කොළොන්නාව නගර සභාවේ දී එහි උප සභාපති සුදේශ් කෝදාගොඩට ගිනි අවියකින් පහර දුන්නැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි නගර සභාපති රවීන්ද්‍ර උදය ශාන්ත රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය නියෝග කළාය.
සභාපති ගිනි අවියකින් පහර දුන් බවට පැමිණිලි කරුගේ ප්‍රකාශය හැරෙන්නට වෙනත් සාක්කි නැති බැවින් ඔහුට එරෙහිව ගිනි අවි ආඥා පනත යටතේ කටයුතු නොකරන බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය අධිකරණයට දැන්වීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත් තනතුරක් දරපු පමණින් පුද්ගලයෙක් වැදගත් වන්නේ නැහැ (නදී)
සේරම මැරයෝ. අනේ කාගේ පිහිටද? (නදී)
ඔය ඉන්නේ රෑනක්ම වටකරගෙන. (නි)
ඒක නම් සහතික ඇත්ත පෙරේරා මහත්තයෝ. (නි)
සුදු ඇදගෙන උසාවි ගිය පමණින්, මැරයන් උපාසකයන් වෙන්නේ නැත. (නදී)
කුඩේ අල්ලන්නත් කට්ටිය ඉන්නවනේ. .හෝදන්න කට්ටිය නැද්ද දන්නේ නැහැ (නදී)
තමන් වැරදි නම් සුදු ඇන්දා කියා වැඩක් නැත. එය සමාන වන්නේ ඉහිරුන කළු තීන්ත ගොඩක් සුදු ටිෂු කඩදාසි යොදා වැසීමට උත්සාහ කිරීමකටයි. (නි)
මේ වගේ අය දේශපාලනයට එන්නෙත් ඉතින් අපේම කතිරයෙන්නේ (නි)
හරියටම හරි සේනක මහත්තයෝ දැන් අපි කතිරය වෙනස් කරන්න කාලෙ ඇවිත්.(නදී)
ස්වාභාවිකයි (නදී)
ගිනි අවියකින් නිරායුද මිනිසෙකුට පහරදීලා ඇප අරගෙන එලියට එන මේ වගේ නරුමයන් කුඩ අල්ලා පිළිගන්න තරම් අන්ද බාල මිනිසුන්ද ලංකාවේ ඉන්නේ? (නදී)
කවුද අප්පේ, මේ නිල් බේරෙන අක්කා. (නදී)
වර්තමාන දේශපාලනයට මැරයන් පැමිණීම පටන් ගත්තේ 1977 ට පසු ඇතිවූ දේශපාලන ක්‍රමයෙනි. රට සහ දේශපාලනය උඩු යටිකුරු කරේ ජේ ආර් ජයවර්දන මහතාගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිසා. එදා සිට දේශපාලනයට එන්නේ උගතුන් හෝ ප්‍රබුවරයන් නොව , රටට වින කරනා මැරයන් කොටසක් (නදී)
මෙම මැරයන්ට කඩේ යන සමහරු ඔවුන්ට කුඩ ඉහලන්නේ , ඔවුන්ගෙන් කන ඉඳුල් වල රස නිසා වන්නට පුළුවන. (නදී)
ඔය ඉන්නේ කතිරේ ගහන අය. (නදී)
අනිත් කට්ටිය ආධාර කරුවෝ වෙන්න ඇති. හරි වැදගත් පාට මුණු ටික. (නදී)