IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


කළ කළ දේ පල පල දේ

2016-07-07-ent-44අපේ කලා ශිල්පියෙක් ඉන්නවලු පානදුර පැත්තෙ. එයාට ගාලු පාරට නුදුරින් තව ගෙයක් තියෙනවා කුලියට දීලා.

දරැවොත් ලොකුවෙලා, ඒගොල්ලන්ටත් දැන් දරැවො ඉන්න නිසා මේ ශිල්පියා අර අමතර නිවස විකුණන්න තීරණය කළාලු. පත්තරවල, වෙබ්සයිට්වල දැම්මට හරි ගිහිල්ලා නැහැ. කට්ටිය ඉල්ලන්නෙ තුට්ටු දෙකටලු. ලක්ෂ 95කට මිසක් ඊට අඩුවෙන් නම් දෙන්නෙ නැහැ කියලයි ඔහු කියන්නෙ.

බැරිම තැන අර ගෙදරට හැරෙන පාර ළඟ මෙයා බෝඩ් එකක් ඇඳලා දැම්මලු, ගෙයි ලස්සන පින්තූරෙකුත් එක්ක. ගැලු පාරෙන් ගෙදරට මීටර 150ක දුරක් තියෙන නිසා ඊතලයක් ඇඳලා "150M" කියලත් දැම්මලු. ඒත් ගේ බලන්න කට්ටිය එන්නෙ නැතිලු. දවසක් වාහනයකින් ගෑනුකෙනෙක් ඇවිත් කතා කළාලු.

"ඕගොල්ලන්ට පිස්සුද? මේ ගාණට මේ පළාතෙ ගෙවල් ගනීද මෙච්චර ලොකු ගාණකට? මිලියන 150ක්? කොළඹ හතේ ගන්න පුළුවන්නෙ ඒ ගාණට... ?"

"ඒත් නෝනා අපි විකුණන්නෙ ඒ ගාණට නෙවෙයිනෙ. කවුද එහෙම කිව්වෙ?"

"ඇයි අර පාරෙ බෝඩ් එකක් තියෙන්නෙ මේ ගේ විකුණන්න තියෙනවා. 150ML කියලා. ඒ කියන්නෙ මිලියන 150 ක්නෙ..."

"අනේ නෝනට වැරදිලා. අපි දැම්මෙ 150M කියලා. ඒ කියන්නෙ ගාලු පාරෙන් ගෙදරට දුර මීටර 150 ක් කියලා...*

ඔහු වහාම බෝඩ් එක තියෙන තැනට ගිහිං බැලුවලු. ඇත්ත නේන්නම්. කවුරැහරි කෙනෙක් "M" "L" අකුරක් ඇඳලා.

ඔහුගේ පවුලේ කට්ටිය කේන්තියෙන් පුපුරනවා. ඒත් අපේ ශිල්පියා කේන්ති ගත්තෙ නැහැ.

"මේවට තමයි කියන්නෙ කළකම් පලදෙනවා කියලා. මමත් තරැණ කාලෙ ඒ වගේ වැඩක් කළා. දැන් මටම ඒ දේ වුණා.

"මොකක්ද තාත්තෙ ඒ කතාව"

"අපේ ගමේ ලස්සන ගෙයක් කුලියට දෙන්න තිබුණා. ගෙයි ඉස්සරහ &TO LET* කියලා බෝඩ් එකක් ගහලා තිබුණා. මම දවසක් රූ විනෝදෙට වගේ ඒ වචන දෙක මැද්දට "I" අකුරක් ඇන්දා. ඒක "TOILET" වුණා.

 

DESHAYA



අදහස් (0)

කළ කළ දේ පල පල දේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 999 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 665 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1823 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 352 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 593 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1562 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38923 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25520 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site