IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


කවුරුත් හිතුවේ මම ක්‍රීඩාව පැත්තෙන් ඉදිරියට යයි කියලා

වෘත්­තිය මට්ටමේ දක්ෂ නර්තන ශිල්පිනියක වන අයේෂා මධුෂාණි සමගින් මෙවර 'සාරවිට' තරු කතාබහ අරඹන්නට අපි සූදානම් වුණෙමු. නර්තන ශිල්පිනියක මෙන්ම නිරූපිකාවක ලෙසද කටයුතු කරන අයේෂා, මේ වනවිට 'ස්කුබා' රූපරාජිනි තරගයටද එක්ව සිටින්නීය. මේ ඇය සිය ඉදිරි කලා කටයුතු පිළිබඳව අපිට පැවසූ අයුරු.

 

20160831ayesha-3අයේෂා කියන්නේ නර්තන ශිල්පිනියක්ද නැත්නම් නිරූපිකාවක්ද?

ක්ෂේත්‍රයට ආවේ නම් නර්තන ශිල්පිනියක් විදිහට. ඒ 2010 අවුරුද්දේ. ඊට පස්සෙ 2011 අවුරුද්දේ මම රොසෑන් ඩයස් මහත්මිය යටතේ නිරූපණ ශිල්පය හැදෑරූවා. ඒ හරහා තමයි නිරූපණයට යොමු වුණේ. නමුත්, මම දැනටත් වැඩි දායකත්වයක් ලබා දෙන්නේ මගේ වෘත්තිය වන නර්තනයට.

 

ඒ කියන්නේ ඔබ නර්තනය පැත්තෙන් ලොකු දුරක් ආපු කෙනෙක්?

ඔව්. දැනට මම අවුරුදු 06ක් තිස්සේ නර්තනයේ යෙදෙනවා. දැනට මට මගේම කියලා නර්තන කණ්ඩායමක් තියෙනවා. ඒක පටන් ගත්තේ 2012 අවුරුද්දේ. ඊට අමතරව මම 2014 අවුරුද්දේ සිරස රූපවාහිනි නාළිකාව විසින් සංවිධානය කළ 'ඩාන්සින් ස්ටාර්' තරගයට ඉදිරිපත් වුණා. එහිදී අවසන් 10 දෙනා අතරට පිවිසෙන්නට මට හැකි වුණා.

 

දක්ෂ නර්තන ශිල්පිනියක් වෙලත් අයේෂා නිරූපිකාවක් වෙන්න කැමති වුණේ ඇයි?

පුංචි කාලේ ඉඳලා මම හැම දෙයක්ම අත්හදා බලන්න කැමතියි. නිරූපණ ශිල්පයට පමණක් නොවෙයි මම පුංචි කාලේ රංගනයටත් කැමතියි. අවුරුදු 5ක් වෙද්දී මම චිත්‍රපට හා ටෙලිනාට්‍ය සුළු චරිතවලටත් දායක වෙලා තියෙනවා. ඊට අමතරව මම පාසල් යන කාලේ ක්‍රීඩාවටත් සම්බන්ධ වෙලා හිටියා. බොහෝ දෙනෙක් හිතුවේ මම ඒ පැත්තෙන් ඉදිරියට යයි කියලා. පස්සෙ මම නර්තනය පැත්තට යොමු වුණා. ඉතින් මගේ තියෙන ඔය විවිධ අත්හදා බැලීම මත තමයි නිරූපණය පැත්තටත් යොමු වෙන්න මම හිතුවේ.

 

නිරූපිකාවක් හා නර්තන ශිල්පිනියක් විදිහට මේ ක්ෂේත්‍ර තුළ අද ඔබ නමක් හදාගෙන තියෙනවාද?

ඔව්. බොහෝ දෙනෙක් මාව හඳුනනවා. නමුත්, නමක් හදාගෙන තියෙනවාද නැද්ද කියලා දන්නෙ නැහැ. හැමෝටම එහෙම එක පාරටම නමක් හදාගන්න බැහැ. ඒකට කාලයක් යනවා. මේ ක්ෂේත්‍රය තුළ මම හෙමින් ගමනක් යන්නෙ උත්සාහ කරන කෙනෙක්. ඉතින් මගේ නමත් මේ හෙමින් යන ගමන තුළ හදාගන්න උත්සාහ කරනවා.

 

නිරූපිකාවක්, නර්තන ශිල්පිනියක් නොවුණා නම් ඔබ?

අනිවාර්යයෙන්ම ගුරුවරියක් නැත්නම් නීතිඥවරියක් වෙනවා.

 

දැනට දායක වෙලා තියෙන කලා නිර්මාණ?

දැනට මම මියුසික් වීඩියෝ 03කට විතර පෙනී ඉඳලා තියෙනවා. ඊට අමතරව 'කුස පබා', 'කොස්තපල් පුඤ්ඤසෝම' ඉදිරියට එන්න තියෙන 'මායා' කියන චිත්‍රපටවලට නර්තනයෙන් දායක වෙලා තියෙනවා.

 

රංගනය පැත්තට යොමු වෙන්නේ අදහසක් නැද්ද?

තියෙනවා. දැනට රංගනය පැත්තට යොමු වෙන්න ආරාධනා පවා ලැබිලා තියෙනවා. අර්ජුන් කමල්නාත් අයියා ඉදිරියේදී නිර්මාණය කරන්නට සැලසුම් කරලා තියෙනව ටෙලිනාට්‍යයකට දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා.

 

මේ දිනවල ඔබ රූපරාජිනි තරගයකට සම්බන්ධ වෙලා ඉන්නවා නේද?

ඔව් 'ස්කුබා' රූපරාජිනි තරගයට සම්බන්ධ වෙලා ඉන්නවා. එහි අවසන් තරගකාරියන් අතර තරගවලට මේ දවස්වල සහභාගී වෙනවා. අදහස තියෙන්නෙ මේ තරගයේ ජයග්‍රාහිකාව වෙන්න තමයි.

 

බුද්ධික සේනාධීර

20160831ayesha-1 20160831ayesha-2



අදහස් (0)

කවුරුත් හිතුවේ මම ක්‍රීඩාව පැත්තෙන් ඉදිරියට යයි කියලා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 187 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 2388 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 889 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 2598 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1562 8

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 2849 7

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39327 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25643 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 339 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1121 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site