කසිප්පු ප්‍රවාහනය කළ ත්‍රිරෝද රියක් නඩු භාණ්ඩ ලෙස උසාවියට ඉදිරිපත් නොකිරීමට රුපියල් ලක්ෂයක් ඉල්ලා ඒ වෙනුවට රුපියල් දහඅට දහසක් හා රන් මාලයක් අල්ලස් ගත්තැයි කළුතර කොට්ඨාස දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ද කොස්තාපල්වරු දෙදෙනෙක් ද මතුගම වැඩ බලන මහේස්ත්‍රාත් සුසන්ත ජයසිංහ මහතා විසින් 14 දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ. උප පොලිස් පරීක්ෂක චමික අරවින්ද, කොස්තාපල්වරු වන සුනිල් රංජිත් සහ දිමුතු ඔවුහුය.
සැකකරුවන් ආරක්ෂා සහිතව විශේෂ සිර මැදිරියක රඳවන ලෙසත්, රෝගී තත්ත්වයේ සිටින උප පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයකු බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කෙළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ කියන්නේ මේ ගොල්ලන්ට වැඩක් වැරදුනු ගමන් අසනීප වෙන එකනේ. ඊට කලින්නම් ඉහෙන් බහින රෝග ලක්ෂනයක්වත් නැහැ නේ.(නදී)
උඩයි,මැදයි,යටයි ,තුන් පැත්තෙන්ම දුෂණය. රට යන ක්‍රමය අන්තිමයි. පොලිස් ඇදුම ගලවලා හිගා කෑවා නම් ඊට වඩා නම්බුයි.(නදී)
ජීවත් වීමට නිසියාකාර වැටුපක් නොලැබීම නිසා රජයේ උසස් නිලදාරීන් සිට සුලුසේවකයා දක්වා ,නොයෙක් ක්‍රම වලින් අල්ලස් ලබාගනී.රටේ ඕනෑම ජඩ වැඩක් කර ගැලවීමේ එකම මාර්ගයත් අල්ලස. (දී)
හරිම කණගාටුයි (නි)
මේ දෙන්නට දැන් හොඳටම උණ කියලා මටත් හිතාගන්න පුළුවන්. අනික් එක්කෙනාටත් මේ වන විට උණ බෝවෙලා ඇති (නි)
ආරියසේන, ඔබේ අදහස හරිද? කෝටි ගණන් වැටුප් ලැබූ, ඔච්චර දියුණු ජපන් රටේ අගමැතිවරු දෙදෙනෙක් පගා චෝදනා උඩ ඉල්ලා අස්වුණා. සියලු වරප්‍රසාද බුක්ති විඳින ඇමතිවරු (අපේ රටේ නෙමෙයි, පිටරටවල) පගාව අරාගන අහුවුණා කියලා නිතර පුවත්පත්වල පළවෙනවා. කොච්චර පඩි වැඩිවුණත් ආරි, 'ලුණු බිකත් බඩටනේ'. (නි)
මේ පාලන සමයේදී තරම් පොලිසිවල හා හමුදාවල අය කවරදාකවත් අපරාධ වලට පෙළඹුනේ නැහැ. ඉහළින් සදාචාරය ගිලිහී යනකොට පහළ අය ළඟ ඕවා රැඳේද කියා කිසිම සහතිකයක් නැහැ. (නි)