කොස්ගම පොලිස් ස්ථානාධිපති තිලිණ හෙට්ටිආරච්චි මහතාගේ සේවය වහා තහනම් කළ බවත්, දූෂණයක් සිදු වී නැතත් රාජකාරිය පැහැර හැරීමක් වී ඇති බව පෙනෙන නිසා එම තීරණය ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
පසුගිය 18 වැනිදා කොස්ගම ඇස්වත්තේ දී අනවසර මැණික් ගරන්නන් නව දෙනකුට ඇප දීමේ දී නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය නොකළ බව පෙනෙනේ යැයි ද මාධ්‍ය ප්‍රකාශක පවසයි.
සැකකරුවන් පොලිසියට බාර දී ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකාය විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදිහේ අපරාධයකට පොලිස් ඇප දෙන්න බැරි බව ඇත්ත ඒ වුනත් රස්සාවෙන් පහ කරන්න තරම් වරදක් වෙලා තියෙනවද? මීට වඩා දරුණු රාජකාරි පැහැර හැරීම් පොලිස් නිලධාරින් කරලා යස අගේට සේවයේ ඉන්නේ. (ස)
අනේ පෙරේරා දන්න දේ? නීතිය කාටත් එක වගේ (නි)
පුද්ගලික පළිගැනීමක්වද්ද? (නි)
උපාලි, මෙතන නීතිය කාටත් එක වගේ ක්‍රියා නොකෙරුන එකයි මට තිබෙන ප්‍රශ්නය. (නි)
මෙයාටත් අර වාස්ට කරපු දේම කරලා (අ)
නීතිය කාටත් එක වගේ කොහේද උපාලි. "අනේ අපි කවදාක ඉපදෙමුද එරටේ?" (අ)
නීතිය කාටත් එකවගේ තිබුනා නම් ලංකාව දියුණු වෙලා ගොඩක් කල්.රටට ගිය කලක්...! (නි)
අනිවාර්යෙන්ම මේකට දේශපාලකයෝ බැල්ම හෙලන්න ඇති (දිල්)
මට තේරෙන්නේ නෑ ප්‍රදේශය බාර පොලිස් ලොකු මහත්තයාගේ ඔලුව නරක්වේලාද කොහෙද. අල්ලන්නකෝ ඔය මිනිස්සුන්ව නෙමෙයි, ට්‍රැපික් එකෙන් ගහන අයව(නදී)
උපාලි මහත්තයා ඉන්නේ මොන රටේද? (නි)
ඔය ක්‍රියා මාර්ගය හැමෝටම යෙදුවොත් ලංකාවේ ඕ.අයි.සී ලා නැති පොලිසි ඉතිරි වෙන්නේ (නදී)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාට මෙවැනි අවංක වැඩක් කරන්න හිතුනේ ඇයි දන්නේ නැහැ. මොනවා උනත් ශේෂ්ඨ වැඩක්.(නදී)