IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


කොවිඩ් නිසා විදෙස් රටවල සිට එන අය සීමා කරන්න වේවි

(  සුජිත් හේවාජුලිගේ )

විදේශයන්හි සිට පැමිණෙන  පිරිස් අතර කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් පෙනෙන්නට තිබෙන හෙයින් එසේ පැමිණෙන පිරිස් සීමා කිරීමට හෝ පාලනය කිරීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගතරෝග විද්‍යා අංශයේ ප්‍රධානී ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා පැවසීය.

එසේම විදේශයන්හි සිට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් නිරෝධායන නීතී දැඩි කිරීමට ද සිදුවිය හැකි යැයි හෙතෙම කීය.

 ලෝකයේ වෙනත් රටවල කොවිඩ් තුන්වැනි හා හතරවැනි රැලි මතුවී ඇති තත්ත්වයක ශ්‍රී ලංකාවට දැඩි  පරිස්සම් විය යුතු යැයිද වසංගත රෝග විද්‍යා අංශය කියයි.

මෙවර සින්හල හින්දු අලුත් අවුරුදු සමයේදී ඇතැම් පිරිස් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ බවද සෞඛ්‍ය බලධාරීහු චෝදනා කරති . 

 

 

  

 



අදහස් (6)

කොවිඩ් නිසා විදෙස් රටවල සිට එන අය සීමා කරන්න වේවි

Pradeep Sunday, 18 April 2021 05:07 PM

අදාළ වැක්සීන් නිසි පරිදි ලබාගෙන දින 14ක් හෝ ඊට වැඩි කාලයක් සපුරා ඇති මව් රටට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට මොකද වෙන්නේ.

:       0       3

Sri Lanka Sunday, 18 April 2021 07:56 PM

මහත්තයෝ දැන්වත් ඔය කොරෝනා බොරුව නවත්වලා මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්න පින් සිද්ද වෙයි...

:       2       22

de silva Monday, 19 April 2021 03:38 AM

මට පේන විදියට පළාත් සභා ඡන්දේ පවත්වන්නේ පහු වෙලා වගේ ඡන්දේ කිට්ටු වෙනකොට ඔය ප්‍රශ්න විසදේවි...

:       0       7

shantha Liyanaarachchi Monday, 19 April 2021 05:37 AM

පිටරට සේවය කර ඒන කම්කරුවන් ආරක්ෂිතව ජෛව බුබුලක් ලෙස රට ඇතුලට ගෙන්වා ගත හැක මෙම වෛද්‍යවරු මෙවැනි ප්‍රකාශ කිරීම වෛද්‍ය විද්‍යාවට කරන ලැජ්ජාවක්

:       0       53

fairoos Monday, 19 April 2021 07:14 AM

එතකොට අවුරුදු දවස්වල සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළ අය පිට රටින් ආපූ අයද? දැනට එන්නත් කරපු අය විතරක් ගෙන්න ගන්න.

:       0       4

Kumara Saman Monday, 19 April 2021 10:18 AM

අපිත් ශ්‍රී ලාංකිකයන් අපට අපේ රටට එන්න අවස්ථාව දෙන්න දැනට ඇති නිරෝධායන පහසුකම් මදිනම් රජයට යෝජනා කර උපදෙස් ලබාදී පහසුකම් වැඩිකරන්න. බොහෝ දෙනෙක් අවුරුදු ගානකින් තමන්ගේ දරුපවුල් ලගට එන්න බලන්නේ. සීමා පැනවීමෙන් විදෙස් ශ්‍රමිකයන් නොසලකා හැරීමකට ලක් කරන බව හැගේ. රටක රජයකට තමන්ගේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට හැකියාව තිබිය යුතුයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 102 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 302 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 944 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 353 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


ඡන්ද පත්‍රිකා සියයට 70ක් බෙදා අවසන්
2024 නොවැම්බර් මස 05 82 0

මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස


හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන වැඩ බලන පොලිස්පතිගෙන් වාර්තාවක්
2024 නොවැම්බර් මස 05 1225 0

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 417 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1325 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 699 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site