කැසිනෝ සූදුව සම්බන්ධ නියෝග දෙකක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් අද ඉවත් කැරිණි.
ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත, නියෝග අංක එක, දෙක යනුවෙන් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ මෙම යෝජනා ඇතුළත් වී තිබිණි.
කොළඹ තැන තැන ඇති කැසිනෝහල් ඩී ආර් විජයවර්ධන මාවතේ එක් ස්ථානයකට ගෙනවුත් ක්‍රමානුකූල පාලනයකට ලක් කිරීමට රජය එම ගැසට් නිවේදනය නිකුත් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොතෙන් නම් ඉවත් වේවි.වැඩේ නම් හොඳට කෙරේවි. (ස)
ගැසුවද කැසිනෝ. (ස)
මීට වඩා ලංකාවේ ඕන තරම් ප්‍රශ්න තියනවා නේ. උදා; හලාල් (ස)
අපේ ගමේ ඇමතිට දැන් කියන්නේ කැසිනෝ ඇමති කියලා. ගමේ බුරුව ගැහුවම වැරදියි. කැසිනෝ හොඳයි. උසස් අධ්‍යාපන ආයතන වහලා ඒවගේ කැසිනෝ ශාලා දායිද දන්නේ නෑ.(නදී)
අර අමති ඇමති කියන්නේ එයා ඇමරිකාවෙදි කැසිනෝ ගැහැව්වා කියලා. හරිම හොදයි කියලත් කිව්වා.(නදී)
ලංකාවේ ජනතාවට මේ දේවල් නිසා හොදක් නොවෙන බව තේරුම් ගන්න බැරිකමක් නැහැනේ. මේවා එපා කියන්න ඕනෑ රටේ මිනිස්සුමනේ (නි)
මේ අදහස ජනප්‍රිය නොවෙන්න පුළුවන් වුනත් ඇත්ත හා රටට හොද දේ කිවයුතුයි . කැසිනෝ ලංකාවේ පහුගිය අවුරුදු 40 කට වැඩි කාලයක් ක්‍රියාත්මක වුනා. නමුත් එයින් කිසිදු අව බලපෑමක් සමාජයට ඇති වුනා කියන්න සාධක නැහැ. අපේ රටට දැන් බටහිර රටවල් නය දෙන්නේ රටට (දිල්)
අර සමහරු නම් කිසිම නීති විරෝධී ක්‍රියාවක් කරලා නැහැ (නි)
මම නම් දකින්නේ නැහැ එතරම් වැරැද්දක් මේ වැඩේ. (නි)
විජේසිංහ,කැසිනෝ හලාල් කරන්නද කියන්නේ?හලාල් කියන්නේ මනුෂ්‍ය ශරීරයට හා පැවැත්මට සුදුසු ඕනෑම දෙයක් අනුමත කිරීම පමණයි,අපි කන සහල්,පලතුරු වර්ග,ජීවිතයට වස විස නැති ශරීරයට විසක් නැති දේවලුත් හලාල්!දෙවියන්ට කැප කළ කියලා කිසිම දෙයක් ආගමේ නැහැ. ඉස්ලාම් ආගමේ දෙවියන්ට කෑමබීම පුජකිරීම තහනම්.සත්ව ඝාතනයේදී දෙවියන් උසස් බව විතරක් සදහන් කරනවා,හැරෙන්න වෙන දෙයක් නැහැ. එනිසා තමයි අපි භාවිතා කරන සබන් පවා හලාල් ලාංඡනය යොදන්නේ.හැමෝම කියනදේට අමතරව යමක් හිතන්න උත්සාහ කරන්න! (නි)
කැසිනෝ වලට වඩා ෆේස්බුක් එකෙන් සමාජයට ලොකු හානියක් වෙනවා. (නි)
විජේසිංහ, ඔයා කල්පනාවෙන් අදහස් දාන්න (නි)
කැසිනෝ වලට කිට්ටු වෙන්ට සාමාන්‍ය අයට බැහැ. දැන් බටහිර රටවල කැසිනෝ ගහන්ට යන්නේ නැහැනේ ලංකාවෙන් ගිහින් එහෙ ඉන්න අය. ( 1% වගේ කරලා හිගන තත්වයට වැටිච්ච අය නැතුව නෙවේ) එස්. බි; .. දිසානායක මහතා. කියන්නේ ඇත්ත. (ස)
කැසිනෝ වලට කිට්ටු වෙන්නේ රැකියාවක් කරන්න මිසක් සෙල්ලම් කරන්න අප රටේ අයට මුදල් නැහැ .මෙය අපිට ලෝකයේ ධනවතුන් ගෙන්න ගැනීමට හොඳ මඟකි.අවබෝධය අඩු අය කෑගැහුවට ගණන් ගන්න හොඳ නැහැ. (ස)
ඕස්ට්‍රේලියාවෙත් කැසිනෝ වලට අපේ සිංහල අය යනවා. හැබැයි කැසිනෝ සෙල්ලම් කරන්න නොවෙයි රැකියාවක් කරලා කීයක් හරි සොයා ගන්න. රැකියාවල් අපේ රටට අවශ්‍යයි. මොහොතක් ටිකක් කල්පනා කලොත් හොදයි.(නදී)
හාමුදුරුවෝ කොහෙද දන්නේ නැහැ මේ දවස් වල ........(නදී)