පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී අද ඇරැඹිණි.
මහින්ද රාජපක්ෂ ජනපති සමුළුව විවෘත කළේය.
පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල ව්‍යාපාරිකයෝ ඊට සහභාගී වූහ.
ඕස්ට්‍රේලියාවේ කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් ද ඒ අතර විය.
පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී අද ඇරැඹිණි.
මහින්ද රාජපක්ෂ ජනපති සමුළුව විවෘත කළේය.
පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල ව්‍යාපාරිකයෝ ඊට සහභාගී වූහ.
ඕස්ට්‍රේලියාවේ කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් ද ඒ අතර විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙසිනෝ ගහන එකයි බුරුවා ගහන එකයි දෙකම එකයි නේද?බුරුවා ගහන එකත් මහා පරිමාණයෙන් දියුණු කරලා රටේ වියාප්ත කරලා ඇරියොත් හොඳ නැතිද?
කැසිනෝ දාපුදෙන්, නැති වෙන මිනිහ නැති වෙච්චිදෙන්, අරක්කු තිබුන කියල හැම මිනිහම අරක්කු බොන්නේ නැහැ. රේස් ඔට්ටු අල්ලන්නේ නැහැ. ඉතින් ඕක ආපුවහම මොකෝ. මට දුක රටේ ගොවියන්ට, දේශීය කර්මාන්ත කරුවන්ට සහන නොදී, උදව් නොකර මේ වගේ වැඩ විතරක් කරන එක අනුමත කරන්න බැහැ. කොහොමත් හැමෝටම දුප්පත් මිනිහ ඕන කරන්නේ ඡන්දෙට විතරයි. පාරවල් හැදුවට ඒවාට ගන්න ගාන නම් හොඳටම වැඩියි. පිට රටවලවත් එච්චර ගානක් ගන්නේ නැහැ. (ස)
නිමල්, ඔයා හරි. මෙතන කැසිනෝ වලට විරුද්ධ අය ඇයි ඒකට විරුද්ධ කියලත් කිව්වනම් තමයි හොඳ. මේක බලපාන්නේ ලංකාවේ ජනගහනයෙන් 0.01% විතරයි. මෙච්චර කල් කැසිනෝ තිබුන කියල බාධාවක් වෙලා තියෙනවද? අනිත් එක ඒවාට යන සමහරුන්ටත් මේකට යන්න බැරි වෙයි සමහරවිට. (ස)
මට නම් නිකන් පිස්සු වගේ... (ස)
සමහරු කියනවා මේවා කරන්නේ විදෙස් සංචාරකයෝ වැඩි වැඩියෙන් මෙහි ගෙන්වා ගන්නලු. ආගම් ධර්මයන් පාවා දීලා අර රේස් කාරයා රේස් එක දිනලා ඒකෙන් ලැබෙන සල්ලිවලින් ළමයින්ට කන්න දෙනවා වගේ වැඩක් තමයි මේවා. සමහර කෙරුම්කාරයෝ ඒ කාලේ අපි ධාර්මිෂ්ඨ රාජ්‍යක් කරා යනවා... බෞද්ධ සංස්කෘතියට අත තියෙන්න ඉඩ දෙන්නේ නෑ කියා ලොකු ලොකු කයිවාරු ගැහුවා අපට මතකයි.....එහෙමනම් ධාර්මිෂ්ඨ රාජ්‍යට යන්න කැසිනොත් ඕන වෙලාද කියා අපට අහන්න සිදුවෙලා තිබෙනවා. ඔය ධාර්මිෂ්ඨවාදීන්ගේ කටේ දැන් පිට්ටුද? (ස)
බොහොම දුක්මහන්සියෙන් මුදල් හම්බ කරන අය කැසිනෝ වගේ සූදු වලට ගිහින් සල්ලි නාස්ති කරන්න පෙලබෙනවා අඩුයි. කොමිස් ගහල කුඩු විකුණලා අයතා විදියට මුදල් හම්බ කරන අයට සල්ලිවල අගයක් නොදැනෙන නිසා දවසකට මිලියන ගණන් නාස්ති කරන්න පෙලබෙනවා. එහෙම මුදල් හොයන අය වැඩිවෙන්න වෙන්න අපේ රටට මොකද වෙන්නේ කියල හිතාගන්න පුලුවනිනේ.(අ)
මට කියන්න තියෙන්නේ මේවා දකින කොට ,මෝඩ ජනතාවක් ඉන්න ,කපටි පාලකයෝ රැලක් ඉන්න රටක් තමයි ලංකාව .(අ)
කැසිනෝවලට සමහර ය කැමති සමහර අය අකමැතියි. මේකට ආණ්ඩුවෙන් සහයෝගයක් දෙන්නේ පිටරටින් එන දෙයක් නිසාද? අර අශ්ව රේස් ඔට්ටුව වගේ. ඒකට නිත්‍යානුකුල අයිතියක් දීල තියෙනවනේ. බූරුව ගැසීම වරදක්. කසිප්පු පෙරීම වරදක්. නමුත් ඇල්කොහොල් මිශ්‍ර මත් පැන් නිෂ්පාදනය අවසරලත් සමාගම්වලට නිත්‍යානුකුලයි. මේවා සියල්ලම නුතන කාලයේ යම් යම් සීමාවන් යටතේ පවතින්න ඕන කියලයි මමනම් හිතන්නේ. ආණ්ඩුව සමහර දේවල්වලට කැමති යම් යම් යට ලැබෙන අදායම් සහ ප්‍රතිලාබ බලාගෙන වෙන්න ඕන. සුදුව එපානම්, මත් පැන් එපානම් කෝකත් එපා. කැසිනෝ ඕන බුරුව එපා කියන්න සහ අරක්කු ඕන කසිප්පු එපා කියන්න තියෙන සාදාධාරන පදනම මොකක්ද? (අ)
මේ ලියන බොහෝ දෙනෙක් ජීවත් වෙනවා වගේ පෙනෙන්නේ අතීතයේ. පොඩ්ඩක් වර්තමානයට ඇවිල්ලා වටපිට බලන්න කියලා මම යෝජනා කරනවා. (නි)
තම පියාගේ ඇවෑමෙන් උරුමය හිමි කරගත් ජේම්ස් පැකර් යනු ඉතා ශූර ව්‍යාපාරිකයෙකි. මොහුගේ පියා කෙරී පැකර් ඕස්ට්‍රේලියාවේ හිටි ධනවත්ම ව්‍යාපාරිකයෙකි. මොනවා වුණත් අපේ රට ප්‍රෞඪ ඉතිහාසයක් සහ අභිමානයක් ඇති රටක්. සංවර්ධනය කළ යුතු යැයි කියා නොමනා ක්‍රියා වලින් ප්‍රයෝජන ලබා ගත යුතු නැත. කොපමණ කුසගිනි හැදුනත් සිංහයා කිසිදාක තණකොළ කන්නේ නැත. (නි)
හැබැයි යූ.එන්.පී. රජය තිබුන කාලේ කැසිනෝ ගෙනවා නම් අපිත් පෙළපාලි යනවා. අම්මපා! (නි)
අනේ ජයතිලක ඔයා කියන්නේ දැනට තියන ගණිකා මඩම්,රේස් බුකි,කැසිනෝ, තැබෑරුම්,බුරුවා පොළවල් ගැන කතා නොකරන හින්ද අලුත් ඒවා අරින්න ඉඩ දෙන්න කියලද කෙරෙන්න ඕනේ තියන ඒවත් කොහොම හරි උද්ගෝෂණය කරලා වහල දාන එක. ලංකාවේ 75% ක් ඉන්නේ බුද්ධාගමේ මිනිස්සු. බුදුහාමුදුරුවෝ දේශනා කලේ සුදුව පරිහානියට හේතුවක් කියල. බුදු දහම නිවැරදි. අපිට මේ සුදු වලින් මුදල් ආවත් ඒවා වෙන මාර්ගයකින් විනාස වේවි. (අ)
අපේ රට බෞද්ධ රටක්. අපිට කොච්චර සල්ලි ලැබුනත් කාගේවත් ගින්දර එපා.කතාව එච්චරයි (නි)
මෙතන කවුරුත් නොදකින පැත්ත නම් ඔය කැසිනෝ එකෙන් ලංකාවේ 1500කට ජොබ්ස් ලැබෙන එකයි.. (ස)
තමතමන්ගේ දුෂණ නවතගන්න.අන් අය හදන්න කලින් තමන් හැදෙන්න .කරුණාකරලා වෙස්මුණු ගලවල සත්‍යට මුහුණ දෙන්න.(අ)
දයා ,මම යන එන රේස් බුකි,ගණිකා මඩම් ගැන හොයන්න, ඔහේ වැඩ කරන්නේ පොලිසීයේද? විකාර කියවන්න එපා . මම අහපු ප්‍රශ්නයට උත්තර දෙන්න. ඔය ඔක්කොම දේශප්‍රේමීන්ගෙන් නැවතත් ප්‍රශ්නය අහන්නම්. දැනටමත් රටේ ක්‍රියාත්මක වන ගණිකා මඩම්,රේස් බුකි,කැසිනෝ, තැබෑරුම්,බුරුවා පොළවල් ගැන මෙතන අදහස් පළකරන දේශප්‍රේමීන් කතා නොකරන්නේ මන්ද?ඔහෙලට,පැකර්ගේ කැසිනෝ එකෙන් තොර වෙන කතා කරන්න දෙයක් නැද්ද? එච්චරයි. (නි)
බයවෙන්න දෙයක් නැහැ. අපි නිකන් අදහස් පළකළාට අපිට ඔය කැසිනෝ සමාජ ශාලා තියෙන පාරකවත් යන්න අවසර බලපත්‍රයක් ගන්න වේවි.ඒ වගේම ඕවට යන්නේ බොහොම ධනවත් ව්‍යාපාරිකයෝ. ඒ අය එක්කෝ හැදෙයි එක්කෝ නැතිවෙයි.අපට ලැබෙන තුට්ටු දෙක ඕවට යනවා තියා හිතන්නවත් මදි. (නි)
ඇයි කැසිනෝ රජාට බැරි...
මට හරි සතුටුයි, මගේ අදහස නිසා ගොඩක අය අදහස් වෙනස් කරගත් එක ගැන. මම හොටෙල් ක්ෂේත්‍රයේ වැඩකරන කෙනෙක් හැටියට, මේ වහේ අායෝජන වලින් මගේ රටට ලැබෙන ප්‍රයෝජන ගැන හොද අවබෝධයක් තිබෙනවා. අපි එකතුවෙලා අපේ අම්මලා සහ තාත්තලව දැනුවත් කරමු. (නි)
අහවල් සේනාව මහේ දවස්වල බරටම වැඩ චෝගම් වල අචිනි (අ0
කොහොම කොහොම හරි රටේ දියුණුව ද මේ? (දී)
කාට කියන්නද මේ දුඅම (දී)
අනේ වාසනාවන් (දී)
ඒ අර මොන කාරනවකටද (දී)
ඔය ඔක්කොම විකාර (දී)
සිංහලය කියන කෙනා කියනවා කොහොම හරි උද්ඝෝෂණය කරලා දැනට තියෙන ගණිකා මඩම්, බුරුවා පොළවල් ,කැසිනෝ, තැබෑරුම් ,රේස් බුකි වහන්න ඕනේ කියලා. ලෝක විනාශයක් වෙනකම්ම ඔය දහ දුරා වැඩ ලංකාවේ නවත්වන්න බැහැ කියලා. සිංහලය නොදන්නවා නම්, දැන්වත් දැන ගත්තොත් හොඳයි. (ස)
මේවට විරුද්ධ වෙන අයට ගානක් ලැබෙනවා ඇති.ඔය කෑගහන්නේ සල්ලි වලට.පිටි පස්සෙන් කට්ටිය ඇති.අර කියමනක් තියෙනවනේ බණ්ඩා කොලඹ ගියා වගේ කියලා. අපේ අය ඉතින් සල්ලි වලට කහිනවනේ කවදත්. (ස)
මේවා යටිතල පසුකම්.(දී)
කැසිනෝ තිබුනා කියලා ප්‍රශ්නයක් නැහැ.ඒවා දියුණු රටක එක් ලක්ෂණයක් පමණක් යැයි කීමට තරම් අප අධ්‍යාත්මික වශයෙන් බංකොලොත්ද? නොබෝ දිනකින් ගණිකා මඩම් තිබුනා කියලත් ප්‍රශ්නයක් නැහැ, ඒවා දියුණු රටක තවත් එක් ලක්ෂණයක් යැයිද කියනු ඇත. මේ දක්වා සංචාරකයින් අපේ රටට පැමිණියේ රටේ ඓතිහාසික වැදගත්කම, සුන්දර වෙරළ තීරය සහ කිසිම රටකටත් නොදෙවැනි වන ආගන්තුක සත්කාරය නිසා. අප ප්‍රචලිත කළ යුත්තේ මෙම වටිනාකම මිසක් අපි ලංකාවට යන්නේ සූදු ගැසීමට කියා සංචාරකයන්ගෙන් අසා ගන්න නොවේ. (නි)
දැන දැන කරන වැරදි මේවා (දී)
"ඒක තිබුන කියල කියන තරම් ප්‍රශ්නයක් නැහැ""කැසිනෝ දියුණු රටක එක ලක්ෂණයක් පමණයි"ඉන්දික සහ පද්මිණි ගේ අදහස් බොහෝ දුරට එක වගෙයි.කැසිනෝ වලින් ඔබටයි මටයි හොදක් කරන්න මේවා දානවා නම් ඒ දේවලින් මිනිසුන්ව දැනුවත් කල යුතුයි.කිසියම් ප්‍රතිපත්ති රාමුවක් පෙන්විය යුතුයි.ඒවා මහා ජනතාවට ප්‍රචාරය කල යුතයි.මේවා නිකන් තමන්ගේ වාසියට ,තමන්ට ලැබෙන කොමිස් එකට පටන් ගන්න දේවල්.රටේ මිනිස්සුන්ට ආදරේට කරනවානම් ඔය දේවල් නෙමෙයි දැන් කල යුත්තේ.දහසක් දේවල් තියෙනවා කරන්න ඔයිට වඩා..මිනිසුන්ට කැසිනෝ නෙමෙයි දැන් උවමනා.මේක අපේ සම-හරක් තේරුම් ගෙන නැහැ.අපේ දේශ-පාලුවෝ කරන්නේ තමන්ගේ වාසිය බලන එක විතරයි.මිනිසුන්ට මේවා තේරෙන්නේ නැහැ.රටේ පිහිහීම දවස ගානේ ඉහල යනවා.ඒ දේවල් වලට පිළියම් යොදන්නේ නැතිව මේ දේවල් එක් කල යුතුද?රටේ නිෂ්පාදනක් නැහැ.පිටින් ගෙනෙන දේවල් නැති උන දාට ලංකාවක් නැහැ.ඒ දේවලුයි අද කල්පනා කරන්න ඕනේ,මේ වගේ දේවලට වෙන් කරන කාලය,වියදම ඒ දෙවලටයි යොමු කරන්න ඕනේ.පිට රටින් හොද දැනුමක් ඇති මිනිසුන් ගෙනත් අපේ මිනිසුන්ට නිෂ්පාදන ගැන පුහුණුවීම් දෙන්න ඕනේ.මේ වගේ සුදු කාරයෝ නෙමෙයි ගෙන්නන්න ඕනේ.මේ හැමදේම අපේ අය දන්නවා.බබාලා නෙමෙයි මේ හැමෝම.තමන් ගැන පමණක් හිතන නිසයි මේ හැමදේම.(අ)
තව ට්ක දවසකින් ගණිකා මඩම් සහ සමලිංගික විවාහත් නීත්‍යානුකූල කරයිද දන්නෙ නැහැ (නි)
කසිප්පු වල ඉඳන් නොයෙක් තත්වයේ මත් වතුර රට පුරාම, කාන්තාවන් වෙළඳාම් වෙනවා. රටේ 1 කොටසක් විනාශ වෙනවා බලන් ඉන්දෙද්දීම. පාසල් ළමයි මත් ද්‍රව්‍යට ඇබ්බැහි වෙලා. නමුත් රටේ යම් යම් කොටස් ඕවට අහු නොවී දිනෙන් දින දියුණු වෙනවා. ඔවුන්ගේ සංස්කෘතියේ ඕව නෑ. අපි වැනසෙනවා. (ස)
වෙරංග දිලාන්, රටක් දියුණු වෙන්ට කැසිනෝ අවශ්‍ය නැහැ. කැසිනෝ දියුණු රටක එක ලක්ෂණයක් පමණයි. (ස)
සල්ලි හම්බ වෙනවා නම් රටට හෙන ගැහුවත් මොකද? (ස)
කැසිනෝ වගේම නිත්‍යානුකුල ගණිකා ව්‍යාපාරද, රාත්‍රී සමාජ ශාලාද රට පොහොසත් කරනු ඇත. පන්සිල් රකින අයට මේ ගැන ප්‍රශ්නයක් ඇති නොවේ. සියළු දෙයම නීතියකට විනයකට යටත්ව සිදුවනවා නම් ( සිංගප්පුරුව වගේ) සමාජයට අයහපතක් නොවේ. විනය සහ නීතිය වගේම යහ පාලනයක් ඇති රටක ඕනෑම නරක දෙයක් උනත් හොඳට හරවගන්න පුළුවන්. (ස)
වෙරංග දිලාන්, මෙතන කවුරුවත් රටක් දියුණු වෙන්න නම් කැසිනෝ ඕනෙමයි කියල කියල නෑ. ඒක තිබුන කියල කියන තරම් ප්‍රශ්නයක් නැහැ කියලයි කියන්නේ. ඒකෙන් සංචාරක ව්‍යාපාරේ දියුණු වෙලා ආර්ථික වාසියකුත් තියෙනවා. සරලව කියනවා නම් ඔය යකා කියන තරම් කළු නැහැ. අනිත් එක නවත්තනවා නම් තව ගොඩක් දේවල් තියෙනවා නවත්තන්න. (ස)
මම හොඳ බෞද්දයෙක්. මම පන්සිල් රකිනවා . උපතින් බෞද්ද හැමෝම සබේ බෞද්දයන් වීමට උත්සහ කල යායුතුය අපට ලෝකය සැමදාම වෙනස් කරමින් සිටිය නොහැක . මට කැසිනෝ අදාල නැත. (දී)
මෙතන ගොඩක් අය කන්න ඕන උනහම කබරයත් තලගොයා කරගෙන කනවා වගේ දේවල් කියන්නේ.නැතිනම් අඩු අවබෝධයෙන් තමයි යමක් කියන්නේ.මුලින්ම කියන්න ඕනේ රටක් දියුණු කරන්න ඕන නම් කැසිනෝ ඕනෙමයි කියන්නේ, බත් කන්න ඕනේ නම් ටොපියක් ඕනෙමයි කියන පොඩි ළමයි වගේ අයයි.රටක් දියුණු කරන්න ඕනේ නම් කරන්න ඕනේ දෙශීය නිෂ්පාදන ඇති කරලා ඒවා දියුණු කරන එකයි.හොදම උදාහරණය ජපානය. දෙශීය නිෂ්පාදන වලින් පිරුණු රටක්.ජපානය කැසිනෝ තහනම් රටක්.ජපානයේ කැසිනෝ නැහැ.අපේ රටේ ජාතිවාදය ගැන කතා කරන්න, අනුන්ගේ ඕපා දූප කතා කරන, තැන් තැන් වල රස්තියාදු ගහන ඒවාට මිනිස්සුන්ට කාලය තියෙන්නෙත් ඔය හේතුව නිසයි.රටේ දේශීය දේවල් හදන්න ආයතන බිහි කරනවා නම් ඕන තරම් රස්සා බිහිවෙලා, ඕන තරම් වැඩ කරන්න මිනිස්සුන්ට පුළුවන්.තමනුත් දියුණු වෙනවා, රටත් දියුණු වෙනවා.පිටරට ඉඳන් එන හිවලුන්ට ඔලුව පහත කරන්න ඕනේ නැහැ එතකොට. මේවා පාලකයෝ දන්නවා,ඒත් ක්‍රියාත්මක කරන්නේ නැහැ.මිනිස්සු දියුණු වෙනවට නෙමෙයි මේ අය කැමති.තමන්ගේ ළමයිගෙ දියුණුව දකින්න විතරයි ඒගොල්ලෝ කැමති. දුප්පත්කම තියෙනකන් විතරයි මේ අයට මැතිවරණ දිනන්න පුළුවන්.අපේ මිනිස්සුන්ට කන්න නැති උනහම, ආස දේවල් ගන්න නැති උනහම ඒ දේවල් මොහොතකට හරි දෙන කෙනාට ඡන්දෙ දෙනවා.බඩගින්න නිසා මිසක් මෝඩ කමට නෙමේයි.ඒක දන්නා නිසා මේ පාලකයෝ එකෙන් උපරිම ප්‍රයෝජනය ගන්නවා. (ස)
ටිකිරි බණ්ඩා, ඔයාට තමයි මුලින්ම යන්න වෙන්නේ !!! (ස)
කෝ මේ අපේ සංඝයා වහන්සේලා? (නි)
මම මේ බලන් ඉන්නේ ලංකාවේ බත් කන කකුල් දෙකේ හරක් ටික මසට විකුණන දවස කවදද එන්නේ කියලා.මේ යන විදියට ඒකත් වැඩි ඈතක නැහැ.... (ස)
කැසිනෝ වලට බය මොකද? බලෙන් යවන්නේ නැහැනේ. එයිට වඩා හානිවෙන දේවල් ලංකාවේ තියෙනවා. අන්තර් ජලයෙන්, ෆේස් බුක් වලින්.අනික මිනිස්සු ඕවට ගිහින් සල්ලි නාස්ති කරලා එනකල් ගැණු ටික බලා ඉඳියි. (ස)
තේජක, මට තියෙන ප්‍රශ්නය අහිංසක දුප්පත් මිනිස්සු සල්ලි නාස්ති කරන ලොතරැයි, රේස් බුකි තහනම් නොකර කෝටිපති ව්‍යාපාරිකයෝ විතරක් යන කැසිනෝ තහනම් කරන්න කියන එකේ පදනම මොකක්ද කියලයි. තහනම් කරනවා නම් ඔක්කොම තහනම් කරමු. මමත් ඒකට එකඟයි. (ස)
කැසිනෝ වලට පක්ෂ මහත්වරුනි, ලංකාවට විදේශිකයෝ එන්නේ ඇහේ සුන්දරත්වය බලන්න සහ එය අත් විඳින්න. නැතුව කැසිනෝ ගහන දිවයිනකට නොව. කැසිනෝ දාලා අපේ රටේ තිබෙන සුන්දර දේවල් යට යනවා කියල ඇයි නොතේරෙන්නෙ. (ස)
ඉන්දික, අර සිංහලය නමින් දාල තියන අදහස කියවන්න. (ස)
සාධාරණ විදියට මුදල් උපයන කෙනෙක් ඔය වගේ තැන්වලට යන්නේ නැහැ.අසාධාරණ සල්ලි වලට මොනවා උනාම මොකද? (ස)
අනේ කවුරු හරි කැසිනෝ වලින් වෙන හානිය ගැන අපව දැනුවත් කරනවද? (ස)
බුරුවා ගහන්න හොඳයි. කැසිනෝ නරකයි. (ස)
ලහිරු සහ ලසිත් කියන්නේ සම්පුර්ණ ඇත්ත. ලංකාවේ මිනිස්සුන් පාට කන්නාඩි වලින් සියල්ල බලන නිසා තියෙන්නේ හරි පටු අදහස්.මෙච්චර කල් කැසිනෝ තිබුනාට කවුරුවත් ඒවා වහන්න කිව්වද? (ස)
අර්තාපල් අස්සේ කුඩු කිලෝ 8 ක් ගෙනා ව්‍යාපාරිකයා අද නිදහස් කරලා කියලා අන්තර්ජාලයේ සදහන් වෙනවා.සුබ අනාගතයක් අපිට සහ අපේ අනාගත දරු පරම්පරාවට. (නි)
අර 4 සහ 6 වෙනි ඡායාරූප වල ඉන්නේ කුමන රටවල සිට පැමිණි ව්‍යාපාරික ප්‍රජාවද?අනේ අපොයි රටකට ගිය කලක්. (නි)
එතකොට ධර්ම රාජ්‍යයක් උදෙසා පාර්ලිමේන්තු ගිය අය කැසිනෝ රජාගේ පැමිණීම පිරිත් නුල් ගැට ගහලා සාධාරනීකරණය කරනවද?අපේ සෙරෙප්පුව ගලවලා අපේ ඔලුවටම ගහගන්න ඕනෑ ධර්ම රාජ්‍යයේ මේවා අහන්න දකින්න ලැබෙනවට. (නි)
මේතැන ජේම්ස් පැකර්ගේ කැසිනෝ එකට විරුද්ධ අය නිකන්වත් කියන්නේ නැහැනේ දැන් තියෙන ගණිකා නිවාස ටික වහලා දාමු, රේස් බුකි ටික වහලා දාමු , තැබෑරුම් ටික වහලා දාමු කියලා? මේ ගොල්ලෝ සමහර විට හිතනවා ඇති ශ්‍රී ලංකාවේ එහෙම තැන් නැහැ කියලා. ජේම්ස් පැකර් තමයි මේවා ඔක්කොම ලංකාවට හදුන්වලා දෙන්නේ කියලා. කාටද මේවා කියන්නේ? මේ බයිලා අහලම ඇති වෙලා දැන් නම්. (නි)
ඔය මනුස්සයා දාන කැසිනෝ එකේ සෙල්ලම් කරන්න සල්ලි තියෙන කී දෙනාද ලංකාවේ ඉන්නේ? ඒ ඉන්න අය මේක නැති වුණොත් සිංගප්පුරු ගිහින් හරි සෙල්ලම් කරනවා. ඕක දැම්මම ඉන්දීය වගේ අහළ පහළ තිබෙන රටවල සල්ලිකාරයෝ එනවා සෙල්ලම් කරන්න. ඒක තමා සැළසුම. හරි යයිද දන්නේ නැහැ. එහෙම වුණොත් රටෙන් සල්ලි එළියට යනවට වඩා ඇතුළට එන එක වැඩි වේවි කියලයි මං හිතන්නේ. (නි)
ලංකාවට කැසිනෝ ගේනවා කියලා හානියක් වෙන්නෙ නැහැ. මම නම් කැමතියි (නි)
ඒක ඇත්ත.තායිලන්තයෙන් ගණිකා ව්‍යාපාරිකයනුත් ගෙන්වනවා නම් අංග සම්පුර්ණ වෙනවා. (නි)
දුප්පත් අහිංසක මිනිස්සු බේරගන්න ඕනෑ නම් මුලින්ම ලොතරැයි තහනම් කරන්න. මේ කරන්න හදන්නේ කෝටිපතියෝ ටික බේරගන්න. (නි)
ගොඩක් දෙනෙකුට නොතේරුණාට කැසිනෝ වලට යොමුවීම කාලීන අවශ්‍යතාවක්. නමුත් අදාල පාලන තත්ත්ව යටතේ (නි)
ඔය කෑ ගහන අයමනේ ඉතින‍් කතිරේ ගැහුවේ. (නි)
අයියෝ ගණන් ගන්න එපා. මෙතන ඉන්න ඔක්කොම පැකර්ලා තමයි. (ස)
රටේ ගෞරවණීය පාර්ශවයන්ගේ පුර්ණ අාශිර්වාදය මැද්දේ,පිරිත් නුල්,සෙත් පිරිත් මැද්දේ රට මේ තැනට ගෙන අා සියලුම දේශප්‍රේමී නායකයන්ට අපේ උණුසුම් සුබ පැතුම්. (නි)
ලංකාවට දියුණු වෙන්න ඕන නම් ආයෝජකයෝ ඕනේ. ආයෝජකයෝ ගලන් එන්නේ මේ වගේ ආයෝජකයන්ගේ නම් මාධ්‍ය වල වැටුනම.... (ස)
අනේද කියන්නේ ලහිරු.......ලංකාවේ මස් කන එකයි, මත් ද්‍රව්‍ය, සිගරට්, මත්පැන් භාවිතය සම්පුර්ණයෙන්ම තුරන් වූ දවසට ජේම්ස් පැකර් යන්න කියමු හොඳඳ ? (ස)
කසිප්පු පෙරලා විකුණන සල්ලි වෙනත් රටකට ගලා යන්නේ නැහැ. කැසිනෝ සල්ලි මෙහේ තියනවාද, වෙන රටකට ගලනවාද? ප්‍රශ්ණය ඒක වුනත් සූදුව ධර්ම රාජ්‍යයකට හෝ චින්තනයට විරුද්ධයි. සූදුවට අනුබල දෙන ආගමක් ලංකාවේ තියනවා නම් එම ආගමිකයින්ට පමණක් මෙය විවෘත කරමු. (ස)
මේ අදහස් කියවන කොට දුක හිතෙනවා. ලංකාවේ මිනිස්සුන්ට තියෙන්නේ හරි පටු අදහස්. මම හිතන විදිහට අපි මේ ලංකාවේ මිනිස්සුන්ට මේ දේවල් කියාදෙන විදිහක් හදන්න ඕන. පෝයට බොන එක නවතාල මේ දේවල් වලට විරුද්ධ වුනානම් වටිනවා. (ස)
ලංකාවේ කැසිනෝ දාන්න දුන්නේ නැතිවූනොත් ඔහු වෙන රටකට යයි. සුදු කෙලිම යහතින් දිගටම සරුවට කෙරෙනු ඇත. අපේ රටේ මිනිස්සුන්ට ඔය කැසිනෝ හල් වලට වැද්ද නොගන්න එකේ, අපේ අයට මොකක්ද ඇති ගැටලුව. (ස)
ඔය අපේ රටේ ධනවත්ම ව්‍යාපාරිකයෝ වැඩි හරියකට කැසිනෝ දාන්න, බලපත්‍ර තියෙනවා. එහෙම එකේ ජේම්ස් පැකර් ට විතරක් අවලාද නැගීම මහා පිස්සුවක්. (ස)
ජේමිස් අයියගෙ හිනාව, සල්ලි ගිලින්නයි බැලූ බැල්මට පෙනෙන්නෙ. (ස)
අයි අයියෝ මේවා බලලා මගේ සෙරෙප්පුව අරන් මගේ ඔලුවටමයි ගහගන්න ඕනා. (ස)
මෙන්න මෙයාටයි රටට ඈතුල්වෙන්න නොදී අරින්න තිබුනේ චෑන්ල් ෆෝ එකාට නෙමෙයි(නදී)
අපේ දෙවියා, ලංකාවට සල්ලි ගෙන එන දෙවියා. (ස)
කැසිනෝ රජාත් සමුලුවට යන්න පුලුවන් අපි ගමේ ඉදන් කසිප්පු ටිකක් පෙරාගෙන බුරු ගේමක් ගැහුවොත් තමයි හැමෝටම අමාරු. නැති බැරි අය ඇති හැකි අය කරන රජයක් මේක.(නදී)
හරියට මෙතන අදහස් දමන්නේ බුරුවා ගහන මිනිහා ගිහින් කැසිනෝ ගහයි වගේනේ. කොළඹින් බැහැර ඕනෑ තැනක කැසිනෝ දැමීම වරදක් නොවේ. මේක හරියට කළොත් විශාල ආයෝජන අවස්ථාවක්.පිටරට වල සල්ලිකාරයෝ ගෙන්න ගන්න පුළුවන් (නි)
ගමේ රේස් බුකිය කමක් නැද්ද එතකොට (දී)
අපේ අයටත් කතාකරන්න ඕන මොනවද කියල වැටහීමක් නැහැ. කවුරුහරි මොනවාහරි කියනවානම් ඒඇති. සූදුව සාධාරණීකරනය කරනවා නොවෙයි. සූදුව ලොකු වුනත් පොඩි වුනත් එකයි. ගමේ බූරුවා ගැහුවත්, බුකි රේස් දැම්මත්, නගරයේ කැසිනෝ ගැහුවත් සූදුව සුදුව. ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ අය වලිගෙ පාගගන්න එකට. අපේ සමහර මිනිස්සු හිතාගෙන ඉන්නෙ කැසීනෝ පුරයක් දැම්මහම රටම විනාසයි කියල. තවත් අයකියනව රටට විශාල වාසියක් වෙනව කියලා. මේ දෙකටම එකඟ වෙන්න බැහැ. කැසිනෝ මධ්‍යස්ථානයක් දැමීමෙ අරමුන කලපයේ ධනවත් සූදුකරුවන් විශේෂයෙන්ම ඉන්දියාවෙ අය ඇදගැනීම. එන අය හිඟන්නො නෙවෙයි.අපිට හිතගන්නවත් බැරි ධනවත් ඒ අය. ඒකෙන් දුප්පත් රටෙජනතාවගෙ මුදල්නම් පිටරටට යන්නෙ නැහැ. අප කතකලයුත්තේ රටටම පිලිලයක් වෙලතියෙන අරක්කු, කසිප්පු, සිගරැට් රේස් බුකි නවත්වන එකයි. (දී)
අපේ කට්ටිය මල ගෙවල් වල බූරු ගහනවා කසිප්ප්පු බොනවා. ඉතින් කැසිනෝ ගැහුවට මොකද වෙන්නේ. ඔය කියන කැසිනෝ එක ගහන්න අපේ ගම්වල කට්ටිය නම් යන්නේ නැති එක ෂුවර්. පාකර් කියයන්නේ ඕස්ට්‍රේලියා ආර්ථිකේ පාලනය කරන කෙනෙක්. අපිට අපේ හතුරන්ට මූණ දෙන්න ටෝනි ඇබොට් කොච්චර උදව් කරනවද. පැකර්ගේ ක්‍රවුන් කැසිනෝ එක මෙල්බර්න් වල අයිකන් එකක්. ඉස්සල්ල බූරු ගහන එක නවත්තල ස්ත්‍රී දූෂණ නවත්තල කැසිනෝ එකට බනිමු. (නදී)
මට හිතෙනවා දිග හොම්බට දෙකක් අනින්න. .කාලිනයි කියපු කෙනාටත් එක්ක.(නදී)
අපි දැන් යස්න්නේ තායිලන්තය කරා. බල්ලෝ මරල හරි හම්බකරාම ඇති. මේ කියන්නේ නීල් වගේ මුග්ද අදහස් තියෙන අයට.(නදී)
මොන කුණුහරපෙන් හරි කමක් නෑ රටට ඩොලර් තමා ඔනී ! (දී)
ජයතිලක යන එන රේස් බුකි, ගණිකා මඩම්වල විස්තර දුන්නොත් සොයා බලන්න පුළුවන්. (නි)
හොද හෝ නරක වේවා මිනීමරු ප්‍රභාකරන්ටත් ප්‍රතිපත්තියක් කියලා දෙයක් තිබුනා. (නි)
ටිකිරි බණ්ඩා, 4 සහ 6 වෙනි ඡායාරූප වල ඉන්න කට්ටිය නම් අපි අදුරන්නේ නැහැ. සමහර විට ඔහේගේ නෑදෑයෝ කට්ටියක් වෙන්න ඇති. (නි)
ඔබත් රජෙකි පුතුනේ. එහෙම නේද? (නි)
ඉන්දියාව පමණක් නෙමෙයි, අපේ විපක්ෂයටත් කොන්දක් කියලා එකක් තියෙනවා නම් මේ සංදර්ශනය වර්ජනය කළ යුතුයි. මේසා විශාල ධනස්කන්දයක් මේ වෙනුවෙන් කාබාසිනියා කරලා මේ වියදම් කරන්නේ කාගේවත් මුදල් නෙමෙයි. අසරණ මිනිසුන්ගෙන් ගසා කන බදු මුදල්. ඒ නිසා ජෙනරාල් සරත් ෆොන්සේකා ඔය සැණකෙළිය වර්ජනය කරන්න තීරණය කරලා තියෙන්නේ. (නි)
ඔය කෑහගපු කට්ටිය කට වහගෙන ඉඳි නේද?? (ස)
ටිකිරි බණ්ඩාට වලිගෙ පෑගිලා. ඇයි කතා කරන්නේ නැත්තේ? දැනට තියෙන කැසිනෝ ගැන, ගණිකා මඩම් ගැන, රේස් බුකි ගැන, තැබෑරුම් ගැන,...? ඔය බයිලා කියනවා වගේ ඒ ගැනත් බයිලා කියන්නකෝ. අදහස් පල කරන්න කලින් බුද්ධිමත්ව සාධාරණව හිතන්න. තමන්ගේ පුද්ගලික දේශපාලන කෝණ වලින් මේ දිහා බලන්න එපා. (නි)
ඇයි මේ බොරුවට කෑගහන්නේ? හැම දිස්ත්‍රික්කයකටම කැසිනෝ කලාපයකුත්, තුරග තරග පිටියකුත්, ගොල්ෆ් සහ ටෙනිස් තරග පිටිත් ලබාදෙන්න (නි)
අනේ අපිව බේරගන්න කවුරුත් නැද්දෝ? (නි)
කිලෝමීටර් ගණන් පෝලිමේ ඉදලා ධාතු ප්‍රදර්ශන බලල ජන වරම දුන් අපේ උපාසක අම්මලා තාත්තලට නම් කන්න නැතුව හරි සැනසිල්ලේ අැස්පියා ගන්න පුළුවන් වේවී රට වෙනුවෙන් එඩිතර පියවරක් තැබුවා කියලා. (නි)
මෝඩ මිනිස්සු හරියට කතා කරන්නේ මීට කලින් ලංකාවේ කැසිනෝ ලංකාවේ නොතිබිලා, හෙට ඉදලා කැසිනෝ ගේනවා වගේ. අමතක කරන්න එපා,කැසිනෝ රජ පැටවු ලංකාවේ ඉන්නවා (නි)
ඕක කොළඹ කොටුවේම දාගන්න හදන්නේ මොකක් හරි විශේෂ හේතුවකටද? කොළඹ කොටුවේ දාන්නෙ නැතුව ඔය පාසිකුඩා නිලාවේලි පොතුවිල් වගේ සංචාරක පුරවරයක දාන්න බැරිද ? නැත්නම් හදිස්සියකට රට එන්න කෝච්චියටවත් එන්න විදියක් නැතුව යනවා. පුලුවන් නම් මේ අදහස අපේ රටේ අයිතිකාරයෝ කියලා හිතාගෙන ඉන්න අයට කියන්න. (නි)
ගුවන් තොටුපලේදී මෙයාව නවත්ත ගත්තේ නැත්තේ ඇයි? නියම දේශප්‍රේමීන්ගෙන් බේරිලා මෙහෙම කෙනෙක් එන්න විදිහක් නැහැනේ. (නි)
ඇයි කැසිනෝ අලුත් දෙයක් නෙමෙයිනේ. දැනටත් බම්බලපිටිය, කොල්ලුපිටිය පාර අයිනෙම තියෙන්නේ. ඒ වුණාට රටේ මිනිසුන් යනවා නම් ඩොලර් 150ක් ගන්නවා. පිට අයට නොමිලේ.තේරුම්ගන්න මොකක්ද වෙන්නේ කියලා. බුද්ධිමත්ව හිතන්න (නි)
කෝ අර අහවල් සේනාව? (නි)
කැසිනෝ ගහලා දිනන සහ පරාජය වෙන ව්‍යාපාරිකයන්ට කාන්තාවන් මාර්ගයෙන් රටට හොද විදේශ විනිමයක් ලබා ගන්න පුළුවන්.දැන් ඉතින් රටේ එන්න ගැහැණු ටික වෙන රටවල වහල්ලු වශයෙන් යවන්න ඕනෑ නැහැනේ.ඒකම අපි ලැබූ ජයග්‍රහණයක්. (නි)
පළමුවත් මගේ මවුරට,දෙවනුවත් මගේ මවුරට, තෙවනුවත් මගේ මවුරට.... (නි)