IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි

(ජේ. ඒ. එල්. ජයසිංහ)

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ හිතවත් මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් සහ සමීප හිතවතුන් පිරිසක් මහනුවර ඕක්රේ හෝටල් පරිශ්‍රයට කැඳවා මේ බව ප්‍රකාශ කළේය.  

මෙම පිරිස කැඳවා ඔවුන්ට සුහදශීලීව දිවා භෝජන සංග්‍රහයක් ද ප්‍රදානය කළේය. 

මෙම සුහද හමුවට  පළාත් සභා සහ ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රීවරු සහ මන්ත්‍රී වරියෝ ඇතුලු රැසක් සහභාගි වූහ.

මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම පලාත් සභාවේ හිටපු මන්ත්‍රී ඒ ජී සිරිසේන මහතා,

අද මේ රැස්වීම දේශපාළන රැස්වීමක් නොවෙයි. කෙහෙළියට අවශ්‍ය වී තිබුණේ තමන්ට මැතිවරණ සමයේ උදව් කළ  මහනුවර ජනතාවට කතා කරල කෙටි කාලීනව දේශපාළනයෙන් තමන් ඈත්වී සිටින බව දන්වා සිටීමයි.

මෙම සුහද හමුවට පන්සීයකට අධික පිරිසක් සහභාගි වූහ.



අදහස් (47)

කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි

tissa Sunday, 13 October 2024 03:42 PM

කිරිඇල්ල වගේ දුව වත් දාලා බලමුද?

:       10       105

beau Sunday, 13 October 2024 03:53 PM

පොඩ්ඩකට පෙර මැරෙන්න නේද හිටියේ...? සිය දිවි නසාගන්න වැනි පල් බොරු ගහලා එළියට ඇවිත් දැන් පම්පෝරි ගහනවා. දාන්න මෙයාව ආපසු ඇතුළට...

:       7       243

පිටිගල මිලානෝ Sunday, 13 October 2024 03:54 PM

මේ මනුස්සයාට ඇප හම්බවෙලාද…?

:       7       104

සද්ධාකන්දේ ඉත්තෑවා Sunday, 13 October 2024 03:55 PM

මේ පිරිස රටේ සිදුවන දෑ ගැන හරිම සංවේදී අය වගේ. නිකං ලැබේ නම් හිට්ලර්ගේ නිවස වුවද කම් නැත.

:       25       123

ජයන්ත Sunday, 13 October 2024 04:03 PM

දේශපානලයෙන් නෙමෙයි මනුස්ස භවයෙනුත් ඈත් වෙනවා. බෙහෙත් හොරා...

:       7       153

ගමේ එකාලා Sunday, 13 October 2024 04:11 PM

රටට, ජනතාවට කරලා තියෙන දූෂිත, දුර්ජන වැඩවළ හැටියට සදහටම දේශපාලනයෙන් ඈත්වෙලාම ඉන්න තරමටම හොඳයි.

:       6       107

Lakmal Sunday, 13 October 2024 04:21 PM

මෙතන ඉන්න සෙට් එක හඳුනාගෙන දානය කෙහෙලියගෙන්ම ඉල්ලා ගන්න සැලසීම දායකයන්ගේ යුතුකමයි. රැස්වීමට ගිය ගිහි පින්වතුන්ට පුන්නක්කු දීම පවුල්වල යුතුකමයි. අවුරුදු 75ක් තිස්සේ හොරිකඩයින් පස්සේ ගිහින් ගිහින් තව ලජ්ජා නැති වැඩ කරන්න එපා. ලැජ්ජයි ඔබලා වගේ මිනිස්සු නුවර ඉන්න එක ගැන...!

:       8       140

Lakmali Monday, 14 October 2024 06:39 AM

ලක්මාල් මොකක්ද ඔය අවුරුදු 75 ක් කියන්නේ නිදහස ගත්තු වෙලාවේ ගොන් කරත්තයෙන් ගමන් ගත් මිනිස්සු දැන් තමන්ගේ දරුවන්ගේ පාසල් පෙනි පෙනී මීටර් දෙතුන් සියයක් යවන්නේ වාහනයේ තමයි.. රට හාලේ බත් කන්න සමූපකාර කඩයට හාල් ගෙනෙනතුරු සතියකට වරක් දෙකක් ගමටත් දුරින් පිහිටි සමූපකාර කඩයට ගියපු මිනිස්සු දැන් ලංකාවේ නිෂ්පාදනය කළ දේශීය සහලින් පිසූ බත් කනවා, නිවසට අමුඩයක් ගැසූ කොල්ලොත් ඉණට චීත්ත කෑල්ලක් ඇන්ද කෙල්ලොත් දැන් ලස්සන ඇඳුම් ඇඳගෙන ඉන්නවා... දැන් ආදිවාසී ජනතාව වුණත් බොහෝ සශ්‍රීක වෙලා තියෙනවා. කැකුණ ඇට අමුනා විලක්කු එළියෙන් කටයුතු කරපු ජනතාව දැන් විදුලියෙන් ස්වයංපෝෂිත වෙලා තියෙනවා. එහෙම තියෙද්දී කියන්නන් වාලේ දුරදිග නොබලා ඔහොම කතාකිරීම ජාති ජාතිත් පඩිසන් දේවි ලක්මාල්, ඊයේ මාලිමා ක්‍රියාකාරිනියක් කිව්වා උගන්ඩාවට සල්ලි ගෙනගියා තමයි... ඒවා උගන්ඩා රජය වෙනුවෙන් ලංකාවේ මුද්‍රණය කළ මුදල් කියලා... ඒ නිසා කියන එවුන් මොනවා කිව්වත් සිහිබුද්ධියෙන් අහන්න පුරුදු වෙන්න කියලා කරුණාවෙන් කියන්න කැමැතියි...

:       2       1

කමල් Sunday, 13 October 2024 04:22 PM

ඔබතුමා ඈත් වුණාට කමක් නෑ. හැබැයි ඔබතුමාගේ දුවව දේශපාලනයෙන් ඈත් කරලා අපිව නරක මිනිස්සු කර ගන්න එපා.

:       6       51

Nalaka Monday, 14 October 2024 07:16 AM

කාලකන්නින්ට තුමා, තුමා ගාන්න එපා...

:       0       3

Sumudu Singhasiriweera Sunday, 13 October 2024 04:26 PM

ඔයාට පේනවද මිනිස්සු කීදෙනෙකුගේ ජීවිතත් එක්කද සෙල්ලම් කරලා තියෙන්නේ...!

:       4       76

සුදත් ජයරත්න Sunday, 13 October 2024 04:41 PM

රටේ ජනතාවගේ මුදල් හොරාකාපු මෙයා වගේ නොසන්ඩාලයෙකුගේ බත් කන්න යන මිනිස්සුත් බත්කන හරක් තමයි.

:       3       109

Sameera Salgado Sunday, 13 October 2024 04:52 PM

බලාගෙන ඕවා කන්නේ, මොනවා තියෙනවාද කියන්න බෑ...?

:       2       65

Nihal Dharmatileke b Sunday, 13 October 2024 05:02 PM

පොඩ්ඩක් නෙවෙයි, සදහටමනේ ඉවත් වෙන්නේ...! 

:       0       46

Sumal Sunday, 13 October 2024 05:04 PM

පිළිකා රෝගීන්ට වතුර පුරවපු ඉන්ජෙක්ෂන් ගෙනාපු මිනීමරුවන්ගෙන් බත් කන්න යන එවුන්ටත් මිනිස්සු කියලා කියනවද?

:       0       74

Ura Sunday, 13 October 2024 05:35 PM

මිනිස්සුන්ට තමන් කැමති දෙයක් කිරීමට ප්‍රජාතන්ත්‍රවාදීව අයිතිය ඇත. නමුත් මෙවන් තිරිසන් මිනිසකු සමඟ සතුටින් ඡායාරූප වලට පෙනී සිටින්නේ කෙසේ ද නොදනිමි.

:       0       50

Ajith Sunday, 13 October 2024 05:52 PM

සල්ලිවලට රටේ ඡනතාවගේ ඡීවිත උකස් කරපු මේ වගේ දූෂිත දේශපාලකයෙකුට තවත් උදව් කරන අය දැක්කාම දුකයි. වෙන රටක නම් මෙයා හිරේ...!

:       0       39

යෝගා Sunday, 13 October 2024 05:55 PM

පොඩ්ඩකට නෙමෙයි ජීවිතාන්තය දක්වා කියල කියන්න. නඩුවේ තීන්දුව ආවහම හිරගෙදරනෙ ඉන්න වෙන්නේ

:       0       34

Lasa Sunday, 13 October 2024 06:01 PM

කෙටි කාලෙකට කිව්වේ දැන් හෙට, අනිද්දා හිරේ ගියාම ජීවිතාන්තය දක්වා ලබන ආත්මේ තමා ආයෙත් දේශපාලනයට එන්න වෙන්නේ...!

:       0       35

විපරමා Sunday, 13 October 2024 07:15 PM

මහපරිමාණ වන්චා දූෂණ වලින් හම්බ කරගත්තු විදියට කොහොම කෑම බීම දෙන්න බැරිද? බාල බෙහෙත් ගෙනැල්ලා ජනතාවට කරපු පවට පිනක් කරගන්න හිතිලා ඇති...

:       0       33

lalindra Sunday, 13 October 2024 07:50 PM

ඒ කියන්නේ මිනිස්සුන්ට අමතක වෙනකන් හැන්ගිලා ඉන්නවා කියන එකනේ. මෙදා පොටේ නම් ඒ සෙල්ලම් හරියන්නේ නෑ.

:       0       32

චමින්ද Sunday, 13 October 2024 07:51 PM

ඔයා ඉදිරියෙන්ම ඉන්නේ හාමුදුරුවො නම් වෙන්න බැහැ. චීවරධාරියෝ මොකද බෙහෙත් හොරු එක්ක ඇයි හොඳයිකම් පවත්වන්නේ හොරුන්ගෙත් හොරුනේ...

:       1       53

Buddika Sunday, 13 October 2024 07:59 PM

පොඩ්ඩක් නෙවෙයි. සදහටම ආයෙ එපා. අසරණ මිනිස්සුන්ට කරපු දේවල් මොවුන්ට ඵල දේවි ආත්මයක් ගානේ. බෙහෙත් වෙනුවට වතුර. ඒ ඉන්ජෙක්ශන් ටික අරගෙන මොවුන්ගේ පස්ස පැත්තට වදින්න ඕනෑ. කාලකන්නි...!

:       0       41

ජගත් Sunday, 13 October 2024 08:16 PM

බෙහෙත් වංචාකරපු කාලකණ්ණි ඔක්කොම අපාගත වේවා!!!

:       1       47

Suresh Olagama Sunday, 13 October 2024 09:21 PM

නරුමයින් වෙනුවෙන් පෙනී සිටිය අය මිනිස්සු වෙන්න බෑ...

:       0       4

Ana Sunday, 13 October 2024 09:30 PM

ඔය හොර දෙටුවගේ බත් පැකට් එක කන්න ගිය කහ රෙදි පොරවා ගත්තු චීවරධාරීන් ඇතුළු අනිත් ගිහි ගොබ්බයින්ගේ ලැජ්ජා නහර කපලාද බලන්න ඕනෑ.

:       0       4

Perera Sunday, 13 October 2024 10:10 PM

සිවුරු දාගත්තු අයත් ගිහිල්ලා, මේ අය නම් මහ පුදුම ජාතියක්...!

:       0       4

Rata Perata Sunday, 13 October 2024 10:56 PM

මේ වගේ කාලකන්නින්ගෙන් හරි කමක් නෑ පිනට කන්න බොන්න තියෙනවා නම්.

:       0       3

විදුර Sunday, 13 October 2024 10:59 PM

මේවා මේ බලෙන් මිනිස්සුන්ට කියන්න ඕන දේවල් නෙමේ. ඔයිට වඩා ගංවතුර පුවත් වැදගත්. ගෙවත්තේ මිරිස් පැලයක් හිටෝන හැටි දැම්මා නම් මීට වඩා දහසක් වටී.

:       0       3

Perera Sunday, 13 October 2024 11:11 PM

කෙහෙළියගෙන් ලැබෙන කටු සූප්පුකරන උන් තමයි ඔය වාඩිවෙලා ඉන්නේ.

:       0       3

Deepal Monday, 14 October 2024 02:03 AM

ජම්පරේ ඇඳගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්න තියෙනවා.

:       0       2

සත්‍ය Monday, 14 October 2024 03:34 AM

මේ ඇවිල්ල ඉන්න පිරිස දැක්කම පුදුම හිතෙනවා, කන්න දෙනවා නම්, බොන්න දෙනව නම් එච්චරයි. මේ වගේ පව්කාරයෙක්. සල්ලි හොයන්න බාල බෙහෙත් ගෙනල්ල මිනිසුන්ගෙ ඇස් අන්ද කල මේ අසික්කිත මිනිහ දෙන කෑම වස කියල හිතන්න නේද තිබුනේ. මෙයා ජීවිතේ පටන් ගත්තෙත් හොරකමෙන් , ඉගල් සෙකියුරිටි කියල ආරක්ෂක සේවයක් දාගෙන එතන වැඩකල මිනිසුන්ගේ පඩියෙන් කපපු අර්ධසාදක මුදලත් වංචා කළා. නුවර උසාවියේ නඩු දැම්මා ඒ අහිංසකයෝ. නුවර හිල්ටොප් හෝටලේ මැණික් සාප්පුව කරලා අවුරුදු ගාණක් කුලිය ගෙවන් නැතිව හොටලේට නඩු දැම්මා . යන යන තැන පොලු. ඔය දීපු දවල් කෑමේ සල්ලිත් ඔය හෝටලේට දෙයිද කියන එක සැකයි. මේ දාර හොරෙක් , මිනිහගෙ විනෝදංශය හොරකම වංචාව මිනිස් ජීවිත වුණත් ඒ වෙනුවෙන් මිනිහ පුදකරයි.

:       0       3

sam Monday, 14 October 2024 04:10 AM

බෙහෙත් වලින් මෙච්චර හොරාකාලා ඔප්පුවෙලා, හිරේ ඉන්නවා මුන් වගේ තව හොරු සෙට් එකක්. හාමුදුරුවරුත් ඉන්නවා ලැජ්ජ නැතිව.

:       0       3

SL Monday, 14 October 2024 04:25 AM

ගල් පැලෙන බොරු කියලා මොවුන්ව එළියට ගන්න පොරකන හිඟන කළු ලෝගු කාරයෝ ටික ඉස්සරවෙලාම හිරේ දාන්න ඕනේ..!

:       0       3

Rasika Kularathna Monday, 14 October 2024 07:56 AM

කවුරු වුණත් කොහොමද පිරිවර? ඒ මදිවාට චීවරධාරියෝත් ඇවිත්. මේ රට හදනවා බොරු සහෝදරයා...!

:       0       3

Kazi Shajahan Monday, 14 October 2024 07:57 AM

මේවට සහභාගි වන අපේ පන්තියේ ගොන් හරක්... මොලයක් නැතිද ඕවට යන්නේ..? දෙමව්පියන්ට, ළමයින්ට බාල බෙහෙත් ගෙනාපු කෙනෙක් නේ කෙහෙළිය කියන්නේ... ඒ මදිවාට මාස 10ක් රිමාන්ඩ් වුණු කෙනෙක්.

:       0       2

Che Monday, 14 October 2024 08:33 AM

හොරා කන්න පුළුවන් ජනාධිපති කෙනෙක් පත් වුණාම ආයේ දේශපාලනයට එන්න බැරිය...

:       0       3

Samantha Monday, 14 October 2024 08:43 AM

දැන් කෙහෙලිය අවුරුදු 70 ක් ඉක්මවා ගිහිල්ලා නේද ඉතින් .දැන් යන තැනකට යන්න මග වියදම් සොයාගන්න කටයුතු කලොත් නේද හොද .දැන් සාමාන්‍යයෙන් කෙනෙකුට උපරිමයෙන් අවුරුදු 80 ක් ඉන්න පුළුවන් වුනත් බොහෝවිට එහෙම නොවන අවස්ථාව වැඩියි .උබත් නාවල විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා නම් අවුරුදු දෙතුන් සියයක් ජීවත්වෙන්න පුළුවන් කියලා හිතේවි. එහෙම කියන්නෙ එම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය සදහා බදවා ගන්නා දරුවන්ට පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වෙලා උසස් පෙළ අවසන් වෙන කාලය එහි සාමාන්‍ය උපාධිය ගැනීමට ගතවෙනවා. එහි පාලකයො හිතන්නේ නැහැ දරුවන්ගේ ජීවිත කාලය විශ්ව විද්‍යාලයේ ගෙවී යනවා කියලා. එහි හිටපු ගුරුවරියක් අධ්‍යාපන ඇමති නිසා වත් වෙනසක් කරාවිද බලමු

:       0       3

Chinthaka Monday, 14 October 2024 08:48 AM

මේ මනුස්ස පෙනුමෙන් පෙනී සිටින අමුම අමු තිරිසනෙක්, දේශපාලනයෙන් නොවේ , මෙලොවින් ඉතාමත් ඉක්මනින් අපාගත වේවා .

:       0       6

achini Monday, 14 October 2024 09:05 AM

ගෝල් ෆේස් එකට ගෙනත් ප්‍රසිද්ධියේ වෙඩි තියලා මරන්න ඕනේ එකෙක් .බොරු කියලා ඇප අරගෙන දැන් රඟපානවා

:       0       4

Bunny Preena Monday, 14 October 2024 09:18 AM

වඩාත් හොඳයි ආත්ම ගරුතවය චුට්ටක් හරි තියනවා කියලා හිතෙනවානම් ඒකත් බේරාගෙන ජනතා සේවයෙන් ඉවත් වෙන එක

:       0       4

dasun Monday, 14 October 2024 09:52 AM

දන්සලට ආපු 500 ගැන ලැජ්ජයි .මුන් 500 ත් මුගෙන් ප්‍රතිලාභ ලැබුණු හොරු වෙන්න ඇති

:       0       7

නන්දන පනා-මිලානෝ Monday, 14 October 2024 10:18 AM

කාලකන්නියෝ ටිකක් අපරාධකාරයෙක්ව බලන්න ඇවිත්…

:       0       7

Jayasekara Monday, 14 October 2024 10:25 AM

අවසාන භෝජන සංග්‍රහය වෙන්න ඇති .සදාකාලිකවම ඉන්න . එන්න එපා ආයෙත් පැත්ත පළාතෙම

:       0       5

Jayasekara Monday, 14 October 2024 10:26 AM

හරක් පට්ටියක්ම ඉන්නවා ඇවිල්ලා . ඒ අස්සේ හාමුදුරු ගොල්ලොත් ..නෙදකින්

:       0       8

m. saman perera Monday, 14 October 2024 10:26 AM

ජනාධිපතිතුමනි ,දූෂිත දේශපාලකයන්ට තවත් අවස්ථා දෙන්න එපා

:       0       4

saman Monday, 14 October 2024 12:23 PM

මෙයා ගෙනාපු බෙහෙත් ඔය ආපු අයටම දීලා දාන්න...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 133 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.



පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා
2025 අප්‍රේල් මස 20 103 0

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය


දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි
2025 අප්‍රේල් මස 20 228 0

මහනුවර ⁣ නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ


කැබ් රථයක් පෙරැළී අටක් රෝහලට
2025 අප්‍රේල් මස 20 110 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල


කැබ් රිය පෙරැළි 8ක් රෝහලේ
2025 අප්‍රේල් මස 20 221 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 320 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site