
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මහරගම නගර සභාවේ මාසික සභා රැස්වීම්වල විපක්ෂයේ මන්ත්‍රීවරුන් අදහස් දක්වන අවස්ථා වලදී පාලක පක්ෂයේ මන්ත්‍රී වරයකු අසභ්‍ය වචන කියමින් බාධා එල්ල කරන බැවින් මන්ත්‍රීවරුන්ගේ ගෞරවයට එය හානියක් යැයි පවසමින් සර්ව ජන බලය පක්ෂයේ මන්ත්‍රී සමන් සේනාධිර මහතා අදහස් දැක්වීමට යාමේදී ඊට පාලක පක්ෂයේ මන්ත්‍රී ලාල් බංගමුව මහතා අදහස් දැක්වීමත් සමග සභාව කාලගෝට්ටියක් දක්වා දුරදිග ගොස් උණුසුම් තත්වයක් හට ගත්තේය.
මහරගම නගර සභාවේ මාසික සභා රැස්වීම උප සභාපතිනි රංජනී නාවුරුන්නගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් නගර සභා ශ්‍රවණාගාරයේදී පැවති අවස්ථාවේදී මෙම ගැටුම හට ගත්තේය.
එහිදී පාලක පක්ෂයේ මන්ත්‍රී වරයකු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට නිරන්තරයෙන්ම පෞද්ගලික කාරනා එල්ල කරමින් අපහාස කරන බවත් හොරා හොරා කියමින් චෝදනා කරන බවත් එසේ කිරීමෙන් තමන් දැඩි අපහසුතාවයට පත් වන බවත් (ස්වාධීන) මන්ත්‍රී සුනිල් කොඩිතුවක්කු මහතා හා (සර්ව ජන බලය) සමන් සේනාධීර මහතා වැඩි දුරටත් කියා සිටියේය.
පසුව ඒ පිලිබදව නැවත නැවතත් ලාල් බංගමුව මන්ත්‍රී වරයා අදහස් දැක්වීම නිසා විපක්ෂයේ මන්ත්‍රී වරුන් ලාල් බංගමුව මහතා රැදී සිටි ස්ථානය අසලට පැමිණ විරෝධය පල කිරීමත් සමග දෙපාර්ශවය අතර උණුසුම් තත්වය හට ගත්තේය.
මෙහිදී ගැටුමට සම්බන්ධ දෙපාර්ශවය පාලනය කිරීම සදහා සෙසු මන්ත්‍රීවරුන් කටයුතු කළ අතර පසුව ගැටුමට සම්බන්ධ පාලක පක්ෂයේ මන්ත්‍රී වරයා සභා ගැඹෙන් පිටතට රැගෙන යාමත් සමග තත්වය පාලනය වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd