IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කෙහෙළිය - සනත් ඇමැති නිල නිවාස තවම බාරදී නෑ

(සුජිත් හේවාජුලිගේ)

රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු සෞඛ්‍ය අැමති කෙහෙළිය රඹුක්වැල්ල සහ රිය අනතුරකින් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත යන මහත්වරුන් අමාත්‍යවරුන් ලෙස පාවිච්චි කළ කොළඹ නිල නිවාස දෙක තවදුරටත් ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ට පාවිච්චි කිරීමට රජය අවසර දී ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අනුව එම දෙදෙනාගේ පවුල්වල සාමාජිකයෝ ඒ නිල නිවාසවල තවමත් රැඳී සිටිති.

බාල බෙහෙත් ෙචා්දනා සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය පෙබරවාරි මාසයේ සිට රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටී.

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේදී සිදු වූ රිය අනතුරකින් මරුමුවට පත්වූයේ පසුගිය ජනවාරි 25 වැනිදාය.

මේ අතර හිටපු අැමකිවරුන් පහකට ආසන්න පිරිසක් තවමත් අමාත්‍ය නිල නිවාසවල රැඳී සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

එසේම හිටපු විපක්ෂ නායක අභාවප්‍රාප්ත ආර්. සම්පන්දන් මහතා පාවිච්චි කළ කොළඹ 7 මහගමසේකර මාවතේ බී 12 නිල නිවෙස ඔහු මියගොස් මාසයකට වැඩි කාලයක් ගතවී ඇතත් තවමත් රජයට බාරදී නැතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවැසේ.

සම්පන්දන් මහතා විපක්ෂ නායකවරයා ලෙස සිටියදී ඔහුට ලබා දී තිබූ මෙම නිල නිවෙස ඔහු ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායකයා ලෙස සිටිනතාක් පාවිච්චි කිරීමට 2019 වර්ෂයේදී එවකට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන්නේය. ඒ අනුව ඔහුට මිය යනතුරුම එම නිල නිවෙසේ ජීවත්වීමට අවස්ථාව සැලසිණ.

සම්පන්දන් මහතා පාවිච්චි කළ මෙම නිල නිවෙස නැවත ලබා ගැනීමට කැබිනට් මණ්ඩලයට පසුගිය දා සිහි කැඳවීමක් කළ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

කොළඹ හතේ අක්කර එක හමාරක පමණ භූමි භාගයක මෙම නිල නිවෙස පිහිටා ඇත. එහි නඩත්තු කටයුතු සඳහා බංගලා භාරකරුවකු, උද්‍යානකරුවන් දෙදෙනකු, අභ්‍යන්තර නඩත්තු කම්කරුවන් දෙදෙනකු වශයෙන් සේවකයෝ පස් දෙනෙක් යොදවනු ලැබ සිටිති.

 



අදහස් (4)

කෙහෙළිය - සනත් ඇමැති නිල නිවාස තවම බාරදී නෑ

Perera Wednesday, 14 August 2024 06:01 AM

මේ දේශපාලකයෝ සියලු දෙනාම එළවන්න කාලයක් ඇවිත් තියෙන්නේ

:       0       4

de silva Wednesday, 14 August 2024 08:07 AM

මොනවද මේ විකාර , මේවගේ ඉන්න කලකනින්ට ලැජ්ජාව කියල දෙයක් නැද්ද ? 225 ම එලවන්න ඕනේ කියල මිනිස්සු කියන්නේ මේ නිසා

:       0       11

ලසන්ත Wednesday, 14 August 2024 10:11 AM

මේගොල්ලෝ විශ්‍රාමගියත්, තනතුරු නැතිවුනත්, හිරේ ගියත්, මැරුනත්, සියලු දුක්නිවා නිවන් අවබෝධකලත්, මහජනතාවටනම් නිවනක් නෑ!

:       0       19

Rata Perata Wednesday, 14 August 2024 11:42 AM

මේ වගේ සුදු දේවල් වලට වත් විනයක් හදන්න බැරි රනිල් වගේ දුරුවල මනුස්සයෙක් යටතේ හදන්න පුළුවන් රටක් නැත.

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 111 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1238 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1202 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1221 2

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1295 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 1147 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23987 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23234 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site