IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


කෙසෙල් හොරා කැනෙන් දැනේ

පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේ  කෙසෙල් කැනක් කපා ගත් බව කියන පුද්ලගයකු  කෙසෙල් කැනද සමග අල්ලාගත් ප්‍රදේශවාසීහු ඔහු   මහ පාර අයිනේ විදුලි කණුවක  බැඳ සිටිනු අද සවස  දැකගත හැකි විය

.

 



අදහස් (0)

කෙසෙල් හොරා කැනෙන් දැනේ

අජිත් කරුණාරත්න Monday, 06 January 2014 08:55 AM

කෙසෙල් කැන අයිතිකරුට මේ හොරකම ගැන තරහ ඇති. ඒක එහෙම උනත් මේ වගේ තුට්ටු දෙකේ දඬුවම් පමුණුවන්නේ අහල පහල උදවිය නේ. ඒගොල්ලන්ට මේක මහා ලොකු වැඩක්. මේ කොලු ගැටයා මේ වගේ හොරකමකට යොමු උනේ ඇයි කියල හොයල බැලුවොත් සමහර විට මීට වඩා සංවේදී කතාවක් එලි දකින්නත් පුළුවන් නොවෙයි කියල හිතන්න බැහැ නේද ? (නදී)

:       0       0

මුණසිංහ Monday, 06 January 2014 08:55 AM

මේකේ කිසි වැරැද්දක් නැහැ. වැරදිකරුවන්ට ගමේ මිනිස්සු හරි දඩුවම් දෙන්න ඕනා. මේකට පොලිසියෙන් දඩුවම් දෙයිද? (නදී)

:       0       0

මංගලී ෆොන්සේකා Monday, 06 January 2014 04:27 PM

ඔව් මෙතන හේතු දෙකක් තියෙනවා .ගස් බදින එක වැරදි .මොකද රටේ නීතියක් තියෙන්නේ ඕනි .එත් එක අපේ රටේ නැති නිසා මෙහෙම වෙනවා .(දිල්)

:       0       0

ධම්ම Sunday, 05 January 2014 06:04 PM

කොහොම වුණත් මිනිසුන්ම මෙහෙම කරන එක හොඳ නෑ. (ත)

:       0       0

ගයාන් Sunday, 05 January 2014 06:04 PM

මෙහෙම කරන්න ඕනි තවත් ලොකු ලොකු හොරු ගොඩක් ඉන්නවා.. (ත)

:       0       0

නිරාන් Sunday, 05 January 2014 06:07 PM

මා පිළිගන්නවා මෙය හොරකමක් බව. නමුත් මෙවැනි දඩුවම් වලින් අපට නොසිතන විදියේ අපරාධකරුවන් බිහිවීමට පුළුවන. (ත)

:       0       0

නිශාන්ත Sunday, 05 January 2014 06:15 PM

අනුන්ගේ දේවල් හොරකම් කරන එක වැරදි වැඩක් තමයි. ඒත් මේ මනුස්සයා මේ විදියට බැඳලා තියෙන එක හොඳ මදි. (ත)

:       0       0

අමිල කටුනායක Sunday, 05 January 2014 06:15 PM

පව් කියන්නත් හිතෙනවා. මොනවා වුණත් හොරකම නම් හොඳ නෑ. (ත)

:       0       0

අනුර Sunday, 05 January 2014 06:18 PM

දුප්පතා නෙවෙයි ලොකු ලොකු අයයි මෙහෙම බදින්න තියෙන්නේ. (ත)

:       0       0

චාමික Monday, 06 January 2014 09:09 AM

මම නම් සොරකම අනුමත කරන්නේ නැහැ. නමුත් නීති ප්‍රකාරවයි දඩුවම් ලැබිය යුත්තේ. මම බෞද්ධයෙක් වුනත්, මේ හා සමාන දේකට ක්‍රිස්තු දහමෙන් දීඇති හොඳ පණිවුඩයක් මතක් කරන්නම්. මේ මනුස්සයා ගස් බදින්න සුදුසු කමක් තිබෙන්නේ කිසිම දාක කිසිම කෙනෙකුගේ කිසිම දෙයක් සොරකම් කර නොමැති අයෙකුටයි.(නදී)

:       0       0

මොහොමඩ් Sunday, 05 January 2014 06:21 PM

කොටි ගණන් කුඩු ගේන රටේ අහිංසක තරුණයෙක් අමානුෂික විදියට බැදලා. කෙහෙල්කැන වැඩිම වුණොත් රුපියල් 2000ක් වටී. එර ළමයාගේ ආත්මය? (ත)

:       0       0

චාමර Sunday, 05 January 2014 06:23 PM

මේ අහිංසකයා කෙසෙල් කනක් කපල තියෙන්නේ ජීවත් වෙන්න බැරි හින්ද. මේ රටේ කෝටි ගණන් වංචා කරන අයව කවුරුත් ගස් බඳින්න යනවද? කුඩු ව්‍යාපාර කරන අයව ගස් බඳින්න යනවද? (ත)

:       0       0

කමල් Sunday, 05 January 2014 06:36 PM

මේ වැඩේ වැරිදි. මේ මනුස්සය ගස් බදින්න තරම්ම පිරිහිලාද? සමාජ ක්‍රමයේ වැරැද්ද. (ත)

:       0       0

ගිහාන් වික්‍රමසිංහ Monday, 06 January 2014 09:40 AM

මේ මනුස්සයා කරලා තියෙන දෙය වැරදියි. ඒකේ කතා දෙකක් නැහැ. නමුත් දඬුවම් කරන්න ඕනා ක්‍රමය මේක නෙවෙයි. (නදී)

:       0       0

නුවන් Sunday, 05 January 2014 06:37 PM

ලොකු පුටුවල වැජඹෙන ලොක්කන්ට දඬුවම් දෙන්නෙ කවුද? (ත)

:       0       0

අසංග Monday, 06 January 2014 09:44 AM

කව්රුත් හොරකම් අනුමත කරන්නේ නෑ. මේ වගේ දඬුවමක් කරාම මේ මනුස්සය තවත් දරුණු වෙනවා. අද මහා පරිමාණයෙන් හොරකම් කරන පුද්ගලයන් නිදැල්ලේ හැසිරෙනවා. මෙවැනි දඬුවම් මම නම් කොහොමවත් අනුමත කරන්නේ නැහැ.(නදී)

:       0       0

ඔසන් සලාම් - කටාර් Sunday, 05 January 2014 06:41 PM

මෙවැනි දේවල් ආර්ථික පසුබිමත් එක්ක සිදුවන දෙයක් නිසා මෙසේ කණුවල බැඳ ප්‍රදර්ශනය කිරීම යහපත් වැඩක් නොවෙයි. (ත)

:       0       0

යසවතී Monday, 06 January 2014 09:45 AM

අර රෝද පුටුවේ ඉන්නේ අයියද ? (නදී)

:       0       0

දහම් Sunday, 05 January 2014 06:41 PM

අහිංසක පොඩි හොරුන් ගස් බඳින රටේ, කුඩු ව්‍යාපාරිකයන්, මිනීමරුවන්, වංචාකරුවන් නිදැල්ලේ. (ත)

:       0       0

සුනාල් Monday, 06 January 2014 09:46 AM

දඩුවම සැර වැඩියි. කෙසෙල් කැන ඕනෙ නම් රුපියල් 250 ක් වටියි. මේ මනුස්සයා දවසක් බැදලා තැබුවොත් රුපියල් 1000 කට වැඩ මේ මනුස්සයට පාඩු වෙනවා . ඒ පවුලේ අය දරුවෝ කන්නේ කොහොමද ? මම රුපියල් 250 ක් දෙන්නම් මේ මනුස්සයව නිදහස් කරනවා නම්.(නදී)

:       0       0

සදුනි Sunday, 05 January 2014 06:45 PM

මේ වැඩේ වැරිදි. මේ රටේ කෝටි ගණන් වංචා කරන අයවත් මෙහෙමෙ ගස් බදිනවද? (ත)

:       0       0

දාන් Monday, 06 January 2014 09:49 AM

කොයි කව්රුත් බෝධිසත්වයෝ වෙන්නේ තමුන්ට දෙයක් වෙනකම් විතරයි. තමුන්ට දෙයක් වුන දවසට කකුළුවාගේ ආදර්ශය තමයි.(නදී)

:       0       0

පාලි Sunday, 05 January 2014 06:47 PM

මේවගේ දසුන් දැක්කම හද කකියනවා. හොරකම් කළා තමයි. නමුත් මේ තරුණයෙක්නේ. අවවාද කර අතහැරියනම් ඉවරයිනේ. (ත)

:       0       0

අරුණ Sunday, 05 January 2014 06:47 PM

මෙයාම බැඳගත්තද දන්නේ නෑ. (ත)

:       0       0

ඉන්දික Monday, 06 January 2014 09:49 AM

චාමර, ජීවත් වෙන්න අමාරු හින්ද හොරකම් කරනවා කියන එක මම පිළිගන්නේ නැහැ. හොරු ගාව අපිට වැඩිය සල්ලි තියෙනවා. අනිත් එක මිනිස්සු මාසයක් තිස්සේ මහන්සි වෙලා හම්බ කරන එක එයා එක විනාඩියෙන් හොරෙන් ගන්නවා. මොන හේතුවට වත් හොරකම හොඳ නැහැ.(නදී)

:       0       0

කමල් Sunday, 05 January 2014 06:53 PM

කෙහෙල් ගහ වවල ආරක්ෂා කරලා කෙහෙල් කැන අරගෙන ඒකෙන් තමන්ගේ අරමුණක් හරි ඉටු කරගන්න හිටපු මනුස්සයට එක තප්පරෙන් එක නැති වුනහම දැනෙන කණගාටුව ගැන සමහරවිට දන්නේ නැතුව ඇති. (ත)

:       0       0

ඉන්දික Monday, 06 January 2014 09:52 AM

හේරත්-කොටවෙහෙර, ඔයාගේ ගෙදරට හොරු පැන්නොත්, ඔයා කරන්නේ පොලිසියට කියන එකද, හොරකම් කරන්න හේතුව හොයන එකද?(නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහගේ Tuesday, 07 January 2014 07:34 AM

කෙහෙල් කැන අර ඇමති තුමාගේ. ඉතින් දන්නවනේ දඬුවම මොකක්ද කියලා.(නදී)

:       0       0

මහේෂ් Sunday, 05 January 2014 06:54 PM

මේක වැරිදි (ත)

:       0       0

චමින්ද Sunday, 05 January 2014 06:56 PM

හැම දේකම දෙපැත්තක් ඇත. (ත)

:       0       0

ගාමිනී Sunday, 05 January 2014 06:57 PM

මෙවැනි දඬුවමක් මානුසික වශයෙන් අනුමත කරන්න බැහැ.දඬුවමක් දිය හැකි වන්නේ අධිකරණයකින් පමණි...මහා පරිමාණ කුඩු හොරු අල්ලනේ කවුද?(ත)

:       0       0

ඉන්දික Monday, 06 January 2014 09:59 AM

ගම් වල පොඩි පොඩි හොරකම් කරන අය ඕන තරම් ඉන්නවා. ඒගොල්ලෝ ඒවා කරන්නේ දුප්පත් කමට නෙවේ, කුඩු ගහන්න.(නදී)

:       0       0

දිලිප් Monday, 06 January 2014 09:59 AM

දුක් මහන්සිවෙලා හදලා ඒක හොරකම් කලාම මට නම් මෙයාව මරන්න හිතෙනවා. ඇයි මහන්සිවෙලා හම්බකරගන්න බැරි.(නදී)

:       0       0

ග්‍රේෂන් Sunday, 05 January 2014 07:16 PM

කිසිවෙකු උපතින් සොරෙකු නොවේ. මේ වගේ දඩුවම් දීමෙන් මෙම පුද්ගලයා අනාගතයේදී දරුණු අයෙකු විය හැක. මෙවැනි අමානුෂික දඩුවම් නොදී මෙමෙ තරුණයා යහ මගට ගැනීමට අවස්ථාවක් ලබා දීම සියල්ලන්ගේම යුතුකමයි. (ත)

:       0       0

අනුර Monday, 06 January 2014 10:01 AM

කුඩු කන්ටේනර් ගණන් ගෙන එන අයට වැඳ වැටෙනවා. අහිංසකයන්ට ප්‍රසිද්දියේ දඩුවම් දෙනවා. හිතන්න එපා ලොකු වැඩක් කලේ කියලා .ඕක වරදට වඩා ලොකු වැඩි දඬුවමක්.(නදී)

:       0       0

ජගත් Sunday, 05 January 2014 07:19 PM

දුප්පත් හොරෙක්. (ත)

:       0       0

කැන්ඩි විකි Monday, 06 January 2014 10:10 AM

හොරකමක් කළාට ඔය වගේ අශෝබන දඩුවම් දිය යුතු නැහැ. දඩුවම් දෙන්න ඕනේ නීතියට අනුකූලව. (නදී) .

:       0       0

සම්පත් Sunday, 05 January 2014 07:20 PM

දරුවන්ට කන්න දෙන්න හොරකන් කලාද කියල කවුද දන්නේ. දැකපුවාම තේරෙනවා දුප්පතෙක් කියා. (ත)

:       0       0

ශාන් Monday, 06 January 2014 10:10 AM

මමත් කෙසෙල් වගා කරන මිනිහෙක්. වගා කරන කෙනෙක් කෙසෙල් කැනක් ඔය තත්වෙට ගේන්නේ සැහෙන්න දුක් විඳලා වියදම් කරලා. නිකම් ඉබේ කෙසෙල් කැනක් ඔය තත්වෙට එන්නේ නැහැ. ඒ වගේ අමාරුවෙන් වගා කරපු දෙයක් හොරකම් කරගෙන ගියාම ඒකේ දුක තේරෙන්නේ ඒක වගා කරපු මිනිහට. එහෙම නැතුව හොරාව සාදාරණීය කරන්න හදන මේකේ ප්‍රතිචාර දාන මිනිස්සුන්ට නෙවේ. ඒ අයගේ වත්තෙත් හොරකමක් උණු දවසට ඒකේ වේදනාව ඒ අයට තේරෙයි.(නදී)

:       0       0

කාවින්ද Sunday, 05 January 2014 07:21 PM

කෙසෙල් කැනක් ගොඩක් වටිනා දෙයක් නෙවෙයි. කවරු උනත් කරපු වැඩේ හොරකමටත් වඩා පහත් (ත)

:       0       0

ජීවක Sunday, 05 January 2014 07:31 PM

මත් කුඩු හොරු කෝ? (ත)

:       0       0

එරන්ද Sunday, 05 January 2014 07:32 PM

මෙය අනුමත කළ නොහැකි දෙයක් (ත)

:       0       0

සුලෝචනා Monday, 06 January 2014 10:14 AM

මම නම් මේක අනුමත කරන්නේ නැහැ. කොහොම උනත් හොරකමක්නේ පොඩි දේවල් වලින් තමා ලොකු ලොකු හොරකම් කරන්නේ.(නදී)

:       0       0

ජාගුරු Monday, 06 January 2014 05:04 PM

මේ කොලුවට රස්සාවක් දීල හොඳ පුරවැසියෙක් කරන්න මේ පිළිතුරු ලියපු කට්ටිය එකතුවුනොත් බැරිද? තරුණයෝ විනාසවෙලා යන්න දෙන්න එපා. මෙයාගේ ආත්ම විශ්වාසය විනාස කලාම ඒක මුළු ජීවිතේටම බලපානවා. කරුණාව මත ගොඩනැගුණ අපේ සංස්කෘතිය තමන්ගේ මිනිස්සුන්ට වෙනස් කම් කරන්නේ ඇයි? මහා කැලෑවල ගස් පිටින් අරන්යනවා , ඒවාට දඬුවම් නැහැ? (දිල්)

:       0       0

සුජා Monday, 06 January 2014 10:14 AM

මෙය හොරකමක් නිසා දඩුවමක් දෙන්න. ඒත් මහ හොරු බදින්න ලංකාවේ තියෙන ගස් ටිකත් මදි වේවි නේද? (නදී)

:       0       0

හේරත්-කොටවෙහෙර Sunday, 05 January 2014 07:34 PM

මේ මනුස්සය හොරකම කරන්න හේතුව මොකක්ද කියල කවුරුත් හෙව්වේ නැද්ද? (ත)

:       0       0

ඡානක Monday, 06 January 2014 10:15 AM

බඩගින්නට පොල් ගෙඩියක් නැත්නම් කෙහෙල් කැනක් හොරකම් කලාම අල්ලනවා. ඒත් කුඩු හොරු පගා හොරු අල්ලන්නේ නැත්තේ ඇයි? (නදී)

:       0       0

නිරංජල. Sunday, 05 January 2014 07:38 PM

සිරකරුවෝ මරණය ඉල්ලා විරෝධතා දක්වන යුගයක්,දරුවන් සමග සියදිවි හානි කරගන්න යුගයක්,කාන්තාවෝ මංකොල්ල කෑමට පෙලඹුන යුගයක්. (ත)

:       0       0

ෂපීක් Monday, 06 January 2014 10:15 AM

හොරකම් කිරීම වරදක්. දඩුවම් කිරීම පොලිසියට බාරකරන්න තිබුනා.(නදී)

:       0       0

මනෝජ්-සාජා Sunday, 05 January 2014 07:39 PM

බැදලා තියන හැටියටනම් මේ පුද්ගලයාටම ලිහා ගන්න පුළුවන් වගේ .(ත)

:       0       0

කුමාර පතිරාජ - කුවෙට් Monday, 06 January 2014 10:16 AM

මෙයා ලංකාවෙ කියලා හොඳටම විශ්වාසද? අපේ රටට ගිය කලක්. සෝමාලියාවෙ, උගන්ඩාවෙ වගේ පෙනුමක්නේ තියෙන්නේ මේ අහිංසකයට.(නදී)

:       0       0

සනත් Sunday, 05 January 2014 07:48 PM

අහිංසක කොල්ලෙක් (ත)

:       0       0

ජස්මින් ඩැනියල් Monday, 06 January 2014 10:17 AM

පව් වැඩේ.(නදී)

:       0       0

සම්පත් Monday, 06 January 2014 10:17 AM

උස් තැන් දැක හැකිළෙන්නේ. මිටි තැන් දැක පුම්බන්නේ. (නදී)

:       0       0

අබේරත්න Sunday, 05 January 2014 07:57 PM

දුප්පත් තරුණයට රැකියාවක් ලබා දෙන්න විශාල පිනක් . (දී)

:       0       0

දයා අලහාකෝන් Monday, 06 January 2014 10:19 AM

දුප්පතාගේ දිවි ගමනේ එක් අවස්ථාවක්. දරුවෝ බඩගින්නේ ඇති ඒකාන්තයෙන්ම. (නදී)

:       0       0

දුෂාන් කටාර් සිට Monday, 06 January 2014 05:30 PM

මේ වගේ බඩගින්නට පොඩි පොඩි වැරදි කරන මිනින්සුන්ව ගස් බඳිනවා. ඒ උනාට මහා පරිමාණයෙන් වැරදි කරන මහදැන මුත්තලව මොකද මේ රටේ ජනතාවට ගස් බදින්න බැරි. නිතීය රකින උදවියම ලොකු ලොකු දේවල් කරණ කොට මොකද අපේ ජනතාව කට වහගෙන ඉන්නේ. එයාලව ගස් බදින්න පුළුවන්නේ මොකද කරන්නේ නැත්තේ ඒ උදවියට තියෙන බය නිසාද . ඒ මිනිහව ගස් බැන්දා කියලා මොනවද ලැබුනේ. කවදාවත් නිතීය අතට ගන්න එපා රටේ නිතීයක් තියෙනවා කව්රු වැරදී කරත් බය නැතිව නිතීය ඉදිරියට ගෙනියන්න මෙහෙම ගස් බදින්න එපා ඒක රටේ නිතීයට කැළලක්.(නදී)

:       0       0

රුවන් Sunday, 05 January 2014 08:03 PM

මේ වගේ අහින්සකයන්වනම් ගස් බදී (දී)

:       0       0

ඉලක් Tuesday, 07 January 2014 04:43 PM

රටෙ නීතියක් තියෙද්දී ගොඩ නීතිය හොද නැ මෙහෙම කරපු මිනිස්සුන්ට දඩුවම් දෙන්න ඕනේ (අ)

:       0       0

රණතුංග Sunday, 05 January 2014 08:05 PM

මට ලංකාවේ නිතිය ගැන මහත් කලකිරීමක් ඇති උනා (දී)

:       0       0

රජිත් ඉතාලි Sunday, 05 January 2014 08:06 PM

නීතිය? (දී)

:       0       0

වසන්ත Sunday, 05 January 2014 08:09 PM

අන්න තියෙනවා කාලෙකට පස්සේ නිතිය අකුරටම ක්‍රියාත්මක කරන්න වැඩක් හම්බවෙලා (දී)

:       0       0

වජිර Sunday, 05 January 2014 08:09 PM

කුඩු විකුණන මිනිස්සු යන්නේ කොටි ගණන් වල වාහන වල මේ මිනිහා රු 500වත් වටින්නේ නැති කෙහෙල් මලක් කපලා තියෙන්නේ මොකද්ද නීතියේ තියෙන සමානාත්මතාවය (දී)

:       0       0

මානෙල් Monday, 06 January 2014 10:32 AM

මෙයා කුඩු කාරයෙක් නෙමේ නම් යන්න ඇරලා මීට වැඩිය ලොකු කුඩු මුදලාලි කෙනෙක්ව හරි මහජන දේපොළ කොල්ල කන කෙනෙක්ව ගස් බදින්න මම ලනුවක් දෙන්නම්.(නදී)

:       0       0

විජේතිලක Monday, 06 January 2014 10:33 AM

මෙම පුද්ගලයාට මෙසේ කිරීම කිසිසේත් අනුමත කල නොහැකි දෙයක්.(නදී)

:       0       0

දමිත් Sunday, 05 January 2014 08:21 PM

අහිංසක මිනිස්සුන්ට උඩු කරන්න ජීවිතය ගොඩනගා ගන්න (දී)

:       0       0

නිහාල් ජෙනෝවා Sunday, 05 January 2014 08:27 PM

මේකට අදහස් දැක්වපු අය දිහා බැලුවම මට මෙහම හිතෙනවා....... අදහස් වලින් අප අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ ? (දී)

:       0       0

චින්තක Tuesday, 07 January 2014 09:15 AM

මේ මනුස්සයව මෙලෙස බැඳපු අයව රිමාන්ඩ් කර නඩු දැමිය හැකියි. (නදී)

:       0       0

චාන්දනී Friday, 10 January 2014 11:16 AM

වැරුද්දක් කලා කියල ඔය විදියට දඩුවම් දෙන්න පුළුවන්නම් අපේ රටට පොලීසි උසාවි අවශ්‍ය නැහැනේ. කෙසෙල් කැන් අයිතිකාරයා අර ඇමතිගේ ඥාතියෙක්ද? (නදී)

:       0       0

සිල්වා Monday, 06 January 2014 10:40 AM

අසරණයින් විතරයි ගස් බඳින්නේ. ලොකු හොරුන්ට කව්රුත් මොකුත් කරන්නේ නැහැ.(නදී)

:       0       0

කපිල Monday, 06 January 2014 10:41 AM

මිනි මරුවන්, ස්ත්‍රී දුෂකයින්, කුඩුකාරයන් රට පුර නිදැල්ලේ සිටින යුගයක මෙවැනි දෙයකට දඩුවහ් දෙන්න එකතු උනා වගේ ලොකු හොරුන්ටත් දඩුවම් දෙන්න එකතු උනොත් නේද හොද. (නදී)

:       0       0

චාන්දනී Friday, 10 January 2014 11:20 AM

අනේ පවු ලිහලා යවන්න.(නදී)

:       0       0

ටිකිරි බංඩා Monday, 06 January 2014 10:41 AM

කෙසෙල් කැනක් වටින්නේ කීයද? ඒත් කොටි ගනන් ජරාව කන අයට දෙන දඩුවම මොකක්ද?  (නදී)

:       0       0

එරංග Tuesday, 07 January 2014 09:26 AM

මේ ඔක්කොම වැරදියි. නමුත් මේ දේ කරන්නත් එයාට හේතුවක් ඇති. ඒකට විසදුමක් දීල මේක තේරුම් කරලා එයාට ආපහු එහෙම නැතුව ජිවත් වෙන්න ජොබ් එකක් දෙන්න කැමති කවුද ? (නදී)

:       0       0

දිස්ස Sunday, 05 January 2014 08:37 PM

අපේ රටේ මහජන දේපල , පුරාවස්තු , ජාතික ධනය හොරා කන අයට මෙහෙම වෙන්නේ නැත්තේ ඇයි? පහත් තැනින් යයි ගලා ජලේ .(ත)

:       0       0

ජයරත්න කොරතොටගේ Sunday, 05 January 2014 08:53 PM

මෙය මා අනුමත නොකරමි. (ත)

:       0       0

අක්ෂි Sunday, 05 January 2014 09:00 PM

මෙහෙම නෙමේ මිනිස්සුන්ව වරදින් මුදවන්නේ. හේතුව හොයලා වැඩ කරන්න ඕනේ. (ත)

:       0       0

කපිල Monday, 06 January 2014 11:04 AM

කෙසෙල් හොරකමට මෙහෙම දඩුවමක් මේක අසරණ කමට කරපු දෙයක් වෙන්න පුළුවන්.(නදී)

:       0       0

අමිල Sunday, 05 January 2014 09:01 PM

ජනතාවට ජීවත් වෙන්න හරිම අමාරුයි (ත)

:       0       0

උපාලි Sunday, 05 January 2014 09:02 PM

උස් තැන දැක හැකිලෙන්නේ , මිටි තැන් දැක පුප්පන්නේ, නිවටුන් මය සිතමින්නේ, මගේ පුතා නිදියන්නේ. (ත)

:       0       0

ප්‍රසා Monday, 06 January 2014 11:07 AM

මේකෙන් පේන්නේ රටේ තියන බඩු මිළෙහි වැඩි කමයි. පුංචි මිනිහට තමයි හැම දෙයක්ම.(නදී)

:       0       0

ජයා Sunday, 05 January 2014 09:03 PM

ලොකු හොරුන්ට මොකද කරන්නේ? (ත)

:       0       0

අරවින්ද Monday, 06 January 2014 11:08 AM

මේ මනුස්සයාගේ ආත්ම ගරුත්වය බින්දුවට දාලා නේද? (නදී)

:       0       0

සත්‍යයා Monday, 06 January 2014 06:21 PM

සමෘධි නියමක තමාවම ගහේ බැඳ ගත්ත වගේ මෙයත් ස්ව කැමැත්තෙන් වගේ කණුවට බැඳිලා ඉන්නේ. (නදී)

:       0       0

නිශාන්ත මාගම්මන Monday, 06 January 2014 11:09 AM

ඔහොම කරපුවම හරිද ? (නදී)

:       0       0

ජිලෝ Sunday, 05 January 2014 09:06 PM

ගස් බැන්ද කෙනා පල් හොරෙක් .බදින්න අන කරපු කෙනා ලෝක හොරෙක්. (දී)

:       0       0

උදය Sunday, 05 January 2014 09:14 PM

කෙසෙල් මලක උපරිම මිල කියද (දී)

:       0       0

නජීමි Sunday, 05 January 2014 09:14 PM

හොරකම වැරදි උවත් මෙවැනි පහත් දඩුවමි මුස්ලිමිවරුන් ලෙස අපි තරයේ හෙලා දකිමු. (දී)

:       0       0

කුසල් Monday, 06 January 2014 11:18 AM

මෙහෙම ඉන්නකොට මේ මනුස්සයට මොනවා හිතෙනවා ඇත්ද? (නදී)

:       0       0

සිසිල් Sunday, 05 January 2014 09:18 PM

එතකොට ඔය කුඩු ගෙන්වන, මිනි මරන , දුෂණ ළමා අපචාර වංචා කරන ලොකුඅයව බදින්නේ මොකේද? (දී)

:       0       0

සදුනි Sunday, 05 January 2014 09:24 PM

හොදයි එතකොට කුඩු කන්ටේනර් පිටින් පන්නන්න හදන අයට මොකද්ද කරන්නේ. (දී)

:       0       0

කුමාරසිරි Monday, 06 January 2014 06:31 PM

හරියට කල්පනා කලොත් කෙසෙල් කැණ වගේ දහස් ගුණයක වන්දියක් ගන්න පුළුවන් හොරාට මුලික මිනිස් අයිතිවාසිකම් අපහාසයට ලක් කිරීම නිසා.(නදී)

:       0       0

සලීම් Sunday, 05 January 2014 09:35 PM

මේක පුද්ගලික කෝන්තරයක් පිරිමහන්ට කරපු වැඩක් (ත)

:       0       0

සුරංග Sunday, 05 January 2014 09:35 PM

ලංකාවට කුඩු ගෙන්වන අයවත් බැන්දනම් හරිනේ. (ත)

:       0       0

ඉන්දික Monday, 06 January 2014 11:31 AM

මේ මනුස්සයා කළේ වැරැද්දක් තමයි. ඒත් මෙහෙම කළ එක හොඳ නැහැ නේද? (නදී)

:       0       0

පැතුම් මංජු ශ්‍රී Sunday, 05 January 2014 09:38 PM

මොහු සමාජය ගැන වෛරයක් ඇති වුණොත් ඊට වැඩි දෙයක් වේවි. (ත)

:       0       0

අමිල අතාවුද Monday, 06 January 2014 11:33 AM

මේ විදියට දඩුවම් කරන එක හොද දෙයක් නෙමේ. නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසිය, උසාවිය මොකටද? දරුවනට වැරදි අවබෝධයක් ලබා දෙන්නේ මේ වගේ වැඩ වලින්. (නදී)

:       0       0

තුෂාර කුවේට් Sunday, 05 January 2014 09:43 PM

මේවා තිරිසන් වැඩ පොඩි මිනිහෙක් නිසා මෙහෙම කරවී ලොකු ලොක්කෝ කරන ඒවාට කව්ද කේන්ති ගන්නේ (දී)

:       0       0

කරූ Monday, 06 January 2014 11:33 AM

ඉතාම අසාධාරණයි. මේ මනුස්සයා මේ වගෙ දෙයක් කරන්න පෙළඹුනේ ඇයි කියලා හොයලා බලලා ඊට පස්සේ ක්‍රියා මාර්ගයක් ගන්න මේ මිනිස්සුන්ට තිබුනා. මොකද මේ රටේ මීට වඩා කම්බා හොරු හොඳ සැප සම්පත් විඳිමින් ඉන්නවා.(නදී)

:       0       0

අකුරා Tuesday, 07 January 2014 09:59 AM

වැඩේ වැරදියි තමයි. ඒත් මෙහෙම කළ එක හොඳ නැහැ නේද? (නදී)

:       0       0

රොෂාන් Sunday, 05 January 2014 09:46 PM

මොකද මුණ වහල දැම්මේ? (දී)

:       0       0

සත්‍යයා Monday, 06 January 2014 11:46 AM

බොහෝ දෙනෙක් ඉතාමත් සංවේදීව ප්‍රතිචාර දක්වා තිබීම සමාජ පරිහානියේ තරම පැහැදිලි කරනවා. වරක් මිනිසෙක්ව ගස් බැඳලා දුන්න ආදර්ශය තමයි ඔය තකතීරු ගම්මුන් එකතුවෙලා පෙන්නා දීල තියෙන්නේ. දැනට වසර 5 කට පමණ උඩදී පානදුරේම වයස 65ක පුද්ගලයෙක් කෙහෙල් කැනක් හොරෙන් කපා ගත්තා කියල පොලිසියෙන් ගහලම මැරුණා. පොලිසියටත් ලැජ්ජාවක් නැහැ ජනතාවටත් ලැජ්ජාවක් නැහැ.(නදී)

:       0       0

සරා Sunday, 05 January 2014 09:55 PM

මෙතනින් පෙනෙන්නේ කෙසෙල් කන අයිතිකාරයාගේ මනුසිකත්වයයි (දී)

:       0       0

මධු ෂෙරීනා Monday, 06 January 2014 07:20 PM

හොරකම වැරදියි තමයි. ඒත් නැතිබැරිකමට මෙහෙම දෙයක් කළාද දන්නේ නැහැ. පව් ඒ ගැන හොයලා බලලා අවවාද කළ නම් හරි.(නදී)

:       0       0

කාන්ති Sunday, 05 January 2014 10:02 PM

අනේ මේ අහිංසක මනුස්සයා (දී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 06 January 2014 11:52 AM

ගෙවල් බිඳින එකයි, මේ වගේ දේවල් හොරකම් කරන එකයි අතරේ ලොකු වෙනසක් තියෙනවා. මේ මිනිසා කෙසෙල් කැනක් හොරකම් කලේ ඉඩමක් මිලට ගන්නවත්, වාහනයක් මිලට ගන්නවත් වෙන්න බැහැ. සමහර විට වේල පිරිමහ ගන්න වෙන්න පුළුවනි. හොරකමේ හැටියටනේ අධිකරණය උනත් දඬුවම් නියම කරන්නේ. (නදී)

:       0       0

එම.එස්.රණවක. Sunday, 05 January 2014 10:08 PM

මෙයා කුඩු කාරයෙක් නෙමෙයි නම්, කෙසේල් කැනත් සමග කීයක් හෝ දීල යන්න අරින්න. (දී)

:       0       0

නිලම්දින් Sunday, 05 January 2014 10:10 PM

වැඩේ වැරදි .................. නමුත් දඬුවම දුන්නු ක්‍රමය වැරදි (දී)

:       0       0

රිස්වාන් ඩුබායි Sunday, 05 January 2014 10:10 PM

නියම වැඩේ, අපරාදේ කෙහෙල් කැන බෙල්ලේ එල්ලන්නයි තිබුනේ (දී)

:       0       0

රණසිංහ Monday, 06 January 2014 12:02 PM

පොඩි හොරෙක්ට මෙහෙම කරනවා නම් මීට වඩා හොරකමි කරන අයටත් ඒ වගේම දඩුවමි දෙන්න වටිනවා. ඉන්න අය උනන්දු උනොත් හොදයි. හොරකම ඉතින් ‍ලොකු පොඩි කියලා නෑ. එත් අනිත් හොරුන්ටත් මේ වගේම දඩුවම් දෙන්න ඕනේ නැත්නම් වැඩක් නෑ.(නදී)

:       0       0

විරාජ් Sunday, 05 January 2014 10:13 PM

මේ අහිංසකයෙක්.. නමුත් හොරකම හොද නැහැ (දී)

:       0       0

නීරෝ Sunday, 05 January 2014 10:15 PM

මහා හොරු ටික ගස් බදින්නේ කවදද (දී)

:       0       0

අජන්ත Sunday, 05 January 2014 10:17 PM

නිතිය අතට ගන්න හදන්න එපා (දී)

:       0       0

ඉන්දික Sunday, 12 January 2014 11:37 AM

විහිලු දකලා නැත්නම් මෙන්න තියෙනවා (දී)

:       0       0

තාරක Sunday, 05 January 2014 10:19 PM

කුඩු ලංකාවට එන්නේ කොහොමද කියලා හොයලා බලමුද පොඩ්ඩක් ඔය ගස් බැදපු කට්ටියටයි කියන්නේ (දී)

:       0       0

දීප්ති සංජය Monday, 06 January 2014 12:05 PM

අනිවාර්යෙන් මේ කෙසෙල් කැන ලොක්කෙක්ගේ වෙන්න ඇති.(නදී)

:       0       0

මලිත් චාමික Sunday, 05 January 2014 10:20 PM

මෙහෙම හොර කමක් කරන්නේ සල්ලි නැතිම කමට මිසක් වෙන දෙකට නෙමෙයි කියල මට නම් හිතෙන්නේ. නැත්නම් කෙසෙල් කැනකින් මොනවා කරන්නද.. (දී)

:       0       0

විජේ Sunday, 05 January 2014 10:21 PM

අනේ ඉතින් අර නවීන තාක්ෂනය යොදාගෙන මහා පරිමාණයෙන් නිදන් හාරන නිදන් හොරුන්ට මොකුත් දඩුවමක් නැත්ද ? (දී)

:       0       0

රොහාන් Monday, 06 January 2014 12:07 PM

මේ වගේ සුලු වැරැද්දකට හැමෝටම පෙනෙන්න දඩුවම් දීපු එක නම් වැරදියි.(නදී)

:       0       0

ඉන්ෆා 201 Sunday, 05 January 2014 10:21 PM

මේ මනුස්සයව ගස් බැන්දිම ඉතාමත් කැත, පහත් සහ නීති විරෝධි වැඩක්. නීතිය අතට ගෙන මෙම දේ කල අයව ඉතා ඉක්මනින් නීතිය හමුවට ගෙන ගොස් දඬුවම් කර ප්‍රසිද්ධ කළ යුතුයි. අප සමාජය එසේ කිරීමට ක්‍රියා නොකලහොත් අප අවට වෙසෙන අය, ඉතා සුළු වරදකටත් අපටද මෙම දේ කරනු ඇත. සුභ දවසක්! (දී)

:       0       0

ශිරෝමාලි ජයසිංහ Monday, 06 January 2014 12:17 PM

කෙසෙල් හොරකම අසරණ කමට කෙරුවද දන්නේ නැහැ. කොහොම උනත් අනුන්ගේ දේවල් හොරෙන් ගන්න එක හොද මදි. ගමේ ජනතාව මිට වඩා ටිකක් හිතන්න තිබුනා.(නදී)

:       0       0

චන්දික Monday, 06 January 2014 07:48 PM

මේ දේ මම අනුමත කරන්නේ නැහැ. මේ මනුස්සයා කලේ වරදක්. ඒත් පාරේ ගැට ගහපු එක වැරදියි. කව්රු උනත් මේ මනුස්සයාව පාරේ ගැට ගහපු එක තිරිසන් වැඩක්. අද රටේ ආර්ථික තත්ත්වෙත් එක්ක මිනිස්සු වැරදි දේ කරන්න පෙලබෙනවා වැඩියි. දරුවොන්ට කන්න දෙන්න විදිහක් නැති කමට කලාද දන්නේ නැහැ.(නදී)

:       0       0

රම්බණ්ඩා Monday, 06 January 2014 12:33 PM

මේක ඉතාම නින්දා සහගත වැඩක් (දිල්)

:       0       0

රාජ් Sunday, 05 January 2014 10:28 PM

මෙවා වෙන්නෙ මෑදපෙරදිග ලංකාවටත් බොවෙලාද? (දී)

:       0       0

දයානන්ද කුවෛට් Monday, 06 January 2014 12:33 PM

අපේ අය දඩුවම් දෙන්නේ ඔය වගේ අහිංසක අයට තමා ලොකු හොරුන්ට මොන දඩුවමක්වත්ක් නැ බඩගින්න නිවා ගන්න කරපු දෙයක් වෙන්න ඇති.(දිල්)

:       0       0

මේනක Sunday, 05 January 2014 10:30 PM

ලංකාවේ මෙහෙම තමයි අයි ඩෝන්ට් නො වයි (දී)

:       0       0

වින්දිකා Monday, 06 January 2014 12:34 PM

මේ මනුස්සයව මේ විදියට ගැට ගහපු කෙනා හිතනවා ඇති මහා ලොකු වීර ක්‍රියාවක් කලා කියලා.(දිල්)

:       0       0

කල්ප Sunday, 05 January 2014 10:34 PM

අහිංසක මිනිහෙක් ඔය වගේ හොර වැඩ කරන ලොකු ලොක්කොත් ගස් බදින්නකෝ (දී)

:       0       0

හමිඩ්හසන් Monday, 06 January 2014 12:46 PM

මේක වැරැදි ආදර්ශයක්. හොරකම් කිරීම වැරැදී නමුත් මෙහෙම කීරීමට අයිතියක් නෑනේ. පුංචි කෙනෙක් හොරකම් කළොත් ඔක්කොම දඩුවම් කරනවා (දිල්)

:       0       0

මේනක Sunday, 05 January 2014 10:50 PM

මේ මනුස්සයාට මොනවා හරි කන්න දීලා යන්න අරින්න. නැති බැරි කමටයි මෙහෙම කරන්නේ. (දී)

:       0       0

සමරනායක Sunday, 05 January 2014 11:02 PM

මහජනයගෙ සල්ලි කෝටි ගනන් හොරකම් කරන දේශපාලුවන්ට මහජනයා චන්දෙ දීල වැඳලා එනවා. කෙසෙල් හොරා ගස් බඳිනවා. බුද්ධිමත් ජනතාවක් ඉන්න රටක්නෙ මේක. (දී)

:       0       0

චතුර Sunday, 05 January 2014 11:05 PM

සොරකම නම් වැරදියි එත් දඩුවම් දුන්න විදිහේ තමයි වැරැද්ද තියෙන්නේ (දී)

:       0       0

පියල් වීරසිංහ Sunday, 05 January 2014 11:08 PM

මම මෙය කිසි සෙත් අනු මත නොකරමි .මෙම තරුණ ජිවිතයක් කෙහෙල් කැන වැඩිම උනොත් රු 500ක් විතර වටියි .අපේ අයට බැරිද ලංකාවේ මහජන මුදල් කබසිනය කරන .අල්ලස් ගන්න අපේ මැති ඇමති වරු ටිකක් ගස් බදින්න .අපේ ඡන්දේ අරන් අපිටම ඔරවන ...!!! (දී)

:       0       0

සමන්ත Sunday, 05 January 2014 11:18 PM

කනගාටු වෙනවා මේ පුවතට (දී)

:       0       0

කුමාර් Monday, 06 January 2014 01:45 PM

ඊලග පර ඡන්දෙ ඉල්ලාපන් පුතා. ඇමතිලා දෙන ආදර්ශ තමයි ජනතාවට.(නදී)

:       0       0

අරවින්ද Sunday, 05 January 2014 11:27 PM

ගහ වවපු මිනිහට අමාරු ඇති. එත් සමාජයේ කොන් වීම නිසා මේ මනුස්සය මීට වැඩ ලොකු වැරදි කරන්න පෙලෙබෙන්න පුළුවනි. (දී)

:       0       0

ප්‍රසන්න Sunday, 05 January 2014 11:27 PM

කවුද මේ නීතීය අතට ගෙන, නඩුවත් අහල දඬුවමත් නියම කරලා තියෙන්නේ ? මේ වගේ අයට පළමුවෙන් දඬුවම් කරන්න ඕනි. දැනටමත් මේ පොටෝ එක කොටින්ගේ අන්තර්ජාලවල ප්‍රසිද්ද කරලා ඇති මීට වඩා බෙහෙවින් වෙනස් කතාවක් එක්ක, ඔවුන්ගේ ප්‍රචාරක වැඩ වලට. (දී)

:       0       0

සේනක Monday, 06 January 2014 01:56 PM

කුඩු ගෙනාපු අයව හොයලා බදින්න. මේ අහිංසක කොල්ලට එහෙම කරන්න දෙන්න එපා.(නදී)

:       0       0

සමන් Monday, 06 January 2014 08:53 PM

සින්හක්ල කමට නිගරු කරන්න එපා. පව් අහිංසකයා .(දී)

:       0       0

නදීකා Wednesday, 08 January 2014 01:47 PM

ඔය මනුස්සයා හොද වැඩක් කලානම් අගය කරනවාද අපේ සමාජය (දී)

:       0       0

රොනී Sunday, 05 January 2014 11:38 PM

මෙම දුප්පත් මිනිසා කෙහෙල් කැන කැපුවේ තමන්ගේ දරුවන්ට වෙන්න පුළුවන් නමුත් මෙම අහින්සකයව මෙම තත්වයට දාපු දේශපලුවන්ව ලයිට් කණුවේ උඩ බැඳලා කරන්ට් වද්දවන්න. (දී)

:       0       0

චරිත සේරසිංහ ස්විස් Sunday, 05 January 2014 11:42 PM

මේ මනුස්සයාව දෙකකම පේනවා දුප්පත් කෙනෙක් කියා . එහෙත් සොරකම කිරීම වැරදියි නමුත් අද ලංකාවේ අධි පරිමාණයේ සොරුන් නීතියෙන් ආරක්ෂාවද ලබමින් මුළු රටම සුරා කනවා . ඔවුන් ගෙන කෙසේද ? මෙවෙනි දඬුවම් ඔවුන්ට දිය හැකිද (දී)

:       0       0

ටොමි Monday, 06 January 2014 12:01 AM

මේවා මෝඩ වැඩ. පුලුවන්නම් ගස් බදින්න ඕන ලොකු හොරු ඕනෑතරම් මේ රටේ ලොකු පුටු වල වැජබෙනවා

:       0       0

රන්ජනී Monday, 06 January 2014 12:24 AM

හොරකම නරක වැඩක්, නමුත් මේ වැඩේ ජරා වැඩක්.අහිංසක හොරකමක් නිසා සමාවක් දෙන්න තිබුන දැන් ඉතින් ලජ්ජාවට දිවි හානි කරගන්නත් බැරි නැහැ.පව් කියල හිතෙනවා මටනම්. (දී)

:       0       0

මනෝජ් -ලන්ඩන් Monday, 06 January 2014 12:32 AM

සිංහල ජාතියේ මෙලෙජ සහ මෝඩ කම හොදට පේනවා (දී)

:       0       0

නන්දසිරි Monday, 06 January 2014 12:33 AM

මට හරිම කනගාටු මේ හොරාට මේ විදියට අපහස කරන එක ගැන ළමයි ගේ අනාගතයට වෙන අපහාසය පොඩක් හිතුවා නම් හොදයි නේද (දී)

:       0       0

කොඩිතුවක්කු-කොක්මාදුව Monday, 06 January 2014 12:41 AM

රටේ ආර්ථිකය ගැන බැලුවහම මේවා සුළු දේවල්. මෙයාට අවවාද කරලා අත ඇරියා නම් රටක් වටිනවා. එක්කෝ ජීවත්වෙන්න පුළුවන් මාර්ගයක් හදල දුන්න නම් හරි. මේවා ඉදිරියට තව වැඩිවේවි. පව් අසරණ තරුණයා.(නදී)

:       0       0

දීවා Monday, 06 January 2014 02:23 PM

පොඩ්ඩක් හිතල බලන්න මෙයා කෙහෙල් කැන හොරකම් කරල තියෙන්නෙ දරුවන්ට කන්න දෙන්න නැති නිසා වෙන්න පුලුවන්.(නදී)

:       0       0

සෑම් Monday, 06 January 2014 02:24 PM

මේ වැඩේ වැරදි යැයි කියන අය කෙසෙල් කැන අයිතිකාරයා ගැන කියාවිද දන්නෙ නැහැ කෙසෙල් ගහ හිටවපු එකයි වැරදි කියලා. (ස)

:       0       0

ලාල් කැන්ඩි Monday, 06 January 2014 12:58 AM

මෙයා තරුණයෙක් රැකියාවක් නොකර හොරකම් කරපු එකට හොද දඩුවමක්. ස්වයන් රැකියාවක් කරන බැරි කමක් නැහැ. අඩුම තරමින් කුලී වැඩක්වත්. ඔයාලගේ වත්තේ මේ වගේ හොරකමක් කරොත් ඔයාල මොකද කරන්නේ? (නදී)

:       0       0

සාරංග Monday, 06 January 2014 09:52 PM

මෙම සිද්ධිය තරයේ හෙලා දකිමි. මෙය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්.(නදී)

:       0       0

ශාන් Monday, 06 January 2014 01:07 AM

ගොඩක් කට්ටිය ලියල තියෙන්නේ හොරාගේ අම්ම ලියන විදිහට. 1989 කාලයේ හොරකම් හා තවත් අපරාද අඩු උනේ මේ විදිහට දඬුවම් ජේ වී පී නමින් දුන්න නිසා. ලොකු අය හොරකම් කරනවා කියල පොඩි අය හොරකම් කරන එක අනුමත කරන එක හරි වැඩක් නොවේ. කොහෙන් හරි තර්ජනයක් එනකොට හොරකම හා වෙනත් අපරාද පාලනය වෙනවා. රටේ ජීවත් වෙන්න අමාරු නම් ඉදිරියට අලුතින් ළමයි හදන එක පාලනය කිරීම මගින් හොරු බිහිවීම අඩුවෙන්න පුළුවන්.(නදී)

:       0       0

සමන් පෙරේරා Saturday, 11 January 2014 07:58 PM

ඔහුව ගස් බැදපු අය අතරේ සුලුවට වත් හොරකමක් නොකරපු අයෙක් ඉන්නවනම් කියන්න, ලොකු හොරකමත් පොඩි හොරකමත් දෙකම හොරකම වෙනවා.(නදී)

:       0       0

ගාමිණී සිල්වා පැරිස් Monday, 06 January 2014 02:37 PM

කරුණාකර මේ මනුස්සයා නිදහස් කරන්න. සමහර විට පොඩි දරුවන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවනි. (ස)

:       0       0

අසේල ජයරත්න Monday, 06 January 2014 01:20 AM

ඔය ලංකාවේ ඉන්න ලොකු හොරු ටිකත් ගස් බැන්දා නම් හරිනේ.(නදී)

:       0       0

එඩී දයාරත්න - ඕස්ට්‍රේලියාව Monday, 06 January 2014 01:26 AM

හොරාට වන්දි ඉල්ලන්න පුළුවන් නීති තියනවා.(නදී)

:       0       0

මොහාන් දමාම් Monday, 06 January 2014 02:46 PM

වරදට දඩුවම් දෙන්න ඕනෑ .නමුත් මෙය හොඳ ආදර්ශයක් නෙවෙයි.මිනිසුන් නීතිය අතට ගෙන ඉදිරියට මිනිසුන් මරල දමන්නත් පුළුවන්. (ස)

:       0       0

ලන්ඩන් නිස්සංක Monday, 06 January 2014 01:52 AM

මේ හොරෙක්ද? පව් අහිංසකයෙක්. ලංකාවේ ලොකු හොරු වෙන දැකලා නැද්ද? (නදී)

:       0       0

චානක Monday, 06 January 2014 10:39 PM

මෙහෙම කරන එක වැරදියි (දී)

:       0       0

එදිරිසිංහ ඉන්දික Monday, 06 January 2014 02:24 AM

ඇස් කටේ දාගෙන වගෙයි සමහරු අදහස් දාලා තියෙන්නේ.(නදී)

:       0       0

සෙනෙවි Monday, 06 January 2014 02:57 PM

නජිම් එතකොට ඔබගේ අය අරාබියේ කරන දඬුවම් හොඳද ? පොඩි හොරකමක් කලත් අතපය කපනවා. එය මනුෂ්‍යත්වයට නිගාවක් නොවේද? (නදී)

:       0       0

ඇන්ටන් Monday, 06 January 2014 02:43 AM

බැලූ බැල්මට මේ පොටෝ එක ලංකාවේ නෙමේ අප්‍රිකාවේ වගේ මට නම් පෙනෙන්නේ.(නදී)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Monday, 06 January 2014 02:56 AM

දුප්පතෙක් ගහක බදින එක හපන්කමක්ද (දී)

:       0       0

අසේල Monday, 06 January 2014 03:05 AM

අන්තිම පහත් වැඩක් (දී)

:       0       0

කාංචන Monday, 06 January 2014 03:13 AM

ඔය ගස් බැදලා තියෙන්නේ අහිංසක මනුස්සයෙක් (දී)

:       0       0

සුසන්ත Monday, 06 January 2014 03:13 AM

ලංකාව කියන්නේ බොහොම උත්තම රටක් ඒක විනාශ කරන්න එපා (දී)

:       0       0

දහනායක Monday, 06 January 2014 03:07 PM

මේක අනුමත කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හොරකම් කරපු එක වැරදියි. මෙහෙම දඩුවම් නොකර පොලිසියට බාර දෙන්න තිබුනා. මේ දේ කරපු අය නිතිය අතට අරන්. (නදී) .

:       0       0

කාලිංග Monday, 06 January 2014 03:57 AM

මිනිස් ජීවිතයක වටිනාකම දන්නවාද (දී)

:       0       0

නාලකා Monday, 06 January 2014 03:57 AM

දඩුවම හොද උනාට මේ දඩුවම නම් ඒ හැටි හොද නැහැ (දී)

:       0       0

චාලුක Monday, 06 January 2014 04:40 AM

අපේ රටේවෙන සොරකමට නිසි දඩුවම් දෙනවද (දී)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 07 January 2014 12:26 AM

කෙහෙල් මල් දාහක් හොරෙන් කපලා හම්බෙන ගානට සමානයි කුඩු මිලිග්‍රෑම් එකක් විකුනලා ලැබෙන ගාන. ( මම නිකමට හිතුවේ ) කවුද ඇත්ත වැරදි කාරයා (දී)

:       0       0

රොහාන් Monday, 06 January 2014 04:59 AM

හොරා කොහොමත් හොරා නමුත් මෙය සදාචාරාත්මකද (දී)

:       0       0

ගිම්හානි Tuesday, 07 January 2014 12:28 AM

නිතිය සැමටම එකසේ ක්‍රියාත්මක වෙනවා නම් මෙහෙම වෙන්නේ නැහැ (දී)

:       0       0

ලයනල් Monday, 06 January 2014 05:10 AM

මේ ආදර්ශය නම් ඒ හැටි හොද එකක් නම් නොවෙයි (දී)

:       0       0

චමින්ද Monday, 06 January 2014 03:33 PM

මේක අනුමත කරන්න බැහැ. බඩගින්නට මෙහෙම දේවල් කරනවා.(දිල්)

:       0       0

නිහාල් අතපත්තු Tuesday, 07 January 2014 01:11 AM

තෝරු මෝරු පැන යනකොට නීතියේ දැල දාලා හාල්මැස්සෝ අල්ලන්නලු (දී)

:       0       0

ජනක Tuesday, 07 January 2014 02:04 PM

සිය කැමැත්තෙන්ම කණුවේ බදාගන්න ඇති .... (දී)

:       0       0

ලුම්බිණි Monday, 06 January 2014 06:58 AM

මෙය වැරදි ක්‍රියාවක්. (නදී)

:       0       0

සුධේෂ් Monday, 06 January 2014 07:18 AM

අසරණ මනුස්සයෙක්. එදා වේලවත් කන්න නැති මනුස්සයෙක්. පොඩ්ඩක් හොයල බලන්න තිබුනා. පොඩි අවවාදයක් දීල යැව්වා නම් හරිනේ.(නදී)

:       0       0

රිශාන්ත උඩවත්ත Monday, 06 January 2014 07:36 AM

මනුතාපය කියවපු කෙනෙක් ඉන්නවද. මේක අසරණ කමට කරපු දෙයක් වෙන්න පුළුවන්. නමුත් කාටවත් නීතිය අතට අරගන්න බැහැ.(නදී)

:       0       0

සමන්ත Monday, 06 January 2014 07:50 AM

කෙසෙල් හොරකමට මෙහෙම දඩුවමක් නම් කුඩු බිස්නස් කරන අයව විදුලි කණුවේ එල්ලන්න ඕනා.(නදී)

:       0       0

මොහාන් - දමාම් Monday, 06 January 2014 04:06 PM

සෙනවි; අරාබි නීතිය තදයි. ඒ නිසා මිනිස්සු බයයි වැරදි කරන්න. මිනිස්සු නීතිය අතට ගන්න හොඳ නැහැ.(නදී)

:       0       0

පද්මපානි Tuesday, 07 January 2014 04:13 AM

දිවංගත අයි. එම්.ආර්. ඒ .ඊරියගොල්ල මහතා සිංහලට පරිවර්තනය කල මනුතාපය නම් වූ වික්ටර් හියුගෝ ගේ "ල මිසරබ්ලේ" කතාවේ එන ආදර්ශය ගැන ලංකාවේ මිනිසුන්ට මීට වඩා අවබෝධයක් තිබිය යුතුයි. "දුප්පතාගේ දුක" නමින් නිපදවූ චිත්‍රපටයට පාදක වන්නේත් ඒ කතාවයි. (දී)

:       0       0

නිමල් Monday, 06 January 2014 08:05 AM

ලොකු හෝ කුඩා හොරකම අනුමත කෙල නොහැකි නමුත් පවත්නා සමාජ ක්‍රමය යටතේ තව දුරටත් මිනිසුන්ට ජීවත් වීමට නොහැකි තත්වයක් උදාවී ඇත. මෙවැනි හොරකමක් කරනුයේ දනවතකු වීමට නොව බඩගින්නේ අඬන කිරි දරුවකුට කිරි ටිකක් දීමට හෝ තම පොඩි එකාට පාසලට අවශ්‍ය පොත පත හෝ කිසියම් අඩු පාඩුවක් පිරි මැසීමට විය හැකිය. ඒ නිසා කරුණ සොයා බලා මෙවැනි දඩුවමක් ලබා දුන්නේ නම් ඉතා වැදගත් වේ. මිනි මරුවන් ස්ත්‍රී දුෂකයින් රට පුර නිදැල්ලේ සිටින යුගයක මෙවැනි අහිංසකයින්ට දඩුවම් දීමෙන් කුමක් අපේක්ෂා කරන්නෙහිද? රටේ තත්වය තේරුම් ගෙන එය නිවැරදි කිරීමට උත්සහ ගතහොත් වඩා යහපත් වේවි.(නදී)

:       0       0

මහින්ද කැලිෆෝර්නිය Monday, 06 January 2014 08:08 AM

හොරා ඇල්ලුවේ කව්ද? (නදී)

:       0       0

සමන්ත Monday, 06 January 2014 08:10 AM

කුඩු බිස්නස් කරන ලොකු අයව විදුලි කණුවල මුදුනේම එල්ලන්න ඕනේ.(නදී)

:       0       0

සේරම් Monday, 06 January 2014 08:20 AM

රාජ්‍ය දේපල හෝරා කන අය බඳින්න ගියොත් ලංකාවේ ලයිට් කණු මදිවෙයි.(නදී)

:       0       0

කුමාර Monday, 06 January 2014 08:35 AM

මේ හැමෝම කියන්නේ හොරා ගැන අනුකම්පාවෙන්. එහෙත් මෙවැනි ගොවිතැන් කරලා ඔලුව උස්සන්න හදන අහිංසක මිනිසාගේ පැත්ත ගැන හිතන්න. ගොවි පොලේ කිසිම දෙයක් ඉතුරුකරන්නේ නැහැ හොරු කඩනවා. පොලිසියට කිව්වොත් හොරා කව්ද අහනවා. අල්ලලා දුන්නොත් උසාවියක් ගානේ මාස ගනන් රස්තියාදු ගහන්න වෙනවා. මෙන්න මේකයි ස්ව ශක්තියෙන් ජිවත් වෙන්න හදන අයට සිදුවන්නේ. දැන් හොරා ගැන සිතන්න.(නදී)

:       0       0

අනුර යු ඒ ඊ Monday, 06 January 2014 08:41 AM

මෙම තරුණයාට රැකියාවක් සොයා දීමයි කළ යුත්තේ. මෙහි පසු බිම ඛේදවාචකයක් ඇති. වහාම ලිහා දමන්න. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1135 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 792 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 905 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1464 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 594 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 30 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14569 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 162 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 141 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site