ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ ඇතැම් ගංගාවල ජීවත්වන දිමිත්තා නමැති මාළුවා ගොදුරු අල්ලන්නේ කෙළ විදීමෙන් බව පර්යේෂණයකින් තහවුරු කැරගෙන ඇත.
දිමිත්තා ජලයට ඉහලින් ගස්වල සිටින දිමියන් ඇතුළු කුඩා සතුන්ට වතුර විදීමෙන් අඩපණ කැර ජලයට වැටීමට සලස්වා ගොදුරු කැර ගන්නා බව මෙතෙක් විශ්වාසය විය. පර්යේෂකයන් පවසන්නේ දිමිත්තා විසින් විදින්නේ ජලය නොව ඔහුගේම ඛේටය බවයි.
ටොක්සෝටස් නම් ඝනයට අයත් දිමිත්තන් විශේෂ හතක් ලෝකය පුරා විසිරී සිටිති. ඔවුන් අතරින් ශ්‍රී ලංකාවේ දැකිය හැක්කේ එක් විශේෂයක් පමණි. දිමියන් බහුලව ආහාරයට ගන්නා බැවින් මේ මසුන් ශ්‍රී ලංකාවේ දී හදුන්වන්නේ දිමිත්තා නමිනි. ඔවුන් ශ්‍රී ලංකාවට ආවේණික නොවුන ද දුලබ මාළුවකු ලෙස පිළිගැනේ. බෙන්තර ගග, ගිං ගග හා කළුවාමෝදර ගගේ මෝය ආශ්‍රිතව මේ මත්ස්‍ය විශේෂය වාර්තා වී ඇත. සෙන්ටි මීටර පහත් දහයත් අතර විශාලත්වයකින් වැඩෙන මෙම මත්ස්‍ය විශේෂ ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය උප මහද්වීපයේ සිට පිලිපීනය හා ඕස්ට්‍රේලියාව දක්වා පැතිරී සිටිති.
කෘමියෙකු ජලට ඉහළින් පියඹා යන විට හෝ අසල වූ අත්තක වසා සිටිය දී හෝ දිමිත්තා ජලය මතුපිටට හැකිතාක් ළංව කෘමියාට අධික වේගවත් කෙළ පහරක් විදියි. කෙළ පහර වැදුණු සැණින් කෘමීයා අඩපණ වී ජල තලය මතට වැටෙයි. ඇතැම්විට මේ කෙළ පහර කෘමියා මරා දැමීමට පවා සමත්වන බව පරිසරවේදීන් පෙන්වාදෙයි. කෘමියා මැරී වැටුණ ද නොමැරී වැටුණ ද ඌ දිමිත්තාගේ ආහාරයයි.
පර්යේෂකයන් පවසන්නේ දිමිත්තාගේ දෘෂ්ඨිය විශේෂිත බවයි. ජලයේ වර්තනය සම්බන්ධයෙන් විද්‍යාත්මක න්‍යායන් ඇත. දිමිත්තා වර්තන නියමයන් අනුව ඉලක්කය තෝරාගෙන නිවැරදි ලෙස ප්‍රහාරය එල්ල කරන්නට සමත්වෙයි. දිමිත්තාට කෘමියා පෙනෙන ස්ථානයත් කෘමියා සැබෑවට ම සිටින ස්ථානයත් අතර වෙනසක් ඇත. දිමිත්තාට කෘමියා පෙනෙන්නේ ඌ නිශ්චිතව සිටින ස්ථානයට වඩා ඉහළිනි. දැනට සොයාගෙන ඇති දත්තයන්ට අනුව දිමිත්තා ජල තලයට වඩා මීටර් දෙකක් පමණ ඉහළින් සිටින කෘමියකුට ප්‍රහාර එල්ල කිරීමට සමත්ය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මාලුවා බැදලා කන්න හොදද? උයලා කන්න හොදද? රස මොන විදිහද? (නි)
වටිනා ලිපියක්.ස්තුතියි ලංකාදීප (නි)
කට නිසා තමා මෙයත් නහින්නේ (නි)
කලාතුරකින් හොඳ ලිපියක් (අ)
හොද ලිපියක් (නි)
ඇත්තටම හොද ලිපියක්. මෙවැනි දේවල් පළකිරීම ඉතා හොද වැඩක්. දිගටම මෙවැනි දුර්ලභ ලිපි පළ කරන්න (නි)
ටිකිරි බණ්ඩා අයියට ස්තුතියි. (නි)
මහන්සි වෙලා ලිපිය ලිව්වට ස්තුතියි. (නි)
සත්ත්ව ලෝකයේ අපූරු දස්කමක් තිබෙන සතෙක්. (නි)
නිර්මාණශීලී ලිපියක් .... (ස)
අපේ රටටටම සුවිශේෂ වූ දිමිත්තන් වර්ගයක් දියවන්නා ඔයෙත් ඉන්නවා. මේ ගොල්ලන්ගේ දෘෂ්ටි ඉලක්කයයි සැබෑ ඉලක්කයයි අතර වෙනසක් නැහැ. කෙළ හලනකොට කෑ යුතු දෙය නොකෑ යුතු දෙය මොනවාදැයි නොබලාම එය කරන අතර කෙළ පහර සෙන්ටි මීටර් වලින් නොව කිලෝ මීටර් වලින් පවා මෑණිය නොහැකි වෙන තරම් දිගු වන අවස්ථාද නැතුවා නොවේ. තවත් විශේෂම ලක්ෂණයක් නම් මිනිසුන් මේ මාළු නොකෑවද, මේ මාළු ඉඩ ලැබෙන හැම විටම මිනිසාවම කෑමයි (නි)
තෙලෙන් බැද්දත් මාළුවා කිරෙන් බැද්දත් මාළුවා කොහොම බැද්දත් පෙරේතියන්ට මාළුවා මාළුවාමයි.......... (ස)
සත්‍යා.හොඳම අදහස ඔබෙයි. (ස)
මධු, මොනවද මේ කියන මෝඩ කතා.මේ මාළු ජෝඩුවක් රුපියල් 400 සිට 1500 ක් දක්වා වෙළඳපොලේ විකිණීම සඳහා තියෙනවා.මධු කැමති නැද්ද සුරතල් මසුන් සමඟ ජීවත් වෙන්න. (ස)
නිර්මාණශීලී ලිපියක්.ස්තුතියි. (ස)
මේකා යක්ෂ මාළුවෙක්නෙ. (ස)
තව තවත් නිර්මාණශීලී ලිපි ඵල කරන්න ස්තුතියි.(නදී)
ඌත් මාර ගණන් කාරයෙක් නේ (දිල්)
සුරතල් මසුන් වශයෙන් වෙළද පොලේ විකිණීමට ඉන්නාවා.ස්වභාවික පරිසරයක් නිර්මාණය කිරීමට නොහැකි නිසා බෝ කිරීමට නොහකි.මස් අනුභව කිරීමට විශේෂ උනන්දුවක් දක්වනවා.කණ්ඩායමක් වශයෙන් සාමකාමීව විසිතුරු මත්ස්‍ය ටැංකි වල වර්ධනය කල හැකිය.අඟල් 5-8 ක් ප්‍රමාණයට වර්ධනය වෙනවා.වතුර විදීම සහ කෘමීන් අල්ල ගැනීම ටැංකි වලදී වුනත් දැක ගත හැකිය...... (ස)
රුවන් ගමරාලගේ, ඕනෙ නං ඔහේ ටැංකියක බැහැල ඉන්නවා.. (ස)
දිමිත්තා සමහර මිනිසුන්ට වඩා නම් හොඳයි නේද? මොකද ඌ ප්‍රහාරය එල්ල කරන්නෙ ආහාරයට ගැනීමට පමණක් නිසා. (ස)
ඒක හොඳයි. අපේ දැනුම පොතට. (ස)
ලංකාදීප ඔන්න නියම ලිපියක් දාලා තියෙනවා, ස්තුතියි, .(නදී)
රුවන් ගමරාලගේ සත්තුන්ට උන්ගෙ පාඩුවේ ඉන්න දෙනවා...(නදී
ටැංකියකට දාලා ඇති කරන්න පුළුවන් ලස්සන මාළු පැංචෙක් .(නදී
"දිමිත්තා විසින් විදින්නේ ජලය නොව ඔහුගේම ඛේටය බවයි. " එතකොට දිමිත්තියෝ ඛේටය විදින්නේ නැද්ද? .(නදී
ස්තූතියි ලංකාදීපය. (ස)
කටුස්සන් වගයක් ඉන්නවා විදුලි වේගයෙන් උගේ දිව අඩි දෙක තුනක් ඉදිරියට යවා කුඩා සතුන් ආහාරයට ඩැගැ ගන්න. (ස)
ඉතාම වටිනා ලිපියක්. කරුණාකර මේ වගේ දේවල් විස්තරාත්මකව ඉරිදා ලංකාදීපයේ පල කරන්න. අපිට දැන් භූථ කතා කියවලම එපා වෙලා. පුවත්පත් කලාව දැන් හොල්මන් වලටම යටවෙලා තියන මේ කාලේ මේ වගේ දේවල් පලකරන ලංකාදීපයට පින්. (ස)
කෘමි නාශක හා රසායන පොහොර භාවිතය ගංගා වල ජලය දුෂණය කිරීම නිසා මෙවැනි සම්පත් විනාශවී යයි. (ස)
අපේ සමහර දේශපාලුවෝ නම් බොරුවට කෙල ගහමින් ඉඳලා, ගොදුරු සොයා ගෙන කට වහගන්නවා. (ස)
ඉතා සිත්ගන්නා සුළු ලිපියක්. (ස)
ඉස්සර මමත් මාළුන් ට ගොඩක් ආසයි විසිතුරු මාළුන් අල්ලන්න නොගිය අස්සක් මුල්ලක් නැ නමුත් මේ මාළුවා දැකල නැ නේ (දිල්)