මුහුණදෙන්න සිදුවුණා. ඒ කම්පනය තමයි මාව මෙවැනි නාට්‍යයක් නිර්මාණය කිරීමට පෙළඹුවේ ”

ලංකාවේ රංග කලාවේ අභ්‍යාස තවමත් වේදිකාවට පමණක් සීමා වී තිබීමද මෙහිදී ඔහු ඉස්මතු කළේය.

“ලංකාවේ රංග කලාවට යම්කිසි ආකාරයක අභ්‍යාසයක් ලැබිය හැකි එකම ස්ථානය වේදිකාව පමණයි. මොකද තවමත් සිනමාවේ මෙවැනි නිශ්චිත අභ්‍යාසයක් ලැබිය හැකි අවස්ථාවක් ලංකාවේ නිර්මාණය වෙලා නැහැ. ටෙලිනාට්‍ය කලාව තුළ නම් කොහොමත් එවැනි වාතාවරණයක් තාම නැහැ” මෙහිදී මනෝගේ දේශපාලනය, දර්ශනය සහ ඔහුගේ මෙතෙක් පැමිණි නාට්‍ය කෘතීන් පිළිබඳ විවෘත සංවාදයක් පැවති අතර, ඒවායේ සාර්ථක අසාර්ථක බව පිළිබඳවද දීර්ඝව සාකච්ඡා කෙරිණ.

 

මාලන් විදානපතිරණ

 

2016-10-25-ent-17



අදහස් (0)

කලාව සහ සමාජය යා කරන නිශ්චිත යාන්ත්‍රණයක් තවමත් නැහැ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු සුරාබදු කොමසාරිස් දැන්ම රට යන්නේ නැතිලි
2024 ඔක්තෝබර් මස 10 65 0

නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු
2024 ඔක්තෝබර් මස 10 97 0

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැ


ජාත්‍යන්තර තර්ජන වලට මුහුණ දෙන්න එක්සත් ජනපද සහය
2024 ඔක්තෝබර් මස 10 119 0

එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත


අල්ලස් කොමිසමට අධ්‍යක්ෂවරියක්
2024 ඔක්තෝබර් මස 10 499 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත


මාතර පරණ සෙට් එකක්ම මෙවර මහ ඡන්දයට නෑ
2024 ඔක්තෝබර් මස 10 788 1

ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු


ජන අරගලයත් දිවයිනටම නම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 249 1

ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39760 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25843 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 67 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 383 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1246 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site