කල්පිටියේ දී කැස්බෑ මස් කිලෝ 11ක් හා බිත්තර 424ක් ද සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කැස්බෑවා මුහුදේ දී මරා මස් සහ බිත්තර බෝට්ටුවකින් ගොඩට ගෙන එමින් සිටිය දී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර දුර්ලභ දාර කැස්බෑවකු කොස්ගොඩ මුහුදු තීරණයේ මැරී සිටි බව ධීවරයෝ කියති.
මීටර් තුනකට වඩා දිගැති දාර කැස්බෑවා දැල්වල පැටලී මැරෙන්නට ඇතැයි අනුමාන කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිතිය ක්‍රියාත්මක කල යුතුයි අකුරටම ඒ අහිංසක සත්තු වෙනුවෙන් (දී)
සතා පවු. (ස)
මාළුවන් මරන්න යන ධිවරයා කැස්බැවා මරාගෙන ආවා. ඉතින් ඒකෙ තියෙන වරද මොකක්ද? කැස්බෑවගේ ජිවිතේ විතරද වටින්නේ? මාළුවා කියන්නේ ජිවිතයක් නොවෙයිද? . එක කට්ටියක් උරු මස් එපාලු. තව කට්ටියක් හරක් මස් එපාලු. තව කට්ටියක් ලෝකේ ජිවත්වෙන හැම සතෙක්ම කනවා. තව කට්ටියක් සම්පුර්ණයෙන්ම සත්ව ආහාරයෙන් තොරව ජිවත් වෙනවා. මේ ඔක්කොම ලෙඩවෙනවා,දුක්වෙනවා,අන්දනවා, මැරෙනවා. යතාර්ථය අවබෝද කරගෙන තමන්ගේ මෙලොව,එලොව දෙකම යහපත් කර ගන්න මිනිසාට මොලයක් තියෙනවා..(අ)
ප්‍රදීප්,ඔයාලට ඕක මතක් උනේ බුදුන් වහන්සේ ඉපදී අවුරුදු 2500 කට පස්සේද?මීට කලින් මේක බෞද්ධ රටක්වෙවෙයිද?ලෝකයේ කොයි කාලෙද මස් මාංස වලින් වැලකී හිටියේ(දිල්)
අනේ මන්දා මේවට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියලා තේරෙන්නෑ (දිල්)
මේ සිංහල රටේ සත්ත්ව ඝාතනය අවම කරන්න හෝ නැති කරන්න ඕනෑ (නි)
කැස්බෑවො මැරුවම අවුරුදු පහළොවකට විතර හිරේ යවනවා(දිල්)
සත්ව ඝාතනය සිංහල බෞද්ධ දේශය තුල නවතනු! (නි)
රසාද්, සත්ව හිංසාව බලාගන්න තිබුන හොදම දවස දැන් ගෙවිලා (නි)
රවී,සිංහලයෙක්ද නෙත්නම් දෙමලද?නම නිසා ඔහොම ඇහුවේ ,පිටරටවල ඔයවගේ මේරීමට තහනම් සත්තු මැරුව කියල අහුඋනොත් ,කෙලින්ම හිරේ නෙත්නම් විශාල ගණනක් දඩ ගෙවිය යුතුයි , සුළු ජාතිය,මහා ජාතිය කියල වෙනස බලන්නේ මේ ලංකාවේ විතරයි ,රළද් කියපු එක හරි. (දී)
කොයි ලොව යන්නෙ මරනින් මත්තෙ... පින් පව් එනවා අපි පසු පස්සෙ..... (ස)
මාළුවන් මරන්න යන ධිවරයා කැස්බැවා මරාගෙන ආවා. ඉතින් ඒකෙ තියෙන වරද මොකක්ද? කැස්බෑවගේ ජිවිතේ විතරද වටින්නේ? මාළුවා කියන්නේ ජිවිතයක් නොවෙයිද? මේක මොන යකාගේ නීතියක් ද මන්දා. එක කට්ටියක් උරු මස් එපාලු. තව කට්ටියක් හරක් මස් එපාලු. තව කට්ටියක් ලෝකේ ජිවත්වෙන හැම සතෙක්ම කනවා. තව කට්ටියක් සම්පුර්ණයෙන්ම සත්ව ආහාරයෙන් තොරව ජිවත් වෙනවා. මේ ඔක්කොම ලෙඩවෙනවා,දුක්වෙනවා,අන්දනවා, මැරෙනවා. යතාර්ථය අවබෝද කරගෙන තමන්ගේ මෙලොව,එලොව දෙකම යහපත් කර ගන්න මිනිසාට මොලයක් තියෙනවා..(නදී)
දාර කැස්බෑවෝ කියලත් ජාතියක් ඉන්නවද ?(නදී)
මේ සතුන් රතු දත්ත පොතට ඇතුළත් වුණ සත්තු නේද? පවු! (නි)
නීති පද්ධතිය දුර්වල වැඩියි. ලෙහෙසියෙන් ගැළවෙන්න පුළුවන්. (නි)
කොතන කලත් වැරැද්ද එකමයි..ඒ වගේම දඩුවමත් ඒ සමඟම එනවා. (ස)
ජීවත්වෙලා මහ සමුදරෙ රැල්ල මැදින්.. බේරී මිනී මෝරූ තල්මසුන් කටින්.. වෙරලක් සොයා පීනා බිජුලන විලසින්.. එන කැස්බාව මරනා මිනිසා තිරිසන්... (ස)
රසාද්, ඔයගොල්ලෝ මහ ජාතිය උන රටවලත් වෙන්නේ ඕකමනේ. හිර ගෙවල් කඩාගෙන අරගෙන යන්නේ. (ස)
හෙට වෙන කොට නිදහස් කරයි. සුළු ජාතියක් නම් ඒ ගොල්ලෝ ගොරවයි ? එහෙමනේ අල්ලන හුඟ දෙනෙක් අපරාධ කාරයන්ට වෙන්නේ? ලංකාවේ වෙන සත්ව හිංසාව ශාපයක් වෙනවා වැඩි කල් නොයා. (ස)
රැක ගන්න ඕනේ සත්තු.නමුත් මිනිසුන්ටත් ජීවත් වෙන්න අමාරු පරිසරයක මේක අමුතු දෙයක් නොවේ. (ස)