(ශාන්ත චන්ද්‍රසිරි)
කඳපොල, හයිෆොරස්ට් නගරයට කඩා වැදුණු කුළු මී හරකෙකු වෙළෙඳසැලක් අසල සිටි වයෝවෘද්ධ පුද්ගලයෙකුට ඇනීමෙන් බරපතල තුවාල ලැබූ ඒම පුද්ගලයා රෝහල්ගත කර ඇතැයි හයිෆොරස්ට් පොලීසිය පවසයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ හයිෆොරස්ට්, අංක තුන ප්‍රදේශයේ පදිංචිව සිටි 84 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු එම ප්‍රදේශයේ ජීවත් වු වයස්ගතම පුද්ගලයා බව හයිෆොරස්ට් නගර වැසියෝ පවසති.
තුවාල ලබා වැටී සිටි පුද්ගලයා ප්‍රතිකාර සඳහා කඩිනමින් හයිෆොරස්ට් ග්‍රාමීය රෝහලට ඇතුලත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට මාරු කොට යවා තිබේ.
බිංගන්තලාව ප්‍රදේශයේ කැළෑවක සිට මෙම කුළු හරකා හයිෆොරස්ට් නගරයට කඩා වදින්නට ඇති බවත්, ඉන් අනතුරුව නගරයේ ඒ මේ අත දිව යමින් සිටියදී මෙම වයෝවෘද්ධ පුද්ගලයා දැක ඔහු අසලට දිව ගොස් එක දිගට බිම වැටෙන තුරු ඇණීමට පටන් ගත් බව එම නගර වැසියෝ පවසති.
ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වදින්නීය.
යාපනය වඩමාරච්චි මුහුදු ප්‍රදේශයේදී ධිවර යාත්‍රාවක් පෙරැළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වඩමාරච්චි පොලිසිය සදහන් කරයි.
ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් මේ වනවිට සෑම පලස්තීනුවන් 55 දෙනෙකුට එක් අයෙක් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනය වී ඇති බවත් සෑම දිනකම පලස්තීන ළමයින් 10
මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කුළු හරකාගේ කුලප්පුවෙන් අයෙක් රෝහලට
Shantha - Qatar Tuesday, 21 November 2023 10:53 AM
ඒක නම් හරිම කනගාටු ප්‍රවෘර්තියක් .මගේ අදහස නම් කුළු හරකා යන්න ඕනේ ශ්‍රීලංකා ක්‍රිකට් එක පැත්තට හරි දියවන්නාව පැත්තට හරි