IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


කැලෑවකදි පොලිසියට වෙඩි තියන්න හදලා

කඹුරුපිටිය මාස් මුල්ලේදී පොලිස් කොස්තාපල්වරයෙකු හා බිරිද මරා දැමු බව කියන සැකකරුවෙකු මී ඇල්ල කැලයේදී වෙඩි පහරින් මිය ගිය බව පොලිසිය කියයි.

යුද හමුදාවේ හිටපු භටයකු වන මෙම පුද්ගලයා අවි තුනක් පෙන්වීම සඳහා පොලිසිය රැගෙන ගිය අවස්ථාවේ සැඟවූ අවියකින් පොලිස් කොස්තාපල්වරයකුට වෙඩි තැබීමට තැත් කළ බවත් ඔහු ආරත්ම ආරක්ෂාව පතා වෙඩි තබා ඇති බවත් පොලිසිය කියයි.

 



අදහස් (0)

කැලෑවකදි පොලිසියට වෙඩි තියන්න හදලා

මහින්ද උදයසිර Friday, 22 November 2013 02:51 PM

මැරුවා නම් සියළුම රහස් ඉවරයි තමයි. අපරාදේ නගරයට ගෙනත් වෙඩි තියන්න තිබුනේ. මැරයන්ට පාඩමක් ඉගෙන ගනන්න පිටුපස ඉන්න අයත් අල්ලන්න. (ස)

:       0       0

රෑපවතී Friday, 22 November 2013 03:04 PM

අර වාස් මත්තයාව ඇතුලට ගත්තේ ඇයි කියල තේරෙනවා නේද ..? එයා හිටියානම් ලොකු ලොකු හැමෝම දන්නවා ..පොලිස් පති උනොත් අපි සේරමලා යන්නේ ..මහා රාත්‍රී නිදි පැදුරටත් නොකියයි කියලා ..?මිනී මරුවෝ සේරම අතුගාලම දාන්න ඕන ...?(ස)

:       0       0

මැණික් Friday, 22 November 2013 09:05 AM

කවුද දන්නෙ හරියටම මේ ඒ සැකකරුමද කියලා. (නි)

:       0       0

සුජීව Saturday, 23 November 2013 04:55 PM

ගොඩාක් කාලයකින් ආයුධ පෙන්නන්න හැදුවෙ නේද ? මැරයන්ට මේක තමා නියම දඩුවම. (ස)

:       0       0

කුසුම් Friday, 22 November 2013 03:19 PM

නාටකයේ ප්‍රධාන නළුවා වෙනස් උනාට පිටපත නම් පරණ එකමයි. ඒ ගැන නම් අහිතක් නැහැ. අර තංගල්ලේ පැත්තේ සිදුවුණා කියන සිද්ධියටත් ඔය පිටපතටම, නළුවාව විතරක් වෙනස් කරලා නාටකයක් කරන්න බැරි ඇයි කියල තමයි අපි අහන්නේ? (ස)

:       0       0

හසිත Friday, 22 November 2013 09:04 PM

මේවා ගැන නොදන්නා අයට මේවා තේරෙන්නේ නැහැ (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ. දිසානායක Friday, 22 November 2013 09:32 AM

ශ්‍රී ලංකාවේ වැඩිවන අපරාද රැල්ලට ලොකු ලොක්කන් වග කිය යුතුයි. (ස)

:       0       0

ලයින් Friday, 22 November 2013 09:08 PM

පොලිසිය පොඩි ලමයි වගේ බොරු කියන්නේ සැක කරුවෙක් උනාම උසාවියකින් නඩු අහල වරද කරුවෙක් උනේ නැතුව මරන්නේ කොහොමද උසාවි මොකටද ??? රටේ නීතියක් තියෙනවා (ස)

:       0       0

ශ්‍රීමනී යාපා Saturday, 23 November 2013 05:20 PM

සමාජයට පිලිලයක් වෙන පුද්ගලයින් නසන්න පොලීසීය මෙහෙම හරි මෙහෙයුමක් කරන එක හොදයි. ඒත් සැබෑ සැකකරුද යන්න හදුනා ගැනීමත් වැදගත්. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 22 November 2013 09:43 AM

කට්ටියට දැන් මේකව මැරුවටත් අමරුයි..ඒකටත් තියෙන ඔක්කොම කල්පිත එලියට දානවා..මේ සිදුවීමට හේතු වුනු කරුනුත් සැකකරුවන් ගැනත් විස්තර සති අන්ත පුවත් පත් වල පැහැදිලිව හෙළිදරව් කරලා තිබුනා...වාතයක් ගියත් දේසපාලනේ පටලවල වාතේ ගියෙත් රට කරවන අයගෙ වැරැද්දෙන් කියන්න කට්ටිය හදන්නේ..මේ අපරාදයට සම්බන්ධ සියල්ලටම දඩුවම කට්ටිය කැමති උනත් නැති උනත් මේක තමයි..කැමති නැති කට්ටිය ගිහින් මානව හිමිකම් නඩුවක් දාන්න මේ අපරාධකරුවන්ගේ මානව හිමිකම් වෙනුවෙන්...මේ කාලකණ්ණින්ව මහජන බදු මුදල් වලින් නඩත්තු කරනවට වඩා මේ ක්‍රමය අපිට හොඳයි.... (ස)

:       0       0

තුෂාර උබේසිර Friday, 22 November 2013 03:33 PM

වෙන්න ඕන දේ ඕක තමා. මුන් ජීවත් වුනාම අනිත් අයටත් වදයක්. (ස)

:       0       0

ලංකා Friday, 22 November 2013 03:34 PM

මිනීමරුවෝ උසාවි ගේන්නෙත් මාංචු දාලා. මොකද අවි පෙන්වීම සඳහා පොලිසිය රැගෙන යනකොට එහෙම කරන්නේ නැත්තෙ?? (ස)

:       0       0

චන් Friday, 22 November 2013 03:35 PM

එල්ලුචම්ගස ක්‍රියාත්මක නොවනනිසා මිනි මරුවන්ට මෙම ක්‍රමය ගැලපෙනවා, තව හවුල් කරුවන් ඇත්නම් එම අය ගැනද කටයුතු කළයුතුයි. (ස)

:       0       0

අරැණ Friday, 22 November 2013 03:39 PM

පොලිසිය සැකකරුට කිවද අපි මෙතැන ඉන්නම් ඔයා ගිහින් ආ යුද අරන් එන්න කියල ඕව ඉතින් කොහොම කීවත් හරියට හිතා ගන්න ඹ්න. වැද්දට පුලුවන් ගොරක දඩ මස් කරණ්න.(ස)

:       0       0

කෝසල කිරිඇල්දෙනිය Friday, 22 November 2013 10:00 AM

මේකට සම්බන්ධ ඔක්කොම මරන්න...... (ස)

:       0       0

මනෝජ් නරෂින්විතාරණ Friday, 22 November 2013 10:01 AM

අනේ පව් අහිංසක පොලිස් නිලධාරින්ට යන කල. (ස)

:       0       0

ගොඩගේ ප්‍රියන්ත Friday, 22 November 2013 03:45 PM

නීතිය පොතට විතරක් තිබිල මද් ඒවා ක්‍රියාත්මක වෙන්නත් ඹින නිතිය එදාසිටම හරියට ක්‍රියාත්මකව තිබුනානම් ඔයවැනි අපරාද වෙන්නේ නෑග(ස)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Friday, 22 November 2013 10:07 AM

ආයුධ පෙන්නන්න ගිහින් පැනල දුවන්න හැදුවලු. (ස)

:       0       0

සෝබා Friday, 22 November 2013 03:52 PM

යසයි ඕකට විච්ච දේ (ස)

:       0       0

හිරු Saturday, 23 November 2013 06:34 PM

මේකට විරුද්ධව හා පක්ෂව ප්‍රතිචාර දක්වන අය හදවතට එකගව හිතන්න මේ ඝාතකයාට මේ දඩුවම උරුමද නැද්ද කියන එක. මෙයා මේ ඝාතනය කල එක තහවුරු වෙලා ඉවරයි. අනික් ඝාතකයොත් හදුනගෙන ඉවරයි. මන් නම් කියන්නේ මෙතන වෙලා ‍තියෙන්නේ නීතිය හමුවේ ලැබිය යුතු දඩුවමක් ‍, එය නොලැබී ‍යාමේ වැඩි අවධානමක් පවතින නිසා එය අපරාදකරුවාගේ ක්‍රමයටම ඔහුට ලබා දීමක්. (අ)

:       0       0

චන්ද්‍ර Tuesday, 26 November 2013 06:30 AM

දූෂණ හෙට්ටිආරච්චි මහත්තයෝ !!ඔබේ අදහස හොඳ නමුත් ඔබේ නමේ හැටියට මට ටිකක් කිචි කිචි වගේනේ!! (අ)

:       0       0

චින්තක Friday, 22 November 2013 10:39 AM

සැකකරුවකු නොවේ. මේ මිනි මරුවා බව හොඳින්ම හඳුනා ගෙන තියෙන්නේ . මෙහෙම තමයි කරන්න ඕන. නැත්නම් නීතිංඥ මහත්වරු මෙයාට උසාවියෙන් ඇප අරන් දෙනවා. එලියට ඇවිල්ල සාක්කිකාරයින්ව මරනවා. තව අපරාධ කරනවා. (නදී)

:       0       0

රාජේශ් Friday, 22 November 2013 10:45 AM

අපි දන්නවා මේක වෙන බව. එතකොට පස් දෙනාගේ ඝාතකයා? (නදී)

:       0       0

සෝබා Friday, 22 November 2013 04:24 PM

මානව හිමිකම් ඕනෑ තමයි. නමුත් ඕව ඕනවට වඩා රකින්න ගිය එක තමයි මේ රටට හෙන ගහල තියෙන්නේ. අර ඉහල අරි කිව්වා වගේ මෙහෙම දෙයක් තමන්ට උනානම් කියලා හිත පියවූ. (ස)

:       0       0

කැන්ඩි විකී Friday, 22 November 2013 10:50 AM

අවිගත් අය අවියෙන්ම නහී කියන්නේ ඔය සිදුවීම් වලට.(නදී)

:       0       0

සාරසී Friday, 22 November 2013 04:29 PM

අපරාධකාරයට උපදෙස් දුන්න කෙනෙක් ඉන්නවද. (ස)

:       0       0

සමන්ත ජයසේකර Friday, 22 November 2013 10:50 AM

මේ අදහස් දාන සමහර අය පිස්සොද මන්දා, මේ කෙනා දැනුවත්ව ජිවිත දෙකක් බිලි අරගෙන, පොලිසියෙන් අල්ලනකොට කියනවා මු මරන්න ඕනි කියල රටේ මරණ දඩුවම නැතිනම් මෙහෙම හරි මැරුණම ඒකටත් දොස් කියනවා අඩනවා. මානව හිමිකම් ගැන කියනවා මට බලයක් තිබේ නම් අපරාද කාරයෝ කොහොම හරි ඔක්කොම මරනවා.(නදී)

:       0       0

නුවන් Friday, 22 November 2013 04:29 PM

ඔහොම තමා කරන්න ඕන.උවමන දේවල් දැන ගෙන නේද හංගපුවා බලන්න ගියේ.එහෙනම් ප්‍රශ්නයක් නැ.පොලිසියට ජය.!!!!!!!!!!! (ස)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 23 November 2013 08:33 PM

.. දැන් ලංකාවේ ඔය තියරිය වලංගු නැහැ. (අ)

:       0       0

සහේහා දාවුඩ් Friday, 22 November 2013 04:34 PM

දන්නෝ දනිති. හැබැයි වෙන්න ඕන වැඩේ කවදා හරි. (ස)

:       0       0

ශ්‍රීමා Saturday, 23 November 2013 08:37 PM

අපරාධකාරයෝ ගොඩක්ම මැරුම් කන්නේ ආයුධ පෙන්නනම ගිහින් නේද ? කොහොම හරි කමක් නෑ දඩුවම් ලැඛෙනවා නම්. (නදී)

:       0       0

රජිත් ඉතාලි Friday, 22 November 2013 04:35 PM

මට දුකයි 2012.12.21 ලෝකේ විනාසෙ නොවිච්ච එක ගැන ? (ස)

:       0       0

ආරි Friday, 22 November 2013 10:54 AM

මැරයන් රජකරන රටක අහිංසක හා නීතියට රාජකාරී කරන අයගේ ආරක්ෂාව වෙනුවෙන් හොඳ දෙයක්. එයට විරුද්ධ අය තමන්ට එහෙම උනොත් කියල හිතල බලන්න . මානව හිමිකම් තියනවා කියන රටවලත් එහෙම දේවල් කරනවා . (නදී)

:       0       0

ලාල් Monday, 25 November 2013 03:13 AM

මිනිමරුවන්, බාල අපරාධකරුවන් උසාවි දාලා මාස ගණන් නඩු අහලා කාලය නාස්ති කරනවට වඩා මේ ක්‍රමයට මම කැමතියි (නි)

:       0       0

හරිඳු මාතර Sunday, 01 December 2013 01:34 PM

කුඩු අල්ලන්න ගිහින් මැරුණු සුනිල් අයියේ ඔයාට නිවන් සුව! ඔයා කොන්ද පන තියෙන පොලිස් කාරයෙක් . ඔයා වීරයෙක්.(නදී)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Friday, 22 November 2013 04:43 PM

රජිත් ඉතාලි - 11-12-2013 ලෝකේ විනාශ වෙනවලු. තවම සාස්තර කාරයන්ට මතක් වුනේ නැහැ වගේ. (ස)

:       0       0

නිමල් Friday, 22 November 2013 11:09 PM

සැබෑ අපරාධකාරයා ඔබට මග ඇරිලා වගෙයි. දක්ෂ පොලිස් නිළධාරියෙක් රටට අහිමි වෙලා. (නි)

:       0       0

ලලන්ත Friday, 22 November 2013 11:00 AM

පොලිසිය මේ සැරේ හරියටම වැඩේ කරලා නියමයි.(නදී)

:       0       0

මධු Friday, 22 November 2013 04:44 PM

පොලිසියට මගේ ප්‍රණාමය ! පොලිසිය ට ගහලා වැඩ වරද්ද ගන්න එපා කියලා කතාවක් තියනවා නේ. (ස)

:       0       0

විජේ Friday, 22 November 2013 11:09 AM

මීට පස්සේ ආයුද පෙන්වන්න කාව හරි එක්කගෙන යනවා නම් අත් දෙකට මාංචු දාල එක්කගෙන යන්න. එතකොට එයාට බැහැනේ පොලිසියට වෙඩි තියන්න උත්සාහ කරන්න. අනෙක ආයුද තියෙන තැන කියන්නේ කටින් මිසක් අත්දෙකෙන් නෙවෙයිනේ.(නදී)

:       0       0

ප්‍රේමවංශ Friday, 22 November 2013 04:56 PM

මේ දෙවැනි සැකකරුද? එහෙමනම් පළමු සැකකරු කෝ? වැරදි ක්‍රමයකින් වුවත් මේ සිදුවුණ දේ ගැන මට සතුටුයි (නි)

:       0       0

අප්පුහාමි Friday, 22 November 2013 11:15 AM

බන්දුල පෙරේරා; ඔයා කියන විදියට නඩු විසදන්න පුලුවන්නම් උසාවියක් ඕනේ නැහැ. ඔයාට මතකද අර මුල්ලේරියාව පැත්තේ හතර දෙනෙක් මැරුවේ මහ දවල් ඒ සැක කරුවන්ට එහෙම කලෙතේ හරි නැහැ නේද? (නදී)

:       0       0

ගැටා Friday, 22 November 2013 05:07 PM

පොලිසියට මගේ ප්‍රණාමය ! (නි)

:       0       0

සම්පත් Friday, 22 November 2013 11:22 AM

අපරාධයක සුලමුල යට ගියා.(නදී)

:       0       0

කුමාර Friday, 22 November 2013 11:26 AM

මිනීමරුවා මරපුවහම.දැන් කොහොමද මරන්න අනුබල දුන්නු අය හොයාගන්නේ.?ඒ අය තව කී දෙනෙක් මරන්න අනුබල දීල දන්නේ නැහැ.? (ස)

:       0       0

මානගේ Friday, 22 November 2013 11:27 AM

අදෝමැයි, බන්දුල පෙරේරාට මුඛයක් සමග තවත් මුඛයක්????? (ස)

:       0       0

ලංකා Friday, 22 November 2013 05:38 PM

රටේ නීතිය කොයිබටද? (නි)

:       0       0

නිරෝෂන් Friday, 22 November 2013 05:42 PM

කල් යනකොටම මං දැනගත්තා මේකතමයි වෙන්නේ කියලා. හැබැයි මෙම ක්‍රමය හරි කියලා හිතන්න බැහැ. එහෙමනම් උසාවි ඕනෑ නැහැනේ.මං කියන්නේ අපි කව්රුත් එකතු වෙලා දඩුවම් ක්‍රියාත්මක කරන්න බල කරන්න ඕනෑ. (නි)

:       0       0

ශාන්ති Friday, 22 November 2013 05:44 PM

මේ සිදුවුණ දේ හොදයි. මෙහෙමහරි මේ අපරාධ ටිකක් හරි අඩුවෙලා යයි (නි)

:       0       0

සරත් ඇෆ්ඝනිස්ටනය. Friday, 22 November 2013 12:39 PM

ලංකාවේ පොලිසියට අපේ ප්‍රණාමය. (ස)

:       0       0

බන්දුල පෙරේරා Friday, 22 November 2013 12:45 PM

අප්පුහාමි බයද මේ ක්‍රමේට..මේ ක්‍රමේ අත් දුටුවයි සත්‍යයි. අප්පුහාමිටත් අත්හදා බලන්න ඕනනම් පොලිස් කාරයෙක් මරන්න. අපිනම් ගොඩක් ආසයි මේ ක්‍රමේට. හොර ලෝයාස්ලව නඩත්තු කරවන්නේ නැතුව. කාලේ කන්නේ නැතුව මහජනයාගේ බදු මුදල් වලින් මිනීමරුවෝ නඩත්තු කරන්නේ නැතුව යන මේ ක්‍රමේට. අපිට ඕන දැනට පොලිස් කාරයෙක් මැරුවොත් විතරක් ක්‍රියාත්මක වන මේ ක්‍රමේ අර අනුරපුරේ වගේ සිදුවීම් වලටත් ක්‍රියාත්මක වෙනවා දකින්න.(නදී)

:       0       0

ධනංජය Friday, 22 November 2013 06:20 PM

මේ වගේ අපරාධකාරයෝ හිර ගෙවල්වල දාගෙන රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින්නේ කන්න දෙන්නේ. මේ අය හිරේ ඉඳලා එළියට එන්නේ මීටත් වඩා භයානක අපරාධකාරයෝ වෙලා (නි)

:       0       0

චමත් ඉතාලිය Friday, 22 November 2013 06:25 PM

ලංකා,ඔයාට තේරෙන්නේ නැද්ද? මාංචු දාගෙන ගිහින් කොහොමද අවි පෙන්නන්නේ? අත් දෙක නිදහසේ තියන්න ඕනෑ ඒ මනුස්සයාට අවි හංගපු තැනෙන් අරන් දෙන්න (නි)

:       0       0

ලංකා Friday, 22 November 2013 12:51 PM

බන්දුල පෙරේරා මෝඩ කම පෙන්වනන් එපා. මහජන බදු මුදල් වලින් නඩත්තු වෙන දේශපාලුවෝ කී දාහක්නම් ලංකාවේ ඉන්නවද? මොකද ඒ අයට විරුද්දව එක වචනයක් පිට වෙන්නේ නැත්තේ? (නදී)

:       0       0

දොන් සේතං Friday, 22 November 2013 01:04 PM

බන්දුල පෙරේරා ඔයා වාඩිවෙන කොට පරිස්සමින් වාඩිවේනන මොකද මොලේ පරිස්සම් කරගන්න ඕනෑ නිසා.(නදී)

:       0       0

රන්ජන Monday, 25 November 2013 08:46 AM

උසාවි ගියාම ඉතින් කොහොම හරි නිදහස් වෙන නිසා මම නම් මේ ක්‍රමයට කැමතියි. (නි)

:       0       0

සන්සු Friday, 22 November 2013 01:11 PM

අනිවර්යෙන්ම තීරණයක් ගන්නම වෙනවා. නැත්නම් මොවුන් දවස් 89 න් එළියේ. ඊට පස්සේ... (නි)

:       0       0

අප්පුහාමි Friday, 22 November 2013 01:12 PM

බන්දුල පෙරේරා,මම ඔබට අනුකම්පා කරනවා (නි)

:       0       0

චමත් ඉතාලිය Friday, 22 November 2013 01:14 PM

මේ මරලා තියෙන්නේ නියම අපරාධකාරයා කියලා නැවත නැවතත් කියන්න ඕනෑ නැහැනේ. පොලිස් සුනඛයා ගිහින් නැවතුනේ මේ මිනිහාගේ ගෙදරට නම් ඉතින් මේ නියම අපරාධකාරයා කියලා අපිට වඩා හොදට පොලිසිය දන්නවා.රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් අපරාධකාරයා මේ විදියට මැරෙන්නෙත් නැහැ අපරාධ කෙරන්නෙත් නැහැ.පොලිසියෙවත්,අපරාධකාරයාගේවත් නෙමෙයි වැරැද්ද (නි)

:       0       0

පැංචි Friday, 22 November 2013 07:16 AM

මැරුවා නම් සියළුම රහස් ඉවරයි. (නදී)

:       0       0

නිශ්ශංක Friday, 22 November 2013 06:49 PM

ඔය වගේ අයව මරන්න ඕනෑ, හැබැයි ඔහොම නෙමෙයි, නීතියෙන්..... (නි)

:       0       0

කැලුම් Friday, 22 November 2013 01:20 PM

බන්දුල පෙරේරාගේ ඇග පුරාම මොලේද කොහෙද. බලාගෙන තුවාල කරගන්න එපා එතනින් මොලේ එලියට විසි වෙයි. (ස)

:       0       0

චමත් ඉතාලිය Friday, 22 November 2013 01:22 PM

දුෂණ හෙට්ටිආරච්චි, ඔබේ අදහස් දැක්වීම ගැන ස්තුතියි.ඒ සම්බන්ධව කටයුතු කිරීමට නීතිපතිවරයා වෙත එම අදහස් යොමු කොට ඇත්තෙමි. (ස)

:       0       0

වෙනස Friday, 22 November 2013 06:54 PM

සංවාදය හොඳයි. නමුත් වෙනසක් දකින්න සංවාදයෙන් පමණක් පුලුවන්ද? කවුරුන් වුණත් මැරීම වැරදියි.නීතිය ක්‍රියාත්මක නොවීම ඊටත් වඩා වැරදියි. එහෙම බලද්දී නියම වැරදිකාරයෝ හැමදාමත් නිදහසේ. නීතිය හරියට ක්‍රියාත්මක නොකරන වරදට දඬුවම් දිය යුත්තේ අපටමයි. අපි නිසි අය නිසි තැනට යොමු නොකළ නිසා (නි)

:       0       0

රාජුන් Friday, 22 November 2013 07:24 AM

දැන් එහෙනම් ලොකුම ප්‍රශ්නයක් විසදුනානේ.නේද? (නි)

:       0       0

සුරාජ් Friday, 22 November 2013 06:54 PM

මෙවන් දේවල් අපේ රටට අවශ්‍යයි (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Friday, 22 November 2013 01:26 PM

අනුරාධපුරයේ සැකකරු තලාව පැත්තේ කැලෑවක ආයුධ සඟවා තිබෙන්න පුළුවන් අද හෙටම එක්ක ගෙන ගිහින් හොයල බැලුවොත් හොඳයි. මොකද ඒ ආයුධ වලින් තව තව අපරාධ සිදුවිය හැක. මේක මා දකින්නේ වක්‍රව පවතින ශරීයා නීතිය හැටියටයි. පාඨක ඔබ කොහොමද දකින්නේ? කරුණා කරලා බනින්නේ නැතුව ලියන්න. (ස)

:       0       0

මාටින් Friday, 22 November 2013 06:54 PM

මේ මට තියෙන ලොකුම ප්‍රහේළිකාව තමයි ඇයි ලංකාවේ පොලිසිය තාම ඔහොම වැඩ වලට යද්දී සැකකාරයාට මාංචු දාගෙන නොයන්නේ කියලා. (නි)

:       0       0

මධු Friday, 22 November 2013 06:56 PM

ඔවි කුසුමි පිටපත පරන ඒකමයි නමුත් මිනී ෙනාමැරූ පුද්ගලයා මැරුවා මීනී මැරූ පුදගලයා ෙනාමැරුවා.(ස)

:       0       0

වෙනස Friday, 22 November 2013 06:59 PM

නිරෝෂන්, ඔබ හරියට තේරුම් අරන් ඉන්නවා වගේ තේරෙනවා. දඩුවම් ක්‍රියාත්මක කිරීමට වඩා නීතිය හරියට ක්‍රියාත්මක කරන්න බලකරන්න පුලුවන් නම් .... (නි)

:       0       0

උදය කුමාර Saturday, 23 November 2013 05:36 AM

හොද වැඩේ. අනිත් අයටත් පාඩමක් ඉගෙන ගන්න. පොලිසිය හරියට රාජකාරිය කළහම මරනවා. වැරදියට කළහම බැනුම් අහනවා (නි)

:       0       0

සරසි Friday, 22 November 2013 01:30 PM

අපරාධකාරයා හරි පවු නේද? දෙන්නෙක්වම මරපු කෙනෙක්නේ. කාටහරි පස්සේ මෙයාව ඕනෑ වෙන්න තිබුණා. (නි)

:       0       0

සත්‍යපාල Friday, 22 November 2013 07:00 PM

අනේ අපි කවදාක හිනැහෙමුද මේ රටේ .....// (නි)

:       0       0

ලුම්බිණි Friday, 22 November 2013 07:33 AM

මිය ගොස් ඇත්තේ පොලිස් කොස්තාපල්වරයෙකු හා බිරිද මරා දැමු බව කියන 'සැකකරුවෙකු' නේද? ඉතින් මෙයා ඝාතකයා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. (නි)

:       0       0

හේරත් Friday, 22 November 2013 07:01 PM

මේ ක්‍රමයට මම කැමතියි (නි)

:       0       0

ජනිත Friday, 22 November 2013 07:02 PM

වැරැද්දට දඩුවම් දෙන්න තමා නීතියක් තියෙන්නේ. (නි)

:       0       0

මුත්ත Saturday, 23 November 2013 02:24 PM

රාඡකාරි කරන්න ගියපුවහම පොලිස් නිළධාරින්ට විවිධ ගැටලු වලට මුහුණ දෙන්න සිදුවෙනව එක සාමානය දෙයක් කියමුකො (කොහොම නමුත් එකත් වැරදි නේද). ඉතින් නිතිය කීයාත්මක කිරිමට යාමේදි ඡිවිතය අහිමි වේ නමි කොතරමි බැරැරැමි තත්වයක්ද. ඉදිරියේදි දිගින් දිගටම මේ තත්වය උදා උනොත් මානව හිමිකමි ගැන කතා කරන මහත්වරු මොකද කරන්නේ තවද ඔය මිණිමරැවා උසාවි දාලා ඇපපිට ඇවිල්ලා සාක්ෂි නැති කරෝත් මොකද කරන්නේ , ඇතුලේ ඉදිද්දිම සාක්ෂි නැති කලොත් මොකද කරන්නේ. පොලිස් නිළධාරියාගේ පවුලේ සාමාඡිනයන්ට සිදුවු අසාධරණය ගැන එතකොට කාටවත් කතා කරන්න බැර්වේවි නේද එ නිසා වැරදි උනත් රට යන විදිහත් එක්ක පොලිසියේ වැඩේ අනුමත කරන්න වෙනව (අ)

:       0       0

මෙත්තා Saturday, 23 November 2013 02:25 PM

රාඡකාරි කරන්න ගියාම පොලිස් නිළධාරින්ට විවිධ ගැටලු වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒක සාමානය දෙයක් කියමුකො (කොහොම නමුත් ඒකත් වැරදි නේද). ඉතින් නිතිය ක්‍රියාත්මක කිරිමට යාමේදි ඡිවිතය අහිමි වේ නමි කොතරමි බැරැරැමි තත්වයක්ද. ඉදිරියේදි දිගින් දිගටම මේ තත්වය උදා උනොත් මානව හිමිකමි ගැන කතා කරන මහත්වරු මොකද කරන්නේ. තවද ඔය මිණිමරුවා උසාවි දාලා ඇපපිට ඇවිල්ලා සාක්ෂි නැතිකළොත් මොකද කරන්නේ , ඇතුලේ ඉදිද්දිම සාක්ෂි නැති කලොත් මොකද කරන්නේ. පොලිස් නිළධාරියාගේ පවුලේ සාමාඡිකයන්ට සිදුවු අසාදාරනය ගැන එතකොට කාටවත් කතා කරන්න බැර්වේවි නේද? ඒ නිසා වැරදි උනත් රට යන විදිහත් එක්ක පොලිසියේ වැඩේ අනුමත කරන්න වෙනවා .(නදී)

:       0       0

වන්නි තිලක් Friday, 22 November 2013 07:46 AM

ඉතින් කියනවා මානව හිමිකම් ගැන ලෝකයේ අනිත් රටවල් අපට බලපෑම් කරනවා කියලා. (නි)

:       0       0

ගුණරත්න Friday, 22 November 2013 07:52 AM

මැරුනා නම් රහස් අවසන් වෙන්නේ කොහොමද?අනික අල්ලාගෙන ආවා නම් ඔය කෙනාව බේරාගන්න දේශපාලකයෝ පොරකන්න පුළුවන්. (නි)

:       0       0

විල්සන් Friday, 22 November 2013 07:19 PM

මෙවැනි දේවලින් වැටහෙනවා ලංකාවේ නීතියේ තිබෙන හිස්බව (නි)

:       0       0

කුමාරසිරි Saturday, 23 November 2013 07:39 AM

අපි නොදන්න ආයුධ පෙන්නීම? පස්සෙන් හිටිය නිල මිනීමරුවොයි, දේශපාලන බලපුළුවන්කාරයොයි අපුරුවට ගොඩ ගියා.(නදී)

:       0       0

උපාලි Friday, 22 November 2013 08:06 AM

පැංචි ඔබ හරි. ඉඳහිට මිනීමරුවෝ, විශේෂයෙන් පාතාලකාරයෝ පොලිස් වෙඩි පහරින් මිය යනවා. ඒ සමගම ඒ පාතාල කල්ලිවලින් කප්පම් සහ වෙනත් ලාභ ප්‍රයෝජන ගත් ලොකු ලොක්කන් ඇතුළු සියලු දෙනා පිළිබඳ රහස් ද වැළලී යනවා. ඒක පිළිබදව බොළඳ විදියට හිතන්න එපා. (නි)

:       0       0

අමිල කටුනායක Friday, 22 November 2013 07:22 PM

මෙයා නියම ඝාතකයා නම් මම මේ ගැන දුක්වෙන්නෙ නැහැ (නි)

:       0       0

දෝන Friday, 22 November 2013 08:09 AM

ඇයි එහෙම වුණේ? (නි)

:       0       0

විජේසුන්දර Friday, 22 November 2013 08:12 AM

අනේ!කවුරුවත් මේ ගැන වැඩිය කලබල වෙන්න එපා (නි)

:       0       0

කුමාරසිරි Saturday, 23 November 2013 07:53 AM

කොන්ඩෙ බැඳපු අන්දිරිසලා පොලිසියේ මහත්වරු කියන කතා අහල පස්ස පැත්තෙන් පුරු පුරු ගාල හිනා උනා. කළු කෝට් බෑයක් ඇන්දනම් මාත් ඕක පිලිගන්නවා කියල කසිප්පු සයිම රෙද්ද කරට අරන් හු කිය කියා ගමේ පාර පුරාම කරක් ගැහුවා. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 23 November 2013 08:00 AM

ලංකාවේ නීතියට ගිය කල. (නි)

:       0       0

සෙනිත් Friday, 22 November 2013 02:10 PM

බන්දුල පෙරේරා, එතකොට අර හාමුදුරුවෝ මරපු එකාට මොකද කරන්න පුළුවන්. (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 23 November 2013 08:00 AM

කුමාරසිරි,පිටුපස සිටි නිල මිනීමරුවොයි, දේශපාලන බලපුළුවන්කාරයොයි අපුරුවට ගැළවුණා (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 23 November 2013 08:01 AM

දක්ෂ පොලිස් නිළධාරියෙක් රටට අහිමි වුණා. (නි)

:       0       0

මධු Friday, 22 November 2013 08:22 AM

සැකකරුවෙක් එහෙම මියයන එක ප්‍රශ්නයක් නෙමෙයිද? (නි)

:       0       0

සමන් Friday, 22 November 2013 08:23 AM

නියම වැඩේ තමයි වෙලා තියෙන්නේ (නි)

:       0       0

නිමල් ලලිතා Saturday, 23 November 2013 03:09 PM

මේ නැති වුනේ භයානක අපරාධකරුවෙක්ගේ ගෝලයෙක් සහ එම අපරාද කරුවාට විරුද්දව සිටි හොඳම සාක්ෂියක්. අපරාද කරුවෙකු නැති වීම ගැන සතුටුවිය හැකි වුවත් තවත් බිහිසුණු අපරාද කරුවෙකුට විරුද්ධව තබූ ප්‍රබල සාක්ෂියක් නැති උනා. මේ වගේ ඇය රැගෙන යනකොට, මේගොල්ලන්ට ඒ ගොල්ලන්ගේ සෙල්ලම් පෙන්නීමට නොහැකි වන සේ මාංචු දමා ගෙන ගිය නොහැකිද. මේ වගේ අපරාද කාරයන්ගේ මානව හිමිකම් රැකීමට පෙර මේ රටේ සාමකාමී ජනතාවගේ ජිවත් වීමේ අයිතිය රැකිය යුතුයි.(නදී)

:       0       0

රන්ජන් - ඉන්දියව Friday, 22 November 2013 08:32 AM

මීටපෙරත් මෙවන් සිදුවීමක් වුණා නේද? (නි)

:       0       0

ජෙරාඩ් Friday, 22 November 2013 08:45 AM

ඝාතකයා ගෙනවිත් මාස තුනෙන් ඇප දීලා ගෙදර යවනවට වඩා මේ සිදුවූ දෙයට මම කැමතියි (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 22 November 2013 02:34 PM

දොන්සේතන්ලා කැලුම්ලා හිතන්නේ එයාලගේ මොලේ තියෙන තැනම අනෙක් අයගේ මොළෙත් තියෙනවා කියලා..ලංකා මහත්තයා මම හිතන්නේ ලෝයර් කෙනෙක්ද කොහෙද..හරි හරි..කට්ටිය කියන විදියට මේ යකාගේ දැන් මානව හිමිකම් රකින්න කට්ටිය කටයුතු කරමු.. (ස)

:       0       0

කැළුම් Friday, 22 November 2013 08:49 AM

දැන් මේකේ කොන්ත්‍රාත් එක දුන්න කෙනාට මොකද වෙන්නේ? (නි)

:       0       0

දුෂණ හෙට්ටි ආරච්චි Friday, 22 November 2013 08:52 AM

මෙය නොවෙයි විය යුත්තේ. රට වටා ඇතිවී තිබෙන මෙවන් ඝාතන රැල්ල ඇතිවීමට දිගුකාලීනව හා කෙටිකාලීනව බලපානු ලැබූ හේතු පිළිබදව විමර්ශනයක් කර ඒ හදුනා ගන්න ලද අඩුපාඩු වලට කඩිනමින් පිළියම් දීමය.නීති මාලාවේ සැළකිය යුතු වෙනස්කම් රාශියක් කිරීමට ඇති බව මගේ මතයයි එසේම නීති දැඩි ගෙන ඒම හා එල්ලුම්ගස යලිත් ක්‍රියාත්මක කිරීම සුදුසුය. අපරාධ නඩු හා කල් ගතවන ඉඩම් නඩු වසර කිහිපයක් තුල අවසන් කිරීම සුදුසුය. නැත්නම් තත්ත්වය තවත් බරපතල වෙනු ඇත. (නි)

:       0       0

අසේල ජයරත්න Friday, 22 November 2013 02:43 PM

මරපු කෙනාව මරුවා. ඒ උණාට මරන්න උපදෙස් දුන්න කෙනාව අල්ලගෙන නැහැනෙ. (ස)

:       0       0

දොන්සේතං Friday, 22 November 2013 08:54 AM

එහෙනම් පොලිසියත් හීරෝලා වුණා.... (නි)

:       0       0

පීරිස් Friday, 22 November 2013 08:54 AM

පොලිසියේ කාටහරි මොනවාහරි වුණොත් අපරාධකාරයෝ ඉක්මනට අහු වෙනවා (නි)

:       0       0

බුද්ධික රොෂාන් Friday, 22 November 2013 02:46 PM

මෙය තමයි සිදු විය යුත්තේ... මේ වගේ ර‍ටෙ සිදුවන දරුණු අපරාධ දුෂණ වලට වි‍ශේෂයෙන් ස්ත්‍රි දුෂණ වගේ දෙවල් වලට සමිබන්ධ පුද්ගලයින්ට එල්ලුම් ගහ විවෘත කරන කම් ඉන්නෙ නැතිව මේ වගේ ආයුධ පෙන්වන්න කැලයට ගෙනියන්න .... (ස)

:       0       0

විජේ Friday, 22 November 2013 08:55 AM

ඔය කපලා තියෙන්නේ ගහේ අත්තක් විතරයි. ගහ බේරන්න අත්ත බිලිවුණා වෙන්න බැරිද ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 73 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 93 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 222 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 702 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 1175 1

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 884 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14562 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 148 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site