(ලක්මි කුඩලිගම)
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ හදිසි ගංවතුර අවදානමක් මතු විය හැකි බව ආපද කළමනාකරණ ඒකකය සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ජනතාවට අනතුරු අගවති.
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පහත් බිම් සහ අතුරු මාර්ග කීපයක් ජලයෙන් යටව තිබෙන බව කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය අද (03) සවස කීවේය.
කුකුළේ ගඟ බලාගාරයේ වාන් දොරටු දෙකක් විවෘත කර විදුලි උත්පාදනයේ දී පිට කරන ජල ධාරිතාවක් සමග තත්පරයට ඝන මීටර් 140ක පමණ ජල ධාරිතාවක් කුඩා ගඟට මුදා හරින බවත් ඒ අනුව බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දඹල සහ නාලියක්ද ප්‍රදේශවල මාර්ග අඩි දෙකක් පමණ ජලයෙන් යට වී තිබිණි.
මගුරු ගග පිටාර ගැලීමෙන් පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහත් බිම් රැසක් ද වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යගිරල ඉහළ කන්ද ප්‍රදේශයේ මාර්ගය අඩි දෙකක් පමණ ජලයෙන් යටව තිබිණි.
බුලත්සිංහල පරගොඩ කළුවල වෙල, නරවැල්ල මාර්ගය සහ දෙහිපිටිය දිගනගොඩ මාර්ගය ජලයෙන් යටවීම නිසා ප්‍රදේශවාසීන්ට ගමනාගමනයට බාධා පැමිණ තිබේ.
කළුතර දිස්ත්‍රිකය ගංගා රැසක ජල මට්ටම් ඉහළ යමින් තිබෙන අතර ඉදිරි පැය කීපයේ ද වර්ෂාව පැවතියහොත් ප්‍රදේශ කිහිපයක හදිසි ගංවතුර අවදානමක් ඇතිවිය හැකි නිසා පහත් බිම් හා ගංගා ආශ්‍රිත පදිංචි ජනතාව අවධානයෙන් පසුවන්නැයි කළුතර ආපදා කළමනාකාර ඒකකය දැනුම් දෙයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කළුතරට ගංවතුර අනතුරු ඇගවීම්
sam Wednesday, 04 September 2024 05:27 AM
මේවට එකම විසඳුම තමයි වැව් ,ඇලවල් සුද්ද කිරීම සහ අලුතෙන් ඇති කිරීම .කොහෙද මේ ඉන්න පාලකයෝ අවුරුදු 76 ක්ම උන් හම්බ කරගත්තා නිසා මිසක් රට දියුණු කරේ නැහැ