කොදෙව් පිලට එරෙහිව ඊයේ (08) පැවැති තරගයේදී පන්දුව වැදීමෙන් ඇගිල්ලක් තුවාල කරගත් නුවන් කුලසේකර වෙනුවට වේග පන්දු යවන කී‍්‍රඩක සුරංග ලක්මාල් බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නියමිතය.
කුලසේකරගේ ඇගිල්ලක පැලීම් තුවාලයක් ඇති බවත් එම ඇගිල්ල මේ වන විට ස්කෑන් පරීක්‍ෂණයකට ලක්කර ඇති බවත් ශ්‍රී ලංකා තේරීම් කමිටු නිලධාරියෙක් ‘ලංකාදීප’ යට පැවසීය.
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල පසුගියදා කළ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයටද එක්වූ සුරංග ලක්මාල් දකුණතින් වේග පන්දු යවන 26 හැවිරිදි කී‍්‍රඩකයෙකි. හෙතෙම එක්දින ජාත්‍යන්තර තරග 15 කදී කඩුලූ 17 ක් දවාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිසර පෙරේරාට මොකද වුනේ.(නදී)
තදබල කැපිල්ලකට අසුවී ඇත දෙව්මිත්.(නදී)
කුලසේකර හිතලා අත තුවාල කරගත්තේ නැහැනේ (නි)
කුලය තමයි නියම පුද්ගලයා. (නි)
නුවන් ලෝකයේ හොදම පන්දු යවන්න වෙලා හිටියා මතකද?(නදී)
කෝ තිසර පෙරේරා? (නි)
සුරංග මේ දිනවල හොදම රිද්මයෙන් ක්‍රීඩා කරනවා මට පෙනෙන විදියට නම් (නි)
තිසර පෙරේරා ඉන්දියාවේදී කැපිලා පෙනුනා. අඩුම ගානේ තිසරව ගන්න ඇන්ජලෝවත් මේකට මුල් වෙන්නෙ නැද්ද?තිසර ගහලම ඇතුලට එන්න. කොහොම වුනත් මීට පස්සේ කුලයව මුලට එවන්න.එතකොට පන්දු යැවීමට විවේකයක් ලබන ගමන් කණඩායමට පිත්තෙන් වාසියක් ගන්න පුළුවන්. (නි)
කුලසේකර වගේ නිහතමානී කණ්ඩායම් හැගීම තියන ක්‍රීඩකයෝ හරිම අඩුයි .ලංකාවේ කුලසේකර එක්ක කතාකරලා තියන ඇසුරුකළ අයගෙන් ඇහුවොත් කියාවි .මෙවැනි මහත්මයන් නිර්මාණය වීමට දෙමාපිය ,ගුරුවරු හා ඉගෙනගත් පාසැල වැදගත් වෙනවා.ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි (නි)
කුලසේකර වගේ නිහතමානී කණ්ඩායම් හැගීම තියන ක්‍රීඩකයෝ හරිම අඩුයි (දී)
තව එක තරගයයිනේ තියෙන්නේ. සෙල්ලම් කරන කට්ටියව වියදම් කරලා යවන්න (දී)
සුරංග තනියෙන් යන නිසා ප්ලේන් එකේ දොරවල් මාරු වෙයිද දන්නේ නැහැ?(නදී)
තවමත් කැපිලි කාරයෝ ශ්‍රීලංකා පරිපලානේ ඉන්නවා.හොඳම ක්‍රීඩකය මෙවෙලාවේ තිසර පෙරේරා . තිරිමාන්න ජීවන් ලට හොඳ දැන් ටෙස්ට් තරග. බලන්න ඉන්දියාව අයිපිඅල් එකෙන් බුවනේෂ් කුමාර් වගේ හොඳ ක්‍රීඩකයෝ හොයාගත්ත. අයිපිඅල් එකේ ශ්‍රිලංකාවේ හොඳම ක්‍රීඩකය ගෙදර. තිරිමන්නල ජීවන්ලා ෆේල් වේවි ගහනවා. තිසර සේවෙන් ඩවුන් ගිහින් එකක් දෙකක් ෆෙඅල් වුණාම ගෙදර.නිදිමරාගෙන තරග බලන අපිට ගහන්න ඕනේ .අර්ජුන අරවින්ද වගේ දක්ෂයෝ පරිපාලනයට එන්න ඌනේ. සොරි ශ්‍රීලංකා.සොරි තිසර. අපි සැමදා දක්ෂයා සමගයි. (අ)