කහවත්ත ප්‍රාදේශිය සභාවේ විශේෂ මහා සභා රැස්වීමට එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසක් කඩා වැදීම නිසා රැස්වීම මිනිත්තු 10කට සීමා විය.
එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවකු වන ශාන්ත දොඩම්ගොඩ මහතා ජනපතිවරණ සමයේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ වේදිකාවක් ඉදි කරද්දී වෙඩි තබා ඝාතනය කළැයි සැකපිට කහවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති වජිර දර්ශන ද සිල්වා රිමාන්ඩ් කරනු ලැබ සිටියි.
එජාප මන්ත්‍රීවරු තිදෙනා පැවසූයේ තමන් රැස්වීමට පැමිණීමට පෙර උප සභාපති එස්.කේ.ටී.ගමගේ මහතා වැඩබලන සභාපති ලෙස පත් කරගෙන රැස්වීමේ කටයුතු අවසන් කර ඇති බවයි.
ඒ සමගම එජාප ආධාරකරුවෝද විරෝධය පාමින් එහි ඇතුළු වූහ. සභාපති රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම නිසා ආණ්ඩු පක්ෂයට හා විපක්ෂයට මන්ත්‍රීවරුන් හතර දෙනා බැගින් සිටින බව එජාප මන්ත්‍රීවරුන් කියයි. ඔවුන්ගේ යෝජනාව වූයේ ගැටුම් ඇති නොවීමට නම් විපක්ෂ නායක ශාන්ත ගුරුගේ සභාපති පදවියටද උප සභාපති ලෙස වත්මන් උප සභාපතිවරයාම පත් කර ගත යුතු බවයි.
මේ ගැන ලබන 22 වැනිදා තීරණයක් ගන්නා බව උප සභාපති ගමගේ මහතා කියයි.
ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ
බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු
තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය
මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කහවත්ත ප්‍රා සභාවට අලි කඩා වදිති