ස්කොට්ලන්තයේ, ග්ලාස්ගෝ, බෞද්ධ විහාර කඨින පිංකම විහාරාධිපති, කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ, එක්සත් රාජධානියේ සංඝනායක, රාජකීය පණ්ඩිත, කඹුරාවල සිරි රේවත නාහිමිගේ අනුශාසනා පරිදි පැවැත්විණි. කඨීන චීවර පූජා මහා පිංකම, කඨින පෙරහර හා සඟසතු මහා දානය ආදී පිංකම් මෙවරත් ඉතා උත්කර්ෂවත් අයුරින් සිදුවිය.
මහා සංඝරත්නයද, සදුවතින් සැරසුණු පිරිසද ළමා සාරිවලින් සැරසුණු දැරියෝද කඨින චීවරය රැගත් පෙරහරෙහි ගමන් කළහ.
අපවත්වී වදාළ කෝට්ටේ ශී‍්‍ර කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක බෙල්ලන ශී‍්‍ර ඥානවිමලාභිධාන මාහිමි ගුණ සමරා පුණ්‍යානුමෝදනා කිරීමද විශේෂ කටයුත්තක් ලෙස සිදුකළ අතර උන්වහන්සේ වෙනුවෙන් පුෂ්පෝපහාර පූජාවක්ද පැවැත්විණි.
කඨින චීවර පූජා මහා පිංකම ට ග්ලාස්ගෝ නුවර පදිංචි සිංහල බෞද්ධ මහජනතාවට අමතරව ස්කොට්ලන්ත ජාතිකයෝද විශාල ප‍්‍රමාණයක් පැමිණ සීටීම විශේෂයක් විය.
බර්මින්හැම් මහා විහාරාධිපති, විතාරන්දෙණියේ කස්සප මාහිමි, ලෙච්වර්ත් බෞද්ධ විහාරාධිකාරී මතුගම පාලිත හිමි, වීරකැටිය, නයිගල රාජමහා විහාරාධිකාරී වකමුල්ලේ
උදිත, ග්ලස්ගෝ විහාරවාසී කට්ටකඩුවේ සුමනරතන ඇතුළු හිමිවරු අට නමක් මේ පිංකමට වැඩම කළහ.
ග්ලාස්ගෝ සරසවියේ මහාචාර්ය කෙනත් හට්ස් සතිපට්ඨානය අළලා දේශනයක්ද පැවැත්වීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ
ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාවාදුන් කිසිවකුට නැවත එම පක්ෂයේ ඉහළ නිලතල හෝ නාම යෝජනා නොදෙන බවත් එම පිරිස සම්බන්ධයෙන් පක්‍ෂය ගත් ස්ථාවරයේ අඛණ්ඩව සිටින බවත
ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30)
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කසාවතින් හා සුදුවතින් ග්ලාස්ගෝ නුවර බැබලේ
තිස්ස මඩවල Sunday, 26 October 2014 09:54 AM
ඉතාම උතුම් පින්කමක්. පුජ්‍ය කඹුරාවල සිරි රේවත නාහිමියන් අතින් බටහිර රටවල පිවිතුරු බුදු දහම ප්‍රචලිත කරවීම උදෙසා ඉටුවන්නේ උත්තම සේවාවක්. උන්වහන්සේට මෙම ශාසනික සේවාවන් තවදුරටත් වැඩි වැඩියෙන් කරගෙනයාම සඳහා තෙරුවන ආශීර්වාදය,වාසනාව සහ ශක්තිය ලැබේවා. (බ)
සමන් Sunday, 26 October 2014 11:19 AM
ධර්මප්‍රචාරයේ නියම අරුත මෙය නොවේද? ථෙරවාද බෞද්ධ සම්ප්‍රදාය විදෙස් වැසියන්ට පෙන්නා දීම සහ භාවනාවත් එයට එකතුකිරීම ඉතාම කාලෝචිතව සිදු කර ඇති බව පෙනේ. විදේශිකයින් කඨින සිවුර අල්ලාගෙන ඉන්න විදිය දැක්කම හරිම සතුටුයි. අපේ ළමයන් නම් තවත් ලස්සනයි ළමා සාරියට. ග්ලාස්ගොව් නගරයේ බෞද්දයින් වාසනාවන්තයි කියා හිතෙනවා. (නදී)
නුවන් Monday, 27 October 2014 05:28 AM
සාධු සාධු සාධු !!!! බුදුසසුන බැබළේවා !!! (නි)
උපාලි Sunday, 26 October 2014 04:01 PM
ඉතාම වැදගත් පින්කමක්.ලෝකෙටම අපේ බුදු දහම දෙන්න ඕනෑ. බුදුදහම කියන්නේ ස්වභාව ධර්මය හා 100% බැඳුනු දහමක්. කිසිම තැනක හොරයක් නැහැ. (නි)
ලීල් ගුණවර්ධන Sunday, 26 October 2014 06:25 PM
ලංකාදීපය මඟින් විස්තර දැනගත්තා.බොහොම කාලෝචිත සේවාවක්. පිටරටක මේවා මේ ලෙසට සාර්ථකව කරගෙන යෑමට උපකාර වූ සැමට බොහොම පින් ලැබෙනවා (නි)
ඉෂාර ගුණසේකර Monday, 27 October 2014 02:56 AM
බුදු සසුන දිනෙන් දින බැබළේවා! (නි)