සිය නිවසේ මුළුතැන්ගෙයි වතුර කලයක් භාවිතා කරමින් රහසේ පවත්වාගෙන ගිය කුඩා කසිප්පු ස්කාගාරයක් සමග දෙදෙනක් අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලීසිය කියයි
ඇළුමිනියම් කලයක් භාවිතා කරමින් නිපදවූ කසිප්පු පානය කළ අයට ක්ෂණිකව විෂ විමට පවා ඉඩ ඇති බැවින් මේවන විටත් මොවුන්ගෙන් මෙම කසිප්පු පානය කළ වුවන් පිළිබඳවත් පොලිසීය පරීක්ෂණ පවත්වයි
මීගහතැන්න මොරගල ප්‍රදේශයේ මාස ගණනාවක සිට මෙම පුද්ගලයින් දෙදෙනා රහසිගතව සිදුකළ මෙම ක්‍රියාව පිළිබඳ පොලිස් විශේෂ බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් අනුව පොලිස් ස්ථානාධිපති රසික වත්තේගම මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් (3534) ශාන්ත ලාල් (4579)සමරණායක (59395)සරත් යන මහත්වරු වැටලීම සිදු කළහ.
.jpg)
.jpg)
මිගහතැන්න පොලිස් ස්ථානාධිපති රසික වත්තේගම මහතා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහලොකු වැටලීමක් ලජ්ජා නැද්ද දන්නේ නැ , වටලන්න දේවල් නැතුවට පුදුම රටක් මේක මහලොකුවට පත්තරෙත් දානවා කාටද කියන්නද මේවා. (නදී)
පවු ඉතින්, දුප්පත් මිනිස්සු ජීවත් වෙන්න මාර්ගයක් සොයාගන්නත් ඕනෑනේ (නි)
අයියෝ සල්ලි.... (ස)
අඩු වියදමින් වැඩි ඵලයක් ලබන ස්වාභාවික නිෂ්පාදන.. කාටද ආඩම්බර? (නි)
එහෙනම් අපි කසිප්පු පෙරන හැටිත් ඉගෙන ගත්තා.... (නි)
පාලිත මොනවා කියනවද මන්දා? ඒවා අල්ලලා කොහොමද? (නි)
අමිල, මටත් හිතෙනවා කරලා බලන්න. අමාරු නැහැනේ (නි)
නැති බැරි අය ඇති හැකි අය කරමු (නි)
කන්ටේනර් ගනන් කුඩු, එකනෝල් ගෙන්වපු අයට කිදහසේ ඒවා අල්ලන්න බැහැ නේද? (නදී)
මෙය විධිමත් කර ගෘහ කර්මාන්තයක් ලෙස වැඩි දියුණු කරමු (නි)
පොලීසියට වැඩ නැද්ද මේ වගේ අහිංසකයෙක් අල්ලන්න? (නි)
නියමයි නේද? වීඩියෝත් සමගම තිබු නිසා පුද්ගලිකව රහසිගතව අපි අපිටත් ටිකක් වෙන්න දෙන්නෙක් හවුල් නොවී පෙරාගන්න පුළුවන් නේද,අමිල? (නි)
ඒකට නේද කියන්නේ ''දෙන්නෙක් අතර රහසක් නැහැ කියලා'' (නි)
මම නම් මට ටිකක් හදා ගන්නවා. ඒවා නියම බඩු. (ස)
තාක්ෂණය තේරුණා.මාත් උත්සාහ කරන්න ඕන මගෙ පාවිච්චියට.. (ස)
ඕක ඉතින් මැටි කළේ තැබුවා නම් ඉවරයි නේ. (නි)
සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ට අත හිත දීම කළයුතුයි (නි)