ලෝකයේ දෙවැනි විශාලතම ඩිස්නිලන්තය වු පැරීසියේ ඩිස්නිලන්තය එහි සංචාරය සදහා පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව උදෙසා විශාල කැපවීමකින් කටයුතු කරයි.
එසේ වුවද විවිධ අවස්ථා වලදි සිදුවන කාර්මිකදෝෂ හෝ අනපේක්ෂිත අනතුරුදායක අවස්ථා පසුගිය වකවානුවේ ඇති වුවද ඒවා එතරම් බරපතල නොවීය. මෙවැනි පරිසරයක පසුගිය 16 වෙනි බදාදා සවස හැඩිදැඩි කුළු හරකෙක් කුලප්පු වීමෙන් මුළු ඩිස්නිලන්තයම නොසන්සුන් වුයේය.
කුලප්පු වූ කුළු හරකා ඩිස්නිලන්තයේ හෝටල් ආශ‍්‍රිත ප‍්‍රදේශයට ඇතුළුවී හිස හැරුණු හැරුණු අත දුවන්නට වූයෙන් ඩිස්නිලන්තය නැරඹීමට පැමිණි සංචාරකයෝ භීතියට පත් වුහ.
ඩිස්නි ගම්මානයට ඇතුළු වූ මේ හරකා නිව්යෝර්ක්, සෙකෝයා, නිව් ෆෝට් බේ ක්ලබ් යන සංචාරක හෝටල් ආශ‍්‍රිත උද්‍යාන හරහා නැවතත් ඩිස්නි ගම්මානය දක්වා පැමිණ දැවැන්තයාගේ භායනක සෙල්ලම් දැක ගැනීමට සමහරක් විදේශිකයන්ට දුර්ලභ අවස්ථාවක් ලැබුණේය.
අවසානයේ පැය දෙකකට පමණ පසු ඩිස්නිලන්තයේ ආරක්ෂක නිලධාරීන්, ප‍්‍රංශ පොලීසියේ විශේෂ කණ්ඩායමක් හා පශු වෛද්‍යවරු එකතුව කුළු හරකා මෙල්ල කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කුළු හරක කොයි පැත්තේ ද කලින් හිටියේ? (අ)
අපේ කැලණිය පැත්තේ එකෙක් වෙන්නත් පුළුවන්. (නි)
මේ කතාව පිළිගන්න බැහැ. අපේ අහවලාත් ලංකාවෙනෙ. (නි)
ප්‍රසාදික , කැලණියේ කුළු හරක් ගැන බයවෙන්න එපා. ඔවුන්ව අල්ලලා නාස් ලනුවක් දාලා තියෙන්නේ ! (නි)
මේකා මැදපෙරදිග ගිහින් කස පාරවල් කාගෙන පැරිස් ආපු එකෙක්ද කොහෙද නේද , ආනන්ද? (නි)
පශු වෛද්‍යයවරුන්ට නඩු දාන්න ඕනෙ සත්ව හිංසනයට විරුද්ධව(නදී)
අමුනුපුර, ඔව් මේකා මැදපෙරදිග ඉඳලා ආ එකෙක් තමයි.නමුත් පොඩි ළමයි තලන අත පත ගාන එකෙක් නොවෙයි. (නි)
මම හිතන්නේ මේක නිර්මාණය කරපු කතාවක් . පුවතක් නොමැති හෙයින් නම දමා ගන්නට නිර්මාණය කරපු . මේක මගේ ගොන් අදහසක් (නදී)