IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


කැවුම් කා චාර්ල්ස් කුමරා උපන්දිනය සමරයි

බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාර්ල්ස් කුමරු වෙනුවෙන් අද සන්ධ්‍යාවේ අරලියගහ මන්දිරයේදී උපන්දින සාදයක් පැවැත්විණි. අද නොවැම්බර් 14 දා චාර්ල්ස් පිලිප් ආතර් ජෝර්ජ් කුමරුගේ 65 වැනි උපන්දිනයයි. බ්‍රිතාන්‍ය විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණි චාර්ල්ස් කුමරු අද සවස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට අරලියගහ මන්දිරයට ගියේය. චාර්ල්ස් කුමරුගේ උපන්දිනයට ජනාධිපතිවරයා ද සුබ පැතුවේය. කුමරු වෙනුවෙන් අරලියගහ මැදුරේ දේශීය කැවිලි පෙවිළි වලින් සමන්විත සාදයක් ද පිළියෙල කැර තිබිණි. හෙට ආරම්භවන පොදුරාජ්‍ය මණ්ඩල රටවල නායක සමුළුවේ ප්‍රධානියා වන්නේ චාර්ල්ස් කුමරුය. ඔහු මේ සමුළුවට සහභාගී වන්නේ සිය මව වූ දෙවැනි එලිසබෙත් රැජන නියෝජනය කරමිනි. උපන් මොහොතේ පටන් කිරුළට හිමිකම් කියූ චාර්ල්ස් කුමරු එවැනි විදෙස් නායක සමුළුවක මුළසුන දරන්නේ බ්‍රිතාන්‍ය රජ කිරුළට හිමිකම් කියා වසර 65 ක් ගතවූ පසුව වීම විශේෂත්වයකි. එලිසබෙත් රැජන සිය සෞඛ්‍ය තත්ත්වය සළකා චාර්ල්ස් කුමරුට රාජ්‍යත්වයේ වගකීම් පවරමින් සිටියි. ඇය විශ්‍රාම ගන්නා බව ද පැවසේ. හෙට දිනය චාර්ල් කුමරුගේ රාජ්‍යත්වයට වැදගත් දිනයකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හෙට සිට වසර දෙකක කාලයක් පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිත්වය උසුලනු ඇත.

 

 



අදහස් (0)

කැවුම් කා චාර්ල්ස් කුමරා උපන්දිනය සමරයි

අබ්දුල් Friday, 15 November 2013 08:52 AM

පක්ෂ පාට අතහැරලා අපි හැමෝම මේ වෙලාවේදී එකාමෙන් කටයුතු කරන්න ඕන..........මොකද අපි ලෝකයක්, අපේ රටට ගෙනල්ල තියෙන්නේ.. ." එක්වුවොතින් සැවොම එක අරමුණක් ඇතිව , බැබලේවි ලෝකේ පුරා"........ (ස)

:       0       0

සමුද්‍රා Friday, 15 November 2013 08:56 AM

චාල්ස් කුමාරයාට හා එංගලන්තයට ජයවේවා! (නි)

:       0       0

ගමේකොල්ලා Friday, 15 November 2013 01:45 PM

නීල් රණා, ඔබ කියන කතාව ඇත්ත. (ස)

:       0       0

බණ්ඩාර Friday, 15 November 2013 09:03 AM

ලස්සන පින්තුරයක්..මේක ලංකාවට තීරණාත්මක මොහොතක්..ලංකාව සාමයෙන් බැබලෙන රටක් කියල ලෝකයට කියන්න හොඳ අවස්ථාවක් තමා මේ සමුළුව.. (ස)

:       0       0

කසුන් Friday, 15 November 2013 09:12 AM

ජනාධිපතිතුමා ගැන ආඩම්බරයි. (ස)

:       0       0

මහේෂ් ජයබන්දු Friday, 15 November 2013 09:32 AM

ලස්සන පින්තුරයක්, අප සිරිත් ලොවටම පෙන්නුවා. ඔබට ජය වේවා ජනාධිපතිතුමනි. (ස)

:       0       0

ජගත් Friday, 15 November 2013 11:18 PM

අපේ කෑම හරි ගියාද මන්දා (දී)

:       0       0

පිරිස් Friday, 15 November 2013 11:18 PM

ඔබ ඉතාමත් නිහතමානි පුද්ගලයෙක් බව මගේ අදහසයි (දී)

:       0       0

නීල් රණා Friday, 15 November 2013 09:36 AM

ඇත්ත තත්වෙ මෙහෙම වුණත්.. හිරු අවරින් එනවා තමා.. (නි)

:       0       0

හර්ෂි Friday, 15 November 2013 09:41 AM

කුමරුනි, ඔබට සුබ උපන් දිනයක්..!! එහෙත් ඩයනා කුමරිය සිටියා නම් වඩාත් සුන්දර වේවි.. (නි)

:       0       0

නීල් රණා Friday, 15 November 2013 09:50 AM

කේක් එකක් මේසෙ ඇතේ.. ඉන් කොටසක් අතේ ඇතේ.. තෙලින් බැදුණු කැවුම් දිහා.. බයෙන් බලයි මගේ හිතේ.. (නි)

:       0       0

සිල්වා Friday, 15 November 2013 09:58 AM

මම මේකේ විඩියෝ එක දැක්කා. (නදී)

:       0       0

දම් Friday, 15 November 2013 10:01 AM

නීල් රණා..පැහැදිලිවම කොටි පුල්ලියක්... (ස)

:       0       0

උදරත් Tuesday, 19 November 2013 12:46 PM

කුමරුනි සුබ උපන් දිනයක් වේවා!! (ස)

:       0       0

පෙත්තා Thursday, 14 November 2013 11:59 PM

අපේ රට අපේ ජාතිය අපේ ගම - ඉහලට තබා අපේ සිරිතට දීල තැන - සැරදේ ආයුබෝවන් මේ උපන්දින - ජනපති තුමා පෙන්නුව අපෙ හැදුනු කම.- ජයවේවා.! (දී)

:       0       0

මංජු ශ්‍රී Monday, 18 November 2013 06:34 PM

ජනතාව ඉදිරියේ සුද්දන්ට බැන බැන එයාලටම දැන් ඔවුන්ව හොදයි (නි)

:       0       0

ධම්ම Friday, 15 November 2013 12:19 AM

අපේ අනන්‍යතාවය නොපැකිලව ලොව ඉදිරියට ගෙන ගිය එකම රාජ්‍ය නායකයා ජනපති මහින්ද රාජපක්ෂයි. පෙර සිටි අය ජාතික ඇඳුම ඇන්දාට හැසුරුනේ සුද්දෝ වාගේ. (දී)

:       0       0

ලංකා Friday, 15 November 2013 10:40 AM

ඉතාමත් සුන්දර අවස්ථාවක්. පක්ෂ පාට කෙසේ උනත් මම මෙය නම් අගේ යැයි කීමට පසුබට නොවෙමි. (ස)

:       0       0

කුමාරන Friday, 15 November 2013 12:34 AM

ඇත්තටම මේ පින්වත් තේජවන්ත නාකයා අපට වස්තුවක්.මෙතුමාට ත්‍රිවිධ රත්නත්‍රයේ ආශිර්වාදය මෙන්ම සියලු දෙවියන්ගේ පිහිට පතමින් අපේ විශේෂ අමුත්තාට සුබ උපන් දිනයක් කියා කියමු (නි)

:       0       0

කුමාරි Friday, 15 November 2013 12:35 AM

පෙන්වා අපේකම දෑතම එකතු කර....... සොදවා කැවිලි මේසය ඒ විවර කර..... පිනවා ගත සිතද කුමරුගේ රස නහර..... පැතුවා දිගාසිරි කුමරුට කරුණ බර........ දිනේවා මගේ ලංකා මෑණි! (නි)

:       0       0

නඩරාජා Friday, 15 November 2013 12:41 AM

ජනාධිපතිතුමනි, ඔබ අපේ අනන්‍යතාවය පෙන්වා ලාංකික විදියට සැළකීම හරිම අගෙයි. ජයවේවා! (නි)

:       0       0

නිමල් රණසින්ග්හේ Friday, 15 November 2013 12:42 AM

පක්ෂ පාට මොනවා වුණත් සතුට දනවන දසුනක් (නි)

:       0       0

උපාලි Friday, 15 November 2013 12:50 AM

ජාතික ඇඳුමෙන් සැරසී ලොව පුරා රාජ්‍ය නායක සමුළුවලට නොපැකිළව සහභාගිවන, ඕනෑම විදේශීය අමුත්තෙකුට දේශීය ආහාර පානවලින් සංග්‍රහ කරමින් අපේකම ලොවට පෙන්වන අපේ ජනාධිපතිතුමා මේ රටෙන් එළියට ගිය හැටියේම ඇඳුම මාරු කරන නායකයන්ට උතුම් ආදර්ශයක්. (නි)

:       0       0

සත්‍යපාල Friday, 15 November 2013 12:51 AM

රූපවති, මොකද සද්දයක් නැත්තේ? චාර්ල්ස් කුමාරයත් ඇවිල්ල‍ා ඉන්නවා. (නි)

:       0       0

පද්මිණි Friday, 15 November 2013 11:00 AM

ඔය මේසේ තියෙන කෑම එකක්වත් දියවැඩියාවට හොඳ නැහැ. බයෙන් ඉන්නේ කන්ට වෙයි කියලා. ලංකාවේ හතරෙන් එකකට ඔය රෝගයලු. (ස)

:       0       0

දේවින්ද Friday, 15 November 2013 01:02 AM

අපේ රටේ මේ දවස්වල පවතින අභිමානය ,සංස්කෘතිය විදහා පෙන්වන පින්තූර ටිකක් වැඩියෙන් පළකරන්න පුලුවන්ද?ආයුබෝවන් වේල්ස් කුමරුනි! (නි)

:       0       0

ආරියසේන Friday, 15 November 2013 01:13 AM

ජනාධිපතිතුමාට ජයවේවා! (නි)

:       0       0

දකුණේ සිල්වා Friday, 15 November 2013 01:30 AM

දකුණේ අය එහෙම තමා... අපේ රට, අපේ ජාතිය, අපේ ගම - ඉහළට තබා අපේ සිරිතට දීලා තැන - සැරදේ ආයුබෝවන් මේ උපන්දින - ජනපතිතුමා පෙන්නුවා අපෙ හැදුනුකම... (නි)

:       0       0

චන්දි Friday, 15 November 2013 01:31 AM

අපේ සිරිත් වලට ගරුකළාට ඔබට තෙරුවන් සරණයි! කුමරුනි, ඔබට සුභ උපන් දිනයක්! (නි)

:       0       0

සත්‍යයා Friday, 15 November 2013 02:18 AM

අපේ හැදිච්චකම කී වරක් විදේශිකයින්ට පෙන්නුවද අපේ ජනාධිපති? (නි)

:       0       0

සී. Friday, 15 November 2013 02:21 AM

අපේ ජනපතිදුට ජය වේවා! (නි)

:       0       0

රොෂාන් Friday, 15 November 2013 02:23 AM

අපේකම අපේ ජනාධිපතිතුමා හැමදාම පෙන්නුවා, ප්‍රේමදාස මහත්තයා වගේම අපේකමට තැන දෙන රජෙක්. (නි)

:       0       0

අසෝක Friday, 15 November 2013 02:27 AM

මගේ ගෞරවය අපේ ජනාධිපතිතුමාට ! (නි)

:       0       0

නුවන් Friday, 15 November 2013 11:50 AM

විශිෂ්ඨයි සර්.(නදී)

:       0       0

ප්‍රෂාද් Friday, 15 November 2013 03:58 PM

රටට යහපතක් කරන්න හදන ජනපති තුමනි ඔබට ජය. (ස)

:       0       0

ලලිත් Friday, 15 November 2013 02:57 AM

ඔටුන්න තිබුණත් ඒක හිසේ දමාගන්න කිසිම හදිස්සියක් නැති, එහෙත් තම වගකීම් පමණක් හිස මත දමාගත් ඔබ වැන්නවුන් ලොවටම ආදර්ශයකි. (නි)

:       0       0

මාග්‍රට් Friday, 15 November 2013 03:37 AM

අපේ ජනපතිතුමා පමණයි එඩිතරව කතා කරන්නේ. ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙනවා (නි)

:       0       0

අශෝකා Friday, 15 November 2013 08:14 PM

උපන් දිනය දා ලංකාවට ආව එක අපේ පුංචි රටට ආඩම්බරයක් (දී)

:       0       0

ගුණරත්න Friday, 15 November 2013 03:46 AM

පරෙස්සමෙන් හොඳේ.ජයවේවා අපේ උපන්බිමට. (නි)

:       0       0

නීලා Friday, 15 November 2013 08:14 PM

සුභ උපන්දිනයක් වේවා. (දී)

:       0       0

මනෝජ් Friday, 15 November 2013 08:14 PM

ඔබට ඉක්මනින් රජ පදවිය ලැබේවා ...............(දී)

:       0       0

ගම්පහ Friday, 15 November 2013 08:14 PM

චාර්ල්ස් කුමාරයට දීර්ගායු ලැබේව...ජනාධිපතිතුමාට තුනුරුවන් සරණයි පක්ෂ පාට නැතුව මේ වගේ වෙලාවක රට වෙනුවෙන් එකතු වෙන්න (දී)

:       0       0

ලාල් Friday, 15 November 2013 03:55 AM

චාර්ල්ස් කුමරාත් බොහොම අගේට ප්‍රතිචාර දක්වනවා .මුළු ලෝකෙම බලන පින්තුරයක් (නි)

:       0       0

අශේන් Friday, 15 November 2013 04:59 AM

නියමයි (නි)

:       0       0

හේමන්ත - දෝහා කටාර් Friday, 15 November 2013 05:06 AM

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගෙන් පසු , ගිලිහී ගිය රටක ජාතියක අභිමානය ගෞරවය පෞඪත්වය ගොඩනැගුවේ ඔබයි. අභීත තීරණ ගත්තේ ඔබයි. හැබැයි ජ. වී. පෙ මෙයට අයෝමය හස්තය නොවීයැයි කිවහොත් එය හෘදය සාක්ෂියට කරන ද්‍රෝහිකමක්. අනගාරික ධර්මපාලතුමාගේ 150 වැනි ගුණසමරුව යෙදෙන්නේ එළඹෙන වසරේදීයි.මර නින්දේ සිටි ජාතියක් අවදිකළ සිංහල බෞද්ධ කවන්ධයට හිසක් ලබා දුන් ඒ උත්තමයාට ගෞරවයක් ලෙස සළකා ඔලු ගෙඩිවලට ස්ථාවර පණිවිඩයක් දෙන මෑත අප ඉතිහාසයේ සුවිශේෂී සනිටුහනක් තබන උළෙලක් ලෙස මෙය පවත්වමු. චෝගම් වලට වඩා ඉහළින් අපේකම ලෙසින් මෙය සමරමු. මේ ගමන හරවන්නේ නැතුව යමු. චිරං ජයතු ! (නි)

:       0       0

සත්‍යයා Friday, 15 November 2013 05:34 AM

වඳිනකොට ගහන එකත් මෝඩයාලු. ගහනකොට වඳින එකත් මෝඩයාලු. සිංහලයා කැවුම් කන මෝඩයෙක් නොවුණත්, එංගලන්තයේ පුරවැසියෙක් සාහසික ලෙස මරා දැමීමේ චෝදනාවක් පවතිද්දී, ඒ රටේ ඔටුන්න හිමි කුමාරයාට කැවුම් කවපු එක නම් එක්තරා විදිහක මෝඩකමක් තමයි. මොකද චාර්ල්ස් රවට්ටන්න පුළුවන් කෙනෙක් නොවන නිසා. (නි)

:       0       0

රන්ජනී Friday, 15 November 2013 05:37 AM

මගේ මුළු ජීවිත කාලයටම දැක්ක ලස්සනනම පින්තූරේ.රජතුමන් දෙදෙනාටම දීර්ඝායුෂ! අපේ රටට මෙවන් අවස්ථාවක් ලබාදුන් අපේ ජනපතිතුමාට දළදා සමිදුගේ අාශිර්වාදය ලැබේවා! ( සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත් සිහිපත් කරන්නම ඕනෑ) (නි)

:       0       0

ලංකා Friday, 15 November 2013 05:58 AM

සත්‍යයා, ඔබගේ කටේ මසුරන් දාන්න ඕනෑ (නි)

:       0       0

නිශාන්ත Friday, 15 November 2013 12:38 PM

චොගම් එකෙන් පස්සේ අපිට නම් මොනවා කන්න වෙයිද දන්නේ නැහැ නේද? (නදී)

:       0       0

අසේල Friday, 15 November 2013 06:19 AM

නිදහස් නිවහල් රටක පෞරුෂය, පිබිදෙන අපේ මවුබිමෙහි දකින්නට ලැබීම භාග්‍යයක්. ජනාධිපතිතුමනි, ඔබට තුති. (නි)

:       0       0

රන්ජනී Friday, 15 November 2013 06:24 AM

සත්‍යය,කට තිබුණට දොඩවනවද? පහුගිය දවස්වල ලංකාවේ පුරවැසියෙකුත් මැරුවා නේද? ඒවා වෙනම කතා, අනවශ්‍ය කතා දානවට මසුරන් තමා දාන්න ඕනෑ. (නි)

:       0       0

ගයන් ලියනගේ Friday, 15 November 2013 06:30 AM

ඩයනාත් අද හිටියා නම්...? (නි)

:       0       0

පරාක්‍රම Friday, 15 November 2013 06:33 AM

ජනාධිපතිතුමනි, ඔබ අපේ අනන්‍යතාවය පෙන්වා ලාංකික විදියට සැළකීම හරිම අගෙයි (නි)

:       0       0

උපාලි Friday, 15 November 2013 06:50 AM

සත්‍යයා නමින් අදහස් දාන තැනැත්තා විතර කුහකයෙක් මේ එසැණ තීරුවේ මං දැකලා නැහැ. තමන්ගේ රටට පැමිණි රාජ්‍ය අමුත්තෙකුට සිංහල ක්‍රමයට ආචාර කරලා අපේකම පෙන්වමින් පිළිගැනීම ඔහු දකින්නේ වැඳ වැටීමක් හැටියට. තමන්ගේ පක්ෂ පාට කණ්ණාඩි ගලවලා මේ පින්තූර දිහා බලන්න තරම්වත් විවේක බුද්ධියක් මෙවැන්නන්ට නැහැ. (නි)

:       0       0

සුදු පුත් Friday, 15 November 2013 06:56 AM

සත්‍යා ප්‍රකාශය අසත්පුරුෂයි.(දී)

:       0       0

manamohini Friday, 15 November 2013 07:05 AM

අනේ කුහකයන්ගේ කටේ දාන්න දෙයක් මා ලඟත් තියෙනවා ..කවවනු නෙවෙයි...කරුණාකරලා කන්නාඩි දාගෙන කඩේ යන්ට එපා. ආයුබෝවන් ...කියන්නේ ...දිගුකල් දිනේව කියන අශිර්වදයායි..වැඳීම කියන්නේ වෙන දෙයක්.හොඳයි කට අත ප්‍රවේසම් කර ගන්න එක..

:       0       0

ගුණේ Friday, 15 November 2013 07:07 AM

උපලි ඔබ සත්‍යාට දක්වපු ප්‍රතිචාරය ඉතා ඉහලයි. ලංකා කියන කෙනා ලාංකිකයකු නොවෙන බවයි මගේ හැගීම. කටට මසුරු නොවෙයි දෙන්නටම කටට වසුරු දැමිය යුතුයි.(දී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 15 November 2013 07:10 AM

ඇත්ත , මොන ප්‍රශ්නේ අපි අතර තිබුනත් අපි අපි ඇතුලේ ගහනිමු , මේ වෙලාවේ අපි ඉපදුන අපේ උපන් බිමට අපේ සිරිත් විරිත් වලට අපේ සංස්කෘතියට ගරහන්නනම් එපා (දී)

:       0       0

දයා අලහාකෝන් Friday, 15 November 2013 01:02 PM

අනේ දෙවියනේ කුමරියත් හිටියා නම් කොච්චර නම් සතුටු වෙයිද අද වගේ දවසක.(නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Friday, 15 November 2013 07:27 AM

සත්‍යගේ කතාව සම්පුර්ණ ඇත්ත ,රන්ජනිට සහ උපාලිට තරහ ගියාට බ්‍රිතාන්‍ය ජතිකයව මැරුවේ ලංකාවේ දෙශපාලකයෙක් ,ලංකාවේ කෙනාව බ්‍රිතානේදී මැරුවේ එරටේ ඉන්න කුඩුකරයෙක් වගේ පුද්ගලයෙක් නමුත් එරටේ පොලිසිය ඒ පුද්ගලයාව වහාම ඇල්ලුවා ,ලංකාවේ මිනිමරුවැව නිදහස් කල,දැන් චාල්ස් ලංකාවේ නිසා ඒ නඩුව අහනවා අහල දඩුවම් දෙයි ,නමුත් ජනාධිපති සමව දෙයි.ඒ ලංකාවේ තත්වය ,නමුත් බ්‍රිතාන්‍ය එහෙම කරන්නේ නැහැ ,නිතිය කාටත් එකයි .අනිත් ඉහත අදහස් දාල තියන අය මොනවා දැකල අදහස් දානවද මම දන්නේ නැහැ ,ලංකාව තත්වේ දන්නේ නැහැ.(දී)

:       0       0

අකිල Friday, 15 November 2013 07:30 AM

ලස්සන පින්තූරයක්. මව්බිමට ජය වේවා! (නි)

:       0       0

රූපා Friday, 15 November 2013 07:36 AM

දුකේ සිල්වාටයි කියන්නේ, දකුණේ කියල බෙදෙන්න හදන්න එපා. හොඳ නරක දෙගොල්ලම ඕන පෙදෙසක ඉන්නවා. උතුරේත් හොඳ මිනිස්සු ඉන්නවා. සිරිමාවෝ මැතිනියත් හොදයි. දේශීය කුලවත් නායිකාවක්. එතුමිය දකුණේ නොවෙයි.කුරුඳු පොලු අරන් යන්නෙත් දකුණේ අය තමයි. එතකොට චැනල් ෆෝ කට්ටිය ගෙන්නාගෙන රට පාවා දෙන්න සංවිදානය කරන මිනිහත් දකුණේ නේද. (නදී)

:       0       0

කොස්වත්ත Friday, 15 November 2013 01:23 PM

පෙන්වා අපේ කම දෑතම එකතු කර....... සොදවා කැවිලි මේසය ඒ විවර කර..... පිනවා ගත සිතද කුමරුගේ රස නහර..... පැතුවා දිගාසිරි කුමරුට කරුණ බර........ දිනේවා මගේ ලංකා මෑණි!, ශාආආඅ කුමාරි හරිම ලස්සනයි.(නදී)

:       0       0

නෙත්මල් Friday, 15 November 2013 08:17 AM

සත්‍යට සත්‍යය වැටහෙන්නේ නැති පාටයි (නි)

:       0       0

නෙත්මල් Friday, 15 November 2013 08:19 AM

හැමෝගෙම නිවසක තබාගත යුතු පින්තූරයක් (නි)

:       0       0

මධු ශෙරීනා Monday, 18 November 2013 04:33 PM

ජය වේවා මහ රජාණෙනි. (ස)

:       0       0

ධම්ම Friday, 15 November 2013 08:20 AM

සත්‍යාගේ සත්‍ය මුහුණුවර පාඨකයින්ට එළිදරවු කිරීම ගැන උපාලිට ස්තුතියි. දකුණේ සිල්වා, අන්න දකුණ වෙන්කරන්න හදනවා. (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 15 November 2013 08:31 AM

සත්‍ය කවදද සත්‍යය දැක්කේ..වැලිවේරියේ මිනිස්සුන්ව අතුරුදන් කරලා මල මිනී උතුරු වෙරළට පා කරවපු සත්‍යගේ විස්තර බලන්න ඕන නම් පරණ කොමෙන්ට්ස් ටිකක් බලන්න..බොරුවෙන් උපන්න බොරුවෙන් යැපෙන කෙනෙක්.. (ස)

:       0       0

අමිල - කටුනායක Friday, 15 November 2013 08:48 AM

එල... (ස)

:       0       0

හර්ෂණ Saturday, 16 November 2013 10:24 PM

සත්‍ය වගේ අයගේ කටවල් වල මසුරන් හරි දාලා වහනවා නම් මසුරන් .... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 153 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 1223 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 2007 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 875 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


පුත්තලමේ සියයට 57 යි
2024 සැප්තැම්බර් මස 21 207 0

පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 546 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14594 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 187 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 103 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 146 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site