10.පිසහළ කෙලෙස් මල බිඳහළ පසිඳුරන් බල සබවසිනි සුනිමල පැවිදි දන කහවතට වෙති නිල ( දෙව්දත් තෙරුන් වෙනුවෙනි) සඳැස් ගය- තිලක නවරත්න යමක වග්ගෝ 10. යෝ ච වන්තකසාව’ස්ස සීලේසු සුසමාහිතෝ උපේතෝ දමසච්චේන ස චේ කාසාවමරහති නිදාන කතාව දන් පිදිය යුත්තේ කොහොම ද? සැරියුත් මුගලන් දෑග සව්වන් වහන්සේලා රජගහ නුවර වාසීන් ගේ ඇරියුම්ලැබුවා. දහසක් සඟපිරිස සමඟරජගහනුවරට වැඩම කළාවිසුමට ලැගුම්හල් ඈ පහසුකම් මනාව සලසා දන් පිළිගැන්නුවා. සැරියුත් මහතෙරුන් විසිනු’යි අනුමෙවෙනි බන දෙසුනේ. (1) දානය දීමෙහි දී කවරකු හෝ අනුන් සහභාගි නොකැරැගෙන තමන් තනි ව ම දන් දෙනවා නම් මතු බවයන්හි ඔවුනට ලැබෙන්නේ බෝග සම්පත් පමණයි.පිරිවර සම්පත්ති නම් ලබන්නේ නෑ. (2) අනුන් සහභාගි කැරැගෙන අනුන් ලවා ම දන් දෙනවා නම් තමන් ගේ අතින් නොදෙන්නේ නම් ඔවුනට මතු බවයන්හි ලැබෙනුයේ පිරිවර සැප යි. බෝග සැපත් නො ලබයි. (3) තමන් දෙන්නේත් නැතිනම් අනුන් සම්මාදම් කැරැගන්නේත් නැති නම් මතු බවයන් හි ඔවුනට පිරිස් සැප හෝ බෝග සැප හෝ යන දෙ සැප ම ලැබෙන්නේ නෑ. (4) තමන් ද දෙනවා නම් අනුනුත් සහභාගි කැරැ ගන්නවා නම් දීමෙහි යෙදෙනවා නම්දීමෙහි යොදවනවා නම් ඔවුන් මතු බවයන් හි බෝග සැපත් ලබනවා. පිරිවර සැපත් ලබනවා. සුවිසල් ව යස ඉසුරු බව බෝග හිමි කරනවා. මේඅනුමෙවෙනි බන ඇසූ රජගහවාසී නුවණැතියෙක් තීරණය කළා බොහෝ දෙනකු සමාදන් කැර දනක් දෙන්නට. සුදුසු තැනක් ද නියම කැරැගත්තා. ලස්සයක්මිල සිවුරක් පිදීම ඉතා සැදැහැති ව රජගහනුවරුන් දන් පිළියෙළ කළා. නොයෙක් දාන මාන පිළියෙළ කැරුණා. එක් පින්වතෙක් සුවඳ කැවූ නූලෙන් වියූ කහ සළුවක් පූජාව පිණිස ගෙනාවා. මේ අගනා ලස්සයක් මිල සිවුර කාට පූජා කරමු දැ යි විමසා කතා බහ කැරුණා. බොහෝ දෙනකු දෙව්දත් තෙරුනට පුදමු’යි යෝජනා කළා. දෙව්දත් හාමුදුරුවන් අපේ මඟුල් අවමඟුල්හිත් යනවා-එනවා. ලෙඩ-දුකේදීත් විමසා බලනවා. ඒ නිසා ‘දෙව්දත් හිමියන් සිවුරින් පුදමු’යි කළ යෝජනාව මුලට ආවා. ඒ කහ සළුව සිවුරක් කැර දෙව්දත් තෙර පෙරැවූවා. එය හැඳ වඩිනු දකින තවත් සැදැහැතියෙක් කියනවා ‘මේ සිවුර දෙව්දත් තෙරුනට ඔබින්නේ නෑ සැරියුත් තෙරුනට නම් අපූරුවට ඔබිනවා.’ දෙපිරිසක් අතර ඇතිවූ මේ වාදුව බුදුරදුනට ද සැළ වුණා. බුදුරදුන්විසින් පෙර අත් බවයෙක දී දෙව්දතුන් වැදි කුලයෙක ඉපිද වන ඇතකු හින්සා කැර මැරූ සැටි වදාළා. පෙරත් බවයෙක දෙව්දත් වැද්දකු ව උපන්නා. වැදිකමින් ම වනයේ විසුවා. වනයේ පසේ බුදුවරයකු වැඩ සිටියා. උන්වහන්සේට ඇත් රැළක් වන්දනා කරනවා. ඒ දැක පසේ බුදුන් ගෙන් ම සිවුරක් සොරා ගෙනැ පොරොවා ඇතුන් වැනසුවා. ඒ නිමිතිකැරැ කෙලෙස් කසට දුරු නොකළ, ඉඳුරන් දමනය නොකළ, ඇත්ත නොකියන තැනැත්තා සිවුරට නුසුදුසු බවත් කෙලෙස් කසට අරුලූ සිල්වත් ඉඳුරන් සංවර කළ තැනැත්තා ම සිවුරට මනා බවත් වදාළා.
පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල අප්‍රේල් 13 දා සිට අප්‍රේල් 21 තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3.00 දක්වා තම සූර්ය පද්ධති අක්‍රිය කරන ලෙස ලංකා විදුල
අම්පාර සමන්තුරේ පැවති ජනරැළියක් අතරතුර සෙනඟට තෙරපුණු දැරියක බේරා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් විය.
කොළඹ අධ්‍යාපන කලාපය තුළ පිහිටි බාලක පාසලක දරුවන් අමානුෂික ලෙස දණ්ඩණයට ලක් කිරීමේ චෝදනාවට ගුරුවරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බවත් බදුල්ල ප්‍රදේශයේ පදි
මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් දාහතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී අද පැවසීය.
සාලියවැව දුනුමඩලෑව යාය 6 ප්‍රදේශයේදී ආච්චි අම්මා සහ සියා ඔවුන්ගේ නිවස තුළදීම කපාකොටා ඝාතනය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මුණුබුරකු සැ
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
කහවතට සුදුස්සා කවුරු ද?
කුමාර Thursday, 31 January 2013 07:55 PM
සාධු.........සාධු.........සාධු.........(දී)
නිත්‍යා Saturday, 12 January 2013 12:37 PM
හරිම වැදගත්. හැමෝම කියවිය යුතුයි වගේම සිතට ගත යුතුයි (ස)
චතුර Monday, 25 June 2012 07:26 PM
සාදු..සාදු..සාදු.. ! වැඩකට නැති දේවලටනම් හොඳට ප්‍රතිචාර වැටෙනවා. කියන්න බැරි තරම් සත්පුරුෂයන් ඒවායේ ප්‍රතිචාර දානවා. ඒත් මිනිස්සුන්ගේ ඇත්ත තත්වය මෙවැනි දහම් කරුණකට වැටෙන ප්‍රතිචාර ප්‍රමාණයෙන් තේරෙනවා.
කුමුදුමලී Friday, 06 July 2012 11:42 AM
මෙය අදටත් මනාවට ගැලපෙනවා....
සිරිනන්ද හිමි Sunday, 11 August 2013 06:34 AM
ඉතාම වටිනා අදහස් ගොන්නක්. බොහොම පින්.(නදී)
ජිනරතන හිමි Saturday, 05 October 2013 10:45 PM
ඉතා අගය කරමි (නි)
සුමිත් Monday, 20 August 2012 08:48 PM
නියම කතාව. (නි)
අජිත් Thursday, 12 July 2012 08:23 AM
චතුරගේ කතාව හරි. හොද දෙයකට හොද කියන්න කව්රුත් නැ.වැඩකට නැති දේවලට නම් හොඳට ප්‍රතිචාර වැටෙනවා. ඔව් ඉතින් බණ අහන්නේ කව්ද ????????????????????
ඉන්ද්‍රා Thursday, 13 December 2012 09:46 AM
නොදන්න දෙයක් දැන ගන්න ලැබීම සතුටක් වගේම ඔබට පින්. තෙරුවන් සරණයි! (දී)
සුජීව කන්නන්ගර Wednesday, 05 October 2011 08:59 AM
හරිම අපූරුයි. ඔබට පින්