IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


කාවිංගයි මමයි එකම වයසෙ

සුමති ටෙලි සම්මාන උළෙලේදී මෙවර ජනප‍්‍රියම නිළිය සම්මානයෙන් පිදුම් ලැබුවේ ඉෂාරා සඳමිණි, රංගන ශිල්පිනියයි. සිහින පියාපත් ටෙලිනාට්‍යයේ කේතකී චරිතය හරහා පේ‍්‍රක්ෂක ආදරය නොමදව ලබාගත් ඇය ඉතා කෙටි කලකදීම කා අතරත් කතාබහට ලක්වුණා. ඒ ඈ සතුව තිබූ නිසඟ කලා හැකියාවන් නිසා. ඒ වගේම ඇගේ වාසනා ගුණයත් ඒ සඳහා බලපාන්නට ඇති. ඒ හැකියාවෙන් සහ වාසනාවෙන් ඇය පසුගියදා ලබාගත් ජයග‍්‍රහණය පිළිබඳ කතා කිරීමට ඉෂාරා අප සමග එකතු වුණා.

 

ජනප‍්‍රියම නිළිය ලෙසින් සම්මානයට පාත‍්‍රවීම ගැන මොකද හිතෙන්නෙ?

ගොඩක් සතුටුයි. ඇත්තටම මම පොඩ්ඩක්වත් බලාපොරොත්තු නොවුණු දෙයක්. නමුත් බලාපොරොත්තුවෙන් ආසාවෙන් හිටිය දෙයක්. ඉතින් මුලින්ම මේ සඳහා ස්තූතිවන්තවෙන්න  ඕන පේ‍්‍රක්ෂකයන්ට. මොකද මෙහි විනිශ්චය මණ්ඩලය වුණේ පේ‍්‍රක්ෂකයන්. ඒගොල්ලො මං ගැන තියෙන විශ්වාසෙට මම කරපු දේවල් අගයපු නිසා සහ මම කරපු දේවල්වලට කැමති නිසා තමයි මට ීඵී එකක් හෝ කූපන් එකක් දාලා මාව ජයග‍්‍රහණය කෙරෙව්වේ. ඒ නිසා මගෙ ආදරණීය පේ‍්‍රක්ෂකයන්ට ස්තූතිවන්ත වෙන්න  ඕනෑ.

ඒ වගේම මම මෙච්චරකල් වැඩ කරපු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරුන්ට සහ නිෂ්පාදකවරුන්ටත් මාව මේ ක්ෂේත‍්‍රයට යොමු කරපු නිල්වලා ආයතනයටත් ස්තූතිවන්ත වෙනවා. ඒත් එක්කම මගෙත් සමග රඟපෑ රංගන ශිල්පී ශිල්පිනියන් මගෙ පවුලේ හැමෝම සහ මාධ්‍ය ආයතනවල සියළුම දෙනාත් ආදරයෙන් මතක් කරනවා.

20160902Ishara-1

මේ කීවෙනි වතාවටද සම්මානය ලැබුණෙ?

මේ දෙවනි වතාවට. මීට කලින් ස්ලිම් නිල්සන් සම්මානය ලැබුණා. සුමති සම්මාන උළෙලෙදී ලැබුණු පළමු සම්මානය තමයි මේ. සුමති සම්මාන උළෙලකට සහභාගි වුණෙත් පළමු වතාවට. ඉතින් එහිදීම සම්මානයක් හිමිවීම පිළිබඳ ගොඩක් සතුටුයි.

 

සම්මානයට පාත‍්‍රවෙන්නට තරම් වැඩිම ප‍්‍රතිචාර ලැබුණෙ මොන නාට්‍යයටද?

මට මොන නාට්‍යයටද කියලා හරියටම කියන්න අපහසුයි. නමුත් උතුම් පැතුම් ටෙලිනාට්‍යය විශේෂ වෙනවා. ඒ ඒම නාට්‍යය අවුරුදු 3 ක්ම කොටස් 515 පමණ වැඩිම කාලයක් පේ‍්‍රක්ෂකයන් අතර ගැවසුන නිසා.

මේ මගේ පළවෙනි නාට්‍යයත් නෙමෙයිනෙ. මෙච්චර කල් මම කරපු දේවල් පේ‍්‍රක්ෂකයන් තුළ යම්කිසි විශ්වාසයක් ගොඩනැගෙන්න ඇති මම හොඳ දෙයක් කළා කියලා. ඒ හැමදේම හේතුකාරණා වුණා මේ සම්මානය ලැබීමට.

 

ඉෂාරා රඟපෑ ටෙලිනාට්‍යවලින් වැඩිම ප‍්‍රතිචාර ලැබුණේ?

එහෙම එකක් කියන්න බෑ. නමුත් වර්තමානයේ නම් උතුම් පැතුම් ඊට කලින් රන්තරු නාට්‍යය ඊට අමතරව මගේ පළමු ටෙලිනාට්‍යය සිහින පියාපත්. එහි කේතකී චරිතයට මෑතක් වනතුරුම හොඳ ප‍්‍රතිචාර තිබුණා. තවමත් ඒ නමින් මට ආමන්ත‍්‍රණය කරනවා. ඉතින් ඒ හැම නාට්‍යයක්ම මගේ ජනප‍්‍රියත්වයට බලපාන්න ඇති.

 

ජනප‍්‍රිය නිළිය වෙන්න සුදුසුකම් මොනවා වෙන්න  ඕනෑ කියලද ඉෂාරා හිතන්නෙ?

මම හිතන්නෙ ගොඩක්ම අපි කරන චරිතෙට සාධාරණයක් කරන්න  ඕනෑ. උදාහරණයක් විදියට පොතක තියෙන චරිතයක් කරනවනම් ඒ පොත පේ‍්‍රක්ෂකයෝ කියවලා තියෙනවනම් ඒගොල්ලන්ගේ හිතේ ඇඳිච්ච චරිතයක් තියෙනවා. ඒ චරිතය විදියට අපි සාධාරණයක් ඉටු කළොත් තමයි ඒගොල්ලො ඒ චරිතයට කැමතිවෙන්නේ සහ ආදරය කරන්නේ. ඒ වගේම මිනිස්සු ආදරය කරන චරිත තියෙනවනෙ. ඒ ආදරය කරන චරිත බවට පත්වෙන්න අපේ රංගනය හේතුකාරණා වෙනවා ඒගොල්ලන්ට දැනෙන්න අපි ඒ චරිත කළොත් තමයි සාර්ථක වෙන්නෙ.

අපි කොයිතරම් අපට දැනෙන්න චරිතය කළත් පේ‍්‍රක්ෂකයන්ට දැනෙන්නෙ නැත්නම් එය සාර්ථක වෙන්නෙ නෑනෙ. ඉතින් මම හිතනවා පේ‍්‍රක්ෂකයන්ට දැනෙන්න ඔවුන්ට ආදරය කරන්න පුළුවන් වෙන්න ඒ චරිත කරන්න  ඕනෑ. ඔවුන්ගෙ එදිනෙදා ජීවිතයේ පවුලෙ කෙනෙක් වගේ සමීප වෙන්න පුළුවන් චරිතයක් බොහෝ විට කළොත් ජනප‍්‍රිය චරිතයක් බවට එය ඔවුන්ගෙ හදවත්වල ලැගුම්ගන්නවා.

 

මේ තත්ත්වයට එන්න ගොඩක් කැපකිරීම් කරන්න ඇති නේද?

ඔව් අනිවාර්යයෙන්ම ගොඩක් කැප කිරීම් කරලා තියෙනවා. මුලින් මම මේ ක්ෂේත‍්‍රයට ආවෙ මිස් ශ්‍රී ලංකා තරගයෙන් ඒ සඳහා මම උසස් පෙළ අවසන් කරලා සහභාගි වුණේ. අහම්බෙන් වගේ ඒ අවස්ථාව මට ලැබෙන්නෙ. එයින් මම දෙවන ස්ථානය ලැබුවා. ඉන්පසුව මම ක්ෂේත‍්‍රයේ නිරූපිකාවක් ලෙස කටයුතු කළා. ඉන් අනතුරුව තමයි නිල්වලා ආයතනයෙන් සිහින පියාපත් ටෙලිනාට්‍යයට මට ආරාධනා කළේ. එමගින් තමයි රංගනයට පිවිසියෙ.

මම මගෙ අධ්‍යාපන කටයුතුත් සමග තමයි රංගනය කරගෙන ගියේ. ඒත් එක්කම නිවේදන කටයුතුත් කරගෙන ගියා. පවුලෙ වැඩකටයුතු ඒ හැමදේම සමබරව කරගෙන යන්න මට පුළුවන් වුණා. ඒ වගේම කලා ක්ෂේත‍්‍රයේ ඉද්දි කටකතා හැදෙනවා. ඒ දේවල්වලින් පරිස්සම් වෙලා හැමෝම එක්ක සුහදව හැමෝගෙන්ම උදව් අරගෙන ප‍්‍රවීනයන්ගෙන් උපදෙස් අරගෙන ඔවුන්ට ගරු කරමින් හොඳ චරිත තෝරගෙන ගොඩක් පරිස්සමින් අමාරුවෙන් ආපු ගමනක් මේ.

 

20160902Ishara-2මේතාක් ආ ගමන් මග පිළිබඳ තෘප්තිමත්ද?

ගොඩක් තෘප්තිමත්. මට මං ගැනම පුංචි ආඩම්බරයක් තියෙනවා. මොකද මම වැරදි මාර්ගයකින් නෙමෙයි මෙතනට ආවෙ. මගෙ පවුලෙ කිසිම කෙනෙක් මේ ක්ෂේත‍්‍රයේ නෑ. මම කාගෙන්වත් උදව් අරගෙන ආපු ගමනක් නෙමෙයි. මගෙ හැකියාවෙන් මගෙ කැපකිරීමෙන් ආපු ගමනක්. මම ගොඩක් මහන්සි වෙලා මෙතනට ආවෙ. එදා මාව කවුරුත් අඳුනන්නෙ නෑ. නමුත් අද වනවිට මාව ජනප‍්‍රිය නිළිය විදියට ගොඩක් කට්ටිය හඳුනනවා. මගෙ නම කියද්දි හඳුනනවා. මගෙ සිහිනයක් තිබුණා පුංචි කාලෙ මේ වගේ තැනකට එනවා කියලා.

නමුත් නිළියක් වෙනවා කියන එක නෙමෙයි. සමාජයේ දෙයක් කරන්න පුළුවන්. මිනිසුන් පිළිගන්න හැමෝම ආදරය කරන අගය කරන කෙනෙක් වෙන්න. ඉතින් ඒ දේ මට හිමිවෙලා තියෙනවා. මම මේ අවුරුදු කිහිපය තුළ කරපු කැපකිරීම්වල ප‍්‍රතිඵල ලැබිලා තියෙනවා. ඒ පිළිබඳ ලොකු සතුටක් සහ ආඩම්බරයක් තියෙනවා.

 

ඉෂාරා සමඟ ක්ෂේත‍්‍රයේ එකටම වැඩ කරන රංගන ශිල්පියෙක්නෙ කාවිංග පෙරේරා. ඔහු ජනප‍්‍රියම නළුවා වීම ගැන මොකද හිතන්නෙ?

ගොඩක් සතුටුයි. මොකද කාවිංගයි මමයි එකම වයසෙ. අපි බොහොමයක් ටෙලිනාට්‍යවල එකට වැඩ කළා. හැමෝම සහයෝගයෙන් වැඩ කරගෙන යන්නෙ හරිම සතුටින්. අපි හැමෝම එකම සහෝදරයො වගේ. විහිළු කරගෙන හරිම විනෝදෙන් වැඩ කරන්නෙ. එකම පවුලක වගේ. කාවිංග කියන්නෙත් ගොඩක් කැපකිරීම් කරමින් මේ ක්ෂේත‍්‍රයට ආපු කෙනෙක්. ඉතින් ගොඩක් සතුටුයි. මේ වගේ ඇගයීම් අපිට ලැබෙද්දි, අපි හැමෝම කරපු කැපකිරීම්වල ප‍්‍රතිඵල හිමි කරගෙන තියෙනවා. ඉතින් මගෙ හොඳම මිතුරෙක් විදියට ගොඩක්ම සතුටු වෙනවා ඒ සම්මානය ඔහුට ලැබීම පිළිබඳව.

 

දේශීය වෛද්‍යවරියක් විදියට ඒ වැඩකටයුතු කොහොමද?

මගෙ අධ්‍යාපන කටයුතු හමාරයි. ලබන වසරෙ මුල සිට ඒ වැඩකටයුතුත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසාම මට පූර්ණකාලීනව කලා ක්ෂේත‍්‍රයෙ යෙදෙන්න අමාරුයි. එහෙමයි කියලා මම මේ ක්ෂේත‍්‍රයෙන් ඉවත්වෙන්නෙ නෑ. මොකද මම ආස නෑ එකම වැඩකටයුත්තක හැමදාම නියැළෙන්න. වෙනස් දේවල් කරන්න ගොඩක් ආසයි. නමුත් ඒ වෙනුවෙන් කාලය කළමණාකරණය කරගන්න ගොඩක් අමාරුයි. මෙච්චර කල් මම ඒ දේවල් කරගත්තෙත් ගොඩක් අමාරුවෙන්. මොකද සමහර වෙලාවට විභාග කටයුතු සමග රූගත කිරීම් පවා යෙදිලා තිබුණා.

ධනු විජේරත්න



අදහස් (0)

කාවිංගයි මමයි එකම වයසෙ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 219 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 669 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1159 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 163 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 688 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 797 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39350 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25651 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 342 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site