කඹුරුපිටිය මාස් මුල්ලේදී පොලිස් කොස්තාපල්වරයෙකු හා බිරිද මරා දැමු බව කියන සැකකරුවෙකු මී ඇල්ල කැලයේදී වෙඩි පහරින් මිය ගිය බව පොලිසිය කියයි.
යුද හමුදාවේ හිටපු භටයකු වන මෙම පුද්ගලයා අවි තුනක් පෙන්වීම සඳහා පොලිසිය රැගෙන ගිය අවස්ථාවේ සැඟවූ අවියකින් පොලිස් කොස්තාපල්වරයකුට වෙඩි තැබීමට තැත් කළ බවත් ඔහු ආරත්ම ආරක්ෂාව පතා වෙඩි තබා ඇති බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරුවා නම් සියළුම රහස් ඉවරයි. (නදී)
දැන් එහෙනම් ලොකුම ප්‍රශ්නයක් විසදුනානේ.නේද? (නි)
මිය ගොස් ඇත්තේ පොලිස් කොස්තාපල්වරයෙකු හා බිරිද මරා දැමු බව කියන 'සැකකරුවෙකු' නේද? ඉතින් මෙයා ඝාතකයා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. (නි)
ඉතින් කියනවා මානව හිමිකම් ගැන ලෝකයේ අනිත් රටවල් අපට බලපෑම් කරනවා කියලා. (නි)
මැරුනා නම් රහස් අවසන් වෙන්නේ කොහොමද?අනික අල්ලාගෙන ආවා නම් ඔය කෙනාව බේරාගන්න දේශපාලකයෝ පොරකන්න පුළුවන්. (නි)
පැංචි ඔබ හරි. ඉඳහිට මිනීමරුවෝ, විශේෂයෙන් පාතාලකාරයෝ පොලිස් වෙඩි පහරින් මිය යනවා. ඒ සමගම ඒ පාතාල කල්ලිවලින් කප්පම් සහ වෙනත් ලාභ ප්‍රයෝජන ගත් ලොකු ලොක්කන් ඇතුළු සියලු දෙනා පිළිබඳ රහස් ද වැළලී යනවා. ඒක පිළිබදව බොළඳ විදියට හිතන්න එපා. (නි)
ඇයි එහෙම වුණේ? (නි)
අනේ!කවුරුවත් මේ ගැන වැඩිය කලබල වෙන්න එපා (නි)
සැකකරුවෙක් එහෙම මියයන එක ප්‍රශ්නයක් නෙමෙයිද? (නි)
නියම වැඩේ තමයි වෙලා තියෙන්නේ (නි)
මීටපෙරත් මෙවන් සිදුවීමක් වුණා නේද? (නි)
ඝාතකයා ගෙනවිත් මාස තුනෙන් ඇප දීලා ගෙදර යවනවට වඩා මේ සිදුවූ දෙයට මම කැමතියි (නි)
දැන් මේකේ කොන්ත්‍රාත් එක දුන්න කෙනාට මොකද වෙන්නේ? (නි)
මෙය නොවෙයි විය යුත්තේ. රට වටා ඇතිවී තිබෙන මෙවන් ඝාතන රැල්ල ඇතිවීමට දිගුකාලීනව හා කෙටිකාලීනව බලපානු ලැබූ හේතු පිළිබදව විමර්ශනයක් කර ඒ හදුනා ගන්න ලද අඩුපාඩු වලට කඩිනමින් පිළියම් දීමය.නීති මාලාවේ සැළකිය යුතු වෙනස්කම් රාශියක් කිරීමට ඇති බව මගේ මතයයි එසේම නීති දැඩි ගෙන ඒම හා එල්ලුම්ගස යලිත් ක්‍රියාත්මක කිරීම සුදුසුය. අපරාධ නඩු හා කල් ගතවන ඉඩම් නඩු වසර කිහිපයක් තුල අවසන් කිරීම සුදුසුය. නැත්නම් තත්ත්වය තවත් බරපතල වෙනු ඇත. (නි)
එහෙනම් පොලිසියත් හීරෝලා වුණා.... (නි)
පොලිසියේ කාටහරි මොනවාහරි වුණොත් අපරාධකාරයෝ ඉක්මනට අහු වෙනවා (නි)
ඔය කපලා තියෙන්නේ ගහේ අත්තක් විතරයි. ගහ බේරන්න අත්ත බිලිවුණා වෙන්න බැරිද ? (නි)
කවුද දන්නෙ හරියටම මේ ඒ සැකකරුමද කියලා. (නි)
ශ්‍රී ලංකාවේ වැඩිවන අපරාද රැල්ලට ලොකු ලොක්කන් වග කිය යුතුයි. (ස)
කට්ටියට දැන් මේකව මැරුවටත් අමරුයි..ඒකටත් තියෙන ඔක්කොම කල්පිත එලියට දානවා..මේ සිදුවීමට හේතු වුනු කරුනුත් සැකකරුවන් ගැනත් විස්තර සති අන්ත පුවත් පත් වල පැහැදිලිව හෙළිදරව් කරලා තිබුනා...වාතයක් ගියත් දේසපාලනේ පටලවල වාතේ ගියෙත් රට කරවන අයගෙ වැරැද්දෙන් කියන්න කට්ටිය හදන්නේ..මේ අපරාදයට සම්බන්ධ සියල්ලටම දඩුවම කට්ටිය කැමති උනත් නැති උනත් මේක තමයි..කැමති නැති කට්ටිය ගිහින් මානව හිමිකම් නඩුවක් දාන්න මේ අපරාධකරුවන්ගේ මානව හිමිකම් වෙනුවෙන්...මේ කාලකණ්ණින්ව මහජන බදු මුදල් වලින් නඩත්තු කරනවට වඩා මේ ක්‍රමය අපිට හොඳයි.... (ස)
මේකට සම්බන්ධ ඔක්කොම මරන්න...... (ස)
අනේ පව් අහිංසක පොලිස් නිලධාරින්ට යන කල. (ස)
ආයුධ පෙන්නන්න ගිහින් පැනල දුවන්න හැදුවලු. (ස)
සැකකරුවකු නොවේ. මේ මිනි මරුවා බව හොඳින්ම හඳුනා ගෙන තියෙන්නේ . මෙහෙම තමයි කරන්න ඕන. නැත්නම් නීතිංඥ මහත්වරු මෙයාට උසාවියෙන් ඇප අරන් දෙනවා. එලියට ඇවිල්ල සාක්කිකාරයින්ව මරනවා. තව අපරාධ කරනවා. (නදී)
අපි දන්නවා මේක වෙන බව. එතකොට පස් දෙනාගේ ඝාතකයා? (නදී)
අවිගත් අය අවියෙන්ම නහී කියන්නේ ඔය සිදුවීම් වලට.(නදී)
මේ අදහස් දාන සමහර අය පිස්සොද මන්දා, මේ කෙනා දැනුවත්ව ජිවිත දෙකක් බිලි අරගෙන, පොලිසියෙන් අල්ලනකොට කියනවා මු මරන්න ඕනි කියල රටේ මරණ දඩුවම නැතිනම් මෙහෙම හරි මැරුණම ඒකටත් දොස් කියනවා අඩනවා. මානව හිමිකම් ගැන කියනවා මට බලයක් තිබේ නම් අපරාද කාරයෝ කොහොම හරි ඔක්කොම මරනවා.(නදී)
මැරයන් රජකරන රටක අහිංසක හා නීතියට රාජකාරී කරන අයගේ ආරක්ෂාව වෙනුවෙන් හොඳ දෙයක්. එයට විරුද්ධ අය තමන්ට එහෙම උනොත් කියල හිතල බලන්න . මානව හිමිකම් තියනවා කියන රටවලත් එහෙම දේවල් කරනවා . (නදී)
පොලිසිය මේ සැරේ හරියටම වැඩේ කරලා නියමයි.(නදී)
මීට පස්සේ ආයුද පෙන්වන්න කාව හරි එක්කගෙන යනවා නම් අත් දෙකට මාංචු දාල එක්කගෙන යන්න. එතකොට එයාට බැහැනේ පොලිසියට වෙඩි තියන්න උත්සාහ කරන්න. අනෙක ආයුද තියෙන තැන කියන්නේ කටින් මිසක් අත්දෙකෙන් නෙවෙයිනේ.(නදී)
බන්දුල පෙරේරා; ඔයා කියන විදියට නඩු විසදන්න පුලුවන්නම් උසාවියක් ඕනේ නැහැ. ඔයාට මතකද අර මුල්ලේරියාව පැත්තේ හතර දෙනෙක් මැරුවේ මහ දවල් ඒ සැක කරුවන්ට එහෙම කලෙතේ හරි නැහැ නේද? (නදී)
අපරාධයක සුලමුල යට ගියා.(නදී)
මිනීමරුවා මරපුවහම.දැන් කොහොමද මරන්න අනුබල දුන්නු අය හොයාගන්නේ.?ඒ අය තව කී දෙනෙක් මරන්න අනුබල දීල දන්නේ නැහැ.? (ස)
අදෝමැයි, බන්දුල පෙරේරාට මුඛයක් සමග තවත් මුඛයක්????? (ස)
ලංකාවේ පොලිසියට අපේ ප්‍රණාමය. (ස)
අප්පුහාමි බයද මේ ක්‍රමේට..මේ ක්‍රමේ අත් දුටුවයි සත්‍යයි. අප්පුහාමිටත් අත්හදා බලන්න ඕනනම් පොලිස් කාරයෙක් මරන්න. අපිනම් ගොඩක් ආසයි මේ ක්‍රමේට. හොර ලෝයාස්ලව නඩත්තු කරවන්නේ නැතුව. කාලේ කන්නේ නැතුව මහජනයාගේ බදු මුදල් වලින් මිනීමරුවෝ නඩත්තු කරන්නේ නැතුව යන මේ ක්‍රමේට. අපිට ඕන දැනට පොලිස් කාරයෙක් මැරුවොත් විතරක් ක්‍රියාත්මක වන මේ ක්‍රමේ අර අනුරපුරේ වගේ සිදුවීම් වලටත් ක්‍රියාත්මක වෙනවා දකින්න.(නදී)
බන්දුල පෙරේරා මෝඩ කම පෙන්වනන් එපා. මහජන බදු මුදල් වලින් නඩත්තු වෙන දේශපාලුවෝ කී දාහක්නම් ලංකාවේ ඉන්නවද? මොකද ඒ අයට විරුද්දව එක වචනයක් පිට වෙන්නේ නැත්තේ? (නදී)
බන්දුල පෙරේරා ඔයා වාඩිවෙන කොට පරිස්සමින් වාඩිවේනන මොකද මොලේ පරිස්සම් කරගන්න ඕනෑ නිසා.(නදී)
අනිවර්යෙන්ම තීරණයක් ගන්නම වෙනවා. නැත්නම් මොවුන් දවස් 89 න් එළියේ. ඊට පස්සේ... (නි)
බන්දුල පෙරේරා,මම ඔබට අනුකම්පා කරනවා (නි)
මේ මරලා තියෙන්නේ නියම අපරාධකාරයා කියලා නැවත නැවතත් කියන්න ඕනෑ නැහැනේ. පොලිස් සුනඛයා ගිහින් නැවතුනේ මේ මිනිහාගේ ගෙදරට නම් ඉතින් මේ නියම අපරාධකාරයා කියලා අපිට වඩා හොදට පොලිසිය දන්නවා.රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් අපරාධකාරයා මේ විදියට මැරෙන්නෙත් නැහැ අපරාධ කෙරන්නෙත් නැහැ.පොලිසියෙවත්,අපරාධකාරයාගේවත් නෙමෙයි වැරැද්ද (නි)
බන්දුල පෙරේරාගේ ඇග පුරාම මොලේද කොහෙද. බලාගෙන තුවාල කරගන්න එපා එතනින් මොලේ එලියට විසි වෙයි. (ස)
දුෂණ හෙට්ටිආරච්චි, ඔබේ අදහස් දැක්වීම ගැන ස්තුතියි.ඒ සම්බන්ධව කටයුතු කිරීමට නීතිපතිවරයා වෙත එම අදහස් යොමු කොට ඇත්තෙමි. (ස)
අනුරාධපුරයේ සැකකරු තලාව පැත්තේ කැලෑවක ආයුධ සඟවා තිබෙන්න පුළුවන් අද හෙටම එක්ක ගෙන ගිහින් හොයල බැලුවොත් හොඳයි. මොකද ඒ ආයුධ වලින් තව තව අපරාධ සිදුවිය හැක. මේක මා දකින්නේ වක්‍රව පවතින ශරීයා නීතිය හැටියටයි. පාඨක ඔබ කොහොමද දකින්නේ? කරුණා කරලා බනින්නේ නැතුව ලියන්න. (ස)
අපරාධකාරයා හරි පවු නේද? දෙන්නෙක්වම මරපු කෙනෙක්නේ. කාටහරි පස්සේ මෙයාව ඕනෑ වෙන්න තිබුණා. (නි)
බන්දුල පෙරේරා, එතකොට අර හාමුදුරුවෝ මරපු එකාට මොකද කරන්න පුළුවන්. (ස)
දොන්සේතන්ලා කැලුම්ලා හිතන්නේ එයාලගේ මොලේ තියෙන තැනම අනෙක් අයගේ මොළෙත් තියෙනවා කියලා..ලංකා මහත්තයා මම හිතන්නේ ලෝයර් කෙනෙක්ද කොහෙද..හරි හරි..කට්ටිය කියන විදියට මේ යකාගේ දැන් මානව හිමිකම් රකින්න කට්ටිය කටයුතු කරමු.. (ස)
මරපු කෙනාව මරුවා. ඒ උණාට මරන්න උපදෙස් දුන්න කෙනාව අල්ලගෙන නැහැනෙ. (ස)
මෙය තමයි සිදු විය යුත්තේ... මේ වගේ රටෙ සිදුවන දරුණු අපරාධ දුෂණ වලට විශේෂයෙන් ස්ත්‍රි දුෂණ වගේ දෙවල් වලට සමිබන්ධ පුද්ගලයින්ට එල්ලුම් ගහ විවෘත කරන කම් ඉන්නෙ නැතිව මේ වගේ ආයුධ පෙන්වන්න කැලයට ගෙනියන්න .... (ස)
මැරුවා නම් සියළුම රහස් ඉවරයි තමයි. අපරාදේ නගරයට ගෙනත් වෙඩි තියන්න තිබුනේ. මැරයන්ට පාඩමක් ඉගෙන ගනන්න පිටුපස ඉන්න අයත් අල්ලන්න. (ස)
අර වාස් මත්තයාව ඇතුලට ගත්තේ ඇයි කියල තේරෙනවා නේද ..? එයා හිටියානම් ලොකු ලොකු හැමෝම දන්නවා ..පොලිස් පති උනොත් අපි සේරමලා යන්නේ ..මහා රාත්‍රී නිදි පැදුරටත් නොකියයි කියලා ..?මිනී මරුවෝ සේරම අතුගාලම දාන්න ඕන ...?(ස)
නාටකයේ ප්‍රධාන නළුවා වෙනස් උනාට පිටපත නම් පරණ එකමයි. ඒ ගැන නම් අහිතක් නැහැ. අර තංගල්ලේ පැත්තේ සිදුවුණා කියන සිද්ධියටත් ඔය පිටපතටම, නළුවාව විතරක් වෙනස් කරලා නාටකයක් කරන්න බැරි ඇයි කියල තමයි අපි අහන්නේ? (ස)
වෙන්න ඕන දේ ඕක තමා. මුන් ජීවත් වුනාම අනිත් අයටත් වදයක්. (ස)
මිනීමරුවෝ උසාවි ගේන්නෙත් මාංචු දාලා. මොකද අවි පෙන්වීම සඳහා පොලිසිය රැගෙන යනකොට එහෙම කරන්නේ නැත්තෙ?? (ස)
එල්ලුචම්ගස ක්‍රියාත්මක නොවනනිසා මිනි මරුවන්ට මෙම ක්‍රමය ගැලපෙනවා, තව හවුල් කරුවන් ඇත්නම් එම අය ගැනද කටයුතු කළයුතුයි. (ස)
පොලිසිය සැකකරුට කිවද අපි මෙතැන ඉන්නම් ඔයා ගිහින් ආ යුද අරන් එන්න කියල ඕව ඉතින් කොහොම කීවත් හරියට හිතා ගන්න ඹ්න. වැද්දට පුලුවන් ගොරක දඩ මස් කරණ්න.(ස)
නීතිය පොතට විතරක් තිබිල මද් ඒවා ක්‍රියාත්මක වෙන්නත් ඹින නිතිය එදාසිටම හරියට ක්‍රියාත්මකව තිබුනානම් ඔයවැනි අපරාද වෙන්නේ නෑග(ස)
යසයි ඕකට විච්ච දේ (ස)
මානව හිමිකම් ඕනෑ තමයි. නමුත් ඕව ඕනවට වඩා රකින්න ගිය එක තමයි මේ රටට හෙන ගහල තියෙන්නේ. අර ඉහල අරි කිව්වා වගේ මෙහෙම දෙයක් තමන්ට උනානම් කියලා හිත පියවූ. (ස)
අපරාධකාරයට උපදෙස් දුන්න කෙනෙක් ඉන්නවද. (ස)
ඔහොම තමා කරන්න ඕන.උවමන දේවල් දැන ගෙන නේද හංගපුවා බලන්න ගියේ.එහෙනම් ප්‍රශ්නයක් නැ.පොලිසියට ජය.!!!!!!!!!!! (ස)
දන්නෝ දනිති. හැබැයි වෙන්න ඕන වැඩේ කවදා හරි. (ස)
මට දුකයි 2012.12.21 ලෝකේ විනාසෙ නොවිච්ච එක ගැන ? (ස)
රජිත් ඉතාලි - 11-12-2013 ලෝකේ විනාශ වෙනවලු. තවම සාස්තර කාරයන්ට මතක් වුනේ නැහැ වගේ. (ස)
පොලිසියට මගේ ප්‍රණාමය ! පොලිසිය ට ගහලා වැඩ වරද්ද ගන්න එපා කියලා කතාවක් තියනවා නේ. (ස)
මේ දෙවැනි සැකකරුද? එහෙමනම් පළමු සැකකරු කෝ? වැරදි ක්‍රමයකින් වුවත් මේ සිදුවුණ දේ ගැන මට සතුටුයි (නි)
පොලිසියට මගේ ප්‍රණාමය ! (නි)
රටේ නීතිය කොයිබටද? (නි)
කල් යනකොටම මං දැනගත්තා මේකතමයි වෙන්නේ කියලා. හැබැයි මෙම ක්‍රමය හරි කියලා හිතන්න බැහැ. එහෙමනම් උසාවි ඕනෑ නැහැනේ.මං කියන්නේ අපි කව්රුත් එකතු වෙලා දඩුවම් ක්‍රියාත්මක කරන්න බල කරන්න ඕනෑ. (නි)
මේ සිදුවුණ දේ හොදයි. මෙහෙමහරි මේ අපරාධ ටිකක් හරි අඩුවෙලා යයි (නි)
මේ වගේ අපරාධකාරයෝ හිර ගෙවල්වල දාගෙන රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින්නේ කන්න දෙන්නේ. මේ අය හිරේ ඉඳලා එළියට එන්නේ මීටත් වඩා භයානක අපරාධකාරයෝ වෙලා (නි)
ලංකා,ඔයාට තේරෙන්නේ නැද්ද? මාංචු දාගෙන ගිහින් කොහොමද අවි පෙන්නන්නේ? අත් දෙක නිදහසේ තියන්න ඕනෑ ඒ මනුස්සයාට අවි හංගපු තැනෙන් අරන් දෙන්න (නි)
ඔය වගේ අයව මරන්න ඕනෑ, හැබැයි ඔහොම නෙමෙයි, නීතියෙන්..... (නි)
සංවාදය හොඳයි. නමුත් වෙනසක් දකින්න සංවාදයෙන් පමණක් පුලුවන්ද? කවුරුන් වුණත් මැරීම වැරදියි.නීතිය ක්‍රියාත්මක නොවීම ඊටත් වඩා වැරදියි. එහෙම බලද්දී නියම වැරදිකාරයෝ හැමදාමත් නිදහසේ. නීතිය හරියට ක්‍රියාත්මක නොකරන වරදට දඬුවම් දිය යුත්තේ අපටමයි. අපි නිසි අය නිසි තැනට යොමු නොකළ නිසා (නි)
මෙවන් දේවල් අපේ රටට අවශ්‍යයි (නි)
මේ මට තියෙන ලොකුම ප්‍රහේළිකාව තමයි ඇයි ලංකාවේ පොලිසිය තාම ඔහොම වැඩ වලට යද්දී සැකකාරයාට මාංචු දාගෙන නොයන්නේ කියලා. (නි)
ඔවි කුසුමි පිටපත පරන ඒකමයි නමුත් මිනී ෙනාමැරූ පුද්ගලයා මැරුවා මීනී මැරූ පුදගලයා ෙනාමැරුවා.(ස)
නිරෝෂන්, ඔබ හරියට තේරුම් අරන් ඉන්නවා වගේ තේරෙනවා. දඩුවම් ක්‍රියාත්මක කිරීමට වඩා නීතිය හරියට ක්‍රියාත්මක කරන්න බලකරන්න පුලුවන් නම් .... (නි)
අනේ අපි කවදාක හිනැහෙමුද මේ රටේ .....// (නි)
මේ ක්‍රමයට මම කැමතියි (නි)
වැරැද්දට දඩුවම් දෙන්න තමා නීතියක් තියෙන්නේ. (නි)
මෙවැනි දේවලින් වැටහෙනවා ලංකාවේ නීතියේ තිබෙන හිස්බව (නි)
මෙයා නියම ඝාතකයා නම් මම මේ ගැන දුක්වෙන්නෙ නැහැ (නි)
මේවා ගැන නොදන්නා අයට මේවා තේරෙන්නේ නැහැ (නි)
පොලිසිය පොඩි ලමයි වගේ බොරු කියන්නේ සැක කරුවෙක් උනාම උසාවියකින් නඩු අහල වරද කරුවෙක් උනේ නැතුව මරන්නේ කොහොමද උසාවි මොකටද ??? රටේ නීතියක් තියෙනවා (ස)
සැබෑ අපරාධකාරයා ඔබට මග ඇරිලා වගෙයි. දක්ෂ පොලිස් නිළධාරියෙක් රටට අහිමි වෙලා. (නි)
හොද වැඩේ. අනිත් අයටත් පාඩමක් ඉගෙන ගන්න. පොලිසිය හරියට රාජකාරිය කළහම මරනවා. වැරදියට කළහම බැනුම් අහනවා (නි)
අපි නොදන්න ආයුධ පෙන්නීම? පස්සෙන් හිටිය නිල මිනීමරුවොයි, දේශපාලන බලපුළුවන්කාරයොයි අපුරුවට ගොඩ ගියා.(නදී)
කොන්ඩෙ බැඳපු අන්දිරිසලා පොලිසියේ මහත්වරු කියන කතා අහල පස්ස පැත්තෙන් පුරු පුරු ගාල හිනා උනා. කළු කෝට් බෑයක් ඇන්දනම් මාත් ඕක පිලිගන්නවා කියල කසිප්පු සයිම රෙද්ද කරට අරන් හු කිය කියා ගමේ පාර පුරාම කරක් ගැහුවා. (නදී)
ලංකාවේ නීතියට ගිය කල. (නි)
කුමාරසිරි,පිටුපස සිටි නිල මිනීමරුවොයි, දේශපාලන බලපුළුවන්කාරයොයි අපුරුවට ගැළවුණා (නි)
දක්ෂ පොලිස් නිළධාරියෙක් රටට අහිමි වුණා. (නි)
රාඡකාරි කරන්න ගියපුවහම පොලිස් නිළධාරින්ට විවිධ ගැටලු වලට මුහුණ දෙන්න සිදුවෙනව එක සාමානය දෙයක් කියමුකො (කොහොම නමුත් එකත් වැරදි නේද). ඉතින් නිතිය කීයාත්මක කිරිමට යාමේදි ඡිවිතය අහිමි වේ නමි කොතරමි බැරැරැමි තත්වයක්ද. ඉදිරියේදි දිගින් දිගටම මේ තත්වය උදා උනොත් මානව හිමිකමි ගැන කතා කරන මහත්වරු මොකද කරන්නේ තවද ඔය මිණිමරැවා උසාවි දාලා ඇපපිට ඇවිල්ලා සාක්ෂි නැති කරෝත් මොකද කරන්නේ , ඇතුලේ ඉදිද්දිම සාක්ෂි නැති කලොත් මොකද කරන්නේ. පොලිස් නිළධාරියාගේ පවුලේ සාමාඡිනයන්ට සිදුවු අසාධරණය ගැන එතකොට කාටවත් කතා කරන්න බැර්වේවි නේද එ නිසා වැරදි උනත් රට යන විදිහත් එක්ක පොලිසියේ වැඩේ අනුමත කරන්න වෙනව (අ)
රාඡකාරි කරන්න ගියාම පොලිස් නිළධාරින්ට විවිධ ගැටලු වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒක සාමානය දෙයක් කියමුකො (කොහොම නමුත් ඒකත් වැරදි නේද). ඉතින් නිතිය ක්‍රියාත්මක කිරිමට යාමේදි ඡිවිතය අහිමි වේ නමි කොතරමි බැරැරැමි තත්වයක්ද. ඉදිරියේදි දිගින් දිගටම මේ තත්වය උදා උනොත් මානව හිමිකමි ගැන කතා කරන මහත්වරු මොකද කරන්නේ. තවද ඔය මිණිමරුවා උසාවි දාලා ඇපපිට ඇවිල්ලා සාක්ෂි නැතිකළොත් මොකද කරන්නේ , ඇතුලේ ඉදිද්දිම සාක්ෂි නැති කලොත් මොකද කරන්නේ. පොලිස් නිළධාරියාගේ පවුලේ සාමාඡිකයන්ට සිදුවු අසාදාරනය ගැන එතකොට කාටවත් කතා කරන්න බැර්වේවි නේද? ඒ නිසා වැරදි උනත් රට යන විදිහත් එක්ක පොලිසියේ වැඩේ අනුමත කරන්න වෙනවා .(නදී)
මේ නැති වුනේ භයානක අපරාධකරුවෙක්ගේ ගෝලයෙක් සහ එම අපරාද කරුවාට විරුද්දව සිටි හොඳම සාක්ෂියක්. අපරාද කරුවෙකු නැති වීම ගැන සතුටුවිය හැකි වුවත් තවත් බිහිසුණු අපරාද කරුවෙකුට විරුද්ධව තබූ ප්‍රබල සාක්ෂියක් නැති උනා. මේ වගේ ඇය රැගෙන යනකොට, මේගොල්ලන්ට ඒ ගොල්ලන්ගේ සෙල්ලම් පෙන්නීමට නොහැකි වන සේ මාංචු දමා ගෙන ගිය නොහැකිද. මේ වගේ අපරාද කාරයන්ගේ මානව හිමිකම් රැකීමට පෙර මේ රටේ සාමකාමී ජනතාවගේ ජිවත් වීමේ අයිතිය රැකිය යුතුයි.(නදී)
ගොඩාක් කාලයකින් ආයුධ පෙන්නන්න හැදුවෙ නේද ? මැරයන්ට මේක තමා නියම දඩුවම. (ස)
සමාජයට පිලිලයක් වෙන පුද්ගලයින් නසන්න පොලීසීය මෙහෙම හරි මෙහෙයුමක් කරන එක හොදයි. ඒත් සැබෑ සැකකරුද යන්න හදුනා ගැනීමත් වැදගත්. (නදී)
මේකට විරුද්ධව හා පක්ෂව ප්‍රතිචාර දක්වන අය හදවතට එකගව හිතන්න මේ ඝාතකයාට මේ දඩුවම උරුමද නැද්ද කියන එක. මෙයා මේ ඝාතනය කල එක තහවුරු වෙලා ඉවරයි. අනික් ඝාතකයොත් හදුනගෙන ඉවරයි. මන් නම් කියන්නේ මෙතන වෙලා තියෙන්නේ නීතිය හමුවේ ලැබිය යුතු දඩුවමක් , එය නොලැබී යාමේ වැඩි අවධානමක් පවතින නිසා එය අපරාදකරුවාගේ ක්‍රමයටම ඔහුට ලබා දීමක්. (අ)
.. දැන් ලංකාවේ ඔය තියරිය වලංගු නැහැ. (අ)
අපරාධකාරයෝ ගොඩක්ම මැරුම් කන්නේ ආයුධ පෙන්නනම ගිහින් නේද ? කොහොම හරි කමක් නෑ දඩුවම් ලැඛෙනවා නම්. (නදී)
මිනිමරුවන්, බාල අපරාධකරුවන් උසාවි දාලා මාස ගණන් නඩු අහලා කාලය නාස්ති කරනවට වඩා මේ ක්‍රමයට මම කැමතියි (නි)
උසාවි ගියාම ඉතින් කොහොම හරි නිදහස් වෙන නිසා මම නම් මේ ක්‍රමයට කැමතියි. (නි)
දූෂණ හෙට්ටිආරච්චි මහත්තයෝ !!ඔබේ අදහස හොඳ නමුත් ඔබේ නමේ හැටියට මට ටිකක් කිචි කිචි වගේනේ!! (අ)
කුඩු අල්ලන්න ගිහින් මැරුණු සුනිල් අයියේ ඔයාට නිවන් සුව! ඔයා කොන්ද පන තියෙන පොලිස් කාරයෙක් . ඔයා වීරයෙක්.(නදී)